|

ආලවක දමනයේ සිට අනුර කුමරු බුදුන් සරණ යෑම දක්වා – රටේ රාළ

පහුගිය 23 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ තිබුණ ජාතික භික්ෂු පෙරමුණේ සඟ සමුළු වේදිකාව උඩ ජවිපෙ නායක අනුර කුමාර භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ දණ ගහගෙන ඉන්නවා දැක්කා.සාමාන්යයෙන් බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ පුද්ගලයෙක් දණ ගහගෙන ඉන්න දර්ශනයක් ලාංකීය සමාජයට අමුතු දෙයක් නෙවෙයි.හැබැයි අනුර දිසානායක සහෝදරයා දණ ගහගෙන ඉන්න හැටි දැක්කම හිනාත් යනවා.ඒක ටිකක් වෙනස් දර්ශනයක්.
වේදිකාව උඩ අනුරගේ හැසිරීමේ සහ ඉරියව්වල ලොකු නුහුරු බවක් තිබුණා.අනුර ඒ හැසිරීම සහ ඉරියව් පවත්වාගෙන ගියේ හරිම අමාරුවෙන්. අනුරට ඒවා හුරු නැති බව පෙනුනා.සමහරවිට අනුර බුද්ධාලම්භන ප්රීතියෙන් උපරිමයටම ඔඳ වැඩිලා හිටියද දන්නේ නෑ.අනුරගේ ඒ සීන් එක දැක්කම රටේ රාළට එක පාරට මතක් උනේ බෞද්ධ පොත පතේ කියවෙන බුදුන් වහන්සේගේ ආලවක දමනය ගැන.
මහරගම වේදිකාවේ වැඩ හිටපු අපේ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේටවත් අනුර ආලවක යක්ෂයාටවත් සමාන කරන්න රටේ රාළ යන්නේ නෑ.හැබැයි රටේ රාළට හිතන විදිහට එදා ආලවක දමනය සහ අද අනුර බුදුන් සරණ යෑම අතර පූර්වපර සම්බන්ධතාවක් තියනවා.බෞද්ධ දර්ශනයට අනුව අපි සසර ගමන ගැන විශ්වාස කරනවා.බුද්ධ දර්ශනයට අනුව නැවත ඉපදීමක් තියනවා.අපිටත් මෛත්රී බුදු හාමුදුරුවන්ගෙන් බණ අහලා නිවන් දකින බැරි උනොත් ආයෙත් කල්ප ගාණක් සසරේ ඇවිද ඇවිද ඉන්න වෙනවා.
එදා ආලවක නිවන් දැක්කේ නැත්තම් සමහරවිට එදා ආලවකයා මේ ආත්මේ අනුර සහෝදරයා වෙන්නත් පුළුවන්.ආලවක කියන්නේ නොහික්මුණ පුද්ගලයෙක්.මිනිහා එයාගේ විමානෙට ආපු බුදු හාමුදුරුවන්ටත් punishment එකක් දුන්නා.ආලවක වගේ අනුරත් නොහික්මුණ කෙනෙක් කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි බෞද්ධ දර්ශනයට සාපේක්ෂව හිතුවොත් අනුරත් නොහික්මුණ පුද්ගලයෙක්.බෞද්ධ දර්ශනයට අනුව අනුර කියන්නේ මිත්යා දෘෂ්ටිකයෙක්.
රටේ රාළ මේ කියන කතාවට ගැඹුරු දාර්ශනික පදනමක් තියනවා.ජවිපෙ ඉගැන්වීමට අනුව බුද්ධාගම ඇතුළු සියලු ආගම් විඥානවාදියි. ජවිපෙ දර්ශනය මාක්ස් ලෙනින්වාදය භොතිකවාදියි.එයාලා ඒකට කියන්නේ දයලෙත්තික හෞතිකවාදය.නැත්තං ද්විඝටනාත්මක භෞතිකවාදය කියලා.බුද්ධාගම නිවනට මඟ පෙන්වන අතර මාක්ස්වාදය සමාජවාදය හරහා කොමියුනිස්ට්වාදයට මඟ පෙන්වනවා.ඇත්තටම මේ දෙකම අපට ගොඩක් දුරයි.
නිවනත් දුරයි,සමාජවාදයත් දුරයි.අපේ රටේ වමේ හාදයෝ සමාජවාදයයට කරලා තියන විනාශ ගැන හිතනකොට සමාජවාදය නිවනටත් වඩා දුරයි කියලා හිතෙනවා.ජවිපෙ ඉගැන්වීමට අනුව විඥානවාදය සමාජ සංවර්ධනයට විශාල බාධාවක්.ඒ කියන්නේ ආගම සමාජ සංවර්ධනට විශාල බාධාවක්.බුදුන්ගේ දහමට අනුව විමුක්තිය කියන්නේ නිවනට..බුදුන් කියන නිවනට යන්න මිත්යාදෘෂ්ටිකත්වයත් ලොකු බාධාවක්.ජවිපෙ ඇතුලේ උගන්වන ” ආගම ” කවයට අනුව ආගම ගැන ජවිපෙ නිර්වචනය මෙහෙමයි
” ආගම යනු වද මලකි.එය මිනිසා නැමති වෘක්ෂයේ පිපේ.එහි පල රහිතය.අනිවාර්යෙන්ම එය විනාශ කල යුතුය” ආගම ගැන මේ සංකල්පය ජවිපෙට ආවේ මාකස්වාදයත් එක්ක වෙන්න ඕනි. මාක්ස්වාදය බිහිවුන යුරෝපයේ දර්ශනවාදය සහ ආගම අතර ලොකු ගැටුමක් තිබුණා. දර්ශනවාදයෙන් ලෝකය ගෝලාකාරයි කියද්දී ආගමෙන් කිව්වේ ලෝකය පැතලි පීරිසියක් වගේ කියලා.මාක්ස්වාදය කරපින්නගෙන ආපු අය අපේ රටේ ආගමික සහ සංස්කෘතික පදනම ගැන නොසලකා අමුවෙන් මෙහේටත් මාක්ස්වාදය බැස්සුවා.
වමේ අයට අනුව රුවන් වැලි සෑය කියන්නේ ගඩොල් ගොඩක් විතරයි.බිමල් රත්නායක තමයි කිව්වේ ගස් ගල්වලට වදින එක ගෝත්රිකයි කියලා.බිමල්ට අනුව ජය ශ්රී මහ බෝධියට වඳින එකත් ගෝත්රිකයි.ඉතිහාසයේ ජවිපෙ ගොඩක් වෙලාවට හැදුනේ පන්සල්වල.විශේෂයෙන් 88/89 කාලයේ.ජවිපෙ පූර්ණකාලීනයා නඩත්තු උනේ පන්සලෙන්.ඒ වගේම එයාගේ ආරක්ෂාවටත් පන්සල හොඳ තැනක් වුනා.ඇත්තටම බුද්ධාගම ගැන ලොකු කියවීමක් වර්තමාන ජවිපෙට නෑ.
එහෙම කියවීමක් තියෙනවා නම් බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පස්සේ තියපු පළවෙනි ධර්ම සංගායනාවේදී බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලා කියලා හදුනෙත්ති කියන්නේ නෑ. බුද්ධ දර්ශනය ගැන හොඳ කියවීමක් විඡේවීරට සහ සෝමවංශට තිබුණා.විජේවීර තමන්ගේ බිරිඳගෙන් කරපු අවසාන ඉල්ලීම උනේ දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා කියලයි. විජේවීර තමයි ජවිපෙට සමාජවාදී භික්ෂු සංගමයක් හදලා දුන්නේ.
හැබැයි පසුකාලිනව ජවිපෙ බලය හතර දෙනාගේ කල්ලිය අතට යනවත් එක්ක ජවිපෙ වේගයෙන් පන්සලෙන් ඈත්වුනා.පන්සලේ හාමුදුරුවන්ට වැදලා ආපු ජවිපෙ සාමාජිකයා සංවිධාන ඇතුලේ පට්ට ගැහුවේ නැතිව විතරයි.ජවිපෙ දැක්කේ විඥානවාදය ඉස්සරහා භෞතිකවාදය දණ ගැසීම මහා පාවාදීමක් කියලා.එහෙව් පක්ෂයක නායකයා මෙන්න යකෝ….ගිය 23 වෙනිදා අපේ හාමුදුරුවන් වහන්සේ නමක් ඉදිරියේ දණ ගහගෙන ඉන්නවා.ඒක දැක්කම නොහික්මුණ ආලවකයා මතක් වෙන්නේ නැත්තං මිනිහා බෞද්ධයෙක් නෙවෙයි.
ඇත්තටම මෙතන උනේ මොකද්ද?දාර්ශනිකව ගත්තොත් බෞද්ධ ආගමට සම්පුර්ණයෙන්ම විරුද්ධ දර්ශනයක් පිලිගන්න අනුරව අපේ හාමුදුරුවෝ දමනය කළාද?නැත්තං භෞතිකවාදී අනුර විඥානවාදය ඉදිරියේ දණ ගහලා විප්ලවය පාවාදුන්නද?බුදුන් වහන්සේ ආලවකයා දමනය කරපු බව රටේ රාළ පිලිගන්නවා.හැබැයි මේ ආලවකයා දමනය වෙලා කියලා පිලිගන්න තරම් රටේ රාළ මෝඩ නෑ.එදා ආලවකලාට වඩා අද ආලවකලා හරි වෙනස්.එදා ආලවකයා තමන්ගේ මතය වෙනුවෙන් සෘජුව පෙනී හිටියා.
ඒ වගේම තමන් වැරදි බව තේරුණාට පස්සේ නිවැරදිදේ වෙනුවෙන් පෙනී හිටියා.හැබැයි මේ ආලවකලා තමන්ගේ මතය කියන්නෙත් නෑ. හාමුදුරුවන්ගේ මතය පිලිගන්නෙත් නෑ. පිලිගත්තා වගේ ඉන්නවා.ආලවක දණ ගැහුවා වගේම බොරුවට දණ ගහගෙනත් ඉන්නවා.මේ ආලවකලා ඉන්නේ අවස්ථාව එනකං.අවස්ථාව ආව ගමන් යක්ෂයා ලේ එක්ක ගනුදෙනුව පටන් ගන්නවා.එදා බුදුන් ආලවකයා දමනය කලාට අද ආලවකයා අපේ බුද්ධ පුත්රයන් වහන්සේලාත් රවට්ටලා.
මොන ආලවකයට උනත් බෞද්ධ දර්ශනයේ තියෙන්නේ මෛත්රි කරන්න කියලා.අනුරලා හදපු පන්ති වෛරයටත් බුද්ධාගමේ උත්තරය මෛත්රියම තමයි.හැබැයි මෙයාලා ඇතුලේ ඉන්න යක්ෂයා කවුද කියලා හදුනගෙන ඉන්න කියලා රටේ රාළ අපේ ගෞරවණීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා.වෙස්වලාගත් ආලවකලා දිහා සම්මා සතියෙන් බැලුවොත් හොඳයි අපේ හාමුදුරුවනේ.
නැත්තන් මේ ආලවකලා රට ලේ විලක් කරනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people and temple

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *