|

අනුර එයිද – මොන පිස්සුද? – රටේ රාළ

ජාත්යන්තර මුල්ය අරමුදල එක්ක අපි එකඟවෙලා තියන ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්ද බැරිද කියන ප්රශ්නයට අදාලව IMF එකත් සම්බන්ධ කරගත්ත සජීවී සංවාදයකට තමන් එක්ක එන්න කියලා රනිල් සජිත්ට සහ අනුරට අභියෝගය කළා.සජිත්ගේ පැත්තෙන් අභියෝගය බාරගත්ත බව කියවුනත් අනුරගේ පැත්තෙන් නං තාමත් මීක් සද්දයක් නෑ.සජිත් කිව්ව විදිහට එයා ජනාධිපති උනාට පස්සේ කේසර සිංහයෙක් වගේ IMF එක ඉස්සරහට ගිහින් IMF එක දණ ගස්සලා අපිට අවශ්ය ණය ටික ගන්න විදිහ එයාලත් එක්කම කතා කරගන්න පුළුවන්.
සජිත් තවම දන්නේ නෑ අපේ ණය හිමි රටවල් 18 ක් තියනවා කියලා. එයාලා ණය හිමියෝ අපි ණය ගැතියෝ කියලා.ණය හිමියන් සහ ණය ගැතියන් අතර සම්බන්ධය හදන ආයතනය තමයි IMF එක කියන්නේ.දෙගොල්ලොම අතර බැලන්ස් එක හදමින් win win situation එකක් හදන එක තමයි IMF එකේ කාර්යභාරය.අනුරලා පහුගිය දවසක ඉදිරිපත් කරපු එයාලගේ ප්රතිපත්ති ප්රකාශණ ඇතුලේ IMF ක්රියාවලිය ගැන මෙහෙම සදහන් කරලා තිබුණා.
” දුප්පත් හා අසරණභාවයට පත්කොට ඇති ජනතාව එම තත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්යන්තර මුල්ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම.
ජාත්යන්තර මුල්ය අරමුදල ඉදිරිපත් කර ඇති අදායම් පාදක වියදම් කළමනාකරණ (Revenue based fiscal consolidation) යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම.
ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්යතාවය අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙළ කිරීම (DSA)
රාජ්ය මුල්ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදු කළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබා ගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් (Debt Audit) කඩිනමින් සිදුකිරීම
රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්ය මුල්ය හා මුල්ය විනය වැඩි දියුණු කිරීම
අනුර කියන්නෙත් සජිත් කියන කතාවම තමයි.IMF එකත් එක්ක කේවල් කිරීමකට යනවා කියලා. අනුරලගේ ප්රතිපත්ති ප්රකාශණයත් එක්ක බලද්දී ඒකත් එක්ක දැනට තියන IMF ක්රියාවලියට ඉස්සරහට යන්න බෑ.අනුරගේ බදු ප්රතිපත්තියෙන් වෙන්නේ රටට ලොකු ආදායමක් අහිමි වෙන එකයි. ඒ අහිමි වෙන බිලියන ගණනක් වන මුදල හොයන්න අනුරලාගේ මැතිවරණ ප්රකාශණ ඇතුලේ වැඩපිළිවෙළක් නෑ.රනිල් අනුරට එන්න කියන මේ විවාදයට ඇවිත් අනුරට පෙන්නලා දෙන්න පුළුවන් එයාලා වැඩේ කරන විදිහ.
මේ ගැන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ මතය ගැනීමත් වැදගත්.නන්දලාල් කියන්නේ රට ඇතුළේ දැනට ක්රියාත්මක ආර්ථික ප්රතිසංස්කරණ මොන විදහකින් හරි නතර උනොත් අපි ආපහු 2022 තත්වයට වැටෙනවා කියලා.දැනට ක්රියාත්මක ප්රතිසංස්කරණවලින් මධ්යකාලීන සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයකට අවශ්ය පදනම වැටෙනවා.පහුගිය කාලේ රනිල් ගෙනාපු ආර්ථික ප්රතිසංස්කරණ ජනතාවට ගොඩක් වේදනාකාරී ඒවා.
හැබැයි ආර්ථික තිරසරභාවය වෙනුවෙන් ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.අපේ රටේ ජනතාව ඒ වේදනාකාරී අතීතයේදී දැවැන්ත බරක් දැරුවා. ආයෙත් ඒ තත්වයට රට වට්ටලා හරි තමන්ගේ තක්කඩි බල උවමනාව ඉෂ්ඨ කරන්න හදන සජිත්,අනුර දෙබෑයන්ගේ නිරුවත රටට හෙලිකරන්න ඕනි.ඒක හෙලි කරන්න හොඳ අවස්ථාවක් මේ විවාදයෙන් හම්බ වෙනවා.අනුරලා මේ ජනතාව අන්දවලා බලය අරන් කරන්න හදන්නේ ආයෙත් මේ රටට ලේ විලක් කිරීමයි.
එයාලා හදන්නේ දැඩි උත්සාහයකින් රටේ ජනතාව කරපු කැපකිරීම්වලින් ලබාගත්ත ජයග්රහණ ආපිට හරවන්න.රනිල් ගෙනියන ගමන අතර මඟ නැවතුනොත් අපි දැඩි අභියෝගයකට ලක්වෙලා මෙතෙක් අපි ආපු ගමන් මඟ වෙනස්වෙනවා. ඒ හානිකර බලපෑමත් එක්ක ආයෙත් බරපතල ආර්ථික,සමාජීය, දේශපාලන අර්බුදයකට රට තල්ලු වෙනවා.මේ ණය අර්බුදය ඉස්සරහා බදු අඩුකිරීම්වලින් ආර්ථිකය වර්ධනයක් ළඟා කරගන්න කිසිම ඉඩක් නෑ.
රටේ රාළ දන්න lMF ගිවිසුමේ ඇත්ත කතාව ඕක.ඊට වැඩිය වෙන ඇත්තක් තියනවා නම් සජිත්ට සහ අනුරට IMF එකත් එක්ක කරන සංවාදයට ඇවිත් කරුණු පැහැදිලි කරන්න පුළුවන්.ඒක බැරි නිසා අනුර ඔය විවාදයට එන්නේ නෑ. කවුරු හරි ඇහුවොත් අනුර එයිද කියලා.බය නැතිව මොන පිස්සුද කියලා බය නැතිව කියන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *