|

සජිත්ට බෑ – රටේ රාළ

සජිත් ප්රේමදාසට වඩා විශිෂ්ඨ,උගත්,පලපුරුදු දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා අජිත් පී පෙරේරා අභියෝගයක් කරලා තියනවා.අජිත් පීගේ වචනවලින්ම කියනවා නම් මෙහෙමයි
” අපි අභියෝග කරනවා සජිත් ප්රේමදාස මහතාට වඩා විශිෂ්ට,උගත්,පළපුරුදු,දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා.මේ රටේ දේශපාලනයේ තුළ ඉන්න තමන්ගේ පෞද්ගලික කැපවීමෙන් මේ රට ඉදිරියට ගෙන යෑමට අවශ්ය දැක්ම,වැඩපිළිවෙල සහ චරිතය තිබෙන එකම නායකයා සජිත් ප්රේමදාස මහතා පමණයි “
කොහොමද අජිත් සජිත් ගැන දෙන සහතිකය. ඇත්තටම අජිත් කියන සජිත් ළඟ තියන මේ ගුණාංග ටික වෙන වෙනම අරන් කතා කරන්න වටිනවා.අජිත් පී කියන්නේ සජිත් විශිෂ්ඨයෙක් කියලයි.ඒක නිසා සජිත්ගේ විශිෂ්ඨත්ව හොයාගෙන යන්න අද රටේ රාළ තීරණය කළා. ලෝකයේ විශිෂ්ඨයෝ බවට පත්වෙන්නේ මිනිස්සු. ඒක නිසා සජිත්ටත් විශිෂ්ඨයෙක් වෙන්න තව ඕනි තරම් කල් තියනවා.ගොඩක් කැපකිරීම්වලින් උඩට එන මිනිස්සු නායකයෝ බවට පත්වෙනවා. හැබැයි නායකයෙක් උන පලියටම විශිෂ්ඨයෙක් වෙන්න බෑ
විශිෂ්ඨයෙක් වෙන්න එයා සපයන ආදර්ශ,එයාගේ අරමුණු,එයාගේ ගති පැවතුම් සියල්ල බලපානවා. නායකයෙක් සතුව තියෙන්න ඕනි විශිෂ්ඨතම ලක්ෂණය තමයි නායකත්ව ගුණය.සජිත්ට ඒක තියනවද?සජිත්ගේ දේශපාලන ඉතිහාසය වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ එජාපය ඇතුලේ. සජබය ඇතුලේ සජිත් නායකයා විදිහට හිටලා තියෙන්නේ බොහොම කෙටි කාලයක්.
එජාපය කියන්නේ අපේ රටට දේශපාලන නායකයෝ ගණනාවක් බිහිකරපු පක්ෂයක්. ඩීඑස්ගෙන් පටන් අරන් රනිල් දක්වාම එජාපයට නායකයෝ පරම්පරා කීපයක් හිටියා.ඒ නායකයින්ගේ නායකත්වය ගුණයත් එක්ක සන්සන්දනය කරද්දී එන පලවෙනි ප්රශ්න තමයි සජිත් විශිෂ්ඨයෙක් වෙන්නේ කාට සාපේක්ෂවද කියලයි.ජේආර් ගැන සැලකුවොත්.ජේආර්ගේ දේශපාලනයට අපි එකඟ නෑ.ඒක වෙනම කතාවක්.
හැබැයි ජේආර් පෙන්නපු රාජ්ය තාන්ත්රිකභාවයට සහ ජේආර් ඇතුලේ තිබුණ නායකත්වය ගුණයට එජාපයේ අය තවමත් ගරු කරනවා.ජේආර් දක්ෂ නායකයන් ගණනාවක් දේශපාලනයට ගෙනාවා. සජිත්ගේ තාත්තත් එතන හිටියා.ඇත්තටම ජේආර්ගේ කැබිනට් එක කියන්නේ නායකත්ව මණ්ඩලයක්.ප්රේමදාස,ලලිත්,ගාමිණි,රොනී,රනිල්….වගේ ගොඩක් අය හිටියා.සජිත් එජාපයට එනකොට එජාප නායකයා විදිහට හිටියේ රනිල්.
රනිල් තමයි සජිත්ගේ දේශපාලන ගුරුවරයා.ඒ වගේම මෑතකාලීනව එජාපය කඩලා දාන්න මූලික වෙන්නෙත් සජිත්.සජිත් එජාපයේ ලොකුම පලුවක් ගැලෙව්වා.එජාපය වගේ පක්ෂයක් බිමටම වැට්ටුවා.මෙතනදී බලන්න ඕනි සජිත් එජාපය කඩපු එක ගැන නෙවෙයි.සජිත් එජාපය කඩපු එක සාධාරණද කියන එක ගැනයි. ඇත්තටම සජිත් එජාපය කැඩුවේ ඇයි?සජිත් හේතුව විදිහට කිව්වේ රනිල්ට බෑ කියලයි.රනිල්ට බලය ගන්න බෑ කියලයි.
ඒ කාලේ රනිල්ට බෑ කියන එක නැගලා ගිය සටන් පාඨයක්.එකේ අනිත් පැත්තට කියවුනේ සජිත්ට තමයි පුළුවන් කියලා.සජිත් දිගටම ඉල්ලුවේ එජාප නායකත්වය.හැබැයි මොන විදිහකටවත් එජාප නායකත්වය සජිත්ට දෙන්න රනිල් එකඟ උනේ නෑ.ඒකේ ප්රතිපලක් විදිහටයි සජිත් එජාපය කඩාගෙන එලියට එන්නේ.ඒ කියන්නේ සජිත් එජාපය කඩන්නේ පෞද්ගලික බල උවමනාව වෙනුවෙන්.නායකයෙක් වීමේ උවමනාව වෙනුවෙන්.
සජිත් එජාපය කඩපු එක ඇත්ත.හැබැයි එජාපය කඩන්න සජිත් කියපු කතාව බොරු කියලා අද ඔප්පු වෙලා තියනවා.රනිල්ට බෑ නෙවෙයි සජිත්ටයි බැරි කියලා රනිල් දැන් ඔප්පු කරලා ඉවරයි. රනිල් දැන් රටේ ජනාධිපති.කවදාවත් ජනාධිපති වෙන්න බෑ කියපු රනිල් රටේ ජනාධිපති වෙලා.ගෝඨභයගේ අනුප්රාප්තික ජනාධිපති වීමේ පළවෙනි චාන්ස් එක ආවේ සජිත්ට.රාජපක්ෂලාගේ පළමු තේරීම උනෙත් සජිත්.ඒ වගේම විපක්ෂ නායකයා විදිහට ආණ්ඩුව කඩාගෙන වැටුනට පස්සේ රට බාරගැනීමේ වගකීම තියෙන්නෙත් සජිත්ට.
හැබැයි සජිත් තමන්ට බැරි බව පිලිගනිමින් ඒ අභියෝගය බාර ගත්තේ නෑ.එදා එක පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් විතරක් තිබුණ රනිල් රට බාර ගනිමින් රනිල්ට පුළුවන් කියලා ඔප්පු කළා.අද රනිල් එක්ක පාර්ලිමේන්තු මන්ත්රීවරු සීයකට වැඩිය ඉන්නවා.රනිල් පොහොට්ටුව සම්පුර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරලා ඉවරයි.රනිල් ඒක කළේ බලහත්කාර පාව්ව්වි කරලා නෙවෙයි.පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාට සින්න උන පක්ෂයක්.
හැබැයි අද පොහොට්ටුවේ අති බහුතරය පොහොට්ටුව දාලා,රාජපක්ෂලා දාලා රනිල් එක්ක එකතුවෙලා.පොහොට්ටුවේ මන්ත්රීවරු විතරක් නෙවෙයි පොහොට්ටු ඡන්දදායකයොත් බහුතරය රනිල් ළඟට ඇවිත්.පොහොට්ටු බලවේගයේ මනස එතෙන්ට හැදෙන්නේ කළගුණ සැලකීමක් විදිහට.පොහොට්ටුකාරයෝ දන්නවා එයාලව බේරගත්තේ රනිල් කියලා.නැත්තං තවත් සැහෙන කාලයක් පොහොට්ටුකාරයින්ට බේරේ වැවේ නනා ඉන්න වෙනවා.
රාජපක්ෂලා පැනලා ගියාට පස්සේ පොහොට්ටුකාරයා අනාත වුනා.පාරේ පොහොට්ටුවේ මන්ත්රී කෙනෙක් ගහලා මැරුවා. පොහොට්ටුවේ මන්ත්රීලගේ ගෙවල් සහ දේපොල ගිනිබත් කලා.පොහොට්ටුවේ නිර්මාතෘලා පැනලා ගිහින් තියෙද්දී පොහොට්ටුකාරයා බේරගන්න ඉදිරියට ආවේ රනිල්.ඒ කළගුණ සැලකීම පොහොට්ටුකාරයා ළඟ තියනවා.ඇත්තටම රනිල් පොහොට්ටුකාරයා විතරක් නෙවෙයි එදා මේ රටත් බේරගත්තා.
එදා එහෙම නොවුනා නම් අද අපේ රට මිහිපිට අපායක් වෙලා ඉවරයි.සජිත් බලය ගන්න බෑ කියපු රනිල් බලයත් අරන් රටත් බංකොලොත්භාවයෙන් මුදාගත්තා.ඇත්තටම රනිල් සම්බන්ධව රටේ නැවතත් අවධානය යොමුවෙන්නේ ඊට පස්සේ.රනිල් රට ගොඩගත්තා වගේම සජිත්ට මොකුත්ම බෑ කියලත් ඔප්පු කළා. ඒ විතරක් නෙවෙයි සජිත් එදා තමන්ගේ පෞද්ගලික බල උවමනාව වෙනුවෙන් එජාපය කඩපු එක බරපතල දේශපාලනය වැරැද්දක් කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි.
සජිත්ගේ බැරිකමට සමාව දුන්නත් සජිත්ගේ පුද්ගලික උවමනාවට එජාපය කඩපු එකට සජිත්ට ලොකු දේශපාලන වන්දියක් ගෙවන්න වෙනවා.එහෙව් සජිත් විශිෂ්ඨයෙක් කියලා කියන්න අජිත් පීලට ඔළුවේ අමාරුවක් තිබුණට සජබ ඇතුලෙත් දැන් සමහරු කියන්නේ සජිත්ට බෑ කියලා.දවසින් දවස එහෙම කියන ප්රමාණයත් වැඩිවෙනවා.මොකද ඇත්තටම සජිත්ට බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *