|

සාගතයකට ලේ වැගිරීමකට ඡන්දය දෙනවාද? – රටේ රාළ

පහුගිය 26 වෙනිදා මාලිමාවේ ප්රතිපත්තියක් නැති ප්රතිපත්ති ප්රකාශණ එළි දැක්වුවා.අද (29) රනිල්ගේ ප්රතිපත්ති ප්රකාශණය එළිට දැම්මා. සජිත්ගේ එක තවම නැතත් ළඟදීම එළියට එයි. ලංකාවේ ගොඩක් මැතිවරණ ප්රකාශණ හුදු ලියවිලි විදිහට කුණු බක්කියට ගියා.මේ දක්වාම අපේ රටේ දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයෝ ඉදිරිපත් කරපු ප්රතිපත්ති ප්රකාශණවලින් උනේ ඒ පක්ෂවලට සහ නායකයන්ට කිසිම ප්රතිපත්තියක් නැති බව ඔප්පුවීම විතරයි.
ඒකෙන් රටේ රාළ කියන්නේ මේ ප්රතිපත්ති ප්රකාශණ සම්බන්ධව සංවාදයක් ගන්න එපා කියලා නෙවෙයි.ඔය ප්රතිපත්ති ප්රකාශණ සියල්ල සාරාංශය කරලා ගත්තොත් මේ රට බාරදෙන්න සුදුසු ජනාධිපතිවරයෙක් අපි තෝරගන්න ඕනි. ඒකට අපේම උනු මිනුම් දණ්ඩක් තියෙන්නත් ඕනි. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින් අතරින් ජයග්රහණය කරන්නේ රනිල්,සජිත්,අනුර අතරින් කෙනෙක්.
අනිත් අය සටන් කරන්නේ එක්කෝ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ගොඩක් හදාගන්න.නැත්තං මේ ජනාධිපතිවරණයේදී තමන්ට බාරදීලා තියන කොන්ත්රාත්තුව ඉෂ්ඨ කරන්න.ජනාධිපතිවරණ සටන පටන් ගන්නකොටම අපේ රටේ ඡන්දදායකයා බැලුවේ අනිකාගේ මතය මොකක්ද කියලයි.ගොඩක් අය තමන්ගේ හිතවතුන්ට කෝල් කරලා,නැත්තං හම්බ උනාම ඇහුවේ ඒ පැත්ත කොහොමද කියලයි.
රනිල්ටද,සජිත්ටද,අනුරටද කියලා හොයාගන්න ගොඩක් අය උනන්දු වුනා.දැන් ඒ තත්වය ටිකක් අඩුයි. දැන් සමහරු මම අහවලාට කියලා කියන්න පටන් අරන්.හැබැයි තවමත් එහෙම නොකියන ලොකු පිරිසක් ඉන්නවා.ඇත්තටම මේ ජනාධිපතිවරණය කියන්නේ අපේ රටේ දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථ්නයක්.පක්ෂ කෑලිවලට කැඩිලා.දේශපාලනයේ හිටිය දැවැන්තයෝ ගොඩ දෙනෙක් හොම්බෙන් යන කාලයක් මේක.
රනිල් එන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට. සජිත් එන්නෙත් හත් හවුල් සන්ධානයකින්.මේ පාර සන්ධාන හැදිලා තියෙන්නේ දේශපාලන පක්ෂ එක්ක නෙවෙයි.පක්ෂ කෑලි එකතු කරගෙන.එක කෑල්ලක් මෙහේ.තව කෑල්ලක් එහේ.තව තව කෑලි එක එක තැන්වල.ජවිපෙ උනත් මතවාදීව දුර්වල තැනක ඉන්නේ.අඩුම ගානේ මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශණයේ තියෙන්නේ මාලිමාවේ ප්රතිපත්තිද,ජවිපෙ ප්රතිපත්තිද,නැත්තං රනිල්ගේ ප්රතිපත්තියද කියලා ජවිපෙටවත් හිතා ගන්න බැරිව මං මුලාවෙලා.
ගොඩක් සන්ධානවල ප්රතිපත්ති ප්රකාශණ හරියට එළ හරකයි,මී හරකයි වගේ.ඒක නිසා ඔය කොළ කෑලි අතර තියන ලස්සන බොරු අතර හිරවෙන්නේ නැතිව මේ පාර පත්වෙන ජනාධිපතිවරයාට තියෙන්න ඕනි ප්රායෝගික සුදුසුකම් මොනවද කියලා බලමු.තවමත් ඉහල ප්රතිශතයක තියන undecided Vote එකටත් ඒක වැදගත් වෙයි.මෙතනින් එහාට මේ රට ඉදිරියට ගෙනියන ජනාධිපතිවරයා සතුව තියෙන්න ඕනි ලක්ෂණ මොනවද කියලා බලමු.
එතනදී ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ රට තියන තැන හරියට තේරුම් ගන්න එකයි.2022 තිබුණ තත්වය මේ දක්වා ආපු හැටි මතක් කර ගන්න.ඊට පස්සේ මෙතනින් ඉස්සරහට රට යන්න ඕනි කොහොමද කියලා තේරුම් අරගන්න.ඊළඟට ඒ වැඩේ කරන්න පුළුවන් කාටද කියලා බැලුවොත් ඇති.රට බාරගන්න ජනාධිපතිට කෙනෙකුට හොඳ ඉවසීමක් තියෙන්න ඕනි.අපි රටක් විදිහට ඉන්න තැනත් එක්ක කිසිම කෙනෙකුට තමන්ට ඕනි වැඩ කරන්න බෑ.
අවශ්ය තීරණ අවශ්ය වෙලාවට ගන්න ඒ ඉවසීම ප්රගුණ කරලා තියෙන්නේ කවුද?ඒ ගුණය මේ දිනන අපේක්ෂකයන්ගෙන් කාටද තියෙන්නේ.ඒ ගුණය මේ රටේ ගමනත් එක්ක කෙලින්ම ගැට ගැහෙනවා.ඊළඟට අභියෝග බාර ගැනීමේ ධෛර්යය තියෙන්නේ කාටද කියලා බලන්න ඕනි. එක පාරක් රට නැත්තටම නැතිවෙන විදිහට කඩාගෙන වැටුන වෙලාවේ ඒ අභියෝගය බාරගත්තේ කවුද,පැනලා ගියේ කවුද කියලා රටම දන්නවා.
මේ ජනාධිපතිවරණ සන්ධිස්ථානයෙන් පස්සේ ආයෙත් ඒ හා සමාන අභියෝගයකට අපි මුහුණ දෙනවා.ඒ අභියෝගය ඉස්සරහා පැනලා නොයන වගේම අභියෝගය ජයගන්න පුළුවන් කාටද කියලා තිරණය කරන්න ඕනි.අභියෝගයක් ජයගන්න ධෛර්යය විතරක් මදි.ඒකට අද්දැකීම් සහ දැනුම කියන දෙකම තියෙන්න ඕනි.මොකද අපේ රට තියෙන්නේ අත්හදා බැලීම් කරන තැනක නෙවෙයි.
ඉතිහාසයේ අපි ලබපු අද්දැකීම් තමයි ගොඩක් සන්ධිස්ථානවලදී අපට පිහිට වෙන්නේ.රටක අභියෝග බාරගනිද්දී ඒක තවත් සංකීර්ණයි.ඒ වගේම දැනුම අවශයයි.මම තමයි වීරයා.මට විතරයි කරන්න පුළුවන් කියලා ඕනිම කෙනෙකුට කියන්න පුළුවන්.හැබැයි කියන එකයි කරන එකයි කියන්නේ දෙකක්.දැනුම අද්දැකීම් එක්ක තමයි පරිනතකම එන්නේ.නායකයෙක් ඉන්නවාට වඩා වටින්නේ පරිණත නායකයෙක් ඉන්න එකයි. පරිනත නායකයන් ගන්න තීරණවලින් ජාතියක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්.
අපි දැක්කා 2019 අපරිනත නායකයෙකුට රටක් බාරදීලා වෙච්චිදේ.රට කොහොම විනාශයකටද වැටුනේ කියලා ඔයාලා දන්නවා.එදා වැටුන රට ගොඩනගන්න අපරිනත නායකයන්ට බැරිවුනා. අඩුම ගානේ රට බේරගන්නවා කියලා ඉදිරිපත් වෙන්නවත් ධෛර්යයක් ගොඩක් අයට තිබුණේ නෑ.ඒ වගේම තමයි රටක් පාලනය කරන්න රාජ්ය තාන්ත්රිකභාවය ඉතාමත් වැදගත්.රාජ්ය තාන්ත්රිකභාවය කියන එක ඇඟට එන්නත් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඉංග්රීසි දැනුම තිබුණා කියලා.රට රටවල නායකයෝ එක්ක හරි හරියට ඉංග්රීසි කතා කරන්න පුළුවන් කියලා රාජ්ය තාන්ත්රිකභාවය ආරක්ෂා වෙන්නේ නෑ.නියම රාජ්ය තාන්ත්රිකයෙක් ලෝකය ඉස්සරහා තමන්ගේ රටේ ගෞරවය ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා.ඒ වගේම ජාත්යන්තර සහයෝගයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනි.අනාගතය දකින්න පුළුවන් නායකයෙක් වෙන්නත් ඕනි.හෙට දවස නෙවෙයි අනාගතයේ ගොඩක් ඉස්සරහට දකින නායකයෙක් මේ රටට ඕනි.දාර්ශනිකව තමන්ගේ චින්තනය මත පිහිටලා උපක්රම තෝරන නායකයෙක් මේ රටට ඕනි.
එහෙම නැතිව හිතේ මාක්ස්,බඩේ ලෙනින් හදවතේ පොල් පොට් තියාගෙන වැඩකරන වැඩවසම් නායකයෝ මේ රටට වැඩක් නෑ.රටේ රාළ කියන්නේ හෙට දවසේ ඔයාලගේ ඡන්දය දෙන්න සුදුස්සා ඔය නිර්ණායක අතරින් තෝරගත්තොත් ඔයාලට වරදින්නෙත් නෑ රටට වරදින්නෙත් නෑ.එහෙම නැතිව පක්ෂ පාටට අනුව හිතලා තේරීම කලොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඡන්දය සාගතයක් වෙනුවෙන් හරි ලේ වැගිරීමක් වෙනුවෙන් හරි දුන්න ඡන්දයක් වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 3 people and crowd

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *