|

“ඉන්නකොට මරු – යනකොට හොරු “ – ජයවීර සෙනෙවිරත්න

සජිත්‍ ප්‍රෙමදාස මහතා කියන ආකාරයට සමගි ජන බලවේගයේ හොරු නැත. සිටියේ ද නැත. හොරු ඉන්නේත්, හිටියේත් ආණ්ඩුව පැත්තේ ය. ඔවුන් සමග කිසිදු ඩීල් එකක් තමන්ට නැති බව ද සජිත් කියයි.

එසේ වුවත් සජිත්ට අනුව හොරුන්ට වහාම සුද්ධවන්තයින්  වීමට පහසු ක්‍රමයක් ඇත. ඒ සජිත් ළගට යාම යි. එලෙස යන තැනත්තෙක් වහාම සුදධවන්තයකු බවට පත්වෙයි. හරියට ඒහි භික්කු භාවය ලබනවා හා සමානය.

මෙහි පුතිලෝමයක් ද ඇත. එනම් තමන් ලග සිටින මහා සුද්ධවන්තයින් තමා හැර ගිය විට හොරු බවට සැනෙකින් පත්වීම යි. සජිත් කියන ලෙසට ඔහු හැර යන සියලු දෙනා යන්නේ මුදල් සඳහා ය. බාර් ලයිසන් සඳහා ය. ඒ කියන්නේ ඔවුන් හොරු බව ය. ඒ කියන හොරු මේ දක්වා සිටියේ සජිත් ලග ය. ඊයේ වන තෙක් සිටි සුද්ධවන්තයා එකවරම හොරෙකු වන්නේ ඒ අයුරිනි.

මෙම තර්ක ක්‍රමය අනුව දෙශපාලඥයකු සුද්ධවන්තයකු ද , හොරෙක් ද යන්න තීරණය වන සාධකය වන්නේ එම තැනත්තා සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ ද, විපක්ෂ ද යන්න යි.

දේශපාලනයේ හැටි එහෙම ය.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *