තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන්ට දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි ජනපති කියයි

linkedin sharing button

whatsapp sharing button
messenger sharing button
රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකාවල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින්

වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි කී ජනාධිපතිවරයා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් රාජ්‍ය සේවකයාගේ අනාගතය ද ගොඩනැඟීමට කටයුතු කරන බව කීය.

උග්‍ර ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් මත දරුණු අයවැය කළමනාකරණ අපහසුතා රැසකට රජය මුහුණ දුන් නමුත් එම දැඩි අසීරු අවස්ථාවන්වලදී පවා කිසිදු කප්පාදුවකින් හෝ ප්‍රමාදයකින් තොරව රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටත් ජීවන වියදම් දීමනාව රුපියල් දස දහසකින් වැඩි කිරීමටත් ප්‍රමුඛස්ථානය ලබාදී කටයුතු කරන ලද්දේ රාජ්‍ය සේවකයින්ගේ කාර්යභාරය හා වටිනාකම මැනවින් අවබෝධ කරගත් බැවින් යැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි.

රටේ ආර්ථික ස්ථාවරත්වය නිවැරදි ප්‍රතිපත්ති හා එම ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා පලපුරුද්ද කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කියයි.

(අංජුල මහික වීරරත්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *