අධිකරණයෙන් නිදහස් කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න බැහැ – අනුර කුමාර නීතිය නොදන්නා බව දයාසිරි ජයසේකර කියයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කොට ඇති නිසා ඔහු ලංකාවට රැගෙන ඒමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පැවති  රැස්වීමක දී ප්‍රකාශ කළේය .

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට රැගෙන එන බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළ  ද එය කළ  නොහැකි බව කී  ඒ මහතා අර්ජුන් මහේන්ද්‍රන් ගෙනෙන බව කියන අනුර කුමාරට මෙරට නීතිය ගැන අබමල් රේණුවක දැනුමක් නැති බව ද කී ය .

මෙවර ඡන්දය දී බලන්නට සමහරු කතා කළත් , මෙය අත්හදා බැලීම් කළ  හැකි වෙලාවක් නොවන බවත් ,  2019 දී ගෝටාභය  රාජපක්ෂ මහතාට අත්හදා බලන්නට ඡන්දය දීමේ ප්‍රතිඵලය වුයේ රට බංකොලොත් කිරීම බව ද දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පැවසීය .

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට වෝටර්ස් එජ්  හෝටලයේ අද පැවති  සමුළුවක් අමතා ඒ මහතා මෙම අදහස් පළ  කළේය .

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවක දී වංචාවක් සිදුකළ  බවට චෝදනා කොට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  මහතාට එරෙහිව විශේෂ මහ්ධිකරණයක් හමුවේ 2022 දී නඩු පැවරු අතර එම නඩුව විභාගයෙන් පසුව අධිකරණය ඒ මහතා චෝදනාවලින් නිදහස් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *