|

රනිල්ට සහ සජිත්ට එකතු වෙන්න බැරි ඇයි? – රටේ රාළ

ඊයේ ” රනිල් සජිත් එකතු වෙයිද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ රනිල් සජිත් එකතුවකට ඇති ඉඩ ඉතා සීමිත බවයි.හැබැයි ඒකෙන් එහෙම වෙන්නේම නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. එහෙම වෙනවා නම් වෙන්න බලපාන හේතු කීපයක් තියනවා.එකක් තමයි අනිත් කදවුරේ ප්රතිවාදී අපේක්ෂකයා වන අනුර කුමාර එක්ක රනිල් සහ සජිත් වෙන් වෙන්ව තරඟ කිරීමෙන් වෙන අනතුර මේ දෙගොල්ලන්ටම නිවැරදි තක්සේරුවක් කරගන්න තියෙන හැකියාව එකක්.
ඒ කියන්නේ සටන තුන් කොන් කිරීමෙන් වෙන අවධානම මේ දෙගොල්ලොම දකින්න ඕනි.සටන තුන් කොන් කිරීමෙන් යම් විදිහකින් අනුර දිනුවොත් ඇතිවෙන තත්වයට රනිල්ට සහ සජිත්ට වගකියන්න වෙනවා කියන හැඟීම දෙපැත්තටම එන්න ඕනි.වෙන් වෙලා ගිහින් 22 දා රෑ ඇතිවෙන ලේ වැගිරීමට සජිත් සහ රනිල් වගකියන්න වෙනවා.ඊට අමතරව රනිල් සහ සජිත් එකතු කරන්න මූලික වෙලා ඉන්න කණ්ඩායමේ ප්රබලත්වයත් මේ එකතු කිරීමට බලපානවා.
එක පැත්තකින් විදේශ රටවල් දෙකක් ඒකට මැදිහත් වෙන බව කියවෙනවා.ඊට අමතරව අපේ රටේ ව්යාපාරික ප්රජාවත් ඊට මැදිහත්වෙලා ඉන්න බවට කට කතා පැතිරෙනවා.අනුර කුමාර ජයග්රහණය කලොත් ඇතිවෙන්න පුළුවන් අනතුර ගැන විවිධ තැන්වලින් දැන් දැන් බිය පලවෙන්න පටන් අරන්.ඒ සම්බන්ධව මූලික අනතුරු ඇඟවීමක් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරයත් පරිත්යාග කරමින් තලතා අතුකෝරල කළා.ඊයේ පාර්ලිමේන්තුවේදී අරුන්දික ප්රනාන්දුත් ඊට සමාන අනතුරු ඇඟවීමක් කළා.
අරුන්දික කිව්වේ එයා ඊයේ ඉඳන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරනවා කියලා.ජාතික ජන බලවේගයට එකතුවෙලා ඉන්න අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමකට තමන්ගේ සහාය හිමිවෙනවා කියලා අරුන්දික කියනවා.මේ අශුද්ධ සන්ධානය පරාජය කිරීමට ජනාධිපතිවරයා එක්ක එකතුවෙන්න කියලා සජිත්ගෙන් අරුන්දික ඉල්ලුවා.අරුන්දික මේ ඉල්ලීම කරන්නේ අනතුර හරියට දැකලද එහෙමත් නැත්තං ඊළඟ පාර තමන්ගේ මන්ත්රී ආසනය ගැන හිතලද කියලා කියන්න බෑ.
රනිල්ගේ පැත්තෙන් පුත්තලමට තියන තරඟය වැඩි හින්දා සජිත්ගේ පැත්තට බල්ටියක් ගහන්න හිතාගෙන තියන පියවරක්ද මේක කියලා රටේ රාළට සැකයකුත් තියනවා.කොහොම උනත් අරුන්දික කියන්නෙත් පොදු අනතුරට එරෙහිව එකතු වෙන්න ඕනි කියන කතාවක්.මෙතනදී රනිල් සජිත් එකතුවක් ස්ථිරයි කියලා කියන්න රටේ රාළ යන්නේ නෑ.හැබැයි රටේ රාළට සජිත්ගෙන් අහලා දැන ගන්න එක ප්රශ්නයක් තියනවා.ඇයි සජිත්ට රනිල් එක්ක එකතු වෙන්න බැරි.
එතකොට කවුරු හරි අහන්න පුළුවන් ඇයි රනිල්ට සජිත් එක්ක එකතු වෙන්න බැරි කියලා. මේ වෙලාවේ රනිල් සජිත්ට එකතු වෙන එක ප්රායෝගික නෑ වගේම දේශපාලනිකවත් වැරදියි. ඒක සමස්ථ රටක් පාවාදීමක් කියලා කියන්න පුළුවන්.මොකද අර්බුදය ඉස්සරහා සියලු දෙනා පැනලා යද්දී රනිල් තමයි අභියෝගය බාර අරගෙන රට යථාවත් කළේ.අපේ රටේ තවමත් ක්රියාත්මක වෙන්නේ රනිල්ගේ ආර්ථික ප්රතිපත්තිය.
ඒකෙන් පිට පනින්න බෑ.ඒක රටක් අනතුරට හෙලන වැඩක්.රනිල් දිනුවත් පැරදුනත් රනිල් අරන් තියන මේ පියවරෙන් දශමයක්වත් එහාට මෙහාට වෙන්න බෑ.දැන් රනිල් ස්ථාවර දේශපාලන සහ ආර්ථික රේඛාවක් මත පිහිටලා ඉන්නවා. රනිල් විතරක් නෙවෙයි රටත් තියෙන්නේ ඒ ආර්ථික සහ දේශපාලන රේඛාව උඩ. බංකොලොත් වෙලා ලිං පතුලේ හිටපු රට රනිල් ආයෙත් ලිං ගැට්ටෙන් උස්සලා තියලා තියනවා. අපිට ආපහු ලිං පතුලට වැටෙන්න බෑ.රනිල් මේක අතාරිනවා කියන්නේ ආයෙත් අපි ලිං පතුලට වැටෙනවා.
අනුර ආවත් සජිත් ආවත් අපි ලිං පතුලට වැටෙන එක ස්ථිරයි.උඩ ඉදන් වැටෙන හින්දා ඒ වේගයට පතුලත් හාරගෙන ගිහින් එරෙන බව නං ෂුවර්. සජිත්ට ඇයි රනිල් එක්ක එකතු වෙන්න බැරි?ප්රශ්නය ඕකයි.සජිත්ට එජාපය ඇලජික්ද?නැත්තං රනිල් ඇලජීක්ද?එහෙමත් නැත්තං රනිල් වටේ ඉන්න සෙට් එක ඇලජික්ද?සජිත්ට එජාපය ඇලජීක් වෙන්න විදහක් නෑ.සජිත් තවමත් පෙනී ඉන්නේ නියම එජාපය තියෙන්නේ සජිත් ළඟ කියලා.සජිත් වැඩිපුර පාවිච්චි කරන්නේ කොලපාට.
සජිත් තවමත් කියන්නේ එජාප නායකයා විදිහට ඉදිමින් රටේ ජනාධිපති උන එයාගේ තාත්තගේ පම්පෝරිය.එජාපය එදා රණසිංහ ප්රේමදාස ජනාධිපති කළේ නැත්තං අද සජිත් කෙනෙකුත් නෑ.මොකද සජිත්ගේ පලවෙනි මතුවීම වෙන්නේ සජිත්ගේ දක්ෂතාව ඇතුලේ නෙවෙයි.රණසිංහ ප්රේමදාසගේ පුතා වීම හින්දයි.ඒක නිසා සජිත්ට එජාපය ඇලජික් වෙන්න බෑ.එහෙනං සජිත්ට ඇලජික් ඇත්තේ රනිල්.සජිත්ට රනිල් ඇලජීක් වෙනවා ඇත්තේ ඇයි?
මුලදී සජිත් කිව්වේ රනිල්ට බෑ කියලා.රනිල්ට බලය ගන්න බෑ කියලා.හැබැයි දැන් ඒ දෙකම බොරු කියලා ඔප්පු වෙලා ඉවරයි.එහෙනම් සජිත්ට රනිල් ඇලජික් වෙන්න තියෙන්නේ එකම එක හේතුවයි.රනිල් ඉන්නකං සජිත්ට බැරි හින්දයි.සජිත්ට වඩා හැම අතින්ම රනිල් දක්ෂයි.ඉවසීම,ධෛර්යය,පරිනතකම,දැනුම, රාජ්ය පාලනය,රාජ්ය තාන්ත්රිකභාවය ඔක්කොම රනිල්ට තියනවා.රනිල්ට සාපේකෂව සජිත්ට ඒක නැති නිසා සජිත්ට රනිල් ඇලජික් ඇති.
ඊට අමතරව සජිත් කිව්වේ රනිල් රාජපක්ෂලා රකිනවා කියලා.දැන් ඒකත් බොරුවෙලා. රාජපක්ෂලා දැන් රනිල්ට වඩා සමීප සජිත්ට. රාජපක්ෂලාගේ කිලිට් හෝදපු බහුතරය දැන් ඉන්නේ සජිත් ගාව.සමහරු සජිත් ගත්ත අය, සමහරු රාජපක්ෂලා එවපු අය.ඊළඟට සජිත් කියන්නේ රනිල් ළඟ ඉන්නේ හොරු කියලා.ඒකේ නං ඇත්තක් තියෙන්න පුළුවන්.හැබැයි ඉතින් ඒ වගේම බඩු ටිකක් තමයි සජිත් ළඟත් ඉන්නේ.
සජිත්ට පවා සංස්කෘතික අරමුදල භාවිතා කරපු විදිහ ගැන චෝදනා තියනවා.විගණකාධිපති වාර්තාවෙන් තමයි සජිත්ට චෝදනා එල්ල වෙන්නේ.ෆුට් නෝට්කාරයෝ,හන්තානේ ඉඩම් චෝදනා තියන අය.රාජපක්ෂලා ළඟ හිටපු චෝදනා ලබපු අය ගොඩක් සජිත්ගේ පැත්තේ ඉන්නවා.ඒක නිසා මේ දේශපාලනය ඇතුලේ සුද්දධවන්තයෝ නෑ.සජබෙත් නෑ.එජාපයෙත් නෑ,ශ්රිලනිපයෙත් නෑ,මාලිමාවෙත් නෑ.
මාලිමාවේ අද ඉන්න නායකයෝ දූෂිතයි වගේම අත්වල ලේ තැවරුණු අය.88/89 පස්සෙත් අත්වල ලේ තැවරුණ අය.සජිත් කියන මේ කිසිම චෝදනාවක් සජිත් රනිල් එකතුවකට අදාල නෑ.සජිත් රනිල් එකතු වෙන්න බැරි එකම දේ තමයි සජිත් ඇතුලේ තියන උන්නතිකාමය සහ සජිත්ගේ තියන හීනමානය.රට ලේ විලක් වෙනවටත් වැඩිය සජිත්ට එයාගේ මෝඩ උද්දච්චකම ලොකුයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *