|

උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු වෙනස් වන විට උපකල්පනද වෙනස් කර ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරනවා.
සාමාන්යයෙන් අරමුදල විසින් මේ අයුරින් අලුත් දත්ත යොදාගෙන ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරන්නේ සයමාසික විමර්ශන සිදු කරන අවස්ථා වලදීයි. ඇගයීමෙන් පසුව ණය තිරසාරත්ව දර්ශක සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත්නම් වැඩසටහනේ ඉලක්ක හා ගැලපෙන පරිදි අලුත් නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙය සාමාන්යයෙන් සිදු වන ක්රියාවලියයි. කෙසේ වුවත්, පුරෝකථන, එම පුරෝකථන මත පදනම් වූ උපකල්පන හා එම උපකල්පන මත පදනම්ව ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අනුව සිදු කෙරෙන නිගමන සය මසක කාලයක් තුළ විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.
මේ සමඟ පළ කෙරෙන වගුවේ දැකිය හැක්කේ අරමුදලේ පළමු හා දෙවන විමර්ශන අතර කාලයේදී සාර්ව ආර්ථික විචල්යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ උපකල්පන වෙනස් වී ඇති ආකාරයයි.
2023 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = (-3.6%)
දෙවන විමර්ශනය = (-2.3%)
2024 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = 1.8%
දෙවන විමර්ශනය = 2.8%
2023 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 20.4%
දෙවන විමර්ශනය = 17.5%
2024 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 10.1%
දෙවන විමර්ශනය = 9.8%
2023 ප්රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = (-0.7)%
දෙවන විමර්ශනය = 0.6%
2024 ප්රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = 0.8%
දෙවන විමර්ශනය = 1.0%
2023 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 28,033
දෙවන විමර්ශනය = 27,630
2024 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 31,422
දෙවන විමර්ශනය =30,917
මේ අනුව, පහසුවෙන්ම පහත නිරීක්ෂණ සිදු කළ හැකියි.
– ජාත්යන්තර මූල්ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
– ජාත්යන්තර මූල්ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහත වැටීම
– ජාත්යන්තර මූල්ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි ප්රාථමික අයවැය ශේෂයක් වාර්තා වීම.
මේ සියල්ලේ සම්ප්රයුක්ත ප්රතිඵලය වන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ දර්ශක මුලින් අරමුදල විසින් ඇස්තමේන්තු කළ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට පැමිණ තිබීමයි. දෙවන විමර්ශනයෙන් පසුව ලැබුණු දත්ත අනුව පෙනී යන්නේ මේ තත්ත්වය මේ වන විට තවත් හොඳ අතට හැරී තිබිය යුතු බවයි.
කෙසේ වුවත්, මේ අයුරින් කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්යයන්ගේ හැසිරීම අරමුදල විසින් උපකල්පනය කළාට වඩා හොඳ තත්ත්වයක ඇති බව පෙනී යාමෙන් පසුව වුවද, අරමුදල විසින් ඔවුන්ගේ දිගුකාලීන පුරෝකථන හෝ උපකල්පන වෙනස් කර නැති බවද පෙනී යා යුතුයි. ඔවුන් එම උපකල්පන වලට එළැඹෙන්නේ ඔවුන්ගේ පුරෝකථන ආකෘති හා ලංකාවේ සාර්ව ආර්ථික විචල්යයන්ගේ දිගුකාලීන හැසිරීම මත පදනම්වයි.
වෙනත් විදිහකින් කිවුවොත් වසරක් හෝ දෙකක් “කරලා පෙන්නීමෙන්” පසුව අරමුදල විසින් ඔවුන්ගේ කෙටිකාලීන උපකල්පන වෙනස් කරනවා. එහෙත් දිගුකාලීන උපකල්පන වෙනස් කරනු ඇත්තේ වසර ගණනාවක් එක දිගට “කරලා පෙන්නීමෙන්” පසුවයි.
උපකල්පන වෙනස් වී ඇති ආකාරය
economatta.blogspot.com
උපකල්පන වෙනස් වී ඇති ආකාරය
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *