බලධාරීන් තමන්ගේ වගකීම අත්හැරීම නිසා මිනිස්සුන්ට ජීවිත දන් දෙන්න සිදුවුණා – පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ සුනිල් වටගල

ගුවන්තොටුපොළෙන් බැහැලා කොළඹට එන විදේශකයෙකුට කැළණි පාලමේදී වම බැලූවම පේන්නේ කොළොන්නාවේ කුණු කන්ද. දකුණ බැලූවාම පේන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද. ඉතියෝපියාවෙන් පස්සේ කුණු කන්දකට යටවෙලා මිනිස්සු මැරුණු රට ලංකාවයි. ලැජ්ජාවට කරුණක් තමයි. මේ සිදුවීමෙන් පස්සේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට පවා ඒ රටවල පාරේ බැහැලා යන්න ලැජ්ජාවක් ඇතිවෙලා.
කොළොන්නාවේ මෙම භූමිය කුණු දාන්න තෝරා ගත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකට අනුව නොවෙයි. ඒ වගේම මේ ආණ්ඩුවට අවස්ථා 3කදී මෙම විපතෙන් ජනතාව බේරගන්න කටයුතු කරන්න තිබුණා. එක වෙලාවක මේ කුණු කන්ද ගිනි ගත්තා. ඒ මොහොතේදී මෙම කුණු කන්දේ වපසරිය පිළිබඳව නිසි ඇගයීමක් කළේ නැහැ. මෙම කුණු කන්ද තිබුණේ මඩ සහිත භූමියක. මේ මෑතකදී සුළු ගං වතුර තත්වයක් ඇතිවුණා. එහිදී අසාමාන්‍ය ලෙස නිවාස යටවුණා. ඒ වෙලාවේදීත් අපි අදාළ ආයතන දැනුවත් කළා. මෙම ස්ථානයේ අසාමාන්‍ය තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ආසන්නම බරපතළම සිදුවීම සිදුවුණේ අපේ‍්‍රල් 11 රාති‍්‍රයේ. අපේ‍්‍රල් 12වැනිදා මම එතනට ගිහින් බැලූවා. අසාමාන්‍ය ලෙස එම ප‍්‍රදේශයේ කොටසක් ඉරි තලා ගිහින් තිබුණා. කොන්කී‍්‍රට් තට්ුවක් පැළිලා ඈත් වෙලා තිබුණා. ඒ මොහොතේදීත් අපි අදාල බලධාරීන් දැනුවත් කළා. නමුත් මේ අවස්ථා හැම එකකදීම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන එක මගඇරියා.
මේ සිදුවීමන් මළ සිරුරු 32ක් ඊයේ වනවිට ගොඩ අරගෙන තිබෙනවා. තවත් ගණනය නොකළ ප‍්‍රමාණයක් පොළොව යට ඉන්නවා. මේක ස්වභාවික ආපදාවක් නෙවෙයි. නොසැලකිලිමත්කම නිසා අනියම් මිනී මැරුමක්. නගර සභා ආඥා පනතේ 129 වගන්තියට අනුව කුණු ඉවත් කිරීම නගර සභාව සතු වගකීමක්. ඒ වගේම 130 වගන්තියට අනුව කසළ තම වත්කමක් බවට පත්කරගත යුතුයි. තිස්සමහාරාමය ප‍්‍රාදේශීය සභාවේදී අපි ඒක හරියටම කළා. නමුත් මීතොටමුල්ල ගත්තහම කුණු දැම්මේ කිසිදු ප‍්‍රමිතියකින් තොරවයි. ඒ වගේම ව්‍යසනය ඇතිවන බව දැනුම්දී තිිබියදී එය නොසලකා හැරලා. දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීමෙන් මරණ සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. අවුරුදු 5ක සිර දඬුවමකට යටත් කළ හැකියි. ඒ නිසා මේ මරණ වළක්වන්න හැකියාව තිබුණා. බලධාරීන් තමන්ගේ වගකීම අත්හැරීම නිසා මිනිස්සුන්ට ජීවිත දන් දෙන්න සිදුවුණා. මේ අපරාධයට පහුගිය රාජපක්‍ෂ ආණ්ඩුව අනුබල දුන්නා. මේ ආණ්ඩුව එම කි‍්‍රයාව සිදුකළා. ඒ නිසා මේ ආණ්ඩු දෙකම මේ මරණවලට වගකිව යුතුයි. අපි මේ වනවිටත් මේ පිළිබඳව නීතිමය උපදෙස් ගනිමින් තිබෙනවා. මීට වගකිව යුතු පුද්ගලයින්ට නඩු පැවරීම සඳහා.
ඒ වගේම මේ සිදුවීම ගැන ජනාධිපතිරවයා සමඟ සාකච්ඡුාවක් පැවැත්වුණා. නමුත් කාමරයේ ගන්නා තීරණ මහ පොළොවේ කි‍්‍රයාත්මක නොවන තත්වයක් මතුවෙලා තිබෙනවා. මහ ඇමතිවරයා කොළොන්නාවේ කුණු ඉවත්කිරීමට සියලූ කි‍්‍රයාමාර්ග අරගෙන තියෙනවා කියලා සාකච්ඡුාවේදී එකඟ වුණාට ඒක පොළොවේ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. මම ඊයේ කොළොන්නාව ප‍්‍රදේශයේ සංචාරය කරනකොට මට දැනගන්න ලැබුණා, කොළොන්නාව නගර සභාවෙන් කුණු ඉවත් කරන එක නතර කළා කියලා ජනතාව දැනුවත් කරන බව.  ඒ වෙලාවේ මම නගර සභාවට ගිහින් මේ ගැන විමසුවා. ඔවුන් නගර සභා පනත උල්ලංඝනය කරලා වැඩ කරනවා. නමුත් නගර සභාවේ මේකට වගකියන කිසිවෙක් හිටියේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ ශීත කාමරවල ගන්නා තීරණ මහ පොළොවේ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියලා.
මීතොටමුල්ලේ තවත් අවදානම් කලාපයක් තියෙනවා කියලා දැන් හඳුනාගෙන තිබෙනවා. දැන් හමුදාව  ඇවිත් කියනවා, ඒ ප‍්‍රදේශවලින් ජනතාවට ඉවත් වෙන්න කියලා. නමුත් එහෙම කියපු පලියට ජනතාවට ඉවත් වෙන්න බැහැ. ඒ නිවාස, තට්ටු දෙකේ තුනේ කෝටි ගණන් වටිනා දේපොළ. යන්න කිව්වට වී ගබඩාවකට යන්න මේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. තමන්ගේ කෝටි ගණන් වටිනා දේපොළ දාලා යන්න ඔවුන් කැමති නැහැ.
ආණ්ඩුව වන්දි ගෙවීම ගැන ප‍්‍රකාශයක් කර තිබුණා. මිය ගිය අයෙකුට රු. ලක්‍ෂයක් සහ නිවසකට රු. ලක්‍ෂ 25ක් ගෙවනවා කියලා. එය රක්‍ෂණයෙන් ලැබෙන මුදලයි. මේක ආණ්ඩුවෙන් ගෙවන මුදලක් නෙවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ දේපොළ පිළිබඳව ඇත්ත සාධාරණ තක්සේරුවක් කරන්න කියලා. මේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ජවිපෙ ජනතාවගේ පැත්තේ ඉඳිමින් මෙම ගැටලුවට විසඳුම් හොයන්න මැදිහත් වෙනවා.
මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *