පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

linkedin sharing button

whatsapp sharing button
messenger sharing button
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා කීය.

ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට ද තමා කැපවී සිටින බව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසිය.

2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 22 වැනිදා) තීන්දු කළේය.

ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝගයක් කරනු ලැබීය.

(මුලාශ්‍රය – lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *