|

උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ

පහුගිය 15 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වුනා.තවමත් සටනේ ඉදිරියෙන් ඉන්නේ රනිල්,සජිත් සහ අනුර තුන් කට්ටුව.ඊට අමතරව යම් හෝ බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන් අපේක්ෂකයෝ විදිහට නාමල්,දිලිත්,විජේදාස සහ ෆොන්සේකා ගන්න පුළුවන්.දැන් ක්රමයෙන් මැතිවරණ සටනේ ජයග්රහකයා තීරණය කිරීමේ බලය ජනතාව අතට පත්වෙමින් තියනවා.
පාක්ෂික ඡන්ද පදනම තමයි එයාලගේ ඡන්ද සටනේ ආරම්භ බ්ලොක් එක.හැබැයි පාක්ෂික ඡන්දවලට ජයග්රහණය තීරණය කරන්න බෑ.මේ පාරත් සටනේ ජයග්රහණය තීරණය කරන්නේ පාවෙන ඡන්දදායකයා.තවමත් 30% – 35% සීමාවේ තියන undecided vote එකේ හැසිරීම මොන විදිහට වෙයිද කියලා විපරමක් අපටත් තියෙන්න ඕනි.ගොඩක් දුරට එයාලා තීරණය ගන්නේ මැතිවරණයට ඉතා ආසන්න වෙද්දී.ඒ ඡන්ද පදනම්වලට අපේකෂකයින් කරන බලපෑම ඉතාමත් තීරණාත්මකයි.
ප්රධාන අපේක්ෂකයින් තුන් දෙනා සලකද්දී මේ සටන තවමත් විවෘත එකක්.ඒ ඒ කැම්පේන්වලින් මේ ඡන්ද පදනමට වෙන බලපෑම සලකද්දී හැමෝම උඩින් කරන්න පුළුවන් උපරිමය කරනවා.ඒත් තවමත් බිම් මට්ටමට සැලකිය යුතු බලපෑමක් වෙලා නෑ.මේ තුන් දෙනා අතරින් ඉක්මනින් බිම්මට්ටමට බහිනවා ඇත්තේ මාලිමාව.එයාලට ඒකට ශක්තිමත් සංවිධාන සහ බහුජන යාන්ත්රණයක් තියනවා.
සජබයටත් ඉක්මනින් බිම්මට්ටමට බහින් පුළුවන් වෙයි.රනිල්ගේ කැමිපේන් එක තවමත් උඩ කැරකි කැරකි තියන බව පේනවා.ඒක බිම් මට්ටමට එන්න තව කාලයක් යයි.රනිල්ගේ කැම්පේන් එක බිමට ගේන්න ලොකුම භූමිකාව ඉෂ්ඨ කරන්නේ ලන්සා – ශ්රිලනිප සන්ධානය සහ ප්රසන්න ප්රමුඛ පොහොට්ටුවේ කණ්ඩායම.එජාපය මෙතන කරන්නේ අනුන්ගේ පානෙන් එලිය බලන වැඩේ.කොතනකවත් ගම්මට්ටමේ එජාපය බැහැලා නෑ.කොළඹ ගත්තොත් රවී යමක් කරන්න හදන බව පේනවා.රවීට ඒකට පක්ෂය ඇතුලෙන් දෙන සහය නං ප්රශ්නකාරී එකක්.
එජාප ඉහල ස්ථරයේ ගොඩ දෙනෙක් කරන්නේ රනිල් එක්ක පොටෝවලට ඉන්න එක විතරයි. දිස්ත්රික්කවල හදපු ඒකාබද්ධ කමිටුවලත් කඹ ඇදීම් තියනවා.ඒක හොදින්ම පේනවා කළුතර දිස්ත්රික් ඒකාබද්ධ කමිටු දිහා බැලුවම.ඇත්තටම කැම්පේන් එකක අඛණ්ඩතාවය තියාගෙන යන එක ඉතා වැදගත්.ඒ කියන්නේ අවසාන දිනය එනකොට කැම්පේන් එක පීක් එකට ගේන්න ඕනි.එහෙම උනොත් තමයි ජයග්රහණයේ මනස ඡන්දදායකයට එන්නේ.
එහෙම බලද්දී එජාපය කරන්නේ රනිල්ට ලොකු අසාධාරණයක්.අපි ප්රධාන අපේක්ෂකයන්ගේ කැම්පේන් තුනම හොඳ මට්ටමක තියනවා කියලා උපකල්පනය කරමින් ඡන්ද දායකයාගේ හැසිරීම කොහොම වෙයිද කියලා හිතුවොත්.ප්රධාන අපේක්ෂකයින්ට අමතරව නාමල්,දිලිත්,විජේදාස සහ ෆොන්සේකා මේ මැතිවරණයට කරන බලපෑම ගැනත් හිතන්න ඕනි.එතනදී නාමල් ළඟ මහින්ද සාධකය තියන නිසා නාමල්ගේ බලපෑම නොසලකා හරින්න බෑ.
ඒත් නාමල්ට තියන සමාජ විරෝධය වහන්න මහින්දට පුළුවන් වෙයිද කියන සැකය තියනවා.
නාමල් සජිත් වෙනුවෙන් උපරිම සේවය කරන්න බලයි.ඒක නිසා සිංහල සමාජයට ඡන්ද ඉතා තියුණු බෙදීමකට ලක්වෙයි.රනිල්,සජිත්,අනුර අතර බෝහෝ දුරට සමාන මට්ටමෙන් සිංහල සමාජයේ ඡන්ද බොදිලා යයි.සිංහල ඡන්ද වලින් වැඩි ප්රමාණය ගන්න කෙනෙක් හිටියත් එයාලා අතර ලොකු පරතරයක් තියෙන එකක් නෑ.ඒක නිසා මේ ජනාධිපතිවරණයේ ජයග්රහණය තීරණය කරන ඡන්ද බවට පත්වෙන්නේ උතුරු නැගෙනහිර පලාත් දෙකේ සහ වතුකරයේ ඡන්ද බව කියන්න ඕනි.
වතුකරයේ ඡන්ද පදනම සලකද්දී එතන රනිල් සහ සජිත් අතර ලොකු තරඟයක් තියනවා. දිගම්බරම් සජිත් එක්ක ඉදිද්දී තොන්ඩමන්ලා, වඩිවෙල් සුරේෂ්ලා රනිල් එක්ක ඉන්නවා. මාලිමාවට ලොකු ඡන්ද පදනමක් වතුකරයේ නැති උනත් එයාලාත් යම් පමණක ඡන්ද ප්රමාණය වර්ධනය කරගනී.නැගෙනහිර පලාත සැලකුවොත් අම්පාර සහ ත්රිකුණාමල දිස්ත්රික්කවල මුස්ලිම් ඡන්ද ප්රමාණය වැඩියි.ඊට ආසන්න දෙමල ඡන්ද ප්රමාණයකුත් තියනවා.
මේ ප්රදේශවල සාම්ප්රදායික මුස්ලිම් ඡන්ද පදනම ගොනුවෙලා තිබුණේ මුස්ලිම් කොංග්රසය වටේට. මුස්ලිම් කොංග්රසයේ සහය මේ වෙලාවේ තියෙන්නේ සජිත්ට.හැබැයි මුස්ලිම් කොංග්රසයේ තවත් බෙදීම් ගණනාවක් වෙන්න නියමිතයි. නසියර් අහමඩ් වගේ අය ඉන්නේ රනිල් එක්ක. අම්පාර දිස්ත්රික්කයට යම් බලපෑමක් කරන්න පුළුවන් අතාවුල්ලා ඉන්නෙත් රනිල් එක්ක. මඩකලපුව දිස්ත්රික්ක සලකද්දී කරුණා, පිල්ලෙයාන්,වෙලායුදන් ඉන්නේ රනිල් එක්ක.
අලි සබ්රි මව්ලානා,හිස්බුල්ලා ඉන්නෙත් රනිල් එක්ක.කොහොමත් නැගෙනහිර පලාතේ විශාල බලයක් තියන දෙමල ජාතික සන්ධානය තවමත් තමන්ගේ තීරණය කියලා නෑ.උතුරු පලාත ගත්තත් වැඩි බලය තිබුනේ TNA එකට.රිෂාඩ් සජබයට ගියත් රිෂාඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්රීවරු තුන් දෙනෙක් රනිල් එක්ක එකතු වුනා. කොහොමත් මේ ජනාධිපතිවරණයේදී TNA මතය හිතන තරම් ප්රබල වෙයි කියලා හිතන්න බෑ.
ඇත්තටම දෙමල සමාජයේ වැඩි වාසිය තියෙන්නේ රනිල්ට.ඒක නිසා ටීඑන්ඒ එක රනිල්ට බර වෙන්න පුළුවන්.එහෙම නොවුනොත් TNA එකත් දෙකට කැඩෙනවා.මේ මැතිවරණයේදි ශ්රිලනිපයේ අංගජන් සහ ඩග්ලස් දේවානන්ද රනිල්ට ලොකු කම්පේන් එකක් කරන බව පේනවා.
ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ජයග්රහණය බහුතර සිංහල බෞද්ධ ඡන්දවලින් තීරණය උනා වගේ මේ ජනාධිපතිවරණයේ ජයග්රහණය තීරණය කරන්නේ සුළු ජාතික ඡන්ද.සුළු ජාතික ඡන්ද පදනමේ බහුතරය දිනා ගන්න අපේක්ෂකයාට මේ මැතිවරණයේ වාසිය වැඩියි.
භරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 4 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *