|

එජාප පාක්ෂිකයන්ට විවෘත ආරාධනයක් – රටේ රාළ

ජනාධිපතිවරණ කැම්පේන් එක දැන් මැඳක් දුරට ඇවිල්ලා.සාමාන්යයෙන් ජනාධිපතිවරණයක තියෙන්නේ දෙකොන් සටනක්.හැබැයි තමවමත් මේ ජනාධිපතිවරණයේ ප්රබල තුන්කොන් සටනක් තියනවා.අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තුන්වෙනි අපේක්ෂකයෙක් ලක්ෂ හතර හමාරක් ඉක්මවලා ඡන්ද අරන් නෑ.රනිල්,සජිත්,අනුර අතර තමයි මේ තුන්කොන් සටන ඇවිලෙමින් තියෙන්නේ.තවමත් තුන්දෙනා අතර සටන විවෘතයි.
සටනේ වැඩි වාසිය රනිල්ට තිබුණත් තවමත් ඒක ගන්න රනිල්ට පුළුවන් වෙයිද කියන සැකය කා තුලත් තියනවා.මොකද රනිල්ගේ කැම්පේන් එක තවමත් තියෙන් උඩ කැරකි කැරකි විතරයි.ඒකට එක හේතුවක් තමයි එක්සත් ජාතික පක්ෂය පොලොවේ සක්රීය නොවී තිබීම.සාමාන්යයෙන් එජාපය කියන්නේ රට පුරා ශක්තිමත් සංවිධාන ජාලයක් තිබුණ පක්ෂයක්.
උතුරු හා නැගෙනහිර පලාත්වලදී එජාපය ගොඩක් වෙලාවට කළේ උතුරේ සහ නැගෙනහිර තියෙන දේශපාලන පක්ෂ එක්ක එකඟතාවයෙන් කටයුතු කිරීමයි.අද එක්සත් ජාතික පක්ෂය මර නින්දකට වැටිලා.එජාපය අවධිකරන්න තිබුණ පහුගිය අවුරුදු දෙකක කාලය ඇතුලේ එජාප නායකයන් නිදාගෙනයි හිටියේ.නින්දෙන් ඇහැරුණු හැම විටම එයාලා කළේ කුලල් කාගන්න එකයි.
ඒක නිසා සජිත්ට නැති අනුරට නැති අවාසනාවන්ත තත්වයකට අද රනිල්ට මුහුණ දෙන්න වෙලා.සජිත් ජනාධිපති කරන්න සජබ පාක්ෂිකයන් වැඩ.අනුර ජනාධිපති කරන්න ජවිපෙ සහ මාලිමාවේ පාක්ෂිකයෝ වැඩ.නාමල් ජනාධිපති වෙන්නේ නැති බව දැන දැනත් ඉතිරි වෙලා ඉන්න පොහොට්ටුකාරයෝ ටික නාමල්ට වැඩ.මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකයෝ දිලිත්ට වැඩ.
එක්සත් ජාතික පාක්ෂිකයාට වැඩකරන්න ඕනි උනත් ඒකට විදිහක් සහ තැනක් නැතිව ඉන්නවා.රනිල් වෙනුවෙන් ලන්සා – ශ්රිලනිප සන්ධානය වැඩ.ප්රසන්න ප්රමුඛ පොහොට්ටුවේ පාර්ශවය වැඩ.තවත් පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් වැඩ.ඒත් මෙතන තීරණාත්මක බලවේගයක් උන එජාපය වැඩ නෑ.මොකද මේ වෙලාවේ එජාපය හරහා ආමන්ත්රණය කරන්න ඕනි බලවේගයක් ඉන්නවා.ඒ තමයි දැනට විසිරිලා ඉන්න එජාප පාක්ෂිකයන්.
ඊළඟට පහුගිය මහා මැතිවරණයේදී සජිත් සහ රනිල් ගැටුමෙන් කලකිරිලා අයින්වෙලා කාටවත් ඡන්දය දෙන්න ඡන්දපොලට ආපු නැති පාක්ෂිකයන්.එතන ලක්ෂ 20 කට ආසන්න ඡන්ද තියනවා.ඒ වගේම එජාපයෙන් ඈත්වෙලා සජබයට ගිය පාක්ෂිකයන් ගැන හොඳම අවබෝධය තියෙන්නෙත් එයාලට.ඒක නිසා එජාප arm එක මේ ජනාධිපතිවරණයේදී රනිල්ට අතිශයින් වැදගත් සාධකයක්.
හැබැයි එහෙම arm එකක් දැනට ground එකේ නං නෑ.දැනට එජාපය කියලා තියෙන්නේ රනිල් වටේට කැරකි කැරකි තමන්ගේ කැම්පේන් එක ගොඩදාන්න හදන ලොක්කන්ගේ එකතුවක් විතරයි.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ එජපයේ කිසිම නායකයෙක් වැඩ නෑ කියලා.රවීලා වගේ කණ්ඩායමක් වැඩක් කරනවා තමයි.හැබැයි ඒක ප්රමාණවත් නෑ.ඒක නිසා දැන් එජාප පාක්ෂිකයන්ට තියෙන්නේ ඊයේ සමුළුවෙන් හම්බ උන ගෑස් එකත් අරගෙන නායකයෝ එනකං බලා ඉන්නේ නැතිව බීමට බහින්න.
තමන්ගේ වගකීම පක්ෂය සහ නායකයා වෙනුවෙන් ඉෂ්ඨ කරන්න.ඒ වගේම දැනට රනිල් වෙනුවෙන් වැඩට බැහැලා ඉන්න ලන්සා – ශ්රිලනිප සන්ධානය,ප්රසන්න රණතුංග ප්රමුඛ පොහොට්ටු පාර්ශවය සහ අනෙක් සියලු කණ්ඩායම් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න.
ඊට අමතරව එජාප සාමාජිකයා සහ එජාපය හැරගිය සාමාජිකයා සොයාගෙන ගිහින් මේ වෙලාවේ සහය ඉල්ලන්න.මෙතනදී එයාලට කරන්න තියන වැඩේ ලොකු වගේම සරල එකක්. එජාප පාක්ෂිකයා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා.රනිල් ගැන පැහැදීමක් පක්ෂ විපක්ෂ කා තුලත් තියනවා.ඒ 2022 දී මේ රට බංකොලොත්භාවයට පත්වෙච්චි වෙලාවේ සහ රට පුරා දැවැන්ත අරගලයක් නිර්මාණය වෙලා තිබුණ වෙලාවේ කිසිකෙනෙක් රට බාරගන්නේ නැතිව පැනලා ගිය වෙලාවේ රට බාර අරගෙන රට බංකොලොත්භාවයෙන් මුදාගෙන රට යථාවත් කරපු නිසයි.
ඒ ඉඩ හැම කෙනෙක්ගේම හිත ඇතුලේ තියනවා. ඇත්තටම මේ පාර රනිල්ගේ කැම්පේන් එක කියන්නේ ඒ ඉඩට විවෘත කර ගැනීමයි.ඒ ඉඩට ඇඩ්රස් කිරීමයි.හරියට ඒ ඉඩට ඇඩ්රස් කලොත් ජනතාව ඔයාලාට සවන් දෙනවා.ඒක නිසා පක්ෂයෙන් එනකම් බලා ඉන්න එපා.ඇත්තටම මේ ඡන්දයේදී නම් පක්ෂයෙන් එන්නේ නෑ.පක්ෂය ඉහලින් කඩා වැටිලා තියන වෙලාවක පහල සාමාජිකයන් උඩින් එනකං බලාගෙන ඉන්න ඕනි කියලා එකක් නෑ.
පහලට පුළුවන් හිතලා වැඩ කරන්න.ඒක නිසයි රටේ රාළ එජාප පාක්ෂිකයට කියන්නේ භූමියේ තියන මේ unbalance එක නැති කරන්න කියලා. මාලිමාවේ සහ සජබයේ කැම්පේන් එකට සමාන සටනක් මහ පොලොවේ ඕනි.සජිත් කියන බොරුව ගැන ගෙන්ගෙට ගිහින් කියන්න අය ඉන්නවා නම්.අනුර කියන පච ගෙන්ගෙට බෙදා හරින්න අය ඉන්නවා නම් රනිල් කියන ඇත්ත ජනතාවට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් ඉන්න ඕනි.රනිල් විනාශයේ පතුලට වැටිලා තිබුණ රටක් ගොඩගත්තා කියන කතාව ගෙන්ගෙට ගිහින් කියන්න කෙනෙක් ඕනි නැද්ද?
රනිල්ගේ ඒ කතාව හැම එජාප පාක්ෂිකයෙකුටම ගෙදරකට ගොඩවෙලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්.ඇත්තටම මේ ජනාධිපතිවරණය තවමත් විවෘත සටනක්.තුන් දෙනාටම අවස්ථාව තියනවා. ඒ වගේ වෙලාවකදී එක තරඟ කරුවෙකුට අසාධාරණයක් සිද්ධ වෙනවා නම් තරඟයේ නියම තරඟකාරීත්වය එන්නේ නෑ.
රනිල්ට අසාධාරණයක් කරලා තියෙන්නේ තමන්ගේ පක්ෂයෙන් නිසා ඒකට අනිත් අයට කරන්න දෙයක් නෑ.පක්ෂයේ ඉහල අයට මොලේ පෑදෙන්නේ නැත්තං සාමාජිකයාට වගකීමක් තියනවා රනිල්ට බැට් කරන්න අවශ්ය ground සපෝට් එකක් දෙන්න.මොකද රනිල් බැට් කරන්නේ එයාම පිච් එකත් හදාගෙන.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and elephant

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *