|

සජිත් රනිල් එක්වෙයිද? – රටේ රාළ

සජිත් රනිල් එකතු වෙන්න යනවා කියන එක ප්රබල විදිහට සමාජගතවෙලා තියන මාතෘකාවක්.එක පැත්තකින් යම් පිරිසක් එහෙම මතයක් සංවිධානාත්මකව plant කරනවා.තවත් පිරිසක් ඒ මතය දැඩි ලෙස ප්රතික්ෂේප කරනවා. අනුර කුමාරත් එයාගේ රැස්වීම්වල දැන් කියන්නේ අනුර පරාජය කිරීමේ කුමන්ත්රණයක් ක්රියාත්මකයි කියලා.
කුමන්ත්රණය විදිහට අනුර දකින්නේ රනිල්ගේ සහ සජිත්ගේ එකතුවක් තුලින් එයා පරද්දන්න හදනවා කියලයි.ඇත්තටම කුමන්ත්රණය ඒක නෙවෙයි.කුමන්ත්රණය කියන්නේ එකම කදවුරක් දෙකඩ බෙදලා වෙනවෙනම තරඟ කරන්න සැලැස්වීමයි.එජාපය දෙකඩ කඩලා කඳවුරු දෙකක් හැදීම තමයි මෙතන තියන සැබෑම කුමන්ත්රණය.දෙකඩ උන කදවුරක කොටස් දෙකත් එක්ක තරඟ කරන්න ලැබීම අනුරට ලැබුණ ආශීර්වාදයක්.ඒ දෙක එකතු වෙන්න යනවා කියන්නේ අනුරට බයක් ඇතිවීම සාධාරණයි.
මේ වෙලාවේ ජනාධිපතිවරණයේ ඡන්ද බෙදන්න ඉදිරිපත් වෙලා ඉන්න සියලු දෙනාම දැන හෝ නොදැන අනුරගේ ජයග්රහණය වෙනුවෙන් සේවය කරන අනුරගේ දේශපාලන මිත්රයෝ.ඒ අර්ථයෙන් ගත්තම සජිත්,නාමල්,විජේදාස,දිලිත් සියලු දෙනාම දැන හෝ නොදැන දේශපාලන වශයෙන් අනුරට පක්ෂපාතියි.සජිත් රනිල් එකතු වෙයිද?ගොඩක් අයට තියෙන ප්රශ්නය ඒක.එජාප සහ සජබ පහල බලවේග ඒ පණිවිඩයෙන් සතුටට පත්වෙලා තියනවා.
හැබැයි සජබයේ ඉහල කීපදෙනෙකුට ඒ කතාව නයාට අඳුකොල වගේ වෙලා.සජිත්ට සහ සජිත්ගේ ආසන්න කවයට ඒ කතාව දිරවන්නේ නැති බව පේනවා.
ලංකාවේ වෙලා තියන දේශපාලන පෙරලිත් එක්ක බැලුවොත් එහෙම එකක් වෙන්න ඉඩක් නෑමයි කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි එහෙම එකක් වෙන්න තිබුණ කාලය නම් බොහෝ දුරට පහුවෙලා ගිහින් ඉවරයි.ඊළඟ කාරණය තමයි මේ එකතුව හදන්න මැදිහත් වෙලා ඉන්නේ කවුද කියන එකත් මෙතනදී තීරණාත්මක වෙනවා. සමහරු කියන්නේ අපේ අසල්වැසියා ඒ වැඩේට මැදිහත් වෙනවා කියලා.තවත් සමහරු කියන්නේ ජූලියා එතන ඉන්නවා කියලා.තවත් අය කියන්නේ අපේ රටේ ව්යාපාරික ප්රජාවේ ඉහල ස්ථරයක් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා කියලයි.
දැන් කවුරු මැදිහත් උනත් සජිත් රනිල් එකතුවක් හැදෙන්න තියන ඉඩ ඉතාම සීමිතයි.දැන් ජනාධිපතිවරණ කැම්පේන් එක ඒ සීමාව පැනලා ඉවරයි.මෙතනදී රනිල් කිසිසේත්ම පස්සට යන්නේ නෑ.ඇත්තටම රනිල්ට පස්සට යන්න බෑ. රනිල් පස්සට යනවා කියන්නේ අනිවාර්ය පාවාදීමක්.ඒක නිසා පියවරක් පස්සට යනවා නම් යන්න තියෙන්නේ සජිත්ට.ඒකට සජිත්,ජලනි,ලකී ඇතුළු සජිත්ගේ ළඟම කවය කැමති වෙයි කියලා හිතන්න බෑ.
හැබැයි මේ බෙදීම ඇතුලේ අනුර ජයග්රහණය කලොත් සජිත්ට සහ රනිල්ට මොකුත්ම නැති වෙනවා.සජිත් ජයග්රහණය කලත් අනුර ජයග්රහණය කලත් කොහොමත් තව මාස හයකින් රනිල්ට තව ටෙම්පරියක් අදින්න වෙනවා කියලා රනිල්ගේ පාර්ශ්වයේ අයට හිත හදාගන්න පුළුවන්.සජිත්ගේ පරාජය ඇතුලේ සජිත් වනගතවීම හැර වෙන මොකුත් සජබයට නම් ඉතිරි වෙන්නේ නෑ.අද තැපැල් ඡන්ද දැමීම ආරම්භ කළා.තැපැල් ඡන්ද ක්රියාවලිය පටන් ගන්නකොට මේච්චර කල් ගල් වෙලා තිබුණ undecided Vote එකත් floot වෙන්න පටන් ගන්නවා.
තැපැල් ඡන්දදායකයා අතර හොඳම කැම්පේන් එක කළේ මාලිමාව.එයාලගේ වෘත්තීය සමිති ව්යාපාර ශක්තිමත් නිසා ඒ වාසිය එයාලට තියනවා.රනිල්ගේවත් සජිත්ගේවත් කැම්පේන් එකට එයාලා ලගට ආවේ නෑ.සජිත් රාජ්ය සේවකයා ඉලක්ක කරගෙන ලොකු පොරොන්දු මල්ලක් දුන්නා.අනුරත් එහෙම තමයි.හැබැයි වෙනසකට තියෙන්නේ අනුරගේ පොරොන්දු මල්ල අරන් රාජ්ය සේවකයා ලගට යන්න යාන්ත්රණයක් මලිමාවට තියන එකයි.
රනිල් කලේ IMF එකත් එක්ක නැවත සාකච්ඡාවක් කරලා බදු ආදායම වැඩි කරගෙන තියන විදිහ පෙන්නලා රජයේ සේවකයන්ට ජනවාරි ඉඳන් 25000 ක පඩි වැඩිවීමක් ලබා දෙන්න කටයුතු කිරීමයි.රනිල්ගේ ඒ යෝජනාවට අයිඑම්එෆ් අනුමැතිය හම්බ වෙලා තියනවා. කැබිනට් අනුමැතියත් හම්බ වෙලා ජනවාරි මාසයේ ඉඳන් ඒ සහනය රජයේ සේවකයාට ලැබෙන්න නියමිතව තියනවා.රනිල් රාජ්ය සේවකයා නැවත සිතා බැලීමකට තල්ලු කරලා තියනවා.
ජනවාරි සිට රාජ්ය සේවයේ පඩිය වැඩි කරගන්නවාද,නැත්තං පඩිත් නැතිව ගෑස් පෝලිමේ,තෙල් පෝලිමේ,කිරිපිටි පෝලිමේ ඉන්නවාද කියන තීරණය රජයේ සේවකයා ඉදිරියේ දැන් තියනවා.ඒ සාකච්ඡාව රාජ්ය සේවකයා අතරට ගෙනියන්න එජාප වෘත්තීය සමිති ක්රියාවලිය අසමත් වෙලා.රනිල්ගේ වෘත්තීය කටයුතු අධ්යක්ෂ ජෙනරාල් සමන් රත්නප්රිය ඉන්නේ ඊට ගව් ගානක් පිටි පස්සෙන්.එජාපයට රංගෙ බණ්ඩාරලා කරපු හානිය රනිල්ලට තේරෙනකොට බස් එක ගිහින් ඉවරයි.
රනිල්ට වෙලා තියෙන්නේ ඕකම තමයි.වටේට ජෙනරාල්ලා වට කරගෙන ඉන්නවා.හැබැයි යුද්ධ කරන්න දන්න සහ දක්ෂ ජෙනරාල් කෙනෙක් ළඟ නෑ.නායකයාට කොච්චර යුධ උපක්රම තිබුණත් වැඩක් නෑ තමන්ගේ කෲ එක ඒකට දක්ෂ නැත්තම්.ඡන්දදායකයා සහ රනිල් අතර තියන ගැප් එක පුරවන්න ඔය ජනරාල්ලා කිසි කෙනෙකුට බැරිවෙලා තියනවා.ඒක නිසා අනුර සහ සජිත් කියන බොරුව රනිල් කියන ඇත්තට වඩා වේගයෙන් සමාජගත වෙනවා.
රටේ රාළ බළකායේ නීරික්ෂණ අනුව ලන්සා – ශ්රිලනිපය සහ ප්රසන්නලාගේ පොහොට්ටු කණ්ඩායම රනිල්ගේ වැඩේ උපරිම බරක් තියලා අදින බව පේනවා.කොළඹ දිස්ත්රික්කයේ රවී වගේ කෙනෙක් බිම් මට්ටමට,පන්සල් මට්ටමට බැහැලා යමක් කරන්න හදන බව පේනවා.හැබැයි එජාපය ඇතුලේ රවීලා වගේ ජෙනරාල්ලගේ අතපය බැදලා බව නම් පේනවා.රනිල් සජිත් එකතුවීම කෙසේ වෙතත් රනිල්ට බිම් මට්ටමේ සජබ කොටස් දිනාගැනීමේ හැකියාව තවමත් තියනවා.
රනිල් හැදුවේ සජබ ඉහලින් ගලවන්න මිසක් සජබ බිම් මට්ටමට දිනා ගන්න නෙවෙයි.සජබ හැදුවේ පොහොට්ටුවේ ඉහලින් ඉන්න රාජපක්ෂ වොෂින් මැෂින් එකේ කෑලි ගලව ගන්න.රාජපක්ෂ ලොන්ඩරියේ හිටපු සේවකයෝ ටිකක් සජබයට අරන් තියනවා වගේම රාජපක්ෂලා එවපු ටිකකුයි, පරිත්යාග කරපු ටිකකුයි ඉන්නවා.හැබැයි එයාලට පොහොට්ටුවේ ඡන්ද ගේන්න බෑ.සජබය ඒ අර්බුදයට මුහුණ පාලා.සජබෙ ගත්ත ඡන්ද ලක්ෂ 27 සජිත් එක්ක ඉන්නවා.
හැබැයි මාලිමාව කරලා තියෙන්නේ ඊට වැඩිය වෙනස් උපක්රමයක්.දේශපාලන පක්ෂ උඩින් ගලවන එක පැත්තකටම දාලා යටින් ජනතාවට ආමන්ත්රණය කරන වැඩේ මාලිමාව කරනවා. ඒකේ හොඳ ප්රතිචාර ජවිපෙට තියනවා.ඒ ප්රමාණය අනුරට දිනන්න කිසිසේත්ම ප්රමාණවත් නෑ.ඒකෙන් අනුරලාට උඩින් සහ යටින් හොඳ හොඳ සන්දර්ශණ පෙන්නන්න අවස්ථාව ලැබිලා තියනවා.ඇත්තටම තවමත් පොලොවේ රනිල්ට ඉඩක් තියනවා.
ඒක එකතු කරගන්න දක්ෂ නැති රනිල්ගේ ජෙනර්ල්ලා සජිත් රනිල් එකතුවක් ගැන කතා කරනවා.එකතු වෙනවා නම් එක අමතර බෝනස් එකක් කියලා හිතාගෙන මහ පොලොවේ වැඩේ කරන්නයි ඕනි.එජාපය පැත්තෙන් වෙන්නේ නැත්තෙත් ඒක.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *