|

රට අඳුරට – ආවොත් පොල්පොට් බලයට – රටේ රාළ

” අනුර දේශපාලන දඩ බල්ලන් ගැට ගසනු ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරලා උඩ ඉඳන් පහලට හදපු වියරු මානසිකත්වය දැන් ජවිපෙ පහල බලවේගයටත් කාන්දුවෙලා කියලයි, ජෙප්පෝ දැන් පිස්සු බල්ලෝ වගේ වෙලා.22 ක බිලි පූජාවට අවශ්ය දඩබිම් හොයනවා.ඒ බිලි පූජාව දකුණේ විතරක් නෙවෙයි උතුරටත් ව්යාප්ත කරන්න ජවිපෙ ලෑස්ති වෙනවා.පහුගියදා අනුර උතුරට ගිහින් ඒ වගේ කතාවක් කිව්වා.
අනුර කිව්වේ ” මා දන්නවා පහුගිය කාලය පුරාවටම උතුරේ ජනතාවට දකුණේ ජනතාව ගැන සැකයක් තිබුණා,දකුණේ ජනතාවට උතුරේ ජනතාව ගැන සැකයක් තිබුණා.ඒක දැන් සැලකිය යුතු ප්රමාණයකින් අඩුවෙලා.හැබැයි දකුණේ ජනතාව වෙනසක් සදහා පෙල ගැහී සිටින මේ වෙලාවේ ඒ වෙනසට එරෙහි වන්නන් බවට ඔබ පත්වුනොත් කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුල ස්ථාපිත වෙයිද කියලා හිතන්න.ඒ වෙනසට එරෙහි වූවන් ලෙස යාපනය හදුන්වනවාට ඔබ කැමතිද?උතුර හදුන්වනවාට ඔබ කැමතිද?
මා ඔබට නැවත සහිත කරන්නම් අපි ජයග්රහණය කරනවා.ජයග්රහණයේ පංගුකරුවෙකු බවට ඔබ පත්වෙන්න.ඊට එරෙහිවූවන් බවට පත්වෙන්න එපා ” රටේ රාළ දිගටම කිව්වේ අනුර දිනුවොත් අනුර අනාගත ශ්රී ලංකාවේ පොල්පොට් බවට පත්වෙනවා කියලයි.ශ්රී ලංකාව පොල්පොට්ගේ කාම්බෝජයක් වෙනවා කියලත් රටේ රාළ අනතුරු ඇඟෙව්වා.ජනාධිපති වෙන්නත් ඉස්සෙල්ලා අනුර උතුරේ වේදිකාවේ උඩ ඉඳන් පොල්පොට් විදිහට බෞතීස්ම වෙලා.
අනුර මේ කියන්නේ දකුණේ ජනතාව අනුර ජයග්රහණය කරවන්න පෙලගැහිලා තියෙද්දී ඒකට උතුර එරෙහි උනොත් බලාගෙනයි කියලනේ.සියුම්ව උතුරේ ජන මනස බිය වද්දනවා. උතුරේ ජනතාව අනුරට ඡන්දය දෙන්නේ නැත්තං දකුණේ ජනතාව උතුරේ ජනතාව දිහා යහපත් විදිහට බලන එකක් නෑ කියන එකයි අනුරගේ කතාවේ සැඟවුන අර්ථය.අනුර කියන විදිහට එහෙම උනොත් උතුර ගැන දකුණේ ඇතිවෙන මනෝභාවය හොඳ එකක් නෙවෙයි.ඒකෙන් බේරෙන්න නං අනුරට ඡන්දය දෙන්න කියලනේ මේ කියන්නේ.
දකුණේ ජනතාවගේ තීරණයට උතුර යටත් වෙන්න ඕනි කියලනේ මේ කියන්නේ.ඒ කතාව අහලා රනිල් කිව්වේ අනුර උතුරේ සහ දකුණේ ජනතාවගෙන් සමාව ගන්න ඕනි කියලයි. ඇත්තටම ඒක හරි.පහුගිය දා සජබයට සහය දෙනවා කියපු සුමන්තිරනුත් දැනටමත් බය වෙලා වගේ.අනුරගේ ප්රකාශයට සුමන්තිරන් සහය පලකරලා.සුමන්තිරන් කියන්නෙත් එහෙනම් දකුණේ මතයට උතුරේ ජනතාව යටත් වෙයල්ලා කියලා වෙන්න ඕනි.අනුර ජාතියෙන් සමාව ගනිද්දී සුමන්තිරන් උතුරේ දෙමල ජනතාවගෙන් සමාව ගන්න ඕනි.
අනුරලා ඉතා සියුම් විදිහට දැනටමත් දකුණ ප්රචණ්ඩත්වයකට සූදානම් කරලා ඉවරයි.
දැන් දකුණේ ඉන්න මාලිමා විරෝධීන්ට පහර දෙන්න ජෙප්පෝ ලෑස්ති වෙනවා.ඒකට එජාපයද, පොහොට්ටුවද,ටෙලිෆෝන් එකද කියලා අදාල නෑ.ඒ බව දැන් මාලිමාවේ බත්බැලයෝ ප්රසිද්ධියේ කියනවා.සමාජ ජාලාවලට තර්ජනාත්මක විඩියෝ මුදා හරිනවා.එතනදී ටාගට් වෙන්නේ අනුරලාගේ මතයට ප්රතිවිරුද්ධ අදහස් දරණ දේශපාලන පක්ෂ,සමාජ කණ්ඩායම් සහ පුද්ගලයින්.
අනුර උතුරේ ගිහින් ඒ threat එක දෙන්නේ මේ රටේ අවුරුදු දහස් ගණනක් තිබුණ දැඩි සංවේදී කාරණාවකට අදාලව දැඩි පීඩනයකට පත්වෙච්චි සමාජයකට.මේ කරන්නේ වෙන මොකවත් නෙවෙයි මහා ජාතියේ පීඩනය සුළු ජාතිය මත මුදා හරින එකයි.ඇත්තටම මේකත් ජාතිවාදය තමයි.සුළු ජාතියේ ජාතිවාදයට වගේම මහ ජාතියේ ජාතිවාදයටත් විරුද්ධ වෙන්න වමේ නායකයෙකුට කොන්දක් තියෙන්න ඕනි.
වමේ නායකයෙකුට මහ ජාතියේ පීඩනය සුළු ජාතිය මත පටවන්න බෑ.අනුරගේ ඒ ප්රකාශයෙන් අනුර තවදුරටත් වමේ නායකයෙක් නොවෙන බව පැහැදිලියි.අනුරගෙන් එන්නේ අත්තනෝමතික පාලකයෙගේ චින්තනයක්.අනුර කරන්නේ දකුණේ රැස්වීම් තියලා.විශ්රාමික හමුදා සාමූහික හදලා, විශ්රාමික පොලිස් සාමූහික හදලා දකුණේ හදාගත්තා කියලා එයාලා හිතන ඇස්බැන්දුම් බලය පෙන්නලා උතුරේ ජනතාව බය කරන්න. ඉතිහාසයේ උතුරේ ඡන්ද වර්ජන ගැනත් මතක් කරලා අනුර කියන්නේ මේ පාර නං ඒවට ලෑස්ති වෙන්න එපා කියලයි.
අනුරගේ මේ හැසිරීම විසින් ඔප්පු කරන්නේ රාජ්ය තාන්ත්රික භූමිකාවකට අනුරගේ තියන අසමත්කමයි.තමන්ට එහෙයි කියන බයියෝ හැර ඊට එහා වෙනත් අනන්යතාවයන් තියන,වෙනත් සංස්කෘතින් නියෝජනය කරන වෙනත් අරමුණු තියන අයත් එක්ක පොදු එකඟතා හදාගෙන ගනුදෙනු කරන්න එයාලට බෑ.රාජ්ය තාන්ත්රික ගනුදෙනුවලදී අනුර කියන්නේ අතිශය දුර්වල චරිතයක් බව අනුර දැන් සිය දහස්වතාවක් ඔප්පු කරලා තියනවා.
අනුර ගිහින් උතුරේ ජනතාවට කියපු විදිහටද දන්නේ නෑ එයා IMF එකත් එක්ක ගනුදෙනු කරන්න හදන්නේ.ඉන්දියාව,චීනය ඇතුලු ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරන්න හදන්නේ.අපිට ජනවරම හම්බවෙලා තියනවා.අපි කියන විදිහට හිටපල්ලා කියලද කියන්නේ?ඒ නිසා මේ රටේ සමස්ථ ජනතාවට මේ අනතුර හරියට තේරුම් ගන්න ඕනි.අනුරට හැදිලා තියන මේ ඒකාධිපති වියරුව රනිල්ගෙන්වත්, සජිත්ගෙන්වත් පේන්නේ නෑ.
දැන් යක්ෂයා ආරූඩ වෙලා තියෙන්නේ අනුරගේ ඉස් මුදුනට.ඒ නිසා අනුර කියන්නේ වමේ නායකයෙක්වත් ජනාතාවාදී නායකයෙක්වත් නෙවෙයි බයියන්ගේ බලයට මුවාවේලා බිහිවෙන තවත් පොල්පොට් කෙනෙක්.පොල්පොට්ගේ ගමන යන්න අවශ්ය වියරුව අනුරගේ ඇඟට පත්තියන් වෙලා.ඇත්තටම බලයෙන් වියරුව වැටුන උම්මත්තකයෙක්ගේ භූමිකාවට අනුර අවතීරණය වෙලා ඉවරයි.
ඒ දේශපාලන උන්මත්තකකම වටේ පෙලගැහුණ තක්කඩි දැන් රට පුරා කරන වැඩවලින් සන්නිවේදනය වෙන්නේ මෙයාලා යන්න හදන ගමන මොකද්ද කියන එකයි.හමුදා සාමූහික ඇතුලේ සහ පොලිස් සාමූහික ඇතුලේ මෙයාලා හදලා තියන පෙල මොකද්ද කියන එක පැහැදිලියි.අණ දෙන්නත් ඉස්සෙල්ලා ක්රියාත්මක වෙන්න සූදානම් තක්කඩි ඉන්න බව විශ්රාමික හමුදා නිලධාරියෙක් කියා ගත්ත නිවටයෙක්ගේ වීඩියෝවක් ඔයාලා දකින්න ඇති.
ඒ ගොන් වස්සා ගහනවා කියන්නේ කාටද?තමන් එක්ක එකට යුද්ධ කරපු රණවිරුවන්ට.ගහන්න හේතුව වෙනත් දේශපාලන මතයක් දැරීමයි.දැන් හමුදා සාමූහික ඇතුලේ අනුරලා බෙදලා තියෙන්නේ වෛරය කියලා පැහැදිලියි.රාජ්ය නිලධාරින් එකතු කරගෙන වැඩමුළු තිබ්බේ මොකටද කියලා දැන් පැහැදිලියි.පැහැදිලිවම ජවිපෙ හතර දෙනාගේ කල්ලියේ දර්ශනය වෛරයයි.ඒකනේ හදුනෙත්ති කියන්නේ ඇමතිවරු ඕනි නෑ.කැබිනට් එකක් ඕනි නෑ. අමාත්යාංශ ලේකම්ලා ටික හිටියම ඇති කියලා. ඊට අමතරව ජවිපෙ වෘත්තීය සමිති ටිකයි,හමුදා සමුහිකයයි,පොලිස් සාමූහිකයයි,ගමේ ජවිපෙ කොට්ඨාශ කමිටුවයි තියනවා.
සියල්ලට උඩින් අනුර ඉන්නවා.අණ දෙන්න ටිල්වින් ඉන්නවා.අනුරලා ඉන්නේ තමන් හදාගත්ත මිනිස්සු ටිකත් එක්ක රට කරන්න. තනිකරම මේක තමයි පොල්පොට්ගේ භූමිකාව. දැන් ජනතාව තීරණය කරන්න ඕනි පොල්පොට් වැනි වියරු මිනිහෙක් 21 වෙනිදා බලයට පත් කරනවාද,නැද්ද කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *