|

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ

බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක් වැඩ කළා. 2006 වගේ කාලයක මම හම්බන්තොට වැඩ කළා. මම වැඩ බාරගත් පසුව මට පැවරුණු ප්‍රධාන රාජකාරියක් වුනේ නොලැබී ගිය විදුලිය බිල් අය කරගැනීමයි. ඒ ලැයිස්තුවේ එකම නමකට බිල් ගණනාවක් තිබුණා. ප්‍රමාණය ලක්ෂ හතරක්. අම්බලන්තොට මුදලාලි කෙනෙක්. ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඔහු හම්බන්තොට ට්‍රැක්ටර්, ජිනසේන පොම්බ, ලුමාලා බයිසිකල් ඒජන්සි පවත්වාගෙන ගියා. මම බිල් ගැන කතා කරන්න එතනට යනකොට, නීතිඥයෙක්, ලිපිකරුවෙක් වගේ කණ්ඩායමක් එක්ක ඔහු ලොකු සාකච්ඡාවක. මම යනකොටම කිව්වා “මම විදුලිබල මණ්ඩලයෙන් කියමින් මම ඇතුළට ගියා.” එකකොට ඔහු  “ආ මහත්තයෝ ඔයා විතරයි අඩුවෙලා හිටියේ එන්න එන්න” කියලා කිව්වා.  ඊට පස්සේ ඔහු “මගේ වතුර කපලා, ටෙලිෆෝන් කපලා, දැන් ලයිට් විතරයි කපන්න තියෙන්නේ දැන් ඒකත් කපන්න” නැවතත් කිව්වා.

එතන තත්ත්වය ටිකක් කණගාටුදායක නිසා මම ටිකක් බැලුවා. ඊට පස්සේ ඔහුගේ ලිපිකරු මා ළගට ඇවිත් කිව්වා මුදලාලි බංකොලොත්භාවය ප්‍රකාශ කරලා කිව්වා තියෙන්නේ. මං එදා තමයි බංකොලොත් ප්‍රකාශ කළා කියන වචනය මම ඇහැව්වා. මුදලාලි බැංකු වාරික ගෙවන්න, ලීසිං ගෙවන්න, ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ගත්තු ණය ගෙවන්න බැරිව හිර වෙලා තියෙනවා. මොනවා හරි හේතුවක් නිසා මෙම ගෙවීම් ගෙවා ගන්න ඔහුට බැරි වෙලා. ඔහු වැනි විශාල ව්‍යාපාරිකයෙකුට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? එක්කෝ සූදුව, මත්පැන් ඇබ්බැහිවීම් වැනි කුමන හෝ විනාසයක් ඔහු කරගෙන. අපිට තියෙනවා ප්‍රාථමික ගිණුමක් තියෙනවා. ප්‍රාථමික ගිණුම කියන්නේ අපගේ අත්‍යවශ්‍ය වියදම් සහිත ගිණුම. අපේ ගෙවල්වලත් ඔය නමින් නොකිව්වට තියෙනවා එවැනි තත්ත්වයක්. අපි සිල්ලර කඩේ ගාන ගෙවන්න ඕන, ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන, සීට්ටු දාලා තියෙනවා නං ඒක ගෙවන්නත් ඕන. අවම මුදල් ප්‍රමාණය තමයි ප්‍රාථමික ගිණුම කියන්නේ. ඒක ගෙවාගන්න බැරිනං ගැටළුවක් එනවනේ. රටකට වෙන්නෙත් ඔහොම තමයි. අර මුදලාලිටත් ඒක තමයි වෙලා තියෙන්නේ. අමාරුවක වැටුනම ව්‍යාපාරිකයෙක්ට පුළුවන් බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න. ඔහුට නඩු සීයක් විතර වැටෙන්න නියමිතයි. ඒ නිසා ඔහු නීතිඥයෙක් මාර්ගයෙන් උසාවියට ගොස් තමන්ගේ බංකොලොත්භාවය ප්‍රකාශ කරනවා. ඒ නඩු අංකයට අනෙක් සියළුම ණය හිමියන්ට බැඳීමට හැකියාව තියෙනවා. අර ලිපිකරු අපිට කිව්වා මුදලාලිට විරුද්ධව නඩුවක් තියෙනවා මහාධිකරණයේ විදුලිබල මණ්ඩලයත් ඒ නඩුවට බැ‍දෙන්න කියලා.

ලංකාවට වුනෙත් ඕකමයි. 2022 අප්‍රේල් වෙනකොට ගෙවාගන්න තිබුණු ණය වාරිකයට ගෙවාගැනීමට නොහැකි වුනා. ගොල්ෆේස් අරගලය ඇවිල්ලා රට අස්ථාවර වුනා. ඒ වෙලාවේ මුදල් ඇමතිකම භාරගන්න කිසිකෙනෙක් හිටියේ නෑ. ඒ වෙලාවේ අලිසබ්බ්‍රි විතරයි ඉදිරිපත් වුනේ මුදල් ඇමතිකම බාරගන්න.පාර්ලිමේන්තුවේ දී මුදල් ඇමති අලි සබ්බ්‍රිගෙන් අහනවා භාණ්ඩාගාරයේ මුදල් කොච්චර තියෙනවද කියලා. එතකොට ඔහු කිව්වා අහන්න එපා බය හිතෙයි. ලංකාවේ භාණ්ඩාගාරයේ තියෙන මුදල් වලට වඩා එයාගේ පෞද්ගලික ගිණුමේ මුදල් තියෙනවා කියලා ඔහු කිව්වා.

ලංකාවට නඩු වැටෙන්න පටන්ගත්තා. මුලින්ම නඩුවක් දැම්මේ ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුව. ලංකාවේ මේ ප්‍රශ්න නිසා එම බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට හිරේ යන තත්ත්වයක් උදාවෙලා තිබුණා. ඒ ඔවුන්ගේ මුදල් ලංකාවේ ආයෝජනය කළ නිසා. ඒ මුදල් අධ්‍යක්ෂක මණ්ඩලයේ මුදල් නොවෙයි. ඒම මුදල් ඇමෙරිකාවේ විශ්‍රාමිකයන්ගේ මුදල්. සමාජ රක්ෂණ අරමුදල්. ඒ වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මේ තත්ත්වයට මැදිහත් වුණේ අග්‍රාමාත්‍යවරයා විදියට. මුලින්ම කළේ නඩු වැටීම නතර කළා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන තිබූ විශ්වාසය නිසා. අම්බලන්තොට මුදලාලි කළ දේ වගේම බංකොලොත්භාවය උසාවිය ඉදිරිපත් කළාම අදාල ණය හිමියන් ඔවුන්ගේ ණය ඉල්ලා සිටිනවා. මුදලාලිට කියන්න පුළුවන් මම දෙන්නං ඒත් එක පාර බෑ මට සහනයක් දෙන්න කියලා. එහෙම නැත්නං එයාට බෙල්ලේ වැළ දාගන්න, කෝච්චියට පනින්න පුළුවන්. එහෙම නැත්තං එයාට හිරේ යන්න පුළුවන්. පුද්ගලික කෙනෙක් බංකොලොත් වුනොත් එහෙම කරන්න පුළුවන්.

ඒත් රටක් බංකොලාත් වුනාම එහෙම කරන්න බෑ. කයිවාරුකරයොන්ට, බයිලා කාරයොන්ට මේවා තේරෙන්නේ නෑ. රටට එක නඩුවක් වැටුණා. ඒ නඩුවේ මූලාසනය දරන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල. ලංකාවේ ණය හිමියන් ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලට තමන්ගේ ණය සම්බන්ධයෙන් තත්ත්වය පැහැදිලි කළා. කිසිවෙක් තමන්ගේ ණය අතැහැරීමට සූදානම් නැත. ලංකාවට ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් අවශ්‍ය විය. ප්‍රංශයේ ලසාඩ් සමාගම හා ජර්මනියේ ක්ල්ෆර්ඩ් නීති සමාගම් ලංකාව වෙනුවෙන් ඉදිරිපත් විය. ඔවුන් එවැනි ප්‍රශ්න විසඳීමට සමත් පිරිසක්. ලංකාවට සහන ඉල්ලුවා. පොලිය අඩුකරන්න,ණය ගෙවීමේ කාලය වැඩි කරන්න වැනි තවත් ඉල්ලීම් රාශියක් ඉල්ලා සිටියා. ගම්වල ණයට පොලිය කැපීමට ඉල්ලුවත් ඔවුන් කවදාවත් එවැනි අවස්ථාවක් ලබා දෙන්නේ නැත. නමුත් මෙම සාකච්ඡාවන් වලදී ලංකාවට යම් යම් සහන ලබාදීමට එකඟතාවයන් ඇති විය. විවිධ රටවලින් කණ්ඩායම් වලින් විවිධ සහන ලැබිණි. 2028 දී ණය ගෙවීමට කාලයක් ලබා දුනි. නමුත් චීනය මුදල් හෝ කාලය ගැන එකගතාවයක් ඇති නොවුවද අවසානයේ දී වසර දෙකක කාලයක් නිහඩව සිටීමට එකග විය. ඩොලර් බිලියන 1.6 චීනය විසින් රටේ සංචිත වැඩි කරගැනීමට ලබා දෙන ලදි. දැන් ඩොලර් බිලියන හයක සංචිත මහා භාන්ඩාගාරය තුළ තිබෙනවා. හෝදා පාළුවෙලා ගිය මහ බැංකුවේ දැන් සල්ලි ටිකක් තියෙනවා. සමහර රටවල් අපිට ලොකු සහන දුන්නා. ඒත් අපි ඉදිරි කාලයේ දී ඉදිරියට ආවොත් ඒ ලබා දුන්නු සහන අඩු කරනවා.

මේ කේවල් කිරීම ඉතාමත් සංකීර්ණයි. මේ සියල්ල කළ හැකි වූයේ IMF මුල් පුටුවට ආපු නිසයි. ඒ වගේම IMF වාරික වශයෙන් ලංකාවට ආධාර ලබා දෙනවා. ඒ වගේම යම් විනයක් ඇතිව, යම් කොන්දේසි වලට යටත්ව තමයි ඔවුන් ඒ ආධාර ලබා දෙන්නේ.

අජිත් මුණසිංහ – සිවිල් සංවිධාන ක්‍රියාකාරික

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *