|

තලතා සජබයම කලතයි – රටේ රාළ

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරල අද (21) සිය මන්ත්රීධුරයෙන් සහ සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුනා.තලතා එයාගේ අස්වීම ප්රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින්. අද ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කියපු කතාව පැය කීපයක් ඇතුලත තලතා ඔප්පු කරලා පෙන්නුවා.
” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ සජිත්ගේ බැරිකමට සමාවක් තිබුණත් සජිත්ගේ පෞද්ගලික බල උවමනාව වෙනුවෙන් එජාපය කඩා දැමීමේ කුමන්ත්රණයට කවදාත් සමාවක් හම්බ වෙන්නේ නෑ කියලයි.ඒ වෙනුවෙන් සජිත් ලොකු දේශපාලන වන්දියක් ගෙවන්න වෙනවාම තමයි.නිවැරදි විකල්පයක් නැතිව තමන්ගේ මව් පක්ෂය කඩලා දාපු සජිත්ට සහ රාජපක්ෂලා දෙගොල්ලටම අද එකම සන්ධිස්ථානයකදී දිට්ඨධම්මවේදනීය කර්මය පලදීලා.
නාමල් මේ වෙලාවේ කරන සජිත්ගේ කොන්ත්රාත්තුවටත්,සජිත්ගේ ජනාධිපති හීනයටත් තලතා ස්කට් මිසයිල පහරක් එල්ල කළා.සජිතුයි,නාමලුයි, දුරකතනයයි, පොහොට්ටුවයි තනි ගැහැනියෙක් විසින් උත්සලා පොලොවේ ගහලා.ඒ විතරක් නෙවෙයි මාහා දාර්ශනික පාඨළීගේ දේශපාලන තක්සේරු වැරදි බවත් තලතා අද ඔප්පු කරලා පෙන්නලා තියනවා. පාඨළීල පාර්ලිමේන්තුවට එන්න ඒ ඒ කාලෙට කඳවුරු හොයනවා මිසක් දේශපාලන ප්රතිපත්තියක කවදාවත් හිටියේ නෑ.
සුදට ඇන්ඳගෙන මහා ප්රාඥයෝ වගේ ඉන්න හැදුවට දේශපාලන බලවේගවල සහ සමාජ බලවේගවල හැසිරීම එයාලට තේරෙන්නේ නෑ. පහුගිය කාලේ පාඨළීලගේ සියලු උපකල්පන වැරදියි.එයාලා හිතුවේ ඉස්සෙල්ලා එන්නේ මහා මැතිවරණය කියලා.රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා ඊළඟට හිතුවා.රනිල් එන්නේ නැති නිසා පාඨළීට එන්න කෙටි පාරවල් හෙව්වා.
අන්තිමට පාඨළී විවේචනය කරපු තැනට.ආය කවදාත් යන්නේ නෑ කියපු තැනට,පාඨළීම ටීං ටිං කිව්ව කෙනා ළඟ දණ ගහන්න සිද්ධවුනා. මරිකාකාර් කිව්වා වගේම දේශපාලන වශයෙන් අඩු කඩලා පාඨළී සජබයට ගත්තා.එහෙම පාර වරද්දාගත්ත දේශපාලනඥයෝ ඉන්දැද්දී අද තලතා හොඳ ආදර්ශයක් දීලා තියනවා.සජබෙ නමින් තමන් ගත්ත මන්ත්රීධූරය අද සජබයටම බාරදීලා තලතා ගෙදර ගිහින්.
තලතාගේ නෙවෙයි අපි තලතගේ අයියගේ දේශපාලනයටත් විරුද්ධයි.ඒක වෙනම කතාවක්. හැබැයි එජාපය ඇතුලේ ගාමිණි අතුකෝරල කියන්නේ දැවැන්ත පෞරුෂයක්.ඒ ගාමිණීගේ නංගී තමයි තලතා.තලතා මොනවා උනත් ගාමිණී ආතුකෝරලගේ නම්බුව සහ ගෞරවය ආරක්ෂා කළා.සිංහල බෞද්ධකම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියන මන්ත්රීලා අපේක්ෂකත්වයක් වෙනුවෙන් කටු සූප්පු කරද්ද තලතා මන්ත්රීධූරයක් බාරදීලා ගෙදර ගියා.
තලතගේ කතාවට අනුව බොහෝවිට රනිල් එක්ක එකතු වෙයි.
තලතා එලියට බැස්සේ සජිත්ට මන්ත්රීකම දීලා.ඒ ගැන සජිත් සතුටු වෙනවා ඇති.රත්නපුරේ ලයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා ඊටත් වැඩියෙන් සතුටු වෙනවා ඇති.මේ මන්ත්රීධූරය ප්රතික්ෂේප කරන්න ධෛර්යයක් කරුණාරත්න පරණවිතානට තියෙක් කියලා රටේ රාළ නං හිතන්නේ නෑ. මන්ත්රීධුරය එහේ තියලා ආවට තලතා සජබෙ හෘද සාක්ෂියත් අරන් තමයි එලියට බැහැලා තියෙන්නේ.ඒ එදා තේරුමක් ඇතිව හෝ නැතිව එජාපය කඩා දැමීම වැරදියි කියන එක පිලි අරන්.තලතගේ හෘද සාක්ෂිය මේ මොහොතේ ඉඳන් සජබ ඇතුලේ හෘද සාක්ෂියක් තියන අයගේ හෘද සාක්ෂියට කතා කරන එක නවත්තන්න බෑ.
එදා එජාපය කඩලා එයාලා වැරැද්ද කළේ රනිල්ට නෙවෙයි.ඇත්තටම සජිත්ලා ඒ වැරැද්ද කළේ මේ රටට.වැරදි කිරීම සාමාන්ය මිනිස් ගතියක්.වරදට සමාව දීම දේවගතියක්.හැබැයි වරඳ පිලි අරගෙන වරඳ නිවැරදි කිරීම හොඳම මිනිස් ගුණාංගයක්. තලතා අද ඉතිහාසයේ තමන් අතින් සිද්ධ වුන වැරඳ පිලි අරගෙන එජාපයට එරෙහිව එජාපය පාක්ෂිකයන්ගෙන් ගත්ත මන්ත්රීධූරය සජිත්ට බාරදීලා තියනවා.
ඇත්තටම මේ පොදු සටන වෙනුවෙන් එලියට බැහැපු තලතා සාධරයෙන් පිලිගන්න ඕනි.එජාපය කඩලා එලියට ඇවිත් සජිත් සජබෙන් ඡන්දෙ ඉල්ලලා මන්ත්රීධූර 54 ක් ගත්තා.එජාපය එක මන්ත්රීධූරයට පල්ලම් බැසුවා.ඊයේ රටේ රාළ කිව්වා වගේම සජිත්ට බැරි බව පෙන්වමින් එක මන්ත්රීධූරය පාවිච්චි කරගෙන රනිල් රටේ ජනාධිපතිධූරය දක්වා ආවා.රනිල් එදා බාරගත්තේ දෙපැත්ත ගිනිගන්න විලක්කුවක් වගේ රටක්.
එක පැත්තකින් බංගලිදේශ පන්නයේ අරගලයක්. අනිත් පැත්තෙන් බංකොලොත් රටක්.රනිල් රට බාර අරගෙන සියලු දෙනාට ආරාධනා කළා රට ගොඩදාන්න සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වෙමු කියලා.ඒ වෙලාව තමයි සජිත්ට වරද නිවැරදි කරන්න තිබුණ හොඳම වෙලාව.ඒ වෙලාවේ සජිත් සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වුනා නම් අද එජාපයත් රැකෙනවා සජබෙත් රැකෙනවා.
හැබැයි සජිත් ඒ තිරණය ගත්තේ නෑ.සජිත් වැරැද්ද continue කළා.සජිත් එහෙම කරද්දී තමයි සජබ ඇතුලේ හෘද සාක්ෂිය තියන අය කතා කරන්න පටන් ගන්නේ.එක වෙලාවක රෝහිණි කවිරත්න කිව්වා මේ අර්බුදය ඉස්සරහා රනිල්,සජිත් විතරක් නෙවෙයි සියලුම නායකයෝ එකතු වෙන්න ඕනි කියලා.රාජිත දිගටම ඒ මතයේ හිටියා.තලතා කලිනුත් කිව්වා එජාපය දෙකඩ කිරීමේ තීරණය නොගත්තා නම් හොඳයි කියලා.
සජබෙ ඇතුලේ ඒ අවධිවෙමින් තිබුණ හෘද සාක්ෂිය සජිත්ලා,මරික්කාර්ලා,සුජීවලා,ජලනිලා මරලා දාන්න තමයි හැදුවේ.ඒ වෙනුවෙන් රාජපක්ෂලා එක්ක මේ රට බංකොලොත් කරන්න සම්බන්ධ වුන අයගෙන් සජබය පුරෝගත්තා. හැබැයි ඒ එජාපය කඩපු වැරැද්ද වහන්න කවදාත් සජිත්ලට බෑ.සජබයේ ගමනක අවසානය සටහන් වෙනකම්ම සජිත් එජාපය කඩපු පව සජිත් පස්සේ පන්නනවා.සජබ සැලුන් දොර වැහුවා කියලා ලකීටත් ඒක නතර කරන්න බෑ.හෘද සාක්ෂිය අවධිවුන මිනිස්සු ඔය ඕනිම දොරක් කඩාගෙන එලියට පනිනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *