|

ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

linkedin sharing button

whatsapp sharing button
messenger sharing button
රාජ්‍ය සේවයෙන් 80%ක් මාලිමාවට යයි අනුර කුමාර කී කතාව ඇසූ ගමේ වැඩිහිටියෙක් රට විනාස කළ මාස් පඩි කාරයන් කවදාවත් රටට වැඩක් නො කළ බවය.
ශ්‍රී ලාංකේය ජනතාව සැප්තැම්බර් 21 වෙනිදාට ලංකාව බංග්ලාදේශයක් වෙනවාට කැමැති නැත. මාලිමා නමින් වෙස් වලා ගත් ජවිපෙය තවමත් ලේ රහට කෑදර දේශපාලන සිව්පාවෙකු බව බංග්ලාදේශ් භිෂණයෙන් උද්දාමයට පත් ලාල් කාන්තගේ හැසිරීමෙන් පැහැදිලි වේ.

ජනාධිපති මැතිවරණ වේදිකාවේදී, විපක්ෂය, රනිල්ගේ බුරුල් කලිසමත් දිරා ගිය යට ඇඳුම් දිරා ගිය සිදුරු ගැන මිස රට ගැන උනන්දු නොවන හැටියකි. 88-89 මිනි මරලාත් රනිල් නියෝජනය කළ දේශපාලනය පරාජය කිරීමට අසමත් වූ ජවිපෙය 2004දී චන්ද්‍රිකා සමගත්, 2005දී ප්‍රභාකරන් සමගත් එක්ව රනිල් පරාජය කළ ද, රනිල් වික්‍රමසිංහ 2022දී කිසිවෙකු නො සිතූ මොහොතක රටේ පාලකයා වී බිඳ වැටුණ රටත්, ආර්ථිකයත් ජන ජීවිතයත් යළි නගා සිටුවීය.

රටක් සන්සුන් කොට ආර්ථිකයද කළමනාකරණය කළ සිය පරම හතුරාට එරෙහිව නූතන මිනිසා භාවිතයෙන් ඉවත් කළ මාලිමාවට මුවාවී සටන් වැදී සිටියි. රටේ මිනිස්සු රනිල් ඕනෑද එපාද යන ප්‍රශ්නය වෙනුවට බංග්ලාදේශ්හී සිදු වූ විනාසයට ලංකාව ගොදුරු නොවීම ගැන කතා කතා කරද්දී තැපැල් ඡන්ද විමසීම පැවැත්විණ.

තැපැල් ඡන්දය 22 : මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නැ!
තැපැල් ඡන්ද නැඹුරුව සමස්ත ඡන්ද ප්‍රතිපලයට සමාන බව කලක් පැවති විශ්වාසය මාක්ස් ලෙනින් වාදය මෙන් ජන මතය ප්‍රතික්ෂේප කර හමාරය. මෙවර තැපැල් ඡන්ද පාවිච්චිය ජනාධිපති මැතිවරණයට දින 17ක් පළමුව පැවැත්විණ. ඉදිරි දින 17 තුළ රටේ සිදුවිය නො හැක්කේ කුමක්ද? 1994, 1999, 2005 සහ 2019 යන අතීත ජනාධිපති මැතිවරණ 4ක්, සැලසුම් මිනිමරු ත්‍රස්තවාදි ක්‍රියාවන්ට ගොදුරු විය.
52 හැවිරිදි ගාමිණි දිසානායක 1994දී ඝාතනය නො කළා නම්…..?  ලංකාව මීට වෙනස් ය. 1999 ටවුන් හෝල් බෝම්බය පත්තු නොවුණා නම්….? 50 හැවිරිදි රනිල් රටේ ජනාධිපති වුණා නම් 2001දී රටේ ආර්ථිකය ඍණ අගයක් ගන්නේ නැත. 2005 ප්‍රභාකරන්ගේ අවි ආයුධ ඔසවා උතුර නැගෙනහිර බියපත් නො කරන්නට, රටේ ජනාධිපති වන්නේ 56 හැවිරිදි රනිල් ය. එදා කිලිනොච්චියේ පාවිච්චි කළ එකම ඡන්දය රනිල්ට ය. 2019 පාස්කු ඝාතන නො වුණා නම්…..? 2022දී ලංකාවට එහෙම වෙන්නේ නැත.
රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණා ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
එකී සියලු භීෂණ හරහා සැලසුම් සහගතව සතුරන් විසින් පරාජය කළේ රටේ බහුතරය විශ්වාස කළ ලාංකේය දේශපාලන ධාරාවය. එකී ප්‍රහාර හතරෙන් දෙකක් ඍජුව රනිල් වික්‍රමසිංහට එල්ල කෙරිණ. 2001 රටේ අගමැති වී ආර්ථිකය නගා ශක්තිමත් කළ රනිල්ගේ දෙ අවුරුදු පාලනය, චන්ද්‍රිකා ජවිපෙ සහායෙන් උදුරා ගත් අතර, 2005දී රනිල්ට එරෙහිව ජවිපෙය, මිනීමරු ප්‍රභාකරන් සමග එක් විය.

2005දී සුනාමි මුදල් වංචා නඩුවේ චුදිත මහින්ද රාජපක්ෂට සහාය වූ ජවිපෙය 2018දී මහින්දට එරෙහිව රටේ අගමැති ලෙස රනිල් තෝරා ගැනීමට කැමැත්ත පළ කළ අනුර කුමාරලා 2024දී රනිල්ට එරෙහිව පෙළ ගැසීම යනු ජවිපෙ තවත් උම්මත්තක දේශපාලන සංසිද්ධියකි.

ගිය සතියේ වික්‍රමසිංහ රජය ධීවරයන්ට ලබා දුන් ඉන්ධන සහනය නතර කළ මැතිවරණ කොමිසමේ රත්නායක ඩබල, මැතිවරණ රාජකාරි මග භාර ග්‍රාම නිලධාරින් කොළඹට ගෙන්වා ගත් දේශපාලනයට සෙත් පිරිත් කීහ. අනුර කුමාර කියන රාජ්‍ය සේවයෙන් 80%ක කැමැත්ත නම් වළිගයේ මැතිවරණ කොමිෂමේ රත්නායක ඩබලත් ගැට ගැසි ඇති හැටියකි.

රජයේ රෝහල් ගැන ජනතා විශ්වාසය නැති වෙයි ද?
ධීවරයා පුරවැසියෙකු වීම නිසා මැතිවරණ කාලයේ ඉන්ධන සහන ලබා දීම වැරදි නම්, රජයේ රෝහලට එන රෝගි පුරවැසියෙකුට ප්‍රතිකාර කිරීමත් වරදකි. ජනාධිපති වික්‍රමසිංහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත් කිරීම මැතිවරණ කොමිෂම දැකලා නැත. බිත්තර නිෂ්පාදක සංගම්වල උවමනාවට, බිත්තර මිල පාලන ගැසට් නිවේදනය අත් හිටුවීම නිසා විදේශ විනිමය සංචිතය හිස්ව හිඟයකට මුහුණ දී සිටි ලංකාවට බිත්තර ආනයනය කිරීමට සිදුවිය. ඉන්ධන පෝලිම්වල මිනිසුන් මිය ගිය යුගය නතර කළේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය මැයි 9 වෙනිදා පැතිරවූ භීෂණයෙන් බේරා ගත්තේත් පාස්කු බෝම්බ පත්තු කර ජනතාව බිය ගන්වා පරාජය කළ ජනාධිපති වික්‍රමසිංහ මිස ස්වාධීන කොමිෂන් සභා නොවේ. 
යන්තම් කෙළින් වන විට වඩාත් ස්මාර්ට් වෙන්න යාමත් තකතීරුකමකි. ගස් නැති රටේ වැට එරඬුත් කප් රුක් ලෙස සිතුවොත් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා භීෂණයකින් විනාස වන බව රටේ බහුතර ජනතාව වටහා ගත යුතුවේ. අප මේ දකින්නේ බුදුන් දවස කොසොල් රජුවත් නො දුටු ලාංකේය කළු සෙවනැලි විය හැකිය.

88-89දී තුණ්ඩු කෑල්ලෙන් ඇඳීරි නීතිය පනවා, දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කර, උසාවි, කන්තෝරු, බස්, දුම්රිය, පාසල්, ගිනි තැබුවාට ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට අත නො තැබූ  බව කියා සිටි අධිකරණයේ පරිපාලන නිලධාරියෙක්, බංග්ලාදේශ් අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කර ගෙදර යැවූ බව ඇසූ ලාල් කාන්ත 21දාට පසුව ගම් මට්ටමෙන් පිහිටුවන මාලිමා උසාවි ගැන කළ ප්‍රකාශය තර්ජනයක් මිස විහිළුවක් නොවන  බව සිය කාර්ය මණ්ඩලයට සිහිපත් කළේය.

වෘත්තීය සමිති, සේවක සුභ සාධනයට මිස දේශපාලන ජාවාරම්වලට බිලි නො කළ යුතු බව රාජ්‍ය සේවයේ නිහඬ බහුතරය තරයේ විශ්වාස කරති. 2015දී  රුපියල් දස දහසක වැටුප් වැඩිවීම අමතක කොට, 2020දී ආණ්ඩු පෙරළියට සහාය වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක්, සිය විසි හත් වසරක සේවා කාලයේ මාසික වැටුප දෙ වරකින් ගෙවීමට ආණ්ඩුවට සිදු වුණේ 2022 දී රට බංකොලොත්වූ අවස්ථාවේ බව කීය.

රාජ්‍ය සේවකයන්ට නිවාස ළඟට ම මාරුවක්
ශ්‍රී ලාංකේය අර්බුදය ඇසූ සැනින් අපට මුදලින් ආධාර කළ බංග්ලාදේශය ගිනි ගත් ආකාරයට ශ්‍රී ලංකාවට අනතුරක් සිදු නො වුණේ රනිල් වික්‍රමසිංහගේ ශක්තිය නිසා බව කතා නො කරන රාජ්‍ය සේවා සාමාජිකයන් තැපැල් ඡන්දය දවසේ තැන තැන කතා කළේ 88-89 කාලයේ රාත්‍රියේ ගෙදරට පැමිණ මිනි මැරූ ත්‍රස්තවාදය ගැන අවබෝධයෙනි.

වසර දෙකක් වැසී පැවති පාසල් රනිල් විවෘත කළ විට, ගුරුවරු කොළඹට කැඳවා මැතිවරණ ඉල්ලා සටන් කිරීම මෙන්ම, උසස් පෙළ  උත්තර පත්‍ර පරික්ෂාව අත් හිටුවා දීමනා ඉල්ලා ගුරු සටන් මෙහෙය වූ අවස්ථාවාදීන් ගැන උසස් පෙළට පෙනී සිටි පාසල් දරුවන් ගෙන් කිසි සමාවක් නැත. උත්තර පත්‍ර පරික්ෂාව අවසන් වන තෙක් සාකච්ඡාවට දින නො දෙන බවට ජනාධිපති වික්‍රමසිංහ කළ නිවේදනය අසා අත්පුඩි ගැසූ උසස් පෙළට පෙනී සිටි සිය දරුවා දෙස රවා බලා ගුරු සේවයේ අම්මා “කාටද අත්පුඩි ගැසුවේ රනිල්ට දැ?යි විමසූ විට “නෑ ජනාධිපති වික්‍රමසිංහ ගත්ත තීන්දුවට….. ” කියා දරුවා දුන් උත්තරය අසා හෙමිහිට කුස්සියට රිංගා ගත්තා  ය.

මාසික වැටුප පවා ගෙවා ගත නො හැකිව රටම නතරව පැවති කාලයේ වැඩි වැටුප් ඉල්ලා කොළඹ මාර්ග අවහිර කළ වර්ජකයන් ජල ප්‍රහාර යොදා විසුරුවා හැරීමේ දර්ශණ තැපැල් ඡන්ද දවස්වල සමාජ මාධ්‍යට නිකුත් කළේ වැඩ නො කර පඩි ගන්නා විසි ලක්ෂයක් රාජ්‍ය සේවයේ තැපැල් ඡන්ද ආකර්ශණය කර ගැනීමටය.

බංග්ලාදේශ අර්බුදය : 'අවාමි ලීගයේ 20ක් මරලා'

බංග්ලාදේශ්හී අපනයන ආර්ථිකය ගිය සතියේ බිඳ වැටුණේ ඇපරල් කර්මාන්තයේ වැඩි වැටුප් ඉල්ලා මෙහෙය වූ වර්ජනය නිසා බව මාසික වැටුප් නො ලබන තමන්ට ආවේනික රැකි රස්සාවල නියැලෙන කෝටියකට වැඩි ශ්‍රී ලාංකික ඡන්ද දායකයන් තේරුම් ගත යුතුවේ. සත්තකින්ම ශ්‍රී ලාංකේය ශ්‍රමික ප්‍රජාව, බංග්ලාදේශය මෙන් සිය රට විනාශ වෙනවාට කැමති වන්නේ නැත.

සුද්දන්ට ජංගි මැහීමක් ලෙස පාච්චල් කළ දේශීය ඇපරල් ව්‍යාපාර බිඳ වැටීමෙන් පාරට වැටුණ දස දහස් ගණනක් ලාංකිකයන් කලකට ඉහත විදේශ රැකියා සොයා යාමට සිදු විය. වැටුණ රට භාර ගත් ජනාධිපති වික්‍රමසිංහ, කෙටි කලක් තුළ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කොට රැකියා සුලභ කිරීමෙන්, ජීවිත යළි ගොඩ නගා ගත් කිසිදු පුරවැසියෙකු ආණ්ඩුවේ කන්තෝරු කාරයන් පසුපස ගොස් ආණ්ඩු පෙරළන්නේ  නැති බව සමික්ෂණ වාර්තා තහවුරු කරයි.
දෙ වසරක් තුළ ශක්තිමත් වූ  රටේ  මිනිස් ප්‍රබෝධයෙන් නිරුත්තරව සිටින විපක්ෂයට පාස්පෝට් පෝලිමත් අලෙවි භාණ්ඩයකි. පාස්පෝට් අර්බුදය ගැන ආගමන විගමන නිලධාරියෙකු කියන්නේ “මේක මැතිවරණයට සම්බන්ධ ඇතුළතින් සිදු කරන කැත ටයි පටි කුමන්ත්‍රණයක්” බවය. මේ කතාව අසා සිටින්නෙකුට “එහෙනම් ආණ්ඩුවක් තියෙන්නේ බම්බුවටද? කියා යටි ගිරියෙන් කෑ ගසා ඇසීමේ සකල ප්‍රජාතන්ත්‍රිය අයිතිය හිමිය.

මෑතක දී මහනුවර පාස්පෝට් කාර්යාලය එක් දින සේවා සඳහා මධ්‍යම රාත්‍රියේ සිට පෝලිම් ගැසී පදික වේදිකාවේ නිදි මරණ සිය ගණනක් දෙනා ගෙන් ප්‍රථමයෙන්  පැමිණි 75 දෙදෙනාට පමණක් පාස්පෝට් නිකුත් කිරීමේ තීන්දුවක් නිකුත් විය. මේ ගැන විමසූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුර වැසියෙකුට, කාර්යාලයේ එක් ප්‍රින්ටින් මැෂිමක් අක්‍රිය වීම නිසා දිනකට නිකුත් කළ හැකි උපරිම ගමන් බලපත්‍ර ගණන 75කට සීමා වී ඇති අතර, මේ කියන දිනයේ එක් දින සේවාව අපේක්ෂාවෙන් 132 දෙනෙකු පැමිණ තිබේ. පැමිණි 132 දෙනාට පාස්පෝට් නිකුත් කළා නම් රාජ්‍ය ආදායම රුපියල් විසි හය ලක්ෂ හතළිස් දහස (2,640,000)කි.

බංග්ලාදේශයෙන් ගත් ණය මුදලෙන් කොටසක් ගෙවයි
(1) රජයට ලැබෙන ආදායම,
(2) සේවා අපේක්ෂිත පුද්ගලයන්ගේ  කාලය
(3) ආයතනික කීර්තිය
(4) වැටුප් ලබන රාජ්‍ය සේවයට පැවරුණ වගකීම ආදි කරුණු කිසිවක් මෙහිදී වගකිව යුත්තන් සලකා බලා නැත.

මේ තොරතුරු මා සමග කී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියා, අමතර ප්‍රින්ටින් මැෂිමක් සපයා ගැනීමටවත් උනන්දුවක් නැති රාජ්‍ය සේවයට සාප කළේය. මහනුවර ආගමන විගමන කාර්යාලය පිහිටා ඇත්තේ මිදුලක් හෝ නැති තැනක නිසා සේවා ලබා ගැනීමට පැමිණෙන්නන් සිටින්නේ පේරාදෙණිය මහා මාර්ගයේය. වැටුප් දීමනා සහ පහසුකම් පසුපස හඹා යමින් වෘත්තීය සටන් කරමින් ආණ්ඩු පෙරළීමට පෙළ ගැසුණ ඊනියා රාජ්‍ය සේවයේ 80%ක් දෙනා සිටින්නේ වැඩ නො කර වර්ජන මෙහෙයවන පිළේ නම් බහුතර ජනතාව නිවැරදි දිසානතිය වෙත ගමන් කළ යුතුවේ.

රනිල් ආයේත් පරද්දමු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

මව්බිම පුවත් පතේ පළවූ ලිපියකි. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *