|

බඩගින්න හා හාමත : කලිසම එල්ලා ගත් රනිල් සහ ස්මාර්ට් අනුර – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
messenger sharing button
ජාතික ජන බලවේගයේ ආර්ථීක විමර්ශකයන්ට (1) ලංකාව කියන්නේ මහ පුදුම රටක්. (2) ඒ රට බංකොලොත්ය.

(3) ලෝක බැංකුව කියන විදියට සමහරු කන්නේ දවසටම එක වේලකි. යන කරුණු වලින් ලංකාව කියන්නේ මහ පුදුම රටක් යන්න හැර අනෙක් සියලු ප්‍රකාශයන් විවාදිත කරුණු වේ.

ලෝක බැංකුවේ සහ බටහිර රටවල සියලු දේ ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයන් ලෝක බැංකුව ඉදිරිපත් කරන ලංකාව පිළිබඳ පසුගාමි වාර්තා පමණක් ඍෂි භාෂිත හැටියට විශ්වාස කරයි. ලංකාව බංකොලාත් නම් කන්නේ එක් වේලක් නම් වලල තරුෂි කරුණාරත්න වැනි ඈත ගම්බඳ උපන් කොස් දෙල් කෑ කෙල්ලන් ලෝකයේ පොහොසත් රටවල පුෂ්ඨිමත් ක්‍රිඩකයන් පරදා ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දිනා දීමත් මිත්‍යාවකි.

Untitled 1213ලෝක බැංකුව කියන විදියට සමහරු කන්නේ දවසටම එක වේලකි

 

ලංකාවට පුළුවන්ය කී විට ජවිපෙය උපහාසයෙන් සිනාසෙන්නේ රට තුළ පවත්නා බිඳ නො වැටෙන ශක්තියට පාච්චල් කරමිනි.

එක් දහස් නවසිය හැට ගණන්වල අග භාගයේ එවකට දොස්තර තිස්ස නමින් පෙනී සිටි රෝහණ විජේවිර නමින් ප්‍රසිද්ධ වූ  තැනැත්තා ඩී.අයි.ජී.ධර්මසේකර සමග විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කැන්ටිමට රැස්වන සිසූන්ට සිය ව්‍යාපාරය හඳුන්වා දෙමින් සිටියේය. ඊට සහභාගි වූ සිසුවෙක් ඒ කරුණු දැක්වීම අවසානයේ මහ හඩින් සිනාසිණ. ඒ ප්‍රතික්‍රියාවෙන් විජේවීර දැඩි අපහසුතාවකට පත්වූ බව තේරුම් ගත් ධර්මසේකර ගණන් ගන්ට එපා. මේකා යූඇන්පී කාරයෙක් කියා හයියෙන් සිනාසිණ. අර යූඇන්පී කාර සිසුවා තමා සිනාසුණ හේතු මෙසේ විස්තර කළේය.

”මම හුඟක් ඈත දුෂ්කර ගමකින් ආව කෙනෙක්. අදටත්  අපේ ගමට ආසන්න ලංගම බස් නැවතුම් පලට කිලෝ මීටර් 14ක් දුරයි. මගේ  දෙමාපියන් ගොවීන්. මං ගිය ඉස්කෝලේ උසස් පෙළ නෑ. මට ඒකට තවත් කට්ටක් කෑවා. මේ මගෙ අවසන් වසර. විභාගය හොඳින් කරලා ගෙදර එන කල් අපේ අම්මලා බලාගෙන ඉන්නවා. මේ විශ්වවිද්‍යලයේ ඉන්න බහුතරයක් දෙනා මං වාගේ. මෙච්චර දුරක් එන්න මට විප්ලව අවශ්‍ය වුණේ නෑ. අපේ දෙමාපියන් ශක්තිමත්. ඔයා කියන ඔය විප්ලවය මේ රටේ සාර්ථක වෙන්න නම් තව අවුරුදු සීයක් විතර යන්න වෙනවා. ඔයා මේ හදන්නේ ගම් වලින් ආව අපට යන එන මං නැති කරන්න.”

ඒ සමග ධර්මසේකර මාතෘකාව වෙනස් කොට තමන් කැඳවා ගත් අමුත්තාගේ ජාම බේරා දුන්නේය. (එදා සිට අද දක්වාත් ගම් වලින් බිහිවන ක්‍රිඩක ක්‍රිඩිකාවන් සරසවි සිසුන් ඒ ශක්තිය අඛණ්ඩව පවත්නා බව තරවුරු කරමින් සිටිති. ඒ කාලයේ ජවිපෙය කළේ පාසල් සහ සරසවි සිසූන්ගේ මොළ අවුල් කිරීමට වැඩි යමක් නොවේ.) 71 කැරැල්ලට පෙර ධර්මසේකරද විජේවීරගෙන් වෙන්වී ඊට හේතු දක්වමින් ලියා පළ කළ පොතේ විජේවිරගේ ව්‍යාපාරය චේ ගුවේරා නොව කේ (කරාවේ) ගුවේරා යනුවෙන් උපහාසයට ලක් කළේය.

 

 

අදටත් ගම්බඳින් බිහිවී විවිධ කේෂ්ත්‍ර හරහා සිය දක්ෂතා දක්වන ගම්බද බහුතර තරුණයන් සිතන ආකාරය මාලිමා දැක්මට වඩා ඛෙහෙවින් වෙනස්ය. තරුෂිගේ අම්මා මාලිමාවේ ගැහැනු එක මිටියට ගියා නම් ඒ දැරිවියට සිද්ධ වෙන්නේ මාලිමා පෝස්ටර් අලවමින් රනිල්ගේ බුරුල් කලිසමට හිනා වෙන්නය. කලිසම එල්ලා ගත් රනිල් වික්‍රමසිංහ නො වන්නට තුරුණු ශක්ති හෝ ගම්වල උපන් චන්ද්‍රලේඛාලා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චිලා ගායක ගායිකාවන් වන්නේ නැත. අනුර කුමාර මහා සම්මේනලයක් කැඳවා මහරගම තරුණ මධ්‍යස්ථානයේදී රනිල්ගේ කලිසම ගැන කතා කළ බව අසා සිටි ජනාධිපති රනිල් ඒ මධ්‍යස්ථානයත් තම අදහසක් නිර්මානය කළ එකක් කියාය.

 

කූල් රනිල්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)අරගල කාලයේ ලංකාව ගිනි තියන්නට කාටවත් නො හැකි වුණේ කලිසම එල්ලා ගත් රනිල් වික්‍රමසිංහ නිසාය.

රට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාව දුර්වල වන්නේ පසුගාමි දේශපාලන මතවාද නිසාය. ලෝකයේ 6 වෙනි ශක්තිමත් රාජ්‍යය වන  ඉන්දියාවේ දුප්පතුන් මෙන්ම නූගතුන්ද අසංකෙයියක් ජීවත්වේ. එහෙත් ඉන්දියාව ලංකාවටත් ආධාර කරන තරමට කවදත් ශක්තිමත් ය. එය රටේ විශාලත්වය පිළිබඳ ප්‍රශ්නයක් නම් සිංගප්පූරුව ලංකාවටත් වඩා කුඩා භූමියකි. බංග්ලාදේශ් යනු මේ වන විට අරගල නිසා ගිණි ගත් දේශයකි. අරගල කාලයේ ලංකාව ගිනි තියන්නට කාටවත් නො හැකි වුණේ කලිසම එල්ලා ගත් රනිල් වික්‍රමසිංහ නිසාය.  

WhatsApp Image 2018 11 15 at 17.40.45 1ජනාධිපති සිරිසේන රනිල් වෙනුවට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස නම් කිරීම එහි පළමු පියවර විය.

 

දිගු කලක් විදේශ ණය වලින් යැපුණද, 2019 වන විටත් ලංකාව යනු සතුටින් මිනිසුන් ජීවත්වූ රටකි. අලුත් මිනිහෙක් ගෙනත් කර ගන්නට ලබ්බක් ලංකාවේ තිබුණේ නැත. 2019-20 පෙරළිය කෘතිම එකකි. ඒ සඳහා මුස්ලිම් වෛද්‍ය වරයෙකු පිළිබඳ වෛරය මෙන්ම වස මිශ්‍ර කොත්තු අලෙවි කළ මුස්ලිම් වෙළෙඳ සැල් වලට පහර දීමද සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් විය. 2018 ජනාධිපති සිරිසේන රනිල් වෙනුවට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස නම් කිරීම එහි පළමු පියවර විය. ඒ ආරවුලේදී පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අත් උස්සා සහාය පළ කළ ජවිපෙ මන්ත්‍රීන්තිදෙනා අද කියන ගොන් කතා කීවේ නැත. එදා වඳ කොත්තු වඳ ෂාෆි ගැන කෑ මොර දුන් අතුරලියේ රතනලා වීරවංශලාගේ තක්කඩි දේශපාලනය, අද කැලණි ගෙ`ගන් නයි මතු කළ දිලිත් ජයවිර සමග ජාතිකත්වයට පන දෙමින් සිටින්නාහ. රනිල් වෙනුවට මහින්ද රටේ අගමැති කළ ජනාධිපති සිරිසේන පාස්කු විනාසයට වරද කරුවෙකු වී විශාල මුදල්  වන්දියක් ගෙවා හමාරය. මේත් උදාවී ඇත්තේ රටේ සාමාන්‍ය මිනිසා ගොනාට අන්දවන තවත් මැතිවරණයකි.

රනිල්ගේ සහායට මුහුණ පොතට පෝස්ටුවක් දැමූ සිය හිතවතෙකුට ප්‍රතික්‍රියා දැක්වූ මාලිමා ප්‍රවර්ධකයෙක් ” ඔයා ක්‍රිස්තියානි නේද?යි විමසීය. ”ඔව් ඇයි….? පෙරළා ප්‍රශ්න කළ විට ”ඔයාට ලජ්ජා නැද්ද පාස්කු බොම්බ ගහපු එවුන්ට කඩේ යන්න….” කියා සටහනක් යොදා තිබිණ. අවාසනාව වන්නේ ආගම්වාදය ඇදගත් පුද්ගලයා වෘත්තියෙන් නීතිඥයෙකු වීමය. හය මාසයක් රටේ අගමැතිටත් පොලිස්පතිටත් ආරක්ෂක කමිටුවට එන්න නොදී පාස්කු බෝම්බයට අවශ්‍ය ආරක්ෂිත වටපිටාව සැකසූ බව තහවුරුවී ඇති මෛත්‍රීපාල සිරිසේන 2020දී නැවත රාජපක්ෂ කල්ලියට එක්ව  2020 පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර එකල අගමැතිව සිටි රනිල්ගේ තනි මන්ත්‍රී අසුනකට සීමා විය.

 

image 750809484bදැන් එය රනිල්ට එරෙහිව නාමල් රාජපක්ෂ මුදවා ගැනීමේ කුරුස යුද්ධය ලෙස නවීකරණය කර තිබේ.

කාදිනල් ද, පාස්කු බෝම්බයේ වින්දිතයන් වර්තමානයේ නැවත ඡන්ද ගුණ්ඩුවක් ලෙස පාවිච්චි කරමින් සිටියි. රටේ පාලනය රනිල්ගේ ඔඩොක්කුවට වීසි කොට නැවක සැඟවී පන බේරා ගත් නාමල් රාජපක්ෂලාත් අනුර සජිත් දිලිත් ආදි සියලු බලවේග ජනාධිපති තනතුර රනිල් පැරද වීමට අලිඛිත ගිවිසුමකින් බැඳි සිටිති. රනිල් පරාද කිරිමෙන් ඉහත කී සියලු කණ්ඩායම් අපේක්ෂා කරන්නේ බලය පමණක් වන අතර එය රටේ පැත්තෙන් විනාසයකි. හැමදාම රාජපක්ෂලාට කඩේ ගිය කාදිනල් රංජිත් මැල්කම්, 2019-2020 මැතිවරණ දෙකේදීම පාස්කු ඝාතන රාජපක්ෂලාගේ වාසියට පාවිච්චි කළ අතර දැන් එය රනිල්ට එරෙහිව නාමල් රාජපක්ෂ මුදවා ගැනීමේ කුරුස යුද්ධය ලෙස නවීකරණය කර තිබේ.

”ඔයා ක්‍රිස්තියානි නේද…..?  ඇසූ බෞද්ධ නීනිඥයා සහ කාතෝලික කාදිනල් රංජිත් මැල්කම්ගේ ඇදහීම දෙවියන් හෝ බුදුන් නම් නොවේ. 56 පෙරළයේදී  ජනතාවට සිංහල භාෂාව සහ පල්ලිවල කුරුස පෙන්වා ඡන්ද මංකොල්ල කෑහ. ගෙවී ගිය 38 වසරක් පුරා බොහෝ මැතිවරණ ප්‍රතිපලය රටේ ශක්තිය කුරුසියේ තබා ඇණ ගැසීමට වඩා දෙයක් නො වීය. බෞද්ධ භික්ෂුන් සහ ක්‍රිස්තියානි පූජක වරයන් හැට හැත්තෑ ගණනාවක් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නව මාලිමාවට කාදිනල් රංජිත් මැල්කම් පමණක් නොව බෞද්ධ භික්ෂුන්ද ආශිර්වාද කරති.

 

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්මැතිවරණයට ඇත්තේ තවත් දින විසි ගණනකි.

මැතිවරණයට ඇත්තේ තවත් දින විසි ගණනකි. සැප්තැම්බර් 22 දෙවෙනිදා උදා වන්නේ කුමන ග්‍රහයෙක්ද යන්න කිසිවෙකු නො දනී. කවුරු බලයට ආවත් වඳ කොත්තු පාස්කු බෝම්බ බටලන්ද හිලව්වට 2022දී මෙන් යළිත් හාමතය බඩගින්න සමග මැයි 9 වෙනිදා මෙන් භීෂණයද යළි මහ පාරට පැමිණිමට නියමිතය. එය තවත් ලේ වැගිරීමක ආරම්භය මිස ජයග්‍රහණය භුක්ති විඳීමේ හෝරාවක් වන්නේ නම් නැත.

ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න'ලාල් කාන්තලා කීවේ 2022 ජූලියේ ඒ හපන්කම කරන්නට රනිල් බලයේ සිටීම නිසා තමන්ට නො හැකි වූ බවය.

 

බංග්ලා දේශ් විනාසය කණ වැකුණ සැනින් ලාල් කාන්තලා කීවේ 2022 ජූලියේ ඒ හපන්කම කරන්නට රනිල් බලයේ සිටීම නිසා තමන්ට නො හැකි වූ බවය. ගෝඨා බලයට පත් කළ වියතුන් උගතුන් මෙන්ම තක්කඩින් අද පිල් ගණනාවකට ඛෙදී තරග වදිති. ගෝඨාගේ න්‍යායාචාර්ය නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩලස් ජී.එල්. පීරිස් පුළුවන් සජිත්ට යයි සහතික කරති. වීරවංශලා ගම්මන්පිලලා අනුරාධා යහම්පත්ලා දිලිත් ජයවීර හැර වෙන කාටවත් බෑ කියති. ෂෙහාන් සේමසිංහලා රංජිත් සියඹලාපිටියලා කනක හේරත්ලා කියන්නේ රට ගොඩ දැම්මේ රනිල් කියාය.

ලංකාවට පුළුවන් කියන රනිල්ගේ බුරුල් කලිසම වඳ කොත්තු මෙන් අලෙවි වේ. කලිසම හයියෙන් ඇඳ සීරුවෙන් සිටි ගෝඨාභය රාජපක්ෂට ආර්ථීකය කඩා වැටී රටම නිර් වස්ත්‍ර වීම වළක්වා ගත නොහැකි විය. හෙඳන් හාල් ගෙනෙත් කෑමට 1970දි තුනෙන් දෙකක බලයක් ලබා දුන් ජනතාවට පසුව බත් කෑමද තහනම් විය. මහවැලි ව්‍යාපෘතිය හරහා නිපද වූ ජල විදුලිය අඩු මිලට ලබා ගත් ජනතාවටලයිට් නිවා කළුවරේ සිටීමට 88-89දී සිදු විය.

රටක් කළුවරේ තබා තුවක්කු එල්ල කළ භීෂණයෙන් බිය වූ නිරායුධ මිනිසුන්ගේ ආරක්ෂාවට රාජ්‍ය යාන්ත්‍රණය මුදා හල ශක්තිය බටලන්දට පටු කරන මාලිමා ප්‍රවර්ධකයන් ජන ඝාතක විජේවීරගේ අඹු දරුවන් ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම ගැන කිසිවක් නො කියති. රටක් යනු බලය වේ. ඒ බලය භීෂණ සමයක තක්කඩීන්ට භීෂණයකි. සාමකාමි මිනිසුන්ට ආශී්ර්වාදයකි.  බංගලාදේශ්හී රාජ්‍ය අකර්මන්‍ය වීම සමග දේශපාලනඥයන්ට පමණක් නොව අධීකරණයට නෝටිස් නිකුත් කෙරිණ.

 

රනිල් ආයේත් පරද්දමු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)රනිල්ගේ කලිසම බුරුල් වුණාට රටේ රෙද්ද බිමට වැටෙන්න ජනාධිපති රනිල් ඉඩ තැබුවේ නැත.

බටලන්ද රනිල්ගේ නම් කිව්ආර් කේතයත් කලිසම බුරුල් රනිල්ගේමය. ලංවිම ඛනිජ තෙල් ආයතන සිදු කරන පාඩුව හරහා රාජ්‍ය භාණ්ඩාගරය බේරා ගැනීමට එකී ආයතන ප්‍රතිව්‍යුහලත කිරිමත්, රුපියල් 400ට ආසන්න වෙමින් පැවති ඩොලරය යළි පහළ දැමීමත් කලිසම බුරුල් රනිල්ගේය. වසර දෙකකුත් හත් මාසයක් වැසී තිබුණ පාසල් ජනාධිපති වී පැය 24ක් අතුළත යළි විවෘත කිරීමත් කලිසම බුරුල් රනිල්ගේ මැදිහත් වීමකි. පාසල් කාලයේ මහ පාරට පැන වැඩි පඩි ඉල්ලා ගුරුවරුන් පාරට බැස්සවූ වෘත්තීය සමිති කාරයන්ට වතුර විද ආපසු පාසල් කරා යැව්වේත් කලිසම බුරුල් රනිල්ය. දීමනා වැඩි කරන තෙක් උසස් පෙළ උත්තර පත්තර නො බලන බවට තරවට්ටු කරමින් සාකච්ඡා ඉල්ලු වෘතිය සමිතිකාරයන්ට උත්තර පත්‍ර සමීක්ෂය අවසන් කරන තෙක් දින නො දෙන බව දන්වා සිටියේත් කලිසම බුරුල් රනිල්ය. රනිල්ගේ කලිසම බුරුල් වුණාට රටේ රෙද්ද බිමට වැටෙන්න ජනාධිපති රනිල් ඉඩ තැබුවේ නැත. දැන් රට සන්සුන්ය.

අරගලයට පසුව උසස් පෙළට පෙනී සිටි ප්‍රතිපල නිකුත්වූ උසස් පෙළ සමතුන් ගෙන් 47%ක් රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කිරීමට තීන්දු කර හමාරය. 2002 වසරේ උපන් මේ සිසුන් 2048 වන විට ලංකාවේ ජීවත්වන 46 හැවිරිදි වැඩිහිටි පුරවැසියන් බව කවුරුත් සිහි තබා ගත යුතුවේ. මහනුවර ප්‍රදේශයේ රජයේ බැංකුවකට ගණුදෙනු සඳහා ගිය ගිනුම් හිමියෙක් තමන්ට සහාය වෙන බැංකු කරුවා ගෙන් මේ ගමන ඡන්දය කාටද කියා හෙමින් විමසා තිබිණ. ලැබුණ උත්තරය ඡන්දයට බය නැතිව රටේ බදු නීතිය ක්‍රියාත්මක කරනවාට මගේ ඡන්දය යන්නය.

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *