රංගේ බණ්ඩාර ඉවතට – එජාප මහලේකම් ධුරය තලතාට?

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ලිපියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (30 වැනිදා) අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි . 

පක්ෂයේ කළමනාකරණ කමිටුව පෙරේදා (29 වැනිදා) රැස් වූ අවස්ථාවේදී පාලිත රංගේ බණ්ඩාර තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. තවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණය සඳහා ඔහු සක්‍රිය දායකත්වයක් නොදීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරු පක්ෂ නායකත්වයට පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි සම්බන්ධයෙන් පක්ෂයේ නීතිඥ මණ්ඩලය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ නායකත්වය මෙම තීරණය ගෙන තිබේ. තවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ තලතා අතුකෝරල පත් කිරීමට යෝජනා වී තිබේ. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *