තවත් මන්ත‍්‍රීවරයෙක් රනිල්ට එක්වේ

 

එළඹෙන ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට කටයුතු කරන බව  ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් හිටපු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා පැවසිය.

 

සුප්පයියා සදාසිවම් මහතා ඒ බැව් කියා සිටියේ (25) දින එළඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහ වෘත්තිය සමිති එකමුතුවේ සහය ලබාදිම සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරිම සදහා නුවරඑලිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදිය.

 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සුප්පයියා සදාසිවම් මහතා කියා සිටියේ

 

වසර දෙකකට කලින් අපේ රට වැටිලා තිබ්බ අගාධය අපට මතකයි, ආර්ථික මට්ටමෙන් රට වැටිලා තිබ්බ අවස්ථාවේ රට ක්‍රම ක්‍රමයෙන් ගොඩනගල අද වන විට ස්ථාවර තත්ත්වයකට පත් කරලා තියෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන එක අපිට පිළිගන්නට වෙනවා.

 

රටේ ජනතාවගේ ආර්ථිකය මෙන්ම කඳුකර වතු කම්කරුවන්ගේ ආර්ථිකය තේරුම් ගත් බුද්ධිමත් නායකයෙක් හැටියටත් රනිල් වික්‍රමසිංහ අපට හඳුන්වා දෙන්නට පුළුවන්, රනිල් වික්‍රමසිංහ තරම් අවබෝධයක් ඇති වෙන නායකයෙක් අපිට පේන්න නැහැ.

 

ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කතා කරන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලවත් රටවල් සියල්ල උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා, බලවත් රටවල්වලත් උදව් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයත් එක්ක රට ගොඩනගන්න පුළුවන් එකම රායකයා රනිල් වික්‍රමසිංහ විතරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ළඟදී රටවල් ගණනාවකට ගිහින් ආවා , රටවල් ගානේ ඇවිදින්න ගියා කියලා ඇති වැඩක් නෑ,  ඒ අපි හැමෝටම කරන්න පුළුවන්, ඒ රටේ ඉන්න රාජතාන්ත්‍රිකයන් එක්ක සබඳතා පවත්වන්න එයාලට බැහැ, ඒක කරන්න පුළුවන් එකම නායකයත් රනිල් වික්‍රමසිංහ.

 

ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන ඡන්දය දිනනවා කෙසේ වෙතත් ඔවුන්ගේ අඳුරු අත්දැකීම් අපිට හොඳට මතකයි, 1970 දශකයේදී ජාතික හැඳුනුම්පත් සොරාගෙන කරපු දේවල් අපි ඇස් පනාපිට දැක්කා ඒවා අපිට හොඳට මතකයි.

ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉස්සර හිටපු නායකයා රෝහණ විජේවීර මගේ හොඳම හිතවතෙක්, ඒ නමුත් කියන්න ඕන දේ කියන්න වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරා කියලා උඩ පුස්සල්ලාවේ ක්‍රියාකාරිකයෙකුට කටටම වෙඩි තිබ්බා ඒවත් අපිට හොඳට මතකයි.

 

අද මොන සුරංගනා කතා කිව්වත් එදා හිටපු අයමයි අද ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ, එයාලගේ ගති ලක්ෂණ කිසි එක වෙනසක් අපි දකින්නේ නැහැ.

ඉතා කරපු දේම අදටත් කරයි කියලා තමයි අපිට හිතෙන්නේ මොකද කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෑ කියලා අපි හොඳටම දන්නවා  යනුවෙන් පැවසිය.

 

– රංජිත් රාජපක්ෂ

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *