ස්වේච්ඡා නියැදි මත විමසුම් හා විධිමත් සමීක්ෂණ – ඉකොනොමැට්ටා

මේ සටහනේ අරමුණ මැතිවරණ ප්රතිඵල පිළිබඳ පුරෝකථනයක් කරන එක නෙමෙයි. නිසි ක්රමයකට සිදු කරන නියැදි සමීක්ෂණ සහ හෙළකුරු මත විමසුම වැනි ස්වේච්ඡා ප්රතිචාර දක්වන්නගේ ප්රතිචාර එකතු අතර වෙනස තව දුරටත් පැහැදිලි කරන එක.
පහත තිබෙන්නේ අගෝස්තු තෙවන සතියේ හෙළකුරු ප්රතිඵලය. ප්රතිචාර ප්රමාණය 24,056ක්.
අනුර – 86.7%
රනිල් – 6.8%
සජිත් – 3.5%
නාමල් – 1.0%
දිලිත් – 0.7%
වෙනත් – 1.3%
මේ ප්රතිඵලයෙන් රටේ ජනමතය නිරූපණය නොවන බව සිහි බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. නමුත්, අන්තර්ජාලය හරහා විවිධ අය විසින් සිදු කර තිබෙන ප්රතිචාර එකතු ගණනාවක විශාල සමානකමක් දකින්න පුළුවන්. එතකොට කෙනෙකුට මතු වන ප්රශ්නය මේ එකක් වැරදුනත් සියල්ලම වැරදෙන්න පුළුවන්ද කියන එක.
ඇත්තටම මේ ප්රතිඵල වැරදි නැහැ. මේ ප්රතිඵල වලින් පෙන්වන්නේ අදාළ නියැදි වල සැබෑ ජනමතය. ප්රශ්නය තියෙන්නේ මේ නියැදි වලින් රටේ ජනමතය නියෝජනය නොවීම. ඒ තුළ සමහර කොටස් වැඩියෙනුත් තවත් සමහර කොටස් අඩුවෙනුත් නියෝජනය වෙනවා. ඇතැම් කොටස් නියෝජනය වෙන්නේම නැහැ. ඒ නිසා, මෙවැනි ප්රතිඵලයක් වැරදි නැතත්, එයින් පිළිබිඹු වන්නේ අදාළ කණ්ඩායමේ මතය පමණයි. අන්තර්ජාල මත විමසුම් ගණනාවක ප්රතිඵල සමාන වීමෙන් පෙනෙන්නේ මේ ප්රතිඵලය අන්තර්ජාලය නිතර පරිශීලනය කරන පිරිසකගේ සාමාන්ය ජනමතය විය හැකි බවයි.
හෙළකුරු ජූලි මත විමසුමට 50,686 දෙනෙකු සහභාගී වී සිටියා. පහත තිබෙන්නේ ඒ පිරිස විසින් එක් එක් දිස්ත්රික්කයේ ඡන්දදායකයින් ප්රමාණයෙන් කොපමණ පිරිසක් නියෝජනය කළාද කියන එක.
කොළඹ – 0.47%
ගම්පහ – 0.43%
කළුතර – 0.44%
මහනුවර – 0.29%
මාතලේ – 0.25%
නුවරඑළිය – 0.12%
ගාල්ල – 0.39%
මාතර – 0.40%
හම්බන්තොට – 0.32%
යාපනය – 0.01%
වන්නි – 0.02%
මඩකලපුව – 0.00%
දිගාමඩුල්ල – 0.11%
ත්රිකුණාමලය – 0.07%
කුරුණෑගල – 0.31%
පුත්තලම – 0.21%
අනුරාධපුර – 0.27%
පොළොන්නරුව – 0.26%
බදුල්ල – 0.21%
මොණරාගල – 0.24%
රත්නපුර – 0.29%
කෑගල්ල – 0.29%
දැන් අපට පැහැදිලිව පේනවා මේ කණ්ඩායම තුළ කොළඹ, කළුතර වැනි දිස්ත්රික්ක වැඩියෙනුත් යාපනය හා මඩකලපුව වැනි දිස්ත්රික්ක ඉතා අඩුවෙනුත් නියෝජනය වන බව. කොළඹ හා යාපනයේ ජනමතය ඒ තරම් වෙනස් නැත්නම් මේක ලොකු ප්රශ්නයක් නෙමෙයි. නමුත් එය එසේ නොවන බව අපි දන්නවා.
පහත ප්රස්ථාර වල පෙන්වා තිබෙන්නේ 2019දී ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්රේමදාස විසින් එක් එක් දිස්ත්රික්කයෙන් ලබා ගත් ඡන්ද සංඛ්යාවත්, 2020දී මාලිමා කණ්ඩායම විසින් ලබාගත් ඡන්ද ප්රතිශතයත්, හෙළකුරු මත විමසුම තුළ එක් එක් දිස්ත්රික්කය නියෝජනය වන ආකාරයත් අතර තිබෙන සම්බන්ධයේ ස්වරූපය.
සමීක්ෂණයක් සඳහා අහඹු නියැදියක් තොරා ගත්තේනම් ඉහත ප්රස්ථාර තුනම තිරස් රේඛා විය යුතුයි. ඒ කියන්නේ පක්ෂයේ ඡන්ද ප්රතිශතය කීයක් වුනත් නියැදිය තුළ නිරූපණය වෙන්නේ එක විදිහට.
නමුත් පළමු ප්රස්ථාර දෙකේම අපට ඉතා පැහැදිලි ලෙස ඉහළට නැඹුරු වීමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් දිස්ත්රික්කයක ගෝඨාභය රාජපක්ෂගේ 2019 ඡන්ද ප්රතිශතය වැඩිනම්, නියැදිය තුළ නියෝජනයත් වැඩියි. ඒ වගේම, 2020 මාලිමා ඡන්ද ප්රතිශතය වැඩිනම් ඒත් නියැදිය තුළ නියෝජනය වැඩියි.
නමුත් 2019 සජිත් ප්රේමදාසගේ ඡන්ද ප්රතිශතය සහ නියැදිය තුළ නියෝජනය අතර තිබෙන්නේ ප්රතිවිරුද්ධ ආකාරයේ සමබන්ධතාවයක්. එම ප්රස්ථාරයේ ඉතා පැහැදිලි පහළට සිදු වන නැඹුරුවක් දකින්න පුළුවන්. මෙයින් පෙනෙන්නේ අන්තර්ජාල සමීක්ෂණ තුළ 2019දී සජිත් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අය නිරූපනය වෙන්නේ අඩුවෙන් කියන එක. නමුත්, 2019 පොහොට්ටු හා මාලිමා ඡන්ද හොඳින් නිරූපණය වෙනවා.
දැන් මාලිමාව එක්ක වැඩිපුර ඉන්නේ 2019 පොහොට්ටු හා මාලිමා කඳවුරු වල සිටි අය කියා පහසුවෙන්ම උපකල්පනය කරන්න පුළුවන්නේ. ඒ අයව අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර හොඳින් නියෝජනය වෙනවා. නමුත් සජිත්ගේ 2019 ඡන්ද නියෝජනය නොවන තරම්. රනිල්ගේ ඡන්ද වලිනුත් සැලකිය යුතු ප්රමාණයක් නියෝජනය වෙනවා. ඒ නිසා, මේ ප්රතිඵලය දෙස බලලා රටේ තත්ත්වය ගැන නිවැරදි අදහසක් ගන්න අමාරුයි.
මේ වගේ “වැරදි නියෝජනයක්” සිදු වන්නේ දිස්ත්රික්ක අනුව බැලුවොත් පමණක් නෙමෙයි. වයස් කාණ්ඩ, අධ්යාපන මට්ටම්, ආදායම් මට්ටම්, ස්ත්රී පුරුෂ භාවය ආදී වෙනත් තොරතුරු එකතු කරගෙන පරීක්ෂා කළොත්, ඒ දේවල් වුනත් ජනගහණයේ අනුපාත අනුව නියැදිය තුළ නියෝජනය නොවන බව තේරුම් ගන්න අමාරු නැහැ.
නම්බර්ස් ඩොට් එල්කේ මත විමසුමේදී ඔය වගේ තොරතුරු රාශියක් එකතු කරගෙන එම තොරතුරු සමඟ ගලපමින් රටේ අනුපාත හා සමාන වන පරිදි දත්ත නැවත සකස් කර තිබෙනවා. එහෙම කළ විට හරි ප්රතිඵලය ආසන්නයට එන්න පුළුවන්. නමුත් වැරැද්ද සම්පූර්ණයෙන්ම හදන්න බැහැ.
මීට කිට්ටු දෙයක් සයන්ස් විත් රුචිර යූටියුබ් නාලිකාව කරන රුචිර විසින්ද කර තිබෙනවා. ඔහු අදාළ සංකල්පය නිවැරදිව විස්තර කරනවා. මෙහිදී ඔහු තමන්ගේ නාලිකාවේ ප්රේක්ෂකයින්ගේ වයස් මට්ටම හා අධ්යාපන මට්ටම ගැන උපකල්පනයක් කරලා, පෙනෙන ජනමතය එම කාණ්ඩයේ ජනමතය ලෙස සලකනවා. ඉතිරි කොටස ගැන විවිධ උපකල්පන සිදු කරනවා. ඔහු එකතු කරගෙන තිබෙන දත්ත එක්ක එයින් එහාට දෙයක් කරන්න අමාරුයි.
නම්බර්ස් ඩොට් එල්කේ මත විමසුමෙන් පසුව කරන්නෙත් ඔය විස්තර කළ වැඩේමයි. නමුත් එහි වෙනස්කම් දෙකක් තිබෙනවා. පළමුව, එය භාෂා තුනෙන්ම කළ එකක් නිසා සිංහල කතා නොකරන අයගේ ජනමතය ගැනද උපකල්පනය නොකර දත්ත වලින්ම දැනගන්න පුළුවන් වීම. දෙවනුව, එම මත විමසුමේදී අමතර තොරතුරු විශාල ප්රමාණයක් එකතු කරගෙන තිබෙනවා. ඒ නිසා, ප්රතිඵලය සෑහෙන දුරකට ජනගහණය නියෝජනය කරනවා.
🧭 අනුර – 43%
🐘 රනිල් – 27%
☎️ සජිත් – 22%
🌷 නාමල් – 3%
❔ අතීරක – 2%
නමුත් මේ නම්බර්ස් ඩොට් එල්කේ ප්රතිඵලයේ වුනත් එක් සැලකිය යුතු අඩුපාඩුවක් තිබෙනවා. කොයි තරම් දුරට වැරදි හැදුවත්, එයින් අන්තර්ජාලනය පරිශීලනය කරන හා නොකරන කණ්ඩායම් අතර තිබෙන පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකි වෙනස්කම් ග්රහණය කරගන්න අමාරුයි. ඒ වැඩේ කරන්න පුළුවන් අහඹු නියැදියක් අරගෙන කරන මත විමසුමකින්ම පමණයි.
ඉහත මුලින් විස්තර කළ හේතු නිසා නම්බර්ස් ඩොට් එල්කේ ප්රතිඵලය තුළ අනුරගේ හා රනිල්ගේ ප්රතිශත තරමක් වැඩියෙන් හා සජිත්ගේ ප්රතිශතය තරමක් අඩුවෙන් පේනවා වෙන්න පුළුවන්. මේ දත්ත වලින් පමණක් ඒ කොයි තරමින්ද කියලා හරියටම කියන්න අමාරුයි.
සෞඛ්ය ප්රතිපත්ති ආයතනයේ සමීක්ෂණය ගැන අපි සටහන් කිහිපයකින්ම විස්තරාත්මකව කතා කළානේ. එහි නියැදි දෙකක් එකතු කරලා තිබෙනවා. එකක් අහඹු ජංගම දුරකථන අංක නියැදියක්. එයින් ලංකාවේ ජංගම දුරකථන පරිශීලකයින් නිවැරදිව නියෝජනය වෙනවා. ඡන්දදායකයින්ව ආසන්නව නිවැරදිව නියෝජනය වෙනවා ඇති. නමුත් හරියටම නෙමෙයි. මොකද ඡන්දය දීම සඳහා සුදුස්සෙකු වෙන්නේ ජංගම දුරකථනයක් තිබීම මත නෙමෙයිනේ.
වයස, අධ්යාපන මට්ටම, ජාතිය වගේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමාන තත්ත්වයක් යටතේ ලංකාවේ ඡන්දදායකයින් අතරින් ජංගම දුරකථනයක් හිමි අය සහ අහිමි අයගේ ඡන්ද භාවිතය සමානයි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්ද? මම හිතන්නේ බැහැ. හෙළකුරු නියැදිය තරමටම නොවුනත් මේ නියැදියේ මාලිමාවට හා රනිල්ට කැමති අය වැඩියෙනුත් සජිත්ට කැමැති අය අඩුවෙනුත් ඉන්නවා කියලයි මම හිතන්නේ. ඒ නිසා මේ නියැදියෙන් ලැබෙන්නේ රනිල්ට හා අනුරට වාසිදායක, සජිත්ට අවාසිදායක ප්රතිඵලයක්.
ඔය ප්රශ්නය මග හරවා ගන්න සෞඛ්ය ප්රතිපත්ති ආයතනය විසින් තවත් නියැදියක් යොදා ගන්නවා. එය මාලිමාවට අවාසිදායක හා සජිත්ට වාසිදායක වැඩිහිටි නියැදියක්.
දැන් මේ කරන වැඩෙන් මතු වෙන ප්රශ්නය වන්නේ ඔය නියැදි දෙක කලවම් කරන අනුපාතය අනුව ප්රතිඵලය වෙනස් වීමයි. මම හිතන විදිහට අඩු වැඩි කරන්නේ ජංගම දුරකථන නියැදිය. පසුගිය මාසයේදී නියැදිය 462 දක්වා අඩු වූ නිසා සජිත් ඉස්සරහට ගිහින් අනුර පස්සට ගියා. මේ මාසයේදී නියැදිය 701 දක්වා වැඩි කර ඇති නිසා, නැවත අනුර ඉදිරියට ඇවිත්. මේ වගේ දෙයක් වෙයි කියන එක මම කලින්ම සටහන් කරලා තිබෙනවා.
“මේ කරුණ වැදගත් වන්නේ ඉදිරි මාසයේදී නියැදියේ ප්රමාණය විශාල කරන්නට අපේක්ෂා කරන බව සෞඛ්ය ප්රතිපත්ති ආයතනය විසින් සඳහන් කර තිබුණු නිසයි. බොහෝ විට සිදු විය හැකි පරිදි, මෙසේ වැඩි කෙරෙන්නේ ජංගම දුරකථන නියැදියනම්, මහ පොළොවේ තත්ත්වයන්හි කිසිදු වෙනසක් සිදු නොවුනත්, අනුරගේ ප්රතිශතය තරමක් ඉහළ ගොස් සජිත්ගේ ප්රතිශතයේ අඩු වීමක් විය හැකියි. ඒ සමඟම, රනිල්ගේ ප්රතිශතයේද යම් ඉහළ යාමක් සිදු වෙනවා.”
ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු…
අගෝස්තු 5 ලිපිය.
අලුත්ම ප්රතිඵලය අනුව අනුර සහ සජිත් කරට කර. අනුර යාන්තමින් ඉදිරියෙන් ඉන්නවා.
🧭 අනුර – 37%
☎️ සජිත් – 36%
🐘 රනිල් – 23%
🌷 නාමල් – 4%
ප්රතිඵලය ඇත්තටම මෙවැන්නක් වුනොත් බොහෝ විට දිනන්න ඉඩ තියෙන්නේ සජිත්. මොකද සජිත්ට අඩු වශයෙන් 5%ක පමණවත් දෙවන මනාප ලබාගන්න පුළුවන්. ඒ නිසා, අනුරට දිනන්නනම් අඩු වශයෙන් 5%කවත් සුරක්ෂිතතා පරතරයක් (safe distance) තියා ගන්න වෙනවා.
ඔහොම වෙන්නේ ප්රතිඵලය ඔය තියෙන විදිහේ එකක් වුනොත්නේ. නමුත් සෞඛ්ය ප්රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තුව වුනත් ඒ තරම්ම නිවැරදියි කියා සහතික වෙන්න අමාරුයි. ඊට ප්රධානම හේතුව මෙම ඇස්තමේන්තු හදද්දී සෘජු ලෙස තමන්ගේ මතය ප්රකාශ කර නැති ඇයගේ මතය ඔවුන් මත “අහඹු ලෙස ආරෝපණය (random imputation) කර” මේ ඇස්තමේන්තු සකස් කර තිබීම. විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ අහඹු නියැදි පරීක්ෂණයකට අනුව මෙම ප්රමාණය 57.1%ක් තරම් විශාලයි. බදුල්ල ටීවී යූටියුබ් නාලිකාව අනුව 50%කට වඩා වැඩියි. සුදත්තගේ යූටියුබ් නාලිකාව අනුව වුනත්, 30%-40% වගේ පරාසයක.
මේ සියලු තත්ත්වයන් එක්ක, කොයි තරම සමීක්ෂණ සිදු කර තිබුණත්, හරිම ප්රතිඵලය දැනගන්න වෙන්නේනම් විසි එකෙන් පස්සෙම තමයි. නමුත් ඔය විස්තර කළ විවිධ මත විමසුම් සියල්ලම ගත්තහම යම් පොදු කරුණු ටිකක් නිරීක්ෂණය කරන්න පුළුවන්.
– සිංහල බහුතර දිස්ත්රික්ක වල ඉදිරියෙන් ඉන්නේ අනුර
– නමුත්, ඒ දිස්ත්රික්ක වල වුනත්, අනුර ඉන්නෙත් 50% සීමාවට පහළින්
– දෙවෙනි තැන ඉන්නේ සජිත්
– රනිල් ඉන්නේ තුන් වන තැන
– නාමල් පැත්ත පළාතක නැහැ
අනෙක් මත විමසුම් වලට සාපේක්ෂව සෞඛ්ය ප්රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු වල සජිත් ඉන්නේ ඉදිරියෙන්. එහෙම වෙන්න පුලුවන්ද?
උතුරු නැගෙනහිර ඡන්ද වැටෙන විදිහේ වෙනස්කම් නිසා මේ වගේ වෙනසක් වෙන්න පුළුවන්. හෙළකුරු මත විමසුම් වල, සුදාගේ මත විමසුම් වල, උතුරු නැගෙනහිර ඡන්ද නැහැ. නමුත්, සෞඛ්ය ප්රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තුව තුළ ඒවා තිබෙනවා. සජිත් ඉස්සරහට ඇවිත් තියෙන්නේ උතුරු නැගෙනහිර ඡන්ද වලින්නම්, දකුණේදී අනුර සැලකිය යුතු පරතරයක් තියාගෙන හිටියත් අවසන් ප්රතිඵලය ඔය පෙන්වා තිබෙන ආකාරයේ එකක් වෙන්න පුළුවන්.
පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද බෙදුනේ මේ විදිහටයි.
ගෝඨාභය – 52.25%
අනුර – 3.16%
සජිත් – 41.99%
වෙනත් – 2.60%
මහ මැතිවරණයේදී ඔය ජනාධිපතිවරණ ඡන්ද ප්රමාණය බෙදී ගියේ මේ විදිහටයි.
පොහොට්ටුව – 51.72%
ශ්රීලනිප – 0.50%
මාලිමාව – 3.37%
සජබ – 20.92%
නොවැටුණු එජාප ඡන්ද – 12.48%
දෙමළ හා මුස්ලිම් පක්ෂ – 6.18%
එජාප – 1.88%
වෙනත් – 2.95%
වැදගත් කාරණාව ගෝඨාභයගේ හා අනුරගේ ඡන්ද ඒ විදිහටම වගේ තියෙද්දී සජිත්ට ලැබුණු ඡන්ද කැඩී ගොස් තිබුණු විදිහ. සමීක්ෂණ සියල්ල පැත්තකින් තිබ්බොත්, සජිත්ගේ ඡන්ද ගණන් කරන්න වෙන්නේ 20.92% ඉඳලා. අනුරගේ ඡන්ද 3.37% ඉඳලා. රනිල්ගේනම් 1.88% ඉඳලා. එතකොට මේ කාට වුනත් 50% සීමාවට හෝ කිට්ටුවට යන්න වෙන්නේ ගෝඨාභයගේ, දෙමළ හා මුස්ලිම් පක්ෂ වල හෝ නොවැටුණු එජාප ඡන්ද වල උදවුවෙන්. (ගොඩක් අය කරන අලුත් ඡන්ද වෙනම ගණන් කරන එක මම කරන්නේ නැහැ. මම හිතන විදිහට එසේ කරන එකෙන් ද්විත්ව ගණනයක් සිදු වෙනවා.)
ඔය ගොඩවල් වලින් අනුරට වැඩියෙන්ම ලැබෙන්නේ ගෝඨාභයගේ ගොඩෙන්. ඒ ගොඩෙන් රනිල්ටත් කොටසක් යනවා. තව නාමල්, දිලිත් වගේ අයත් ඉන්නවා. සජිත්ට වුනත් යම් ප්රමාණයක් ලැබෙන්න පුළුවන්. නොවැටුණු එජාප ඡන්ද බොහෝ විට බෙදෙන්නේ රනිල් හා සජිත් අතර. දෙමළ හා මුස්ලිම් ඡන්දත් වැඩි වශයෙන්ම රනිල්ට හා සජිත්ට. දෙමළ අපේක්ෂකයාට වගේම අනුරටත් යම් කොටසක් එයි. නමුත් පොඩි කොටසක්. දැන් අප ඉදිරියේ තිබෙන ප්රශ්නය ප්රධාන අපේක්ෂකයින් තුන් දෙනාට 50% සීමාවට යාමේ හැකියාව කුමක්ද කියන එක.
අනුරගෙන් පටන් ගත්තොත් අනුර ඉන්නේ 46.63%ක හිඟයක් එක්ක. ඒ කියන්නේ පොහොට්ටු ගොඩෙන් 90%කට වඩා ගන්න වෙනවා. එහෙම ගත්තොත්, රනිල්, නාමල්, දිලිත් ආදී අනෙක් සියල්ලන්ටම යන්නේ ඔය ගොඩෙන් 10%කට අඩුවෙන්. ඒ නිසා, අනුරට 50% සීමාවට යා හැකියි කියලා මම හිතන්නේ නැහැ.මාලිමාව විසින් ලබා ගන්නා පොහොට්ටු ඡන්ද ප්රතිශතය අනුව, මාලිමා ඡන්ද ප්රතිශතය වෙනස් වෙන්නේ මේ විදිහටයි.
90% –> 49.9%
80% –> 44.7%
70% –> 39.6%
60% –> 34.4%
50% –> 29.2%
40% –> 24.1%
30% –> 18.9%
මාලිමාවට 50% සීමාවට යන්න අමාරු වුනත්, 44.7% සීමාවට ගියොත් පහසුවෙන් දිනන්න පුළුවන්. 39.6% සීමාවේදීත් යම් ඉඩක් තිබෙනවා. 34.4% සීමාවේදීනම් බැරි තරම්.
නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද 100%ක්ම ගත්තත්, සජිත්ට 50% සීමාවට යන්න තවත් 9.89%ක් මදි. ඒ කියන්නේ ගෝඨාභයගේ ගොඩෙනුත් 19% ඉක්මවා ගන්න වෙනවා. පළමුව, සජිත්ට නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද 100%ක්ම ගන්න බැහැ. අනිවාර්යයෙන්ම රනිල් මේ ගොඩවල් වලින් සැලකිය යුතු කොටසක් ගන්නවා. යම් හෙයකින්, ඔය ඡන්ද සියල්ලම ගත්තත්, ගෝඨාභයගේ ගොඩෙන් 19% ඉක්මවා ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් පේන්න නැහැ. ඒ නිසා, සජිත්ට කොහොමටවත්ම 50% සීමාවට යන්න බැහැ.
පොහොට්ටු ඡන්ද අත ඇරියොත් සජිත්ට යන්න පුළුවන් උපරීම සීමාව 40% සීමාව. 2020 සජබ ඡන්ද වලින් පටන් අරගෙන එයට 2020දී නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද එකතු කරගෙන යද්දී එසේ එකතු කරන ප්රතිශතය අනුව සජිත්ගේ විභවය වැඩි වෙන්නේ මේ විදිහටයි.
90% –> 37.7%
80% –> 35.8%
70% –> 34.0%
60% –> 32.1%
50% –> 30.3%
40% –> 28.4%
30% –> 26.5%
පොහොට්ටු ඡන්ද වලින් 10%ක් එකතු කළොත් ඔය ගණන් වලට තව 5.2%ක් එකතු වෙනවා.
රනිල්ට පටන් ගන්න වෙන්නේ 1.88% මට්ටමේ ඉඳලා. රනිල්ට 2020දී නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වලින් වගේම පොහොට්ටු ඡන්ද වලිනුත් යම් කොටසක් එකතු කරගන්න පුළුවන්. ඒක ගණන් හදනවාට වඩා, අනුරට හා සජිත්ට යන කොටස ඉවත් කළාට පස්සේ කොයි තරම් කොටසක් ඉතිරි විය හැකිද කියා ගණන් හදන එක ලේසියි.
මාලිමා කණ්ඩායම විසින් මුල සිටම වගේ කළේ මාලිමා කඳවුර හා මාලිමාවට විරුද්ධ කඳවුර විදිහට ජනතාව බෙදන එක. ඒ බෙදීම දැනටමත් සිදු වෙලා. ලංකාවේ දේශපාලනයේ ඊටත් උඩින් තිබෙන ජාතිය මත පදනම් වූ බෙදීම් වලින් පස්සේ ලොකුම බෙදීම මාලිමා කඳවුර හා ප්රතිවුරුද්ධ කඳවුරු අතර බෙදීම. සජිත්, රනිල් හා තවත් අතර බෙදී යන්නේ මේ ප්රතිවුරුද්ධ කඳවුරේ ඡන්ද ටික. ඒ කියන්නේ දෙමළ මුස්ලිම් ඡන්දද ඇතුළු සම්ප්රදායික එජාප ඡන්ද සහ පොහොට්ටු ඡන්ද වලින් මාලිමාවට නොයන කොටස.
පළමු කොටස 42%ක් පමණ වෙනවා. දෙවන කොටස 8%කට වඩා අඩු වෙන්න ඉඩකඩ අඩු නිසා ලොකු ගොඩ වෙන්නේ මාලිමාවට විරුද්ධ කඳවුර. මාලිමාව දිනනවද නැද්ද යන්න තීරණය වීමට පොහොට්ටු ඡන්ද මාලිමා කඳවුර හා ප්රතිවිරුද්ධ කඳවුර අතර බෙදී යන විදිහ වගේම ප්රතිවිරුද්ධ කඳවුරේ කණ්ඩායම් අතර ඡන්ද බෙදෙන විදිහත් බලපානවා. විශේෂයෙන්ම සජිත් හා රනිල් අතර.
මුල්ම ප්රශ්නය පොහොට්ටු ඡන්ද වලින් මාලිමාවට ලබා ගත හැකි ප්රතිශතය කොපමණද?
මේ හා අදාළව අදහසක් ගැනීමට අපට සුදත්තගේ මත විමසුම් පරීක්ෂාවට ලක් කළ හැකියි. එහිදී පෙනීයන පළමු කරුණ වන්නේ මෙම මත විමසුම් වලදී මාලිමාවට වඩාත්ම වාසිදායක සේ පෙනෙන ප්රදේශ වලදී පවා මාලිමාව විසින් ලබා ගෙන තිබෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් 50%කට නොවැඩි කොටසක් බවයි.
උදාහරණයක් විදිහට සුදත්තගේ තංගල්ල සමීක්ෂණය අනුව 37.9%ක් අනුරට. සජිත්ට හා රනිල්ට පිළිවෙලින් 10.3% හා 6.9% පමණයි. නමුත්, 2020දී තංගල්ලෙන් පොහොට්ටුව 77.8%ක් ගනිද්දී මාලිමාව තවත් 9.5%ක් ගත්තා. ඒ අනුව, මාලිමා කොටස අයින් කළාට පස්සේ අනුරගේ පොහොට්ටු ඡන්ද ප්රතිශතය 36.6%ක් පමණයි. සජිත්ගේ 2020 ප්රතිශතය වූ 10.3% ඒ විදිහටම තියෙනවා. රනිල්ට හා නාමල්ට ගිහින් තියෙන සුළු ප්රමාණ අයින් කළාම පොහොට්ටු ඡන්ද වලින් බාගයකටත් වඩා තියෙන්නේ අතීරක ගොඩේ.
දැන් මම කියන්න හදන්නේ ඔය තියෙන්නේ රනිල්ගේ නිහඬ බහුතරය කියලා නෙමෙයි. ඒ කොටස රනිල්ට, සජිත්ට හෝ අනුරට ලැබෙන්න පුළුවන්. යම් අනුපාතයකින් බෙදිලා යයි. ඒ කොහොමද කියලා සැප්තැම්බර් 21ට කලින් මට කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් දැනට මාලිමාව වෙත විතැන් වී තිබෙන පොහොට්ටු ඡන්ද ප්රමාණය අපට ඇස්තමේන්තු කරන්න පුළුවන්.
පහත තිබෙන්නේ සුදත්තගේ සමීක්ෂණ අනුව මාලිමා ප්රතිශත සහ ඒ තුළ තිබිය හැකි පොහොට්ටු ඡන්ද ප්රතිශතය. පොහොට්ටු ඡන්ද ප්රතිශත වරහන් තුළ.
ඇඹිලිපිටිය – 37.0% (44.6%)
රත්නපුර – 34.2% (44.9%)
කටුනායක – 32.9% (52.4%)
වීරකැටිය – 43.6% (46.2%)
මහරගම – 40.0% (46.6%)
මීගමුව – 38.0% (62.0%)
බෙලිඅත්ත – 45.3% (48.4%)
කළුතර – 31.4% (41.3%)
තංගල්ල – 37.9% (36.6%)
හොරණ – 22.1% (24.1%)
මම හිතන්නේ යන රටාව ගැන අදහසක් ගන්න පුළුවන්. මීගමුවේ වෙනසට හේතුව පාස්කු බෝමබයේ බලපෑම විය හැකියි. නැත්නම්, 45% ආසන්න සීමාවක. හැබැයි ඔය තත්ත්වය රට මැදට යද්දී වෙනස් වෙනවා.
හැටන් – 7.2% (12.2%)
යටියන්තොට – 12.2% (16.9%)
දෙහිඕවිට – 16.3% (21.9%)
නාරම්මල – 12.1% (15.5%)
රට මැද දැකිය හැකි ඔය වෙනස් තත්ත්වය බදුල්ල ටීවී නාලිකාවේ ප්රතිඵල වලිනුත් පේනවා.
බණ්ඩාරවෙල – 17.7% (21.1%)
මහියංගණය – 20.6% (26.9%)
දියතලාව – 19.4% (24.0%)
හාලිඇල – 15.5% (20.3%)
හපුතලේ – 12.8% (18.0%)
මුහුදුබඩ ප්රදේශ වල පොහොට්ටු ඡන්ද වලින් අඩු වශයෙන් 40%ක් හෝ වැඩි ප්රමාණයක් මාලිමාව වෙත විතැන් වී තිබුනත් රට ඇතුළට යද්දී ඒ ප්රතිශතය 20% ආසන්න මට්ටමකට පහත වැටෙනවා. ඒ අනුව, මාලිමා ඡන්ද ප්රතිශතයේ අවම සීමාව පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. පොහොට්ටු ඡන්ද වලින් වැඩි ප්රමාණයක් තිබුණේ මුහුදුබඩ දිස්ත්රික්ක වල නිසා අපි 40% සැලකුවොත් එන්නේ 24%කට ආසන්න ඇස්තමේන්තුවක්.
මේ කොටස ඉවත් කළාට පස්සේ ඉතිරි වෙන්නේ මාලිමා විරෝධී ඡන්ද කියලා එයින් අදහස් වන්නේ නැහැ. සජිත්ගේ අවම ඡන්ද ප්රමාණය මීටත් වඩා අඩුයි. අපට සජිත්ගේ සමීක්ෂණ ප්රතිඵල 2020 සජබ ප්රතිශත එක්ක සංසන්දනය කරන්න පුළුවන්. වරහන් තුළ තියෙන්නේ ඒවා.
ඇඹිලිපිටිය – 24.6% (18.4%)
රත්නපුර – 16.7% (23.1%)
කටුනායක – 26.1% (35.6%)
වීරකැටිය – 12.2% (12.2%)
මහරගම – 21.5% (19.0%)
මීගමුව – 13.9% (19.0%)
බෙලිඅත්ත – 11.2% (12.2%)
කළුතර – 28.8% (21.8%)
තංගල්ල – 10.3% (10.3%)
හොරණ – 28.6% (19.1%)
හැටන් – 37.4% (33.3%)
යටියන්තොට – 27.4% (31.2%)
දෙහිඕවිට – 22.0% (28.8%)
නාරම්මල – 20.2% (25.7%)
බණ්ඩාරවෙල – 17.0% (28.5%)
මහියංගණය – 19.6% (26.9%)
දියතලාව – 16.1% (28.5%)
හාලිඇල – 27.2% (29.9%)
හපුතලේ – 24.3% (45.5%)
දැන් මෙහි වරහන් ඇතුළේ තිබෙන්නේ සජබ විසින් 20.92%ක් ලබාගත් 2020 ප්රතිශත මිසක් සජිත් 41.99%ක් ලබාගත් 2019 ප්රතිශත නෙමෙයි. ගොඩක් තැන් වලදී මේ සමීක්ෂණ වලින් පෙන්වන සජිත්ගේ ප්රතිශත 2020 සජබ ප්රතිශත වලටත් වඩා අඩුයි. සමහර තැන් වලදී ඊට වඩා වැඩියි. ඒ කියන්නේ සජිත් විසින් 2020දී නොවැටුණු එජාප ඡන්ද නැවත ආකර්ෂණය කරගෙන. සජිත්ගේ ඡන්ද අඩු වී ඇති තැන් වලදී රනිල්ගේ ගොඩ යම් තරමකින් වැඩි වී තිබෙනු දැකිය හැකියි. සමස්තයක් ලෙස ගත් විට සජිත් එක්ක නිශ්චිතව තිබෙන බව පෙනෙන්නේ 2020දීත් සජබ වෙත ලැබුණු ඡන්ද ප්රමාණයට නොවැඩි ප්රමාණයක්. මීට අමතරව, සජිත්ට 2019දී ලැබුණු දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද වලින් යම් කොටසකුත් එකතු වෙයි. ඒ කොටස 3%ක් පමණ (බාගයක් පමණ) ලෙස සැලකුවොත් සජිත්ගේ ගොඩත් 24% කිට්ටුවට එනවා.
මේ තත්ත්වයන් එක්ක පෙනෙන්නේ අනුරගේ හා සජිත්ගේ ප්රතිශත කිට්ටුවෙන් යනවා කියා සෞඛ්ය ප්රතිපත්ති ආයතනය කියන කතාව නිවැරදි බව. නමුත් ඇත්ත ප්රතිශත එහි පෙන්වන ප්රතිශත වලට වඩා ගොඩක් අඩුයි.
මේ සමීක්ෂණ අනුව රනිල් ඉන්නේ අනුරට හා සජිත්ට පසුපසින් කියන එක පැහැදිලි නිසාත්, රනිල්ට ගොඩවල් දෙකකින් ඡන්ද එකතු වන නිසාත්, ඒ ඡන්ද එන විදිහ ආකෘතියක් ඇතුළට දමන එක ටිකක් අමාරු වැඩක් වගේම ඒ තරම්ම ප්රයෝජනවත් නැති වැඩක්. අපි හිතමු ඡන්දය දැමීමේ අභිප්රාය සෘජුව ප්රකාශ කර තියෙන්නේ 60%ක් පමණයි කියලා. දැන් ඔය 60% අතරින් අනුරට හා සජිත්ට 24% බැගිනුත් රනිල්ට 12%කුත් තිබෙනවානම්, ප්රතිශත හැදෙන්නේ සජිත්ට හා අනුරට 40% බැගින් හා රනිල්ට 20% විදිහට. සෞඛ්ය ප්රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු හැදිලා තියෙන්නේ ඒ විදිහට.
මේ අන්තිම ගණන් කිවුවේ උදාහරණයක් විදිහට පමණයි. නමුත් පවතින දේශපාලන වාතාවරණය තුළ විශාල ඡන්දදායකයින් ප්රමාණයක් වැනි වැනී ඉන්න තිබෙන ඉඩකඩ හිතාගන්න අමාරු නැහැ. ඔය පෙර කී යූටියුබ් සමීක්ෂණ වලිනුත් ඒක පේනවා. සම්ප්රදායික එජාප ඡන්දදායකයාට සජිත්ද රනිල්ද කියන ප්රශ්නේ තියෙනවා. තවමත් තීරණයක් ගෙන නැති පොහොට්ටු ඡන්දදායකයින්ට අනුර, රනිල්, නාමල්, දිලිත්, සජිත් වගේ තේරීම් ගණනාවක් තියෙනවා. ඔය තත්ත්වයන් එක්ක, කොයි තරම් සමීක්ෂණ හා මත විමසුම් සිදු කර තිබුණත්, ඒවා මත පමණක් පදනම්ව අවසන් ප්රතිඵලය ගැන නිශ්චිත ලෙස කිසිවක් කියන්න අමාරුයි.
May be an image of blueprint and text

ඉකොනොමැට්ටා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *