|

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ

කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය.

රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ වූ ඩලස්ලා, ඩිලාන්ලා, ගොඩහේවලා ජී.ඇල්.පීරිස්ලා වැනි දේශපාලන කාඩරයන් සමග සජබ වේදිකාවට ගොඩ වෙන සජිත් ප්‍රේමදාසගේ හැදිච්චකම හරින් මනුෂ දෙදෙනාගේ මන්ත්‍රීකම් නැති කිරීම හරහා කියවා ගත හැකිය.  තියා ගන්නවා තමුසෙගෙ බම්බු මන්ත්‍රීකම කියා  සජිත් ප්‍රේමදාසට රටට ඇහෙන්නට කී තලතා පාරට බැස්සේ තමන් ආදරය කළ එක්සත් ජාතික පක්ෂයේ ආත්මීය වේදනාවට කන් දෙසිනි.

 

තලතාගේ නික්ම යාම ගැන කතා කළ සුජීව සේනාසිංහ, තලතාට පමණක් නොව තමන්ටද පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න ඇතත් තලතා කැත වැඩක් කළා යයි කෑ ගසා කීය. ඩලස්ලා, ඩිලාන්ලා, ගොඩහේවලා ජී.ඇල්.පීරිස්ලා සමග දේශපාලන සාද පවත්වන සජිත්ගේ අන්තේවාසික සුජීවගේ ආත්ම ගෞරවය හැදිච්චකම ආචාරශීලිත්වය ගැන කිසිවෙකු අසන්නේවත් නැත්තේ මොනවාදෝ කප්පරක් කෑ එකාට මොකක්දෝ එකේ ගඳ නො දැනෙන බව ජනතාව දන්නා නිසාය. වාසියට තම ආත්මය කෙළෙසා ගත් සුජීව සේනාසිංහ, තලතා කළේ කැත වැඩක් කියන්නේ තලතා සජබය සහ සජිත්  හැර යාම විය හැකිය.

අතීතයේ සුජීව සේනාසිංහ එජාපයේ දඹුල්ල රැස්වීමක් අමතමින් අනාගතයේ සජිත් ජනාධිපති තමන් අගමැති බවට එජාප සාමාජිකත්ය දරමින් කළ ප්‍රකාශය ඇතුළත් හඬපටය එදාම තවත් පන්ති සගයෙකුට යොමු කළ ට්‍රීනිටි පාසැල්  සගයෙක් බත් කූරෙක් ගිය උඩ කියා සටහනක්ද තබා තිබිණ. හේතුව ඒ වන විට සජිත් සුජීව දෙදෙනාම එජාප සාමාජිකයන් ව සීටීමය. බැඳුම්කර කතාවට පලිප්පු දමා  පොතක් ලියා පළ කිරිමට අර්ජුන් ඇලෝෂියස් ගෙන් මිලියන ගණනක කප්පමක් සුජීව සේනාසිංහ ලබා ගත් බවට පාර්ලිමේන්තුවේදී නැගුණ චෝදනාව ඊයේ පෙරේදා සිට යළිත් ප්‍රති වාදනය වෙමින් පවතී.  තලතා  කැත වැඩක් කළා කියන සුජීව සේනාසිංහගේ මුළු දේශපාලනයම ඉහඳ පනුවන් පිරිගලියකටවත් අස් කළ නො හැකි තරම් පූති වලක් බව රහසක් නොවේ.

 

 

විසි වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තම ජ්‍යෙෂ්ඨත්වය සජබය පිළි නො ගැනීම ගැන තලතා කැරළි ගැසුවේ නැත. ඉතිහාසය පුරා ගමේ යූඇන්පී කාරයන් මරා දැමූ  ජවිපෙය මාලිමාව වෙමින් යළි පෙනේ පිප්පීමේ අවදානම දැනුණ වහා තලතා සිය  හඬ අවදි කළාය. එජාපය කඩා ඉහිරුවා රනිල් සමග ජනාධිපති මැතිවරණයට තරග වදින සජිත් ප්‍රේමදාස, ඔහුගේ පියාටත් ආරක්ෂාව දුන් එජාපයේ ගමේ සාමාජිකයන් දේශපාලන කුණාටුවකට හිර කර ඇතැයි තලතා අතුකෝරාළ චෝදනා කරන්නීය. කරු ජයසුරිය වැනි ජ්‍යෙෂ්ඨ වයෝවෘද දේශපාලනඥයන් සිටියදී සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායකයා නො කළා නම් මේ විනාසය එජාපයටත්  රටටත් සිද්ධ නොවන බව තලතාගේ කතාව ඇසූ එජාප හිතවතුන් යළි සිහිපත් කළහ.

 

JR 23813

71දී විජේවීරලා මැතිණිය මරා රටේ බලය ගැනීමට සැලසුම් කරද්දී විපක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධන, වහා ක්‍රියාත්මක නො වන්නට එදා මැතිණියට ආරක්ෂාව සලසමින් රට ශක්තිමත් කළ අතීතයකින් පෝෂණය වූ විශිෂ්ඨ දේශපාලන ධාරාවේ ආරක්ෂාව වෙනුවෙන් දෝෂාභියෝගයේදී ජනාධිපති ප්‍රේමදාස තනි නො කර රනිල්  වික්‍රමසිංහ, ගාමිණි ලලිත් වැනි සගයන් අමතක කළහ.  

 

 120229041 mangalas gettyයහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිකම පවා දැරූ මංගල
2019දී සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වයත් ලබා දී මැතිවරන සටන මෙහෙයවූ පසුබිමක 2020දී එජාපය විනාස කිරීමට සජිත්ට සහාය දීම ගැන තලතා සිය කනස්සල්ල පළ කළාය. එජාපය කඩාගෙන යාමට සජිත් මෙහෙය වූ මංගල සමරවීර යනු කිහිප වරක් එජාපයට දැඩි හානි කළ චරිතයකි. 2001දි චන්ද්‍රිකා වෙනුවෙන් රනිල්ට මිස්ටර් බීන් කියා රනිල්ට බෑ කියා රටට කී මංගල නැවත 2005දී ටිරාන් අලස්ලා සමග ප්‍රභාකරන්ට කප්පම් දී මහින්ද වෙනුවෙන් රනිල් පරාජය කිරීමට මුල් විය. 2006දී මහින්දගේ පා පහරින් විසි වී පාරට වැටුණ මංගලට ආරක්ෂාව සපයන ලද්දේ එක්සත් ජාතික පක්ෂයයි. පසුව යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිකම පවා දැරූ මංගල 2020දී යළිත එජාපයට  සහ රනිල්ට ද්‍රෝහි විය. ඉතිහාසය කියවයි නම් මංගලගේ පියා පවා සිය දේශපාලනය අවසන් කළේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙමිනි.

2020 සජිත් මංගල සෙල්ලම තේරුම් ගත් අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත්ලා නිර්මානය කරන සංධානයට අලියා ලකුණ පාවිච්චි කිරීමට කැමැත්ත පළ කළ අවස්ථාවේ මංගල ඍජුව කියා සිටියේ අලියා ගත්තොත් එජාපයේ ශක්තිය එසේම පවත්නා හෙයින් තමන් ඊට විරුද්ධ බවය. ඓතිහාසිකව යළි යළි එජාපයේ විනාසයට මෙසේ ක්‍රියා කළ මංගල සමරවීර, සජිත්ගේ කෙරුවාව තේරුම් ගත් වහාම 2020 මැතිවරණය අතර සජබ දේශපාලනයෙන් ඉවත්ව කළ වරදට සමාව අයදිමින් යළිත් මංගල රනිල් වෙත ගියේ සජිත් යනු උපන් ගෙහි අමනයෙකු මිස දේශපාලනයට ගැලපෙන්නෙකු නොවන නිසාය.

 

MS 01 12 800x5332020 මැතිවරණය අතර සජබ දේශපාලනයෙන් ඉවත්ව කළ වරදට සමාව අයදිමින්
යළිත් මංගල රනිල් වෙත යෑම

තලතා කතා කරන්නේ එජාපය ගැන උපන් වේදනාවෙනි. ලාංකේය සාම්ප්‍රදායික දේශපාලනයේ විශිෂ්ඨ අනන්‍යතාව වන එජාපය යනු  ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකත් පෝෂණය කළ අනුර බණ්ඩාරනායකටත් ආර්. ප්‍රේමදාසටත් මතු නොව පිලිප් ගුණවර්ධනටත් මහානාම මංගල සමරවීර පිය පුතුන් දෙදෙනාටම දේශපාලන රැකවරණ ලබා දුන් දැවැන්ත ප්‍රවාහයකි.

ඒ එජාපය ආරක්ෂා කිරීමට විජේවීරලාගේ තුවක්කු බටයට බිලි වෙමින් ගම්වල ජීවත්වූ ගැහැනුන් මිනිසුන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළ බව දන්නා ගමේ යූඇන්පී කාරයන් සජිත්ට අදත් සාප කරති. සත්තකින්ම දැන් එජාපයක් භූමියේ නැත. ඇත්තේ එජාප මානසිකත්වය පමණකි. හංසයා කර ගබා පොන්සේකාට 2010දීත් සිරිසේනට 2014දීත් ශක්තියක් වූ එජාපය යනු සජබය මාලිමාව පොහොට්ටුව වැනි තවත් ඔට්ටුපාල් ගුලියක් නොවන  බව තලතා අතුකෝරාළ ඍජුව කියා සිටියාය.

 

R Premadasa 2021.05.011988දී ආර්. ප්‍රේමදාසට ජනාධිපති ආපේක්ෂකත්වයට තෝරා ගත් පසුව එජාපයේ ක්‍රියාකාරි
තරුණයන් පිරිසක් කොල්ලූපිටියේ ඇල්ප්‍රඩ් හවුස් උද්‍යායේ නිවෙසට පැමිණ
ගාමිණි දිසානායක හමු වී එජාපයේ තේරීම ගැන සිය විරෝධය පළ කළහ.

1988දී ආර්. ප්‍රේමදාසට ජනාධිපති ආපේක්ෂකත්වයට තෝරා ගත් පසුව එජාපයේ ක්‍රියාකාරි තරුණයන් පිරිසක් කොල්ලූපිටියේ ඇල්ප්‍රඩ් හවුස් උද්‍යායේ නිවෙසට පැමිණ ගාමිණි දිසානායක හමු වී එජාපයේ තේරීම ගැන සිය විරෝධය පළ කළහ. ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසුව පුරවැසි පෙරමුණු අටවා ගනිමින් ආර්. ප්‍රේමදාස එජාපය  විනාස කිරීමටගත් නින්දිත උත්සාහය මතක් කළ තරුණ පිරිස, එජාපයේ විනාසයට සහාය දීමට තමන්ට නො හැකි බව දන්වා, කණ්ඩායමක් ලෙස ප්‍රේමදාසට උදව් කිරීමෙන් වැළකී සිටිමින් ඔහු පරාද කළ යුතු බව කීහ. මෙම ප්‍රකාශය ඇසූ ගාමිණි දිසානායක මෙසේ ප්‍රතික්‍රියා දක්වා තිබිණ.

”අපිට ප්‍රේමදාස සමග විවිධ ගැටළු තියෙනවා. ඒත් දැන් ගමේ සිද්ධ වෙමින් පවත්නේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ එජාපයට සම්බන්ධ ගමේ උදවිය ඝාතනය කරන බව දිනපකා අසන්නට ලැඛෙනවා. අපි අපේ දේශපාලන කුඩුකේඩුකම් නිසා ප්‍රේමදාස පැරැද්දුවොත් වෙන්නේ, ගමේ පාරම්පරික එජාප පාක්ෂිකයන් සමූල ඝතනය වීම පමණකි. අප දේශපාලනිකව භූමියේ පවත්නා අවදානම තේරුම් ගෙන ප්‍රේමදාසගේ උපන් ගෙහි ද්‍රෝහිකම් අමතක කොට,  එජාපය දිනවීමට ක්‍රියා කළ යුතුයි. ප්‍රේමදාස රටට එජාපයට හානියක් කළොත් අප ඔහු ජයග්‍රහණය කරවූවේ ගමේ පාක්ෂිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් නිසා  ඉතිහාසය විසින් අපව නිදහස් කරාවි.”

ප්‍රේමදාසගේ දේශපාලනයට එකඟ නොවූ ගාමිණි, ලලිත්, රන්ජන් විජේරත්න ආදීන් ප්‍රේමදාස රටේ ජනාධිපති ලෙස පත් කිරීමට කැපවී ක්‍රියා කළහ. ඩී.එස්., ඩඩ්ලි,  සේනානායකලා අසුන් ගෙන සිටි එජාප කාත්‍යාධිකාරි මණ්ඩලයට කු ප්‍රකට සොත්ති උපාලි පත් කිරීම දක්වා පක්ෂයට හතුරුකම් කළ ප්‍රේමදාසට දෛවයේ කුරිරු සරදමින් මිදී ජීවත්විමට වැඩි කල් ගියේ නැත. ප්‍රේමදාසට සමීපව සිටි රන්ජන් විජේරත්න ආරක්ෂාව තහවුරු කළ කොළඹදී ඝාතනය වීම අදටත් අභිරහසකි. ලලිත් ඇතුළත්මුදලි ඝාතනයත් එසේමය. ලලිත් ඝාතනය කොට තෙ දිනක් ගෙවී උදාවූ 1993 මැයි පළවෙනිදා ඉර පායනු දුටු ප්‍රේමදාසට හිර හැරෙනවා දකින්නට ලැබුණේ නැත. බාබු නම් දමිළ තරුණයා බෝම්බයක් පුපුරුවා ගෙන ප්‍රේමදාස ඝාතනය කළේය. ඒ වනවිට  ගාමිණි සිටියේ විපක්ෂයේය. අද මගේ පියානෝ කියා සජිත් ප්‍රේමදාස දිනකට හත් වරක් සිහිපත් කරන ආර්. ප්‍රේමදාසගේ මරණ පණිවිඩය ඇසු ලංකාවට මිනිස්සු කිරිබත් කමින් රතිඤ්ඤා දල්වා සතුට පළ කළේ එජාපයත් රටත්  බේරුණා කියමිනි.

අද බොහෝ ගම්වල පැරණි එජාප පාක්ෂිකයන් පමණක් නොව සමහර සජබ පළාත් පාලන අපෙක්ෂකයන් පවා ගෙයින් ගෙට යමින් මාලිමාව වෙනුවෙන් පෙනී සිටිති. මෑතක ලග්ගල ප්‍රදේශයේ වැඩිහිටියෙක් මාලිමා ප්‍රවර්ධනය කැපවූ එජාපයට සමීප පවුලක් හමුවී මෙසේ ප්‍රශ්න කළේය.

Untitled 1 copy

”ඇයි මේ අපේ එවුන් මරාපු මිනි මරුවන්ට උදව් කරන්නේ…. මතකද කිවුලවාඩියේ රා බොන්න එක්ක ගිහින් විජේ මහත්තයාගේ මල්ලි ලොකු බණ්ඩාලාටයි තව තුන් දෙනෙකුටයි  බල්ලන්ට වාගෙ වෙඩි තියලා මැරවේ එකට කාපු බීපු මේ මිනී මරුවෝ  නේද? එදා රාවනාගම විතරක් මළගම් දෙකයි. උඹලා මැරිලා ඉපදුණාද? වැඩිහිටියාගේ කතාව අසා මදක් නිහඬව සිටි ගෙ හිමියා මෙසේ කීය.

”මාමා.. මැරිලා ඉපදිලා නෑ. වරෙන් මිදුලට කාටවත් ඇහෙන්නේ නැති තැනකට ගිහින් මට යමක් කතා කරන්න ඕනැ. ඔවුන් දෙදෙනාම මිදුලේ කෙලවරකට වී කළ රහස් කතාව කුමක්ද? මාලිමා දැන් දිනලා ඉවරයි. මං ගමේ ප්‍රසිද්ධ යූඇන්පී කාරයා. මගේ පුතා ශාඛාවේ හිටිය ලේකම්. මුන් දිනුවොත් අපි මරණ එක ෂුවර්. නැති යූඇන්පියක් ගැන හූල්ලමින් මැරුම් කන්න බැරි නිසා අපි මාලිමාවට වැඩ කරන්නේ. රනිල් මහත්තයා ජනාධිපති වුණාට කැඩිච්චි යූඇන්පිය එකතු වෙනවට සජිත්ලා කැමති නෑ. අපි දන්නවා ජේ.ආර්. මරමු කියලා පෝස්ටර් ගැහුවේ ජේවිපි කාරයෝ නොවෙයි කියලා. හර්ෂ අබේවර්ධනලා මැරුවේ කවුද කියලා අපි දන්නවා.” මේ සිද්ධිය මා සමග කී අර වැඩිහිටියා විජේ මහත්ත්යා කියන්නේ ජේ.පී. විජෙරත්න බණ්ඩා බවත් ලොකු  බණ්ඩා කියන්නේ රාවනාගම පදිංචිව සිටි විජේරත්න බණ්ඩාගේ එක කුස ඔත් මල්ලී බවත් කීය.

 

Sajith Mi 7සජිත් ප්‍රේමදාස මිහින්තලේ පන්සලේ විසන්ධි කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු
රුපියල් මිලියන පහකට ආසන්න මුදල ගෙවා දැමිිම

තලතාගේ කතාවට පසුව ලග්ගල කිසිවෙක් මට මුණ නොගැසිණ. එහෙත් තලතා අතුකෝරලට වඩා රෝහිණිලාගේ පරම්පරාවේ එජාප පෙකෙනි වැල දිගය. ඒ නිසා රෝහිණී විජේරත්නට මැරී ඉපදුණේ නැති නම් මේ ටික දත යුතුවේ. තලතා කී පරිදි ඇය දේශපාලනයට ආවේ ගාමිණි අතුකෝරාලගේ අභාවය නිසාය. එහෙත් රෝහිණි විජේරත්නගේ අම්මාගේ අප්පච්චිත් ඇයගේ අප්පච්චිත් ඇයගේ සැමියා සංජීවත් සංජීවගේ පියා පි.බී. කවිරත්නත් ශක්තිමත් කළ ගමේ යූඇන්පිය යළිත් තුවක්කුවේ ඉලක්කය වී ඇත. 88 -89 කාලයේ ලංකාවේ ඈත ගම්වල ගල් කටස් දේශපාලනයට බිලි වූ එජාප හිතවතුන්ගේ ඤාතින් අද මාලිමාව සොයා යන්නේ රට භාර දී බදු නො ගෙවා නිකම් කකා බිබී ඉන්න කැමැත්තෙන් නොවේ. වෙඩි නොකා දරු මල්ලන් සමග ජීවත්වීමට ඇති ආසාවටය. සජිත් ප්‍රේමදාස මිහින්තලේ පන්සලේ විසන්ධි කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන පහකට ආසන්න මුදල ගෙවා දැමුවේ පින් සලකලා නොවේ. රනිල් කෙරෙහි වෛරයක් ඇති කිරීමටය. සජිත් රටේ ජනාධිපති වුණෙත් ඊළඟ දවසේ ලංකාවේ සියලු ආගමික සිද්ධස්ථාන සඳහා විදුලිය නොමිලේ ලබා දෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුවේ. එසේ කළ හැකිද යන්න මෙතනට අදාළ නැත. ඒ ප්‍රකාශ නො කළොත් රට බංග්ලාදේශයක් වීමට එක් පෝයක් ගත වෙන්නේ නැත. රටේ මිනිස්සු පොරොන්දු දේශපාලනය හේතුවෙන්  ඉන්ධන පෝලම්වල අවසන් හුස්ම හෙළු බව මතක ඇති නිසා යළි පොරොන්දු වලට රැවටී ආණ්ඩු පත් කරන්නේ නැත.

අනුරලාගේ සජිත්ලාගේ අඩු කළ බදු, නොමිලේ දෙන කතා අසන ගම්වල අවමංගල්‍යාධාර සමිතිවල සාමාජිකයන් ද, දෙ කොනින් හිනාවෙති. අවමංගල්‍යාධාර සමිතිවලට සාමාජිකත්වයට ඇතිනැතිකම් අදාළ නැත. සාමාජික ගාස්තු නො ගෙවයි නම් පවුලේ මරණයකට කර ගසන්න ගමේ කිසිවෙක් එන්නේ නැත. එය විනයකි. ඒ අත්දැකීමෙන් පෝෂිත ගමේ මිනිසුන්ට පුරුවැසියාගේ වගකීම වෙනුවට බොරු පොරොන්දු දී බලය ඩැහැ ගැනීමේ ජාවාරමට තවත් පැවැත්මක් නැත.  රට ආර්ථීකයට වැළඳුණ  පිළිකාවට විශේෂඥ වෛද්‍යවරයා රනිල් මිස තෙල් ඛෙහෙත් කාරයන්ට විසඳුම් නැති බව  රටේ බහුතර ජනතාව තේරුම් ගෙන හමාරය.

chandrasiri senevirathne
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *