|

නන්දලාල් කට වහපන් – රටේ රාළ

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කරන ප්රකාශ රනිල්ගේ උවමනාව වෙනුවෙන් කරන ඒවා කියලා ජවිපෙ චෝදනා කරනවා.ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස කියන්නේ මහ බැංකු අධිපති නන්දලාල් විෂය පරවීණයෙකු විදිහට දේශපාලඥයන්ට අවශ්ය ප්රකාශ නිකුත් කිරීම නතර කරන්න ඕනි කියලයි.
ජවිපෙ වෙන භාෂාවකින් නන්දලාල් කට වහපන් කියලා කියලා.ජාත්යන්තර මුල්ය අරමුදල සහ අපි අතර එකඟතාවයෙන් කරන ප්රතිසංස්කරණ නතර කලොත් රටට බරපතල ප්රතිවිපාකවලට මුහුණ දෙන්න වෙන බව මහ බැංකු අධිපතිවරයා කියනවා.රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වරදකරු කරලා තියන බව කියන නලින්ද ඒක නිසා මහ බැංකු අධිපතිට කට වහගෙන ඉන්න කියලා කියනවා.
ඒක මාර තර්කයක්.කබ්රාල් කරපු වරදට නන්දලාල්ට කටවහගෙන ඉන්න කියන්න ජවිපෙට තියන අයිතිය මොකද්ද?නන්දලාල්ගේ ප්රකාශයට ගැන ජවිපෙ වෙන්ඩ මුදල් ඇමති සුනිල් හදුන්නෙත්තිත් පුවත් පතකට අදහස් දක්වලා තිබුණා.හදුන්නෙත්ති කියන්නේ මැතිවරණයක් ප්රකාශ කරලා තියෙන වෙලාවක මහ බැංකු අධිපතිට එහෙම කතා කියන්න බෑ කියලයි.
නන්දලාල් කියන ඒ කතාව දේශපාලන ප්රකාශයක් කියලයි හදුනෙත්ති කියන්නේ.ඒ වගේ ප්රකාශ කිරීම මැතිවරණ ප්රතිඵලයට බලපෑමක් වෙයි කියලා හදුන්නෙත්තිලට බයත් හිතිලා වගේ.මහ බැංකු අධිපතිවරයා කියන්නෙ අවදානම් සහිත ආර්ථිකයක රට හිර කළ පාලකයන්ට නැවැත රට භාර දෙන්න එපා කියලයි.ඉතින් ඒ තොප්පිය ඇයි ජවිපෙ දාගන්නේ.අර නලින්දත් කියන,රට බංකොලොත් කලා කියලා ශ්රේෂ්ඨාධිකරණයත් කියපු අය ගැන නන්දලාල් කියන කතාවට ජවිපෙට මල පනින්නේ ඇයි?
නන්දලාල්ගේ ඒ ප්රකාශයට හදුනෙත්තිට ඩෝං යන්නේ ඇයි?මහ බැංකු අධිපතිවරයා කියන්නෙ රටේ ආර්ථිකය අවදානම් තත්ත්වයක තියනවා,ඒ අවධනමෙන් රට මුදා ගත හැකි කණ්ඩායමකට රට බාර දෙන්න කියලයි.මහ බැංකු අධිපතිට කට වහපන් කියන හදුනෙත්ත් අනිත් පැත්තට කියන්නේ ජාත්යන්තර මූල්ය අරමුදල නිරන්තරව පෙන්වා දෙන දූෂණය වළක්වා රටේ ආදායම වියදම විනිවිද භාවයෙන් යුතුව ක්රියාත්මක කළ හැක්කේ ජාතික ජන බලවේගයට රට භාරදීමෙන් පමණයි කියලයි.එකම විසදුම මාලිමාව කියලා හදුනෙත්තිලම කියාගන්නවා.හැබැයි අනුරගේ පිටරට සංචාරවල ආදයම් වියදම් වාර්තා රට ඉදිරිපත් කරනවා කියලා තවම ඉදිරිපත් නොකරපු පට්ට විනිවිද භාවයක් ජවිපෙ තියනවා.
රට ආර්ථික අර්බුදය ගොඩගන්න පුළුවන් අනුරට කියලා නන්දලාල් නොකියන තාක් ලෝකයේ මහ බැංකු අධිපතිවරුන්ගේ ශ්රේණිගත කිරීමේදී A ශ්රේණියේ ඉන්න නන්දලාලුත් ජවිපෙට පෙන්නන්න බෑ.නන්දලාල් කතා කරන්නේ අයිඑම්එෆ් එක සහ අපි අතර තියන ගිවිසුම සහ ඊට එකඟව සිද්ධ වෙන්න ඕනි ප්රතිසංස්කරණ ගැනයි.මොකද මොන මැතිවරණය තිබුණත් IMF ක්රියාවලිය ඉස්සරහට ගෙනියන්න අපි රටක් විදිහට බැදිලා ඉන්නවා.
IMF වැඩපිලිවෙල ක්රියාත්මක නොකර ඒකට සංශෝධන ඉදිරිපත් කරන්න ගියොත් අපිටත් වෙන්නේ ග්රීසියට උන දේම තමයි.ජාත්යන්තර මූල්ය අරමුදල අපිත් එක්ක තියන එකඟතාවයෙන් ඉවත්වුනොත් අපිටත් ඒ ටිකම වෙනවා.ඒක ගැන මේ වෙනකොට බොහෝ දෙනෙක් අනතුරු අඟවලා තියනවා.ඒ බව IMF එක,අපේ ණය හිමියන් සහ ජාත්යන්තර ආර්ථික විශේෂඥයෝ පෙන්නලා දීලා තියනවා.
පහුගිය දවසක ” bloomberg Intelligence ” විශ්ලේෂකයන් පවා ඒ ගැන කතා කළා.” ශ්රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්රියාවලිය ඉදිරි මැතිවරණයත් එක්ක යම් අවදානමකට පැමිණ ඇති බවත් යම් හෙයකින් පත්වන රජය ජාත්යන්තර මූල්ය අරමුදලේ එකඟතා සහිත වැඩපිළිවෙළ නතර කළහොත් රට යථා තත්ත්වයට පත්වීම තර්ජනයට ලක්විය හැකි ” බව බ්ලූම්බර්ග් ඉන්ටෙලිජන්ස් විශ්ලේෂණ ආයතනය කියනවා.
bloomberg කියන්නේ සමහර ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන් බලයට ආවහම IMF ගිවිසුම් සහ එකඟතා වෙනස් කරන බව ප්රකාශ කරනවා කියලයි.එහෙම කලොත් දැනට පවතින වැඩපිළිවෙළ අකර්මණ්ය වෙන බවත් ඒ නිසා ශ්රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දැනට ඇති කරගෙන තිබෙන එකඟතාවලට අනුකූල ආර්ථික ප්රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට යා යුතුයි.ඒ අනුව ශ්රී ලංකාව විදේශ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගෙන තියන එකඟතා අනුව කටයුතු සම්පූර්ණ කිරීම අත්යවශ්ය බවත් bloomberg කියනවා.
2023 ජුනි මාසයේ ඉඳන් ණය පොලී අනුපාතිකයන් අඩුවෙලා.ඒක රටේ ණය ඉල්ලුමේ වර්ධනයට යහපත් විදිහට බලපා තියනවා.සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක් මේ වන විට අත්පත් කරගෙන තියනවා.මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි ණය වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය IMF එක්ක කරන්න ඕනි.
නව ජනාධිපතිවරයෙක් යටතේයි IMF එක්ක ඒ සමාලෝචනය සිද්ධ වෙන්නේ.අනුර දිනලා මාලිමාවේ බංකොලොත් ප්රතිපත්ති ප්රකාශණයත් අරගෙන මුදල් ඇමති හදුන්නෙත්ති අයිඑම්එෆ් ගියොත් අපිට අබ සරණම තමයි.අනුර දිසානායක පහුගිය දවසක ප්රංශ පුවත් සේවයත් එක්ක කරපු සාකච්ඡාවකදී කිව්වේ IMF වැඩපිලිවෙල ඒ විදිහට ක්රියාත්මක කරනවා කියලා.
එහෙම කියලා ජාත්යන්තර මාධ්ය හරහා IMF එක ඉස්සරහා දෙකට තුනට නැමෙන අනුරලා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට කට වහපන් කියලා තර්ජනය කරනවා.මේ භාවිතයෙන් කොන්දක් නැත්තේ ජේප්පන්ටද නන්දලාල්ටද කියලා හොඳට තේරෙනවා.නන්දලාල් කියන්නේ රට ගොඩනගන්න පුළුවන් කෙනකුට රට බාරදෙන්න කියලා.ජෙප්පෝ ඒක කරන්න පුළුවන් රනිල්ට කියලා පිලිඅරගෙන රනිල්,නන්දලාල්ට විතරක් නෙවෙයි රටට සහ ජනතාවටත් වෛර කරනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *