|

ඉන්දියාවේ තේරීම කුමක්ද? – රටේ රාළ

පහුගිය දවසක ඉන්දීය ආරක්ෂක උපදේශක හදිස්සියේම ලංකාවේ සංචාරය කළා.ඒ වගේම රෝ ඔත්තු සේවයේ ප්රධානීන් කීපදෙනෙක් ඇවිත් ගිය බවට වාර්තා පලවෙනවා.ඉන්දිය ආරක්ෂක උපදේශක ජනාධිපති රනිල් ඇතුළු ආණ්ඩුවේ ඉහල බලධාරීන් හම්බ වෙලා තිබුණා.විපක්ෂ නායක සජිත් වගේම ජවිපෙ නායක අනුර කුමාරත් හම්බ වෙලා තියනවා.හදිස්සියේම ඉන්දීය ආරක්ෂක උපදේශක ආපු එක පිටි පස්සේ දේශපාලන කතාවක් නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලංකාවේ සිද්ධ වෙන සියලුම දේශපාලන චලනයන් ගැන පූර්ණ අවධානයක ඉන්දියාව ඉන්නවා.
ජනාධිපතිවරණ සටනේ අවසාන් අදියරේ සිද්ධ වෙන දේශපාලන චලනයන් ඉන්දියාවට අතිශයින් වැදගත්.ඇත්තටම මෙතනදී ඉන්දියාවටත් දිනවන්න ඕනි අපේක්ෂකයෙක් ඇති.ඉන්දියාව ප්රධාන අපේක්ෂකයෝ තුන් දෙනා ගැන අවධානයෙන් ඉන්නවා විතරක් නෙවෙයි එයාලා එක්ක ගනුදෙනුත් කරනවා.කොහොම උනත් මේ අපේක්ෂකයන් තුන් දෙනාගෙන් ඉන්දියාවත් කැමති කෙනෙක් ඇති.
ඉන්දියාව කියන්නේ චීනය වගේ පත්වෙන ජනාධිපති එක්ක ගනුදෙනුවකට යන රටක් නෙවෙයි.ඉන්දියාවට ඕනි කෙනා ජනාධිපති කරගන්න උත්සාහ කරන රටක්.ඒකෙන් කියන්නේ ඉන්දියාව අකමැති කෙනෙක් පත්වුනොත් එයත් එක්ක ඉන්දියාව ගනුදෙනු කරන්නේ නෑ කියලා නෙවෙයි.ඕනිම රටක් තමන්ගේ අසල්වැසි රාජ්යයන්වල සිද්ධ වෙන දේශපාලන චලනයන් ගැන අවධානයෙන් ඉන්නවා.අපිට උනත් බංගලිදේශයේ සහ මාලදිවයිනේ සිද්ධ වෙන ක්රියාවලිය වැදගත්.
ඉන්දියාව කවදාවත් ජවිපෙ නායක රෝහණ විජේවීර ලංකාවේ ජනාධිපති වෙනවට කැමත්තෙන් හිටියේ නෑ.රෝහණ විජේවීර කියන්නේ ඉන්දියාවට විරුද්ධ කෙනෙක් නොවුනත් ඉන්දියානු ව්යාප්තවාදය ගැන සංවේදීව හිතපු කෙනෙක්.ඉන්දියාව හැරෙනකොට මොන පැලේද කන්න හදන්නේ කියලා විජේවීර කියනවා.
දැන් හැබැයි ඉන්දියාවට එහෙම ප්රශ්නයක් නෑ.දැන් ජවිපෙ නායකයා කියන්නේ පුංචි පූස් පැටියෙක් වගේ ඉන්දියාවට හීලෑවුන චරිතයක්.ඇත්තටම රනිල්වත් එහෙම ඉන්දියාවට කීකරු නෑ. සමහරවිට බැසිල්වත් අනුර තරම් ඉන්දියාවට කීකරු නැතිව ඇති.සජබය සම්බන්ධව ඉන්දියාව ලොකු බර තැබීමක් කරයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.ඉන්දියාව නිශ්චිත වශයෙන් බර තිබ්බොත් තියන්නේ එක්කෝ රනිල්ට නැත්තං අනුරට.
ඉන්දියාව රනිල්ට බර තියනවා නම් ඉන්දියාවේ ප්රෙෂර් එක එන්නේ සජිත්ට.ඒ කියන්නේ සජිත් සහ රනිල්ගේ වෙන්වීම අනුරට වාසි සහගත බව ඉන්දියාව දන්නවා.එහෙම උනොත් අනුර දිනන්නත් ඉඩ තියනවා.ඒක නිසා ඉන්දියාව අනුරට සහ රනිල්ට හොඳ මූණ පෙන්නගෙන ඉන්න ගමන් අනුර ගේන්නත් ප්ලෑන් කරන්න බැරි නෑ.රනිල් සජිත් වෙන්වෙලා තරඟ කිරීමෙන් අනුර දිනනවා කියන එක තලතටත් තේරෙනවා නම් ඉන්දියාවට නොතේරෙන්න විදිහක් නෑ.
ඉන්දියාවේ බලාපොරොත්තුව අනුර නෙවෙයි නං මේ දෙගොල්ලො එකතු කිරීමේ වැඩේ කරන්න ඉන්දියාවට පුළුවන්.ඊයේ දෙමළ සන්ධානයේ සහය සජිත්ට දෙන්න තීරණය කළා කියලා සුමන්තිරන් කිව්වා.එතකොට ගොඩක් අයට හිතෙන්නේ මේ තීරණය පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා කියලා.හැබැයි ඒක බොරුවක්.දැනටමත් දෙමල සන්ධානය කොටස් කීපයකට කැඩිලා ඉවරයි.ඉන්දියාව දෙමල සන්ධානය පිටි පස්සේ ඉන්නවා නං දෙමල සන්ධානය කැඩෙන්න විදිහක් නෑ.
දැන් උතුරේ ජනතාවගේ මතයට TNA එකට කරන්න පුළුවන් බලපෑම වේගයෙන් අඩුවෙමින් තියනවා.සුමන්තිරන්ට කොහොමවත් උතුරේ දෙමල ජනතාවගේ මතයට බලපෑමි කරන්න බෑ.මේ වෙලාවේ උතුරේ ජනමතයට වැඩිම බලපෑම කරන්නේ දෙමල ඩයස්‌පෝරාව.
අනුර දිනයි කියන මතයත් එක්ක සමාජය තුල බිය පැතිරෙමින් තියනවා.විශේෂයෙන් ව්යාපාරික ප්රජාව අතර ලොකු බයක් පැතිරෙනවා.සමහරවිට ඒ බය නිසා අපේ කොටස් වෙළඳපොලේ අඛණ්ඩ කඩාවැටීමක් උනත් වෙන්න පුළුවන්.
ආයෝජකයෝ තමන් සතු වත්කම් විකුණන්න උනත් පෙළඹෙන්න පුළුවන්.ඔයාලට පේනවා ඇති රනිල්ගේ කැම්පේන් එකට සහ සජිත්ගේ කැම්පේන් එකට මේ දවස්වල ලොකු මුදල් හිඟයක් තියනවා.අනුරලාට නං ලොකු කුට්යක් විදෙස් රටකින් හම්බ වෙලා තියන බව ආරංචියි. රනිල්ගේ සහ සජිත්ගේ කැමිපේන් එකට සල්ලි දෙන්න ව්යාපාරිකයෝ අදිමදි කරනවා.සමහරවිට එයාලත් ප්රෙෂර් කරනවා ඇත්තේ දෙගොල්ලො එකඟතාවයකට ආවේ නැත්තං පරදිනවා කියලා.
එහෙම එකගතාවයකට එනවා නං සමහරවිට අන්තිම සති දෙකේදී කැම්පේන් එක වෙනස් වෙයි. ජනාධිපතිවරණයක පොදු ස්වභාවය ගැන රටේ රාළ දිගටම කතා කළා.මේ ජනාධිපතිවරණයෙත් ඒ පොදු ස්වහායෙන් වෙනස් වෙන්න බෑ.ඒක නිසා මෙතනත් වෙන්නේ දෙකොන් සටනක්.දැන් එක පැත්තක අනුර ඉන්නවා.මෙතන වෙන්න පුළුවන් එක්කෝ රනිල්ගේ පාර්ශවය දියවෙලා සජිත්ට එකතු වෙන එක.නැත්තං සජිත් පාර්ශවය දියවෙලා රනිල් ශක්තිමත් වෙන එක.
ඒ දෙකෙන් වෙන්න පුළුවන් මොකද්ද?මේ දෙගොල්ලන්ට අවසානයේ එකඟතාවයකට ආවේ නැත්තං අනුරට වැඩි වාසි ඇති වෙනවා.මේ වේලාවේ සජබය පස්සට යන්න ඕනි.සජිත්ට කීයටවත් රටේ තියන අභියෝගයට මුහුණ දෙන්න බෑ.සජිත් ඒක තේරෙන්නේ නැත්තං සජබ බලවේගයට හරි තිරණයක් ගන්න වෙනවා. දැනටමත් ඒ තීරණය වෙත සජබ බොහෝ දෙනා යොමුවෙලා ඉන්න බව පේනවා.
සජබය විතරක් නෙවෙයි තවත් බලවේග කීපයක් ඒ ගැන සාකච්ඡාවක ඉන්නවා.එකතුවෙලා අභියෝගයට මුහුණ දෙනවාද නැත්තං රට ලේ විලක් කරනවාද කියන තීරණය ගන්න තව දවස් දහ අටකට වැඩිය නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *