|

අනුරගේ සහ සජිත්ගේ ප්‍රතිපත්ති හැදෙන හැටි – රටේ රාළ

ජනාධිපතිවරණ සටන මේ දවස්වල නැගලම යනවා.සටනේ ප්රධාන අපේක්ෂකයින් තුන් දෙනා කැපී පෙනෙනවා.තුන්දෙනාම මේ ජනාධිපතිවරණයේ ප්රධාන සටන් පාඨයක් විදිහට ආර්ථික සටන් පාඨය උස්සන්න බව පේනවා.මේ දවස්වල සජිත්ගේ සහ අනුරගේ වේදිකාවලින් හෝල් සේල් ආර්ථික පොරොන්දු දෙනවා.රනිල් ලබන ජනවාරි මාසේ පටන් රාජ්ය සේවයට ජීවන වියදම් දීමනාවක් විදිහට රුපියල් 25000ක් දෙනවා කිව්වා.
එතකොට රාජ්ය සේවයේ පහලම ශ්රේණියක කෙනෙක්ගේ උනත් පඩිය රුපියල් 55000 ක් වෙනවා.මේ ආරංචි ලැබුණ ගමන් සජිත් කිව්වේ මම 57000 ක් දෙනවා කියලා.අනුරත් දැන් දිළිඳු සහනද,ආබාධිත දීමනාද,තවත් පොරොන්දු ලයිස්තුවක්ම කියාගෙන යනවා.ඔහොම ගිරව් වගේ කියන්න නං කාටත් පුළුවන්.ප්රශ්න තියෙන්නේ ඔය කියන අයට ඒවා කරන්න පුළුවන්ද කියන එකයි.
විජිත හේරත් කිව්වේ උදේට බොන කිරි තේ එක වෙනුවට කහට එකක් හරි බීලා මහන්සිවෙලා වැඩ කරමු කියලයි.හරිනි කියන්නේ අනුර දිනුවා කියලා ප්රාතිහාර පාන්න බෑ කියලයි.හැබැයි අනුර නං දැන් වේදිකා උඩ ප්රාතිහාර පාන්න පටන් අරන්. හෝසෙට බඩු ලයිස්තු කියවනවා.නිකං හිතන්නකෝ තවමත් තමන්ගේ වැඩපිලිවෙල ඇතුලේ වියදමට අවශ්ය සල්ලි ටික හොයා ගන්නේ කොහොමද කියලා පෙන්නලා දෙන්න බැරි අනුර කොහොමද හෝල් සේල් පොරොන්දු දෙන්නේ.තමන්ට දිගුකාලින හෝ කෙටිකාලීන ආර්ථික වැඩපිලිවෙලක් නැති මාලිමාවේ නායකයන් තොරොම්බල් වැඩපිලිවෙලක් එලියට දාලා තියනවා.දැන් අනුර වේදිකාවට නගින්නෙම පොරොන්දු මල්ල පුරෝගෙන නත්තල් සීයා වගේ.
රටේ රාළ අද හෙලි කරන්න යන්නේ වැඩපිලිවෙලක් නැතිව මෙයාලා මේවා කියන්නේ කොහොම කියන එක ගැනයි.2022 රනිල් රට බාරගත්තට පස්සේ රනිල් සහ ආණ්ඩුව මැදිහත් වෙලා ආර්ථික ක්රියාවලිය ගොඩදාන්න සැලසුම් සහගත වැඩපිලිවෙලක් හැදුවා.වැටුප් විෂමතාවය විසඳන්න ඉහල රාජ්ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවවක් හැදුවා. දැන් ඒ වාර්තාව කැඳවලා තියනවා.ඒ වාර්තාවේ රජ්ය සේවයට ජනවාරි ඉඳන් වැටුප් වැඩිවීමක් නිර්දේශ කරලා තියෙනවා.
ඒක දැනගෙන තමයි අනුරයි,සජිතුයි වේදිකා උඩ වෘත්තීකයන්ට පොරොන්දු දෙන්න පටන් ගත්තේ. පහුගිය ටිකේම රනිල් ප්රමුඛ ආණ්‌ඩුව මේ තත්වයට ගැලපෙන ආර්ථික ප්රතිසංස්කරණ සහ දුෂණයට එරෙහිව අණ පනත් ගණනාවක් ගෙනාවා.ඒ සම්බන්ධව තීන්දු තීරණ ගත්තා වගේම ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළා.මේ දේවල් හදාගෙන යනකොට මේ නිව්ස් එක මාලිමාවට සහ සජබයට යනවා.
ගිය ගමන් මෙයාලා කරන්නේ මෙතන හැදෙන සැලසුම් ටික ගැන දෙගොල්ලොම තරඟයට ප්රකාශ නිකුත් කරන එකයි.උදාහරණයක් ගත්තොත් අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධව සාකච්ඡා කරපු දේවල් සජිත්ට ගියා.සජිත් කළේ ඒකේ තියන ආකර්ෂණීය කොටස අරගෙන තමන්ගේ එකක් විදිහට කියවන එකයි.මම ආවම මේක කරනවා කියලා කියනවා.ඒවායේ ලේඛණ හෙන්චයියෝ දාලා උස්සනවා.සජිත් සහ අනුර යැපෙන්නේ එහෙමයි.
ඒවා අරන් තමයි මෙයාලා මේ මල් වෙඩි ගහන්නේ.ඒ කියන්නේ රනිල් කරගෙන යන ප්රතිසංස්කරණ ගැන තමයි මෙයාලා මම කරනවා කියලා පම්පෝරි ගහන්නේ.තවත් උදාහරණයක් ගත්තොත් රාජ්ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් රාජ්ය පරිපාලනයට අදාල යෝජනා මාලාවක් හැදුවා.මේ හදපු එක එතන ඉන්න කෙනෙක් යටින් සජිත්ට දුන්නා.දැන් සජිත් ඒක සජිත්ගේ වැඩපිලිවෙල විදිහට කතා කරනවා.
සජිත් රජයේ යෝජනා හොරෙන් අරන් ඉදිරිපත් කරන්නේ කරන්න නෙවෙයි.සජිත්ගේ ටාගට් එක ඡන්ද.අනුර කරන්නෙත් ඒකම තමයි.ආණ්‌ඩුව බර තියන්න හදන රාජ්ය ක්රියාවලියක් යනකොට අනුරලා සහ සජිත්ලා කරන්නේ රාජ්ය සේවයේ ඉන්න තමන්ගේ හෙන්චයියන් දාලා ඒවා උස්සනවා.ඒ හොරෙන් ගත්ත දේවල්වලින් තමයි මෙයාලා මැතිවරණ වේදිකාව සරසගන්නේ.
ඇත්තටම ඒවාට අදාල තමන්ගේ වෙච්චි විග්රහයක්,ස්ථාවරයක්,සැලැස්මක් එයාලට නෑ. තනිකරම මෙතන තියෙන්නේ දත්ත හොරකමක්. රනිල් සහ ආණ්ඩුව මේ දක්වා ගෙනාපු වැඩපිලිවෙල සාර්ථකයි කියන්න තවත් තියන උදාහරණයක් තමයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සම්බන්ධව ලැබුණ ජාත්යන්තර ඇගයීම. ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධව කරපු ශ්රේණිගත කිරීමේදී නන්දලාල් A ශ්රේණියට වැටුනා.
ඒ කියන්නේ මේ දක්වා අපි ආපු ගමන සාර්ථකයි. ඒ ගැන ජාත්යන්තර වශයෙන් අපිට ලොකු අඟැයිමක් හම්බවුනා.ඒ විතරක් නෙවෙයි මෙතෙක් ආපු ක්රමවේදය ඇතුලේ රට බංකොලොත්භාවයෙන් මිදිලා රට යථාවත් වුනා. ඒක නිසා මේ ප්රතිසංස්කරණ මොනවද කියන එක සම්බන්ධව සජිත් සහ අනුර දෙන්නම ඇහැගහගෙන ඉන්නවා.ඒ දත්ත ගන්න එයාලා රාජ්ය සේවයේ අයට ලොකු දොලපිදේනි දෙන බව පේනවා.
විශ්රාම ගිය අමාත්යංශ ලේකම්ලා ප්රමාණයක් සජබයත් එක්ක සහ අනුරලත් එක්ක ඉන්නවා.ඒ වගේම දැනට පවතින අමාත්යංශය ගණනාවකම ලේකම්වරු හරහා මේ තොරතුරු එයාලා ගන්නවා. රාජ්ය පරිපාලන නිලධාරීන් අතරත් විවිධ ගුරු කුල තියනවා.අර බැජ් එකේ කට්ටිය මේ බැජ් එකේ කට්ටිය කියලා.දැන් එක බැජ් එකක් ගෙඩිය පිටින්ම සජබෙට සෙට් වෙලා. ඇත්තටම මේක කුමන්ත්රණයක්.
රනිල් මේ ක්රියාවලිය අඳුරගන්න ඕනි.රාජ්ය යාන්ත්රණයේ ඉඳගෙන සෘජු දේශපාලන ක්රියා කාරීත්වයට අවතීර්ණ වෙලා ඉන්න රජයේ නිලධාරීන් හරියට හදුනාගෙන ඉන්න එක කාගෙ කාගේත් ඇඟට ගුණයි.ඒ අයට දේශපාලනය කරන්න අයිතියක් නෑ.රාජ්ය යාන්ත්රණයේ තමන්ට හිමි ආයතන සංග්රහයේ සිමාව ඇතුලේ ඉඳන් එයාලා වැඩ කරන්න ඕනි.හැබැයි ඊට එහාට ගිහින් දේශපාලන අතකොළු විදිහට හැසිරෙන නිලධාරි කණ්ඩායමක් ඉන්නවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *