|

අනුරපුර රැලියෙන් පසු සිලින්ඩරය ගණන් උස්සලා – රටේ රාළ

රනිල්ගේ ජනාධිපතිවරණ සටනේ මංගල රැලිය ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියෙන් පටන් ගත්තා. අනිකුත් ජනාධිපති අපේක්ෂකයන් සහභාගී උන මහජන රැලිය ගණනාවක්ම ඊයේ දිවයිනේ විවිධ ප්රදේශවල පැවැත්වුනා.ඒ රැලි අතරින් රනිල්ගේ අනුරාධපුර සල්ගාදු රැලියේ විශේෂත්වයක් තියනවා.එහෙම වෙන්න බලපාන හේතු කීපයකුත් තියනවා.අනුරාධපුර රැළියෙන් රාජපක්ෂලාගේ පොහොට්ටුව හේදිලාම ගිය බවත් සංකේතවත් වුනා.
පොහොට්ටුව හැම මැතිවරණයකදීම කැම්පේන් එක පටන් ගන්නේ අනුරාධපුර සල්ගාදු පිටියෙන්. මේ පාර පොහොට්ටුව සල්ගාදු පිටිය අතෑරලා කඩ පනහ ප්රදේශයට පසු බැහැලා.රාජපක්ෂලා තවදුරටත් 69 ලක්ෂයේ ජනවරම නියෝජනය කරන්නේ නෑ කියන එකත් අනුරාධපුර සල්ගාදු රැලියෙන් ඔප්පු කළා.රැලියක් විදිහට ගත්තොත් ඒක අති සාර්ථක ඒකාබද්ධ ජන රැලියක්.
පිරිස් සහභාගීත්වය උපරිමයි.සාමාන්යයෙන් 20000 ඉක්මවපු සෙනගක් එතන හිටියා.ඊයේ තිබුණ රැලිවලින් දැවැන්තම රැලිය සල්ගාදු රැලිය කියලා කියන්න පුළුවන්.රනිල් රැලිය අමතලා හරියටම රනිල්ගේ point එක කිව්වා.රනිල් හරියටම ආර්ථික සටන් පාඨය උඩට ගත්තා.මේ රටේ බංකොලොත්භාවයෙන් මුදාගත්ත විදිහ කිව්වා.මේ පාර හැර වෙන පාරක් නැති බවත් කිව්වා.මේ පාරේ ගියොත් රටට අත්වෙන ප්රතිලාභ ගැනත් කිව්වා.ඒ වෙනුවෙන් සිලින්ඩරය දිනවන්න කියලා කතාව අවසන් කළා.
රටේ රාළ මීට ඉස්සෙල්ලා කරපු දේශපාලන උපකල්පනයක් දැන් මෙතෙන්ට හරියටම ගැලපෙනවා.ප්රධාන අපේකෂකයෝ තුන්දෙනාම එක වෙලාවක සමාන මට්ටමට එන බව රටේ රාළ කිව්වා.ඒක වෙන්නේ ජනමනස ඇතුලේ.පිරිස් බලයෙන්,පෙනුමෙන් සහ ජනමතයත් ඒකට ගොඩක් දුරට බලපානවා.එහෙම සමාන තැනකට ආවට පස්සේ කවුරු හරි එක් කෙනෙක් බන්ච් එක කඩාගෙන ඉස්සරහට පනින්න ඕනි.සල්ගාදු රැලියෙන් රනිල් බන්ච් එක කඩාගෙන ඉස්සරහට පැන්නා.
ඇත්තටම ඒක අපේ ජනසමාජයට කරපු මානසික මෙහෙයුමක්.රනිල් තමයි දිනන්නේ කියන උත්තේජය වේගයෙන් සමාජ ගතවුන turning point එකක් විදිහට සල්ගාදු රැලිය නම් කරන්න පුළුවන්.මෙතනින් පස්සේ පොහොට්ටු අපේක්ෂක නාමල් රාජපක්ෂට ලැබෙන හූ සංග්රහ තවතවත් ඉහල යයි.නාමල් පරාජිතයෙක් බවට මෙතනින් එහාට රනිල් කරන හැම රැස්වීමකින් වගේම නාමල් කරන හැම රැස්වීමකින්ම ඔප්පු වෙයි.
මේ ජනාධිපතිවරණයේදී මහින්ද නාමල් සලකුණ සටහන් කරනවා වෙනූවට නාමල් මහින්ද සලකුණ මකලාම දාලා ඉවරයක් කරයි.සල්ගාදු රැලියෙන් පොහොට්ටු පාකාෂිකයන්ට ලොකු බලපෑමක් ආවා.තවදුරටත් රාජපක්ෂලා පස්සෙන් ගිහින් වැඩක් නෑ කියන feeling එක ඉතිරි වෙලා ඉන්න පොහොට්ටු පාක්ෂිකයටත් එනවා.ඒ නිසා පොහොට්ටු කදවුරේ 99% ක බලයක් රනිල් සල්ගාදු රැලියෙන් තහවුරු කර ගත්තා.
නාමල්ගේ ඡන්ද මිලියන දෙකේ කතාවත් අවසන්වෙලා නාමල් 3% ට වැටුනා වගේ feeling එකක් ඉතිරවෙලා ඉන්න පොහොට්ටුකාරයෝ දෙන්නා තුන්දෙනාටත් ඇවිල්ලා.ඒක රනිල්ගේ කඳවුරට ලොකු ශක්තියක්.මේ උත්තේජනය දිගටම පවත්වාගෙන ගියොත් දැනට අකර්මණ්යවෙලා ඉන්න යූඑන්පීකාරයාත් නැගිටිනවා.එජාපය දෙකඩ වීම විසින් ගිය මහ මැතිවරණයේදී ඡන්දපොලට නාපු එජාප ඡන්ද පහලොස් ලක්ෂයටත් මේක ලොකු උත්තේජයනයක් වෙයි.මේ කණ්ඩායම් දෙක සක්රීයවීම රනිල්ගේ කැම්පේන් එකට ලොකු වාසියක්.
එජාප පහල බලවේගය සක්රීයවීමෙන් සඳළුතලවල ඉන්න එජාප නායකයන්ටත් බිමට බහින්න සිද්ධ වෙන එක අනිවාර්යයි.ඇත්තටම එජාප පාක්ෂිකයාගෙන් එජාප නායකයන්ට පීඩනයක් එල්ල වෙන්නම ඕනි.එජාපය ඇතුලේ වැඩ කරන කෙනෙකුටවත් වැඩ කරන්න නොදෙන සංස්කෘතියක් තියනවා.හරි නං මේ ඒකාබද්ධ මෙහෙයුමේ කැම්පේන් මැනේජර් වෙන්න ඕනි එජාපයේ කෙනෙක්.හැබැයි එජාපයේ ගොඩක් අය හිතන්නේ රනිල් පස්සෙන් යන එක තමයි කැම්පේන් එක කියලා.
ඒක රනිල්ගේ කැම්පේන් එක නෙවෙයි.ඒ එයාලගේ කැම්පේන් එක.
රනිල්ගේ කැම්පේන් එකේ ලොකුම බර අදින්නේ ලන්සා – ශ්රිලනිප සන්ධානය සහ ප්රසන්න ප්රමුඛ පොහොට්ටුවේ කණ්ඩායම.සල්ගාදු රැලියෙන් රනිල් ගත්ත ලොකුම ජයග්රහණය වෙන්නේ සජිත් දිනනවා අනුර දිනනවා කියලා තිබුන සමාජ මතවාදය පරාජය කිරීමයි.දැන් රනිල් දිනනවා කියන මතය උඩට එන එක නතර කරන්න බෑ.ඒ ගැම්ම දුන්නේ පොහොට්ටුව සහ ලන්සා – ශ්රිලනිප සන්ධානයයි.මෙතන ඉඳන් දිනන්නේ රනිල් කියන මතය වේගයෙන් සමාජගත වෙයි.තව සතියක් යනකොට ඔයාලටත් ඒක දැනෙයි.
තවදුරටත් දෙගිඩියාවෙන් ඉන්න සජබ නායකයන්ට සහ පාක්ෂිකයින්ට ඒ තත්වය තදින් බලපායී.ඒ වගේම මාලිමාවේ වාටියේ එල්ලිලා ඉන්න පොහොට්ටුවෙන් ගැලවිලා ගිය කණ්ඩායම්වලටත් මාලිමාව අතෑරලා සජබයට නොගිහින් රනිල් ළඟට එන්නත් ඒක ලොකු බලපෑමක් වෙයි.ඒ බලපෑම එන්නේ මෙහෙමයි රනිල්ට පක්ෂ හෝ විපක්ෂ ජනතාවගේ හිත් ඇතුලේ යම් ඉඩක් හැදිලා තියනවා.ඒ මේ රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන යථාවත් කළා කියන ඉඩයි.
තවමත් ඒ ඉඩ දෙන්න සමහරු එකඟ නෑ.සමහරු ඒ ඉඩ දෙනවද නැද්ද කියන මත දෙක අතර දෝලනය වෙමින් ඉන්නවා.තවත් අය ඒ ඉඩ දෙන්න ඕනි කියලා හිතාගෙන ඉන්නවා.ඒ ඉඩට විවෘත කර ගැනීම තමයි රනිල්ගේ කැම්පේන් එක වෙන්න ඕනි.රනිල්ට ඉඩ දෙමු කියන කොටස ස්ථාවර කරගන්නත් වැනෙමින් සහ තවත් හිතමින් ඉන්න අයට හරියට ආමන්ත්රණය කරන්න ඕනි.රටේ රාළ හිතන්නේ මේ මාසය අවසන් වෙනකොට ground එකේ වැඩිම ඉඩ open වෙන්නේ රනිල්ට.
ඒකත් එක්ක කැම්පේන් එක ground එකට ගෙනාවොත් රනිල්ගේ ජයග්රහණය නවත්තන්න කාටවත් බෑ.එතනදී තමයි ලන්සා – ශ්රිලනිප කදවුර සහ ප්රසන්නලාගේ කඳවුර වැදගත් වෙන්නේ. ඒකයි රටේ රාළ කියන්නේ රනිල්ගේ ජයග්රහණයේ හැරවුම් ලක්ෂය අනුරාධපුර ජන රැලිය කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *