|

ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ජවිපෙ ඇණගෙන – රටේ රාළ

ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ ජාත්යන්තර මුල්ය අරමුදල එක්ක යන වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා කියලා ජවිපෙ නායක අනුර දිසානායක ප්රංශ පුවත් සේවයට කියලා තිබුණා. IMF වැඩපිලිවෙලට අපි ගියේ රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පස්සේ හින්දා ඒ එකඟතා පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා කියලත් කියලා තිබුණා.ඒ වෙලාවේ IMF යන එක හැර වෙනත් විකල්ප තිබූණා කියලත් අනුර කියනවා.
රනිල් දැන් සියලු ණය ගිවිසුම් ජාත්යන්තර මුල්ය අරමුදල ඇතුලට ඔබ්බවලා තියන හින්දා දැන් වෙන කරන්න දෙයක් නෑ වගේ කතාවක් තමයි අනුර කියන්නේ.හැබැයි එදා ඔය අද අනුර තියනවා කියන විකල්පක් ගැන කිව්වේ නෑ.මුලදී IMF එක අපට විස්තීර්ණ ණය පහසුකම දෙන එකක් නෑ කියලා හිතපු හදුන්නෙත්තිලා කිව්වේ අයිඑම්එෆ් යන්න ඕනි කියලයි.IMF එකෙන් අපිට දැඩි කොන්දේසි දාන්න ඕනි කියලත් හදුන්නෙත්ති කිව්වා.
අයිඑම්එෆ් ක්රියාවලිය සාර්ථක වෙනකොට ජවිපෙ කිව්වේ අයිඑම්එෆ් ගිහින් ගොඩ ගිය එක රටක් කියන්න කියලයි.එදා අයිඑම්එෆ් හැර වෙනත් විකල්පයක් ගැන ජවිපෙ කවුරුත් කිව්වේ නෑ. ජවිපෙ ආණ්ඩුවක් ආවම පලවෙනි ඩොලර් මිලියනය කැනඩාවේ එක් කෙනෙක් දෙනවා කියලා හදුන් කිව්වා.අනුර කිව්වේ අපේ විදෙස්‌ගත ශ්රමිකයන්ට ඩොලර් 500 ක් වැඩිපුර එවන්න කියනවා කියලයි.ඒ දවස්වල ප්රසිද්ධ සංවාදයකට ආපු අනුර දිසානායක කිව්වේ ඉස්සෙල්ලාම කරන්නේ ගෙවන්න තියන ණය ටික කල්දාගන්නවා කියලයි.
ඊට පස්සේ අලුත් ණයක් ගන්න ට්රයි කරනවා කියලයි අනුර කිව්වේ.ඊට පස්සේ මාස තුනකට සල්ලි හොයාගන්න විදිහ කියන්න ගිහින් අනුර සම්පුර්ණයෙන්ම ඇණ ගත්තා.සමහරවිට අනුරලා අර්බුදය විසදන්න මදි පාඩු සල්ලි ටික දයාශාන් අයියගෙන් මාසික ආධාරයක් විදිහට ගන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ.කොහොම හරි මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශය දාපු දවසේ ඉඳන් ජවිපෙ නායකයෝ හත්පොලේ ගාගන්නවා.
පහුගිය දවසක ප්රසිද්ධ රූපවාහිනී සංවාද දෙකකට ආපු හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇඳගෙන නාන හැටි දැක්කම පව් කියලත් හිතෙනවා.රටේ රාළ කිව්ව විදිහටම මාලිමාවේ වැඩපිලිවෙලත් එක්ක ජවිපෙ අර්බුදයට යෑම ආරම්භ වෙලා තියනවා. ටිල්වින්ගේ සමාජවාදයයි හරිනියේ ලිබරල්වාදයයි එකතු උනාම හැදෙන්න ඕනි විකෘතිය දැන් හැදිලා ඉවරයි.
ජවිපෙ වැඩපිලිවෙලේ තියන කිසිම කාරණයක් ගැන අවසන් එකඟතාවයක් ජවිපෙවත් මාලිමාවේවත් කිසිකෙනෙකුට නෑ.ඒක හොදින්ම තහවුරු වෙන්නේ ප්රසිද්ධ රූපවාහිනිය සංවාදයකදී වාහන පර්මිට් සම්බන්ධ කතාවේදී හදුනෙත්ති පත්වුන අසරණකම දැක්කමයි. පාර්ලිමින්තු මන්ත්රීලට දෙන වාහන පර්මිට් එක අහෝසි කරනවා කියන ජවිපෙ පාර්ලිමේන්තු කාලය සදහා පාවිච්චි කරන්න වාහනයක් ආණ්ඩුව ගානේ දෙනවා කියනවා.දීලා මන්ත්රීකම ඉවර උනාම ආපහු ගන්නවා කියලත් කියනවා.
එතකොට එතන ඉන්න මාධ්යවේදියෙක් අහනවා රජයේ නිලධාරීන්ට අවුරුදු පහකට දෙන පර්මිට් එක ගැන මොකද කියන්නේ කියලා.ඒ ප්රශ්නයට හදුන් කියන්නේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මන්ත්රීවලගේ වැඩේ ක්රියාත්මක කරලා පස්සේ අනිත් ඒවා ගැන සලකලා බලනවා කියලයි.ඒ කියන්නේ හදුනෙත්තිලා බලය ගත්තොත් රාජ්ය සේවයේ පර්මිට් අයිති අයටත් එන්න වෙන්නේ පාරේ බස් එකේ.ඔය වාහන සම්බන්ධ අදහස ජේවීපීකාරයන්ට තියන ලොකු හීනමානයක්.
හදුනෙත්තිලා හොඳ වාහනවල යනගමන් අනිත් අයට ඊර්ෂ්යා කරනවා.අනුරගේ පස්ස පැත්ත ලක්ෂ පන්සීයක් වටින වාහනය තියාගෙන යන ගමන් ලක්ෂ පන්සීයක් වටින වාහනවල පස්ස තියාගෙන ගමට එන අයට ඡන්දය දෙන්න එපා කියලා අනුර සහෝදරයම කියනවා.අනුරගේ මැතිවරණ වැඩපිලිවෙල එලියට එනවත් එක්කම අනුරට එරෙහිව අනුර කෙනෙක් නිර්මාණය වෙලා.වේදිකාවට නැග්ගම වීරයා වෙන අනුර වේදිකාවට එනකම්ම දුෂ්ඨයාගේ චරිතය රඟපානවා.
වේදිකාවේ කියන කතාවලට වඩා හාත්පසින්ම වෙනස් භාවිතාවක් තමයි අනුරට තියෙන්නේ. ඇත්තටම ජවිපෙ කියන්නේ සම්පූර්ණයෙන්ම වැඩවසම් මානසිකත්වයක් තියන පකෂයක්. අනුරලා සැප විදින්න සහ ජනතාව දුක් විදින්න ඕනි කියලා හිතන පක්ෂයක්.අපිට කිරි එක වෙනුවට කහට බොන්න කියන විජිතලාගේ අධි පරිභෝජනවාදී ජිවිත ගතකරන බව නොදන්න ජෙප්පෙක් නෑ.
ඇත්තටම ජවිපෙ තාක්ෂණයට බයයි.ඒකනේ හදුනෙත්ති කියන්නේ අන්තර්ජාලයට වඩා පොත හොදයි කියලා.අන්තර්ජාලය හොස් ගාලා ගියොත් මේ පොත විතරයි තියෙන්නේ කියලන්නේ හදුනෙත්තිලා තර්ක කරන්නේ.ජවිපෙ දන්නේ නෑ ඇයි දොස්තර කෙනෙකුට වාහනයක් දෙන්න ඕනි කියලා.ඇයි පරිපාලන නිලධාරියෙකු වාහනයක් දෙන්න ඕනි කියලා.ඒවා හැදෙන්නේ එයාලා ඉෂ්ඨ කරන කාර්යභාරය සහ එයාලගේ වගකීමට සාපේක්ෂව එයාලගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න.
වෛද්ය වරයෙක් ඕනිම මොහොතක රෝගියා වෙත එන්න බැදිලා ඉන්නවා.ඒ වගේම එයාටත් ජීවිතයක් තියනවා.ජවිපෙ කියන්නේ වෛද්යවරයා ලෙඩාගේ ඇඳ යට බුද්ධියගෙන ඉන්න ඕනි වගේ කතාවක්.අද ජවිපෙ පෙලෙන ඔය හීනමානයට අදාල හොඳම උත්තරය දුන්නේ ජවිපෙ නායක රෝහණ විජේවීර.විජේවීර කියන්නේ අනුරලා වගේ තාක්ෂණයට බය උන කෙනක් නෙවෙයි. වේගයෙන් තාක්ෂණය ජනතාව අතරට එනවට කැමති උන කෙනෙක් සහ ඒ වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක්.
78 විජේවීර හිරෙන් නිදහස් වෙලා ඇවිත් පක්ෂයේ වැඩ පටන් ගත්තා.පක්ෂයේ වැඩ වේගවත් කරන්න ඕනි නිසා එක වෙලාවක පක්ෂයට ලාන්සර් වර්ගයේ කාර් තුනක් මිලදී ගන්නවා.ඒ කාලේ ලාන්සර් කියන්නේ අපේ රටේ සුපිරි වාහනයක්.රත්නපුර පැත්තේ ලොකු මැණික් මුදලාලිලා ගොඩක් දෙනෙක් පාවිච්චි කළේ ලාන්සර් කාර්.විජේවීරත් ලාන්සර් කාර් එකක රට පුරා ගියා.ඒ කාලේ විජේවීර ලාන්සර් වර්ගයේ සුපිරි වාහනයක් පදිනවා කියලා මඩ අවලාද ගැහුවා.
විජේවීර දවසක් කොළඹ රැලියකදී ඒ ප්රශ්නයට උත්තර දුන්නා.විජේවීර කිව්වේ උඹලා කැමති ඇත්තේ අපි බර කරත්තවල යනවාට.එතකොට පිහියකින් හරි දමලා අරින්න පුළුවන්.අපිට කාර් නෙවෙයි හෙට හෙලිකොප්ටර් ගන්න පුළුවන් නම් ඒත් අපි ගන්නවා.අපිට ඕනි වඩාත් ඉක්මනින් ජනතාව අතරට යන්න කියලා.විජේවීර තාක්ෂණයට බය උනේ නෑ.තාක්ෂණයට අපහාස කළේ නෑ.ඒ වගේම ජවිපෙ කියන්නේ එදා බොහොම විනිවිද පෙනෙන විදිහට පක්ෂ ඇතුලේ මූල්ය ක්රියාවලිය සිද්ධ උන පක්ෂයක්.
අද ජවිපෙ ඇතුලේ එහෙම එකක් නෑ.පිටරට යන කෙනා හොයාගන්න ඩොලර් ටික එයාට.මිනිහාට ඕනි දේවල් තමයි ඒකෙන් කරන්නේ.පාවිච්චි කරන වාහනයේ පටන් දාන සෙරෙප්පු දෙක දක්වා සියල්ල අධි සුඛෝපබෝගී.ජවිපෙ නායකයන්ගේ වචන විතරක් තවමත් සමාජවාදී.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *