|

ජවිපෙ දෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම – රටේ රාළ

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයගැනීමෙන් පස්සේ රට පුරා පිහිටවා ඇති මාලිමාවේ කොට්ඨාශ සභා දිගටම පවත්වාගෙන යන බව අනුර සහෝදරයා කියනවා.ඒ ඒ කොට්ඨාශ සභා හරහා ගමේ සාමය පවත්වාගෙන යන බවත් අනුර කියනවා.ගමේ සාමය වෙනුවෙන් ඒ කොට්ඨාශ සභා ජනාධිපතිවරණයෙන් පස්සෙත් තියාගන්නවා කියලනේ මේ කියන්නේ. ඕකම තමයි ලාල් කාන්ත සහෝදරයත් කියන්නේ. වෙනසකට තියෙන්නේ ලාල්ගේ ප්රකාශ ඇතුලේ ලාල් හංගන්නේ ටිකයි.
අනුර ගොඩක් දේවල් හංගලා ජවිපෙ කොට්ඨාශ සභාව සාම මණ්ඩල විදිහට පෙන්නන්න හදනවා. මේවා සෝවියට් යුගයේ තිබුණ සෝවියට් සභාවලට සමාන කරන්න බෑ.ඒක සෝවියට් සභාවලට කරන බරපතල අගෞරවක්.රුසියාවේ විප්ලවය වෙද්දී ගමේ බලය සෝවියට් සභාව විසින් පවරා ගත්තා ” පෙරළුණු නැව්ම් පස ” පොත හොයාගෙන කියවන්න පුවන්නම් ඔයාලට සෝවියට් සභා ගැන පොඩි හරි අවබෝධයක් ගන්න පුළුවන්,හැබැයි අනුරගේ කොට්ඨාශ සභාවල ඉන්නේ Facebook වීරයෝ සහ අමු රස්තියාදුකාරයෝ.
එතන පෙරළුණු නැව්ම් පසේ ඉන්න මකාර්ලා නෑ.හැබැයි චුකාර් සීයලා නං ඕනි තරං ඉන්නවා. අනුර කියන විදිහට අනුර බලය ගැනීමත් එක්ක ප්රශ්න දෙකක් මතුවෙනවා.එකක් ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පස්සේ ජවිපෙ ඊළඟ ක්රියාමාර්ගය මොකද්ද කියන එක.ඒ ක්රියාවලිය පවත්වගෙන යන්න ජවිපෙට ඕනි මොනවගේ සාමයක්ද කියන එක.සාමය පවත්වාගෙන යන ක්රම ගොඩක් තියනවා.සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙඩි තියන අවස්ථාත් තියනවා.
රටේ සාමය පවත්වාගෙන යන්න නං රටේ නීතිය ක්රියාත්මක වෙන්න ඕනි.ඒකට අධිකරණ පද්ධතියක් නිළ පොලිසියක් සහ හමුදාවක් තියනවා.රටේ පත්වෙන ජනාධිපතිවරයාට සාමය පවත්වාගෙන යන්න ඕනි නං නීතිය හරියට ක්රියාත්මක කරන්න ඕනි.ඒ වෙනුවෙන් එයාට සෘජුව අණ දෙන්න පුලුවන් ආයතන ගණනාවක් සහ ගන්න පියවරයන් ගණනාවක් තියනවා. ජනාධිපතිවරයාට රටේ සාමය පවත්වාගෙන යන්න ඇඳිරි නීතිය,හදිසි නීතිය දාන්න පුලුවන්, සන්නද්ධ හමුදා කැදවීම කරන්න පුළුවන්.අහසට වෙඩි තැබීමේ ඉදන් අවම බලය සහ උපරිම බලය පාවිචිචි කිරීම දක්වා යන්න පුළුවන්.
හැබැයි ඒක කරද්දී නිල හමුදාවකට සහ පොලීසියට නෛතික රාමුවක් යටතේ ක්රියාත්මක වෙන්න සිද්ධ වෙනවා.ඒවා කඩ කරපු අවස්ථා ඕනි තරම් තියනවා.එහෙම වෙන හැම වෙලාවකම පුරවැසියාට අධිකරණයේ පිහිට පතන්න පුළුවන්. දැන් අනුර කරන්න හදන්නේ ඒ නීතිමය ක්රියාවලිය පැත්තකින්ම තියලා එයාලා ජනාධිපතිවරණය වෙනුවෙන් හදපු ආකෘතියකට ගමේ සාමය පවත්වාගෙන යන වැඩේ බාරදෙන්න.
ගමේ සාමය පවත්වාගෙන යන්න නං නීතියක් ක්රියාත්මක වෙන්න ඕනි.ඕක තමයි ලාල් කියන නීතිය ක්රියාත්මක කිරීමේ සහ යුක්තිය පහිඳලීමේ ජවිපෙ ක්රමය.එතකොට ගමේ සාමය පවත්වාගෙන යන්න ඕනි නීතිය ක්රියාත්මක කරන්නේ ජවිපෙ කොට්ඨාශ සභාවේ ඉන්න කණ්ඩායම.ඔයාලා නිකං හිතන්නකෝ දැන් ඔය බලය එන ඔයාලගේ ගමේ ඉන්න ජේවීපීකාරයෝ ටික ගැන.කිසිම දේශපාලන දැනුමක් නැති, ලෙඩෙකුට හදිස්සියේ පෙනඩෝල් දෙකක් අරන් දුන්නේ නැති.
88/89 දී ගෙවල් මංකොල්ල කාපු සෙට් එකේ අය නෙවෙයිද එතන නායකයෝ වෙලා ඉන්නේ කියලා. ජවිපෙ අවශය සාමය පවත්වාගෙන යන්න බාධා කළ සහ බාධාවක් වෙයි කියලා හිතන සියලු දෙනා ඔය කොට්ඨාශ සභාව හරහා අයින් කිරීම තමයි ජවිපෙ ඉලක්කය.88/89 ජවිපෙ වෙනුවෙන් දිවි පරදුවට තියලා වැඩකරපු,අද ජවිපෙ හතර දෙනාගේ කල්ලියේ බලහත්කාරයට යට නොවී ජවිපෙන් අයින්වෙලා ඉන්න,ඒ වගේම අද ජවිපෙ විවේචනය කරන අයට සිද්ධ වෙන්නෙ 88/89 ජවිපෙ නමින් හොරකම් කරපු තක්කඩි අතින් මැරුම් කන්න.
අනුර ජනාධිපති උන ගමන් එයා කරන දේ දැනටමත් කියලා ඉවරයි.අනුර ජනාධිපති උන දවසේම රෑ පාර්ලිමේන්තුව විසුරවනවා කියනවා. අනුරට ඒක කරන්න පුළුවන්.හැබැයි ඊට ඉස්සෙල්ලා අනුර අගමැති කෙනෙක් සහ කැබිනට් එකක් පත් කරන්න ඕනි.එතකොට අනුර පාර්ලිමේන්තු විසුරවලා බලය දෙන්නේ ගමේ කොට්ඨාස සභාවට.ඒ වෙලාව කියන්නේ රටේ වලංගු නීතිය ක්රියාත්මක නොවෙන වෙලාවක්. සියල්ල අනුරගේ කෑලෑ නීතියට යටවෙලා තියන කාල පරිච්ඡේදයක්.
ගමේ ජවිපෙ කොට්ඨාශ සභාව කරන්න ඕනි ජවිපෙ පාර්ලිමේන්තු බලය ඩැහැගැන්න කං ගමේ නිහඩ කරලා දෙන එකයි.ඒ සාමය ඇතුලේ ඡන්ද පොලට එන්න කිසිම විපක්ෂ කණ්ඩායමකට ඉඩ දෙන්නේ නෑ.එහෙම උනොත් ඒක රැයෙන් ජනතාවට තේරෙයි අපිට වැරදුනා කියලා.අනුර කියන්නේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවා කියලා.එක විරුද්ධ පාක්ෂිකයෙකුට වැලි කැටේකින්වත් ගහන්න දෙන්නේ නෑ කියලා.ඔව් ඒක ඇත්ත එයාලා වැලි කැටවලින් නං කවදාවත් ගහන්නේ නෑ.
ගහන්න ඕනි දේවල් එයාලා ලග තියනවා.රටේ ප්රජාතන්ත්රවාදය නෙවෙයි මෙයාලා පක්ෂෙ ඇතුලේ සහ තමන් එක්ක එකට හිටලා වෙන් උන අයගේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරපු හැටි රටේ රාළ කියන්නම්.2008 විමල්ලා ජවිපෙන් අයින් වුන වෙලාව කියන්නේ ජවිපෙට ලොකු බලයක් තිබුණ වෙලාවක් නෙවෙයි.එදා ජවිපෙ හැසිරුණ විදිහ ඔයාලට මතක ඇති.එදත් ජවිපෙ ඇතුලේ හංගගෙන ඉන්න සත්තු ටික දාලා ඒ අයගේ ඔළු පැලුවේ ගෙවල්වලට පැනලා.අඟට පරාල ඇණ ගහපු දෙකේ දෙකේ පොලු වලින් තමයි ඒ මිනිස්සුන්ට ගැහුවේ.
ඒ අයට රැකවරණය දුන්න අයගේ ගෙවල්වලට අසූචිවලින් ගැහුවා.රටේ රාළට කෑගල්ලේ සාකච්ඡාවක් කරන්න දුන්න ගෙදරට රෑ ජවිපෙ දිස්ත්රික් ලේකම්,ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් සහ තවත් අයෙක් අසූච්චි ගහන්න ආවා.හැබැයි එයාලට වැඩේ කරන්න නොදී එදා අපි වැඩේ බේරගත්තා.ඒ ආපු අය අද ජවිපෙත් එක්ක නෑ.එයාලා අද ඒ ගැන කම්පා වෙනවා. පාපෝච්චාරණය කරනවා.හැබැයි ඒවට අණ දුන්න අය තවමත් ජවිපෙ ඇතුලේ ඉන්නවා.
එයලා විමල් ඝාතනය කරන්න ඝාතකයෙක් ජනිපෙ මධ්ය කාරක සභාව දක්වා එව්වා.අදත් ඒ ඝාතකයා කළුතර දිස්ත්රික්කයේ ටිල්වින් එක්ක ඉන්නවා.විමල්ට කොන්දක් තියනවා නං ඒ කතාව දැන් රටට කියන්න ඕනි.නැත්තං ජවිපෙ විමල්ට කරන්න හදපු අපරාධය රටේ තවත් බොහෝ දෙනෙකුට කරනවා.ජවිපෙ බලය ගන්න ඉස්සෙල්ලා දැන්මම වැඩේට ලෑස්ති වෙනවා.අනුර දිනුවොත් පලවෙනි රෑ කොට්ඨාශ සභාවලට බලය දීලා ජවිපෙ ද්රෝහීන් ටික අයින් කරනවා.
ඊළඟට අනුරලා හැරෙන්නේ ඔය ජවිපෙ නොවන මාලිමාවේ සෙට් එක පැත්තට.දැන් මාලිමාවේ කාර්යාලය විවෘත කරමින් යනවා.ඒවාට එන්නේ 88/89 හිටපු මංකොල්ලකාරී කාඩර්ලා.ජවිපෙ ලේබලය යටතේ මිනී මරපු සෙට් එක.මංකොල්ල කාපු සෙට් එක.ජවිපෙ කාර්යාල විවෘත කරන්න මාලිමාවේ ආචාර්ය මහාචාර්ය සෙට් එක ගන්නේ නෑ.එයාලත් ඒවට ඇවිත් කතාවක් කරලා යන්න කැමැත්තෙන් ඉන්නවා.
එයාලා ගන්නේ අනුරගේ වේදිකාව ලස්සන කරන්න විතරයි.මහජනයා අතරට යෑම එයාලට තහඅනුර ජනාධිපතිවරණය දිනුවට පස්සේ ආය මාලිමාවක් නෑ.ආයෙත් එන්නේ පරණ ජවිපෙම තමයි.එදාට ඔය ආචාර්ය මහාචාර්යවරුන්ට වෙන්නෙත් ජවිපෙ ද්රෝහීන්ට උණ දේම තමයී.රටේ රාළ නං ඒක දැනෙන ජවිපෙ බලයට ආවොත් රට වෙන විනාශය ගැන සමාජය දැනුවත් කරනවා.
මාලිමාවේ මහත්වතුරු ජවිපෙ ඇතුල ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව තමන්ගේ වල තමන් විසින්ම කපා ගන්නවා.එතනින් එහාට එන්නේ පොල් පොට් පාලනයක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *