කොටස් වෙළෙඳ පොළේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළඳපොළ දෛනික පිරිවැටුම ඊයේ (19) රුපියල් මිලියන පන්දහස් එකසිය හැටනවයක් (5169) දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සහ S and P ශ්‍රී ලංකා විස්ස මිල දර්ශක දෙකෙහිම වැඩිවීමක් වාර්තා වේ.

වසර 2007 න් පසුව පළමුවරට සමස්ත පිරිවැටුම මේ අන්දමට ඉහළ යෑමට විදේශ ආයෝජකයින්ගේ දායකත්වය 50% ඉක්මවීම ඊයේ වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 6446.80 ක් විය. එය පෙර දිනට වඩා 64.43 වැඩිවීමකි. S and P ශ්‍රී ලංකා විස්ස මිල දර්ශකය 3671.56 ක් විය. එය පෙර දිනට වඩා දර්ශක 48.78 ක වැඩිවීමකි. මේ වසරේ දිනක පිරිවැටුම මිලයන පන්දහස ඉක්මවූයේ පළමු වතාවටයි.

ජයසිරි මුණසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *