|

අවසන් සටනට රනිල් සහ අනුර – රටේ රාළ

ජවිපෙ ඉතා සියුම් විදිහට පතුරවන මේ වෛරය සහ භීතිය නිසා ඡන්ද ව්‍යාපාරය සමබර එකක් වෙන්නේ නෑ.

රටේ රාළ කිව්ව ජනාධිපතිවරණ කැම්පේන් එකේ දෙවෙනි අදියරත් අවසන් වෙමින් තියනවා.ඒ නාමයෝජනා බාරදීමෙන් පස්සේ අගෝස්තු 31 දක්වා කාලයයි.මේ කාල පරිච්ඡේදය ඇතුලේ ප්රධාන අපේක්ෂකයන් තුන් දෙනා අතර තියුණු තුන් කොන් සටනක් ඇවිලිලා ගියා.රනිල්,සජිත්, අනුර අතර ඇති උන තුන් කොන් සටනේ ප්රතිපලත් අරගෙන තමයි අපිට ජනාධිපතිවරණයේ අවසන් අදියරට යන්න වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා සිට සැප්තැම්බර් 21 දක්වා කාලය.මේ අදියරට එනකොට ගොඩක් අය බලන්නේ ජයග්රාහකයා කවුද කියලයි.හැබැයි තවමත් ඒක කියන්න බෑ. ගිය අදියරේ සාර්ථකම කැම්පේන් එක කරපු මාලිමාවේ පවා පහුගිය දවස්වල ලොකු ඇද වැටීමක ඉන්නවා.ඒකට හොඳම උදාහරණය තමයි ඊයේ (30) කොට්ටාවේ තිබුණ ජවිපෙ රැලිය. අනුර කතා කරනකොටත් හිටියේ දාහකට අඩු සෙනගක්.සජිත්ගෙත් ආසන රැස්වීම් සියල්ලම වගේ අසාර්ථකයි.රනිල්ගේ උඩ කැමිපේන් එක හොඳට ගියත් ground එකේ ලොකු හිස්තැනක් තියනවා.
හැබැයි මෙතනදී එක දෙයක් පැහැදිලියි.රටේ රාළ කිව්වා වගේම අනුර දිසානායක දැන් එක පැත්තක ප්රධාන අපේක්ෂකයෙක් වෙලා ඉවරයි.දැන් තියෙන්නේ තවදුරටත් මේ සටන තුන් කොන් සටනක් විදිහට ඉදිරියට යනවද නැත්තං රනිල් සහ සජිත් අතරින් එක අපේක්ෂකයෙක් අනුර සමඟ සටනට එන ප්රධාන අපේක්ෂකයා වෙනවද කියන එක තීරණය වෙන්නයි.රනිල් සහ සජිත් කඳවුරු දෙකක් විදිහට බෙදීමේ වාසිය අනුරට තියනවා.
නාමල් සජිත් වෙනුවෙන් කරන කොන්ත්රාත්තුවේ අනියම් වාසියත් අනුරට ඇවිත්.අනුර ජනාධිපතිවරණය දිනනවා කියන අදහසක රටේ රාළ නං කොහොමවත්ම නෑ.හැබැයි රනිල් සජිත් බෙදීමේ වාසිය අනුරලා ඉතා සියුම් විදිහට ජයග්රහණයට යන්න පාවිච්චි කරගන්න හදනවා. මේ වෙලාවේ අනුරලගේ ප්රධාන අවිය වෙලා තියෙන්නේ සමාජය ඇතුලේ වෛරය සහ බිය පැතිරවීමයි.එයාලා මේ අත්පත් කරගෙන තියන පෙනුමෙන් එයාලා සමාජය භීතියට පත්කරලා ගමේ රනිල්ගේ සහ සජබ කැම්පේන් එක යට කරන්න හදනවා.
උදාහරණයක් විදිහට අනුරගේ ගම උන තඹුත්තේගමදී සජබෙ රැලියකට බස්වලින් යමින් හිටපු පිරිසකට බස් නවත්තලා තණකොල දෙන්න හදන හැටි ඔයාලත් දකින්න ඇති. සජිත්ගේ දේශපාලන මතයට අපිත් එකඟ නෑ. ඒත් සජිත් ඒ දේශපාලන මතය දරන්න අයිතියක් තියනවා වගේම ඒ මතය ප්රකාශ කරන්නත් එයාට අයිතියක් තියනවා.
ඒ මතයත් එක්ක එකඟ අයට සජිත් වටේට එකතු වෙන්නත් අයිතියක් තියනවා.තමන් නියෝජනය කරන දේශපාලන මතය වෙනුවෙන් රැස්වීම් තියන්න ඒවාට සහභාගී වෙන්න අයිතිය ඒ මිනිස්සුන්ට තියෙන්න ඕනි.ජෙප්පන්ට ඒ අයිතිය නැති කරන්න සහ ඒ අයිතියට ගරහන්න අයිතියක් නෑ.ඒ අය එන බස් නවත්තලා තණකොල දෙනවා කියන්නේ දැවැන්ත අනතුරු ඇඟවීමක්.ඉස්සර අපි අහලා තියනවා ඡන්දෙ පැරදුනාම විරුද්ධ පාක්ෂිකයන්ට තණකොල සහ පුන්නක්කු කැව්වා කියලා.ගොම පවා කවපු ඉතිහාසයක් ගැන අපි අහලා තියනවා.
ඔහොම පටන් අරන් තමයි මිනී මරන තැනට යන්නේ.ඒකයි රටේ රාළ කියන්නේ අනුර දිනුවොත් 22 රෑ දැවැන්ත ලේ වැගිරීමක් වෙනවා කියලා. බලයක් නැතිව තියනකොටත් මෙහෙම නං බලය අතට ආවොත් කොහොම වෙයිද?ඔය අනතුරු අඟවන්නේ පරිස්සම් වෙලා හිටපල්ලා කියලයි. තවමත් දැඩි උන්නතිකාමයෙන් අන්ධවෙලා ඉන්න සඡිත්ට මේ අනතුර පේන්නේ නෑ.ඒකයි රටේ රාළ කියන්නේ සජිත් දිනුවොත් ඊළඟට දවසේ ඉඳන් අපි සාගතයකට ලෑස්ති වෙන්න ඕනි.අනුර දිනුවොත් අනිවාර්යයෙන්ම 22 දා මේ රටේ ලේ වැගිරීමක් වෙනවා.රට පස්සෙත් සාගතය තමයි.
රනිල් දිනුවොත් විතරක් මේ රට තවදුරටත් සාමකාමීව ඉදිරියට යයි.ජවිපෙ නායකයන්ගේ කතාවලින් ඒ බිය රට පුරා පැතිරිලා ඉවරයි.ලාල් කාන්ත කියන්නේ ගමේ නීතිය ක්රියාත්මක කරන බලය සහ යුක්තිය පසිඳලීමේ බලය එයාලගේ සාමාජිකයන්ට දෙනවා කියලා.අනුර කියන්නේ එයා ජනාධිපති උනාට පස්සේ ගමේ සාමය ආරක්ෂා කරන වැඩේ ජවිපෙ කොට්ඨාශ සභාවට දෙනවා කියලා.
ගමේ කොට්ඨාශ සභාවට අණ දෙන්නේ ටිල්වින්.එතන තියෙන්නේ ලේත් එක්ක කරන ගනුදෙනුවක්.ඒ වගේම ජවිපෙ එලියට නොපෙන්නපු සැඟවුණ නායකයෝ තව ගොඩක් ඉන්නවා.පහුගිය දවසක කළුතර දිස්ත්රික්කයේ රනිල්ට උදව් කිරීම වෙනුවෙන් පවත්වපු රාජිත, රෝහිත ඇතුළු පිරිසක් සහභාගී වෙන සාකච්ඡාවක පෝටෝ එකක් දාලා නලින්ද ජයතිස්ස කියලා තිබුණේ එකතුවෙලා වරෙව්!හැප්පිලා බලමු ! කියලා.
මේ දවස්වල වෛරල් වෙන ටිල්වින්ගේ විඩියෝ එකකින් කියන්නේ ජවිපෙ කිසිදු ද්රෝහියෙකුට සමාවක් දෙන්නේ නෑ කියලා.රටේ රාළ ලිපියවලට ජවිපෙ අය දාන කමෙන්ට් ගණනාවකම තිබුණේ 22 හම්බවෙමු කියලයි.මේ සියලු කාරණාවලින් ජවිපෙ ඉතා සියුම් විදිහට සමාජයට වෛර සහ බය මුදාහරිනවා.මේකෙන් එයාලට අමතර වාසියක් තියනවා.ගමේ ඉන්න එජාප පාක්ෂිකයා, සජබ පාක්ෂිකයා,පොහොට්ටුවේ පාක්ෂිකයා මාලිමාව දිනයි කියන බයෙන් පස්සට යනවා.
මාලිමාව මේ ජනාධිපතිවරණයේදී නීත්යානුකූල සහ නීති විරෝධී ක්රම සියල්ල පාව්චිචි කරනවා. මැතිවරණ කොමිෂමේ නිර්දේශ අනුව කැන්වෂින් කණ්ඩායමක ඉන්න පුළුවන් පස් දෙනයි.හැබැයි ජවිපෙ විශාල කණ්ඩායම් නගරවලට බස්සවලා නීති විරෝධී විදිහට පෙනුම හදන්න හදනවා. ඒකෙන් එක දෙයක් පැහැදිලියි ජවිපෙ නීතිය ආරක්ෂා කරන්නේ එයාලට බැරි තැනදී විතරයි. එයාලට පුළුවන් හැම තැනදීම එයාලා නීතිය අභිබවලා යනවා.
එතනදී වලංගු වෙන්නේ කැලෑ නීතිය.ජවිපෙ ඉතා සියුම් විදිහට පතුරවන මේ වෛරය සහ භීතිය නිසා ඡන්ද ව්යාපාරය සමබර එකක් වෙන්නේ නෑ. ඇත්තටම ජවිපෙට ආශිර්වාදයක් වෙලා තියෙන්නේ ප්රධාන කඳවුරේ දෙකට බෙදීම.ඡන්ද සටනේ අවසන් අදියරේ උනත් සජිත්ට සහ රනිල්ට තවමත් හිතන්න දෙයක් ඉතිරි වෙලා තියනවා.මේ බලපෑම ඉතා තදින් සජබ කඳවුර ඇතුලට බලපාලා තියනවා.
විශේෂයෙන් සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරල මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වෙමින් කරපු කතාව සජබ සාමාජිකයාට යම් මට්ටමකින් ඇස් අරවන්න සමත් වෙලා තියනවා. ඒ සම්බන්ධව සජිත් ඇතුළු සජබ නායකයන් තේරුම් නොගත්තත් සජබ පාක්ෂිකයා යම් මට්ටමකින් රනිල් වෙත නැඹුරුවක් පෙන්වනවා. මේ තත්වය මැතිවරණයේ අවසන් අදියරේදී තියුණු ලෙස උත්සන්න වෙන්න පුළුවන්.දැනට පේන විදිහට අවසන් සටන තියෙන්නේ රනිල් සහ අනුර අතර.සජිත්ට බලය මේ අදියර ඇතුලේ රැකගන්න එක ලේසි නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
May be an image of 4 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *