|

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි.

රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය.

තමන්ට අවාසි සටහනක් දුටු විට තිත්ත කුණුහරුප ලිවීම දේශපාලනය නොව නැහැදිච්චකමය.

රනිල් මැතිවරණයට සූදානම් වී මාස දෙකකි. ලංකාවට පුළුවන් පණිවිඩය රැගත් ගෑස් සිලින්ඩරයට කතිරය ගැසූ රනිල්ගේ පෝස්ටරයවත් ඈත ගම්වල තවමත් දකින්නට නැත. තවමත් රටේ සිහින ජනාධිපති අනුර කුමාර දිසානායක ය. එහෙත් සක්‍රියමැතිවරණ සටනේ ඉදිරි දින දහය ඛෙහෙවින් තීරණාත්මකය. එක් රැයෙන් ගමේ උසාවි පිහිටුවා නඩු නො අසා ද්‍රෝහීන්ට, විරුද්ධ වාදීන්ට දඬුවම් පමුණුවන දිනය රටේ බහුතරය තෝරා නො ගනු ඇත. 

1971

 

1971 අප්‍රේල් 6 වෙනිදා දහවල් කෑගල්ල උසාවි භූමිය අත්පත් කරගෙන සිටි කැරළි කරුවන්, එ දින විමසීමට නියමිත ඉඩම් නඩුවක් විභාග කර නඩුවේ පැමිණිලිකරු වරදකරු බවට තීන්දු කර උසාවි භූමියේදීම වෙඩි තබා මරා දැමීය. වංචනික ලේඛන සැකසිම ගැන ගල්කිස්ස අධිකරණයේ පැවරුණ තමන්ට එරෙහි නඩුව ගැන  21 වෙනිදාට පසුව අපි බලා ගන්නම් කියා වසන්ත සමරසිංහ මරදන්කඩවල දී කෑ ගැසුවේ අදටත් 71 නඩු නීතියට අනුවය.  ”අපි අකමති කෙනෙකු රටේ ජනාධිපති කර පාර්ලිමේන්තුවෙන් පිටතට එන කිසිවෙකුට ගෙදර යනවා බොරුය” කියා පොල්දූව හන්දියේදී ලාල්කාන්ත සහ හඳුන්නෙත්ති මාධ්‍ය කැමරා ඉදිරියේ කළ ප්‍රසිද්ධ තර්ජනය සාපරාධී ප්‍රකාශයකි.

 

බංග්ලාදේශ් විනාසය අසා ලෝකයක් අනේ අපොයි කියද්දී ලාල්කාන්ත කීවේ අපට ඔය ටික කරන්නට 2022 ජූලියේ උත්සාහ කළත්, ඊට අවශ්‍ය සහාය ගෝල්පේස් අරගල කරුවන් ගෙන් නො ලැබුණ බවය. ජවිපෙ කැරළි, අරගල ඉතිහාසය දන්නා කිසිදු ව්‍යාපාරයක් අනුරලාගේ ව්‍යාපාර තම සටන් තුළට වැද්දා ගන්නේ නැත. ඉහත කී සාපරාධි සාපරාධි ප්‍රකාශය කළ ලාල්කාන්ත වහා අත් අඩංගුවට ගත යුතු යයි නීතිඥ උයද ගම්මන්පිල පාර්ලිමේන්තුවේ කතානායක ගෙන් ඉල්ලා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් අනුර කුමාර කීවේ…..,  ”හරි අපි ලැහැස්තියි” කියාය. මේ උපුටා දැක්වූ ප්‍රකාශන එකට පෙළ ගැස්වූ විට, මාලිමා නීතිඥ සමුළුව ඉදිරියේ අනුර සියළු දෙනා නීතිය ඉදිරියේ සමාන යයි කීම ලජ්ජා නැති කතාවකි.

උඩුනුවර අම්බොක්ක ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගමේ කඩ මණ්ඩියේ පක්ෂ කාර්යාලයක් විවෘත කරන බව ඇසූ ඒ ගමේම මාලිමා ප්‍රවර්ධකයන් පිරිසක් එහි පැමිණ කන්තෝරු දැම්මොත් 21 වෙනිදා රෑට කන්න වේවි කියා තිබේ. රටේ මාලිමා කාර්යාල විතරක් ඇත්තේ ඡන්ද වලට වඩා රට පුරා තුවක්කු ඇති නිසාය. සජබ කාර්යාල වලට තැන තැන පහර දී ඇතත් පැමිණිලි නො කරන්නේ මේ නිසාය. බංගවේවා කියන්නට අවසර ඇතත් ජයවේවා කිව්වොත් ලැඛෙන්නේ  21 රෑට බලා ගන්නම් යන මරණීය පණිවිඩය පමණකි. රනිල්ගේ කටවුට් පෝස්ටර් ප්‍රසිද්ධියේ විනාස කරන දර්ශන සමාජ මාධ්‍යයේ පළ වුණත් පොලිස් පැමිණිලි නැත. තර්ජන පවතී නම් නිහඬව සිටින්නැයි රනිල් වික්‍රමසිංහගේ ආධාර කරුවන්ට ඉහළින් උපදෙස් ලැබී තිබේ. හේතුව තැල්ල බැඳීමට ඛෙල්ල අවශ්‍ය නිසාය.

 


මහනුවර ප්‍රදේශයේ අලුත් සුපර් මාර්කට් එකකට පැමිණි පාරිභෝගිකයෙක් එහි හිමිකරුගෙන් බිස්නස් කොහොමද අසා තිබිණ.

”හොඳයි. පටන් ගෙන තවම මාස හතරයි. මේ අපේ තුන්වෙනි සුපර් මාකට් එක. ව්‍යාපාරිකයා සැහැල්ලූවෙන් පිළිතුරු දී තිබිණ.

”21 වෙනිදාට මොනවා වෙයිද? පාරිභෝගිකයාගේ ඊළඟ විමසීමට ව්‍යාපාරිකයා කිසිවක් නො කියා නිහඬ වී ඇත.

” ඇයි මොකද කතා කරන්න කැමති නැද්ද?”

” මොනවා කත් කරන්නද? බයත් හිතෙනවා. කවුරුත් කියන්නේ මාලිමාව දිනයි කියලා. එහෙම වුණොත් මේ ඔක්කොම වතුරේ. එ”තෙක් පැවති ප්‍රබෝධය වහා වෙනස් වී තිබිණ.

”ඒ විදියට හිතන්නේ ඇයි…?”

” ඇප නැතිව ණය දෙන බැංකු කියන්නේ රටම ඉවරයි. සමෘධිය බලාගෙන ඡන්ද දෙන අයට ඇප නැතිව ණය දුන්නොත් වෙන දේ හිතා ගන්නත් බෑ.”

”ඉතින් දන්න කියන අයට මේවා කියන් නැත්තේ ඇයි.?”

” මාලිමාවට වැඩ කරන අය එක්ක කතා කරන්න බයයි. වාද කරන්න ගියොත් හොඳයි බලා ගන්නම් කියනවා.”

”ඔය විදියට හිතනවා නම් කොහොමද බිස්නස් කරන්නේ… ?”

 


”ඒක අපේ කරුමේ.. බදු නැතිව රටක් වැටෙන හැටි අපි 2022දි ඇහින් දැක්කා. දැන් අනුරයි සජිතුයි දෙන්නම කියන්නේ පඩි වැඩි කරලා බදු අඩු කරනවා කියලා. විකාර. මම කැමතියි බදු ගෙවන්න. බදු ගහනවාට විරුද්ධ අය දන්නේ නෑ බඩු ගණන් වැඩි වෙනවා කියන්නේත් බදු ගැහිල්ලක් කියලා.”

රටේ ව්‍යාපාරික ප්‍රජාව හිතන්නේ එහෙමය. මාලිමා තර්ජන නිසා දේශපාලනය නො කළත් ව්‍යාපාර නතර කළ නො හැකිය. එහෙත් මාලිමාව දිනුවොත් සිදුවන දේ ගැන ව්‍යාපාරිකයන්ට ඇත්තේ දෙ ගිඩියාවකි.

ලිපිය ආරම්භයේ සඳහන් සමීක්ෂණ දත්ත සියයට ගණන් නොව ලක්ෂ ගණන් හැටියට උපකල්පනය කරයි නම් 2020 මහ මැතිවරණ ප්‍රතිපල අනුව පක්ෂ ලබාගත් ප්‍රගතිය මෙසේය.

2020දී ඡන්ද 450,000ක් ඡන්ද ලබා ගත් ජවිපෙට අළුතින් ඡන්ද 3,350,000 එක්වී ඇත.  

2020දී ඡන්ද 2600000ක් ලබා ගත් සජබයට තවත් එක් වී ඇත. 

2020දී ඡන්ද 2,950,000කට සීමා වී ගෙදර ගිය  රනිල් වික්‍රමසිංහ සමග  2,005,000ක් දෙනා පෙළ ගැසී ඇත. 

අප්‍රේල් අරගලය සමග අස්ථාවරවූ රටේ බලය ඇල්ලීමට මාලිමාව සහ සජබය අඛණ්ඩව ගෙවුණ අවුරුදු දෙක පුරා වර්ජන විරෝධතා වීදි සටන් මෙහයවමින් මැතිවරණ ඉල්ලමින් සිය ජන පදනම ශක්තිමත් කළ අතර, ජනාධිපති  වික්‍රමසිංහ රටේ ආර්ථීක හා සමාජ ගැටළු විසඳීමට දෙස් විදෙස් සහාය ලබා ගනිමින් රටේ ආර්ථීකය ශක්තිමත් කළේය.

 

ජනතාව සියලු පක්ෂ නායකයන් ගැන අසතුටින් ! - සමීක්ෂණ වාර්තාවක්

ඒ අනුව,වසර දෙකක් තුළ අනුර කුමාරට අළුතින් එකතුවූ 3,350,000ක ඡන්ද ප්‍රමාණය සහ සජිත්ට සමීප වූ 1,000,000ය සමග ජනාධිපති වික්‍රමසිංහ මාස දෙකක කාලයක් තුළ පෝස්ටරයක් හෝ නො ගසා 2,005,000ක් දෙනෙකුගේ ආකර්ශණය ලැබීම අනුව සංඛ්‍යාත්මකව අනුරටත් සජිත්ටත් වඩා අඩු වුවද රනිල්ගේ වර්ධන වේගය දේශපාලනිකව ඛෙහෙවින් තීරණාත්මක ය.

අනුර කුමාර ගෙවී ගිය දෙ වර්ෂයේ එක් ලිත් මාසකයට නව ඡන්ද 139,584ද, සජිත් ගෙවී ගිය දෙ වර්ෂයේ එක් ලිත් මාසකයට නව ඡන්ද 41667ක්ද ලබා ගත් පසුබිමක ජනාධිපති වික්‍රමසිංහ එක් මසකට නව ඡන්ද 1,002,500ක සීග්‍ර වර්ධනයක්  ලබා ගත් පෙනේ.

ලිපිය ආරම්භයේ අනුර එක ඔහු සිහින ජනාධිපති කීවාට වසර දෙකක කාලයට එකි දත්ත යොමු කළ කෙරෙන විග්‍රහය අනුව උක්ත සමීක්ෂණ කියැවීම උඩුයටිකුරු වේ.

තවමත් අනුර ඉදිරියෙන් කියන්නේ ජූලි මාසයේ පරණ කකාවකි. දැන් රටේ බහුතරයකට අනුර ගැන ඇත්තේ ආදරයක් නොව බියකි. මේ තත්වය නිරික්ෂණය කළ යුත්තේ ඉහතින් විස්තර කළ රටේ ජීවත්වන දේශපාලනය කතා නො කරන මිනිසුන්ගේ ආකල්ප අනුවය. මාලිමා ප්‍රචාරක යාන්ත්‍රණය වේගවත් කරන තරමට ජන මනස තුළ ඇති වන්නේ බිය මුසු දැඩි තිගැස්මකි.

2020දී ජනතාව ප්‍රතික්ෂේප කළ එජාප නායකයා වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මාස දෙකක් දිනා ගත් ජන ආකර්ශණයට හේතුව කුමක්ද? මෙහිදී 2022 රටේ ආර්ථීකය කඩා වැටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය කැඳවූ සර්ව පාක්ෂික සමුථවට රනිල් වික්‍රමසිංහ සහභාගි වීම සහ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස එකී සමුළුව ප්‍රතික්ෂේප කිරීම මැදහත් මිනිසුන් තුළ ඇති වූ ආකල්ප කිසිසේත් වෙනස්ව නැත.

රනිල් ගෙවී ගිය කාලය තුළ එක දිගට රට ගොඩ නැගීමට එක්වන ලෙස විපක්ෂයට කළ ආරාධනා ප්‍රතික්ෂේප කිරීමද සුළුවෙන් බැහැර කළ නො හැකිය. එසේම පාසල්වල අධ්‍යයන කටයුතු අඩාල කොට සමස්ත ගුරු සේවය පාරට කැඳවා රජයට එරෙහි උද්ඝෝෂණ කරන තරමට විපක්ෂය මස්තබාල්දුවීම හෙවත් බලයට කෑදරවීම ඛෙහෙවින් බරපතලය.

මේ පසුබිම තුළ මාලිමාව සහ සජබය දේශපාලනයට එක් නොවී වෙන්නේ කුමක්දැයි බලා සිටින පිරිසක්ද වේ. ඉහත කී සමීක්ෂණයට හසු වූ පිරිස 97 ලක්ෂයක් ලෙස උප කල්පනය කරයි නම් කතා නො කරන හෝ සමීක්ෂකයන්ට මග හැරුණ මිලියන හතරකටත් වැඩි රට තවත් බංග්ලාදේශයක් නොවේවා යයි ප්‍රාර්ථනා කරන රටේ ජනතාව, රනිල් වික්‍රමසිංහ කණ්ඩායම මේ තීරණාත්මක මැතිවරණයට මුහුණ දෙන ඇල් මැරුණ ස්වභාවය ගැන පසුවන්නේ මහත් විමතියෙනි. 

විශේෂයෙන් දෙකට ඛෙදී තරග වදින එකම දේශපාලන ධාරාවක….. රනිල් සහ සජිත් පිරිවරා ගත් පරණ එජාප උරුමක්කාරයන්, මාලිමාව ජයග්‍රහණය කළොත් යළිත් 88-89 අවදියේ මෙන් යම් කාලයක් කැලේ පැල් සහ ගස් දෙබල්වල රාත්‍රීගත කිරීමේ උරුමය අත් විඳීමට සිදුවන දනිති. මේ තත්වය සිහිපත් කළ දඹුල්ලේ පැරණි යූඇන්පී කාරයෙක් කීවේ, ආර්.ප්‍රේමදාසට ජනාධිපති කම ලබා දීමෙන් එජාපයට ගාමිණි, ලලිත් වැනි විශිෂ්ඨ මිනිසුන් අහිමි වූ බවත්. 2019 සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නො දුන්නා නම් 2022 අර්බුදය හරහා රටේ ජනතාවට එජාප ජනාධිපති වරයෙක් සහ ශක්තිමත් ආණ්ඩුවක් ලැඛෙන  බව කී ඒ වැඩිහිටියා පළ කළ අනාවැකියක් මෙසේය. රනිල් අනුර සජිත් තුන් දෙනාගෙන් කවුරු දිනයිද මං දන්නේ නැහැ. ඒත් සජිත් මහ්තතයා දිනුවේ නැත්තම් එයාට විපක්ෂ නායකකමත් නැති වෙනවා.” එය ඇසූ මට සිතුණේ කළ කළ දේ පළ පළ දෙනවා කියන්නේ එය විය යුතු ය.

මෑතක අනුරාධපුරයේදී හමුවූ මිතුරෙක් සජබයෙන් කල් තැබුණ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දුන් පුද්ගලයෙකු මට  මුණ ගැස්වීය. ඔහු දැන් මාලිමා ජයගහ්‍රණය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ”කොහොමද තත්වය …..?   මම ඔහුගෙන් ඇසූ විට හොඳයි හොඳයි කියා කතාව කෙටි කර ඔහු අපෙන් මග හැර පසුව මගේ මිතුරා අපූරු කතාවක් කීය.

”ඔය යකාගේ ඡන්දෙ නම් අනුරට ලැඛෙන්නේ නෑ….. ? ”

”එතකොට….. ? ”

”ජෙප්පන් මරයි කියන බයට මේ විදියට හැසිරෙන්නේ.”

 

බංගලාදේශය උඩු යටිකුරු කෙරුණේ ඇයි? - (කුසල් පෙරේරා)බංගලිදේශ් විප්ලවය

දැන් ගම්වල හුඟ දෙනෙකුගේ දේශපාලනය මේ වාගේ. හෘදය සාක්ෂියට පිටු නොපා මෙසේ වෙස් වලාගෙන ජීවත්වන බොහෝ දෙනෙක් තම රට බංග්ලාදේශයක් වෙනවාට කැමති නො වෙති. මාලිමාවේ නැගිටීම ලෙස මතුපිටින් පෙනෙන මේ දේශපාලනය තම ජීවිතාරක්ෂාව සලසා ගන්නා තැනට රට තල්ලූවීමකි. එක්සත් ජාතික පක්ෂය නො කැඩී තිබුණා නම් 2022 ජූලි 21 වෙනිදා ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වෙන්නේ එජාප ජනාධිපති කෙනෙකි.

රටේ ආරක්ෂාවට රාජපක්ෂලාට එරෙහිව පොන්සේකා ශක්තිමත් කළ, සිරිසේන දිනවූ එජාප මානසිකත්වය රනිල් වික්‍රමසිංහ ශක්තිමත් නො කළොත්……? සිදු වන්නේ කවදාවත් රටට සිදු නොවිය යුත්තකි. එහි තේරුම මාලිමාව යනු පරාභව සූත්‍රයක් මිස ගැලවීමේ  හමුදාවක් නොවන බවය.

අදහන දේශපාලනය සහ පවත්නා යථාර්ථයට හොඳම නිදසුන, 2020දී හැට නව ලක්ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කිරීමෙන් තනි මන්ත්‍රී අසුනකට හැකිළුන එජාප නායකයා 2022දී රටේ පාලකයා වීමය. අපි 21 වෙනිදාටත් රනිල් වික්‍රමසිංහ නම් යථාර්ථයට පිටුපා පක්ෂය ඇදහිල්ල කර ගැනීමට තීරණය කළොත්, එහි සාපය 2022දී මෙන් කාට කාටත් සමසේ ඛෙදී යනු නියතය. 

හම්බන්තොටදී ''මං මීඩියා'' කී මාධ්‍යවේදියාට​ ලැබුණේ ස්පොට් ෆයින් එකකි -  Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *