මහින්ද රාජපක්‍ෂ බලය අල්ලන්න හිතන එක හීනයක් පමණයි. – නීතිඥ එස්.ජී. පුංචිහේවා

ජනතාව අතර අදහසක් තියනවා, රජය කරන වැඩ ජනතා අතරට හරියට සන්නිවේදනය වෙන්නේ නෑ කියලා. නමුත් විපක්‍ෂට ආණ්ඩුවට විරුද්ධව ගෙනයන ප‍්‍රචාර ඊට වඩා ජනතාව අතරට යනවා කියලා.
මේ ආණ්ඩුවෙ එක දුර්වල කමක් තමයි, ආණ්ඩුව කරන සන්නිවේදනයෙ කිසි විධිමත් බවක් නෑ. ආණ්ඩුව කරන වැඩ ටික ජනතාව අතරට යන්න සන්නිවේදනය දක්‍ෂ විදිහට පාවිච්චි කරන්නෑ. දක්‍ෂතා ඇති පුද්ගලයන්ගෙන් වැඩක් ගෙන නෑ කියන එක තමයි පෙනෙන්නේ.   එකේ විරුද්ධ පැත්ත තමයි පාවිච්චි වෙන්නෙ. ආණ්ඩුව කරන හැමවැඩකම තියන මොකක්හරි වැරදක් අල්ලගෙන, එක එක විවිධ විකාර ප‍්‍රකාශකරනවා. ඒකට නම් ඉඩ තියෙනවා. නමුත් මේ ගොල්ල හරි දේ කරනව නම්, ඒවට නිසි ප‍්‍රචාරයක් ලැබිය යුතුයි. ප‍්‍රධාන මාතෘකාව තියෙද්දි අතුරු මාතෘකාවලටයි සන්නිවේදනය පාවිච්චි කරන්නෙ.
එයින් විපක්‍ෂය මෙන්ම ආණ්ඩු විරෝධි කණ්ඩායම් වාසි ගන්නවා ගන්න බවක් පේනවා නේද?
ඔව්. පැහැදිලිව රටක් ඉදිරියට යන බවක් ජනතාවට නොපෙනන කොට මතුපිට කරණා ගැන කතා කරනවා. හාල් මිල වැඩියි, පිටි කිරි මිල වැඩියි ආදි වශයෙන්. සංවර්ධනයක් කෙරෙන බව දන්නවා නම් මිනිස්සු ඉවසන් ඉන්නවා. කොච්ර සංවර්ධනයක් කෙරුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාළනය කළත් ඒක සන්නිවේදනය වෙන්නෙ නැත්නම් එකේ ඉෂ්ට අර්ථ ජනතාවට සන්නිවේදනය වෙන්නෙ නැත්නම්, යමක් කිරීමේ දී ඇතිවන ඇතැම් දුෂ්කරතාවල වාසිය විපක්‍ෂය ගන්නවා.
1970 සිරිමා ආණ්ඩුව ගෙනාව ස්වයං පෝෂිත ආර්ථික වැඩ පිළිවෙල, දේශීය නිෂ්පාදන ව්‍යාපෘතිය ජනතාව අතරට ගියේ නෑ. ජේ.ආර්. ජයවර්ධනගෙ සංනිවේදනය ඊට වැඩිය මිනිස්සු අතරට ගියා. මිනිස්සු කෙටිකලක් දුක් විඳින්නේ රටේ අනාගත හයපතට කියන එකට වඩා අගහිග කම්වලින්, ආහාර හිගකමින් ජනතාව දුක් විඳින බව පෙන්නලයි ජනමතය වෙනස් කරලා ජේ. ආර්. ඒ ආණ්ඩුව වැට්ටුවෙ.
එහෙම නම් ආණ්ඩුවට ග‍්‍රහණය නොවූ බරපතල ප‍්‍රශ්නයක් බවයි පෙනෙන්නේ. එයට කළ යුත්තේ කුමක් ද?
ආණ්ඩුව දක්‍ෂ සන්නිවේදකයන් පාවිච්චි කරලා, නව තාක්‍ෂණය උපයෝගි කරගෙන ජනතාව ඇමතීමේ ක‍්‍රීයාවලියකට යුතුව තිබෙනවා. අද තරම් නවීන තාක්‍ෂණය දියුණු යුගයක් මින් පෙර තිබුණෙ නෑ. අද එස්.එම්.එස්. එකේ සිට ඊමේල්, ෆේස් බුක්, වෙබ් අඩවි ඇතුළු නොයෙක් විද්‍යුත් මෙවලම් තියනවා. රජය සතු විශාල සම්පත් තියන ජනමාධ්‍ය ආයතන ගණනාවක් තියනවා. ඒ එකකින් වත් නිසි ප‍්‍රයෝජනයක් ගන්න බවක් පෙනෙන්නෙ නෑ. එස්.එම්.එස්. එකෙන් එන්නේ අවුරුදු සුභ පැතුම විතරයි. ඒවා කලින් හිටපු කට්ටිය කරපු පරණ වැඩ. එහෙම නැතුව විධිමත් ක‍්‍රමයක් පාවිච්චි කරලා මේක කරන්න දන්නෙ නෑ. තමන් කරපු හොඳ වැඩ තමන්වත් දන්නෙ නැති බවයි අපිට පේන්නේ. එහෙම හොඳ වැඩ සන්නිවේදනය නොකර ¥ෂිතයන් බලයට ඒම වලක්වන්නත් බැහැ.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් කරලා තියනවා මේ වසර අවසන් වෙන්න ඉස්සර බලය අල්ලනවා කියලා. එය යථාර්ථයක් වෙයිද?
මම හිතන්නේ නෑ එහෙම පුළුවන් වෙයි කියල. මම නම් හිතන්නේ එවා හීන විතරයි කියලයි. ඒවා එහෙම ප‍්‍රකාශ කරන්නේ ඒ ගොල්ලන්ගේ සන්නිවේදන උපක‍්‍රමයක් හැටියටයි. එය බරපතල පණිවිඩයක්. එහෙම කිව්වම, ඒක වේගයෙන් ජනතාව අතරට යනව. ඒක ඉටු නොවුනත් එයාට ප‍්‍රචාරයක් ලැබෙනවා. ඒ දිනය පහුවෙන කොට නැවතත් ඉදිරියට දිනයක් දෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තුවල එල්ලිලා ඉන්න මිනිස්සු පිරිසක් ඉන්නවා.
ජනතාව වාමාංශියන්යැයි හඳුනගත්ත, සමාජවාදය ගැන කතාකරපු ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ ආදීන් අද ඉන්නේ ජාතිවාදී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි පාළකයකු වශයෙන් හඳුන්වන මහින්ද රාජපක්‍ෂ සමගයි. ඔවුන්ට එතන ඉන්න පුළුවන්ද?
ඔවුන් සැබෑ මාක්ස්වාදී නම් එතන ඉන්න බෑ. මාක්ස්වාදීන් ප‍්‍රමුඛත්වය දිය යුත්තේ රටේ ගොවි, කම්කරු ජනතාවටයි. මූලිකවම බලන්න  ඕනෑ මේගොල්ලන්ගෙ ක‍්‍රම වලින් රටේ සූරාකෑමක් තියනවද? නැද්ද? කියලයි. සූරාකෑමක් තියනව නම් කවුරු කෙරුවත් ඒකට විරුද්ධ විය යුතුයි. මාක්ස්වාදියෙකුට සූරාකෑමට එක`ග වෙන්න පුළුවන් කමක් නෑ. ජනතා විරෝධි යෝජනා වලට ඡුන්දෙ දීලා පවතින්න බෑ. එහෙමනම් ඔහු මාක්ස්වාදියෙක් නෙමේ. ඔහු එම න්‍යායයන් අතහැරලා තියෙන්න  ඕනැ. ඔවුන්ට තිබුණා මන්ත‍්‍රීකම් ඇමතිකම් වලට ලෝබ නොවී හරි දර්ශනයක ඉඳලා කටයුතු කරන්න.
මාක්ස්වාදය ලෝකයෙන් තුරන්වෙලා නිසා, එහෙමත් නැතැනම් එම න්‍යායන් ප‍්‍රායෝගික නැති නිසා ඔවුන් එම න්‍යායන් වලින් ඉවත් වී ධනපති කඳවුරට හේත්තු වෙනවා වෙන්න බැරිද?
අද ලෝකයේ ආර්ථික න්‍යායන් අතරින් යළිත් මාක්ස්වාදය පෙරට එමින් තියනවා.
මේ ආණ්ඩුව ගෙනෙන ඇතැම් ව්‍යාපෘති අතුළෙත් සූරාකෑම තියනවා. සූරා කෑම කියන්නේ ජනතාවගේ මොනවාහරි වස්තුවක් (ශ‍්‍රමය, ධනය වැනි දේවල්* ඒ ගොල්ල අරගෙන යනවා. රටේ සිදු වෙන්නෙ මේකයි. රට හරි තැනට යායුතුයි කියලා පෙන්වා දෙන්න, රටේ කෙරෙන වැරදි ව්‍යාපෘතියක් තියනවා නම් අපිට ඒකට එක`ග වෙන්න බෑ කියලා කියන්න පුළුවන් කම මාක්ස්වාදියාට තිබිය යුතුයි. මේක මේ ආකාරයෙන් විය යුතුයි කියල කියන්න පුළුවන් වියයුතුයි සැබෑ මාක්ස්වාදි දර්ශනයක් තියෙන පුද්ගලයෙකුට. මම හිතන විදිහට ඔවුන් මාක්ස්වාදය අධ්‍යයනය කරල නැහැ. ඒගැන හැ`ගීමක් ඇති කරගෙනත් නැහැ.
ලංකාවේ සැබෑ මාක්ස්වාදීන් හිටියෙම නැද්ද?
අතීතේ හිටිය මාක්ස්වාදීන්ට යම් හැ`ගීමක් තිබුණා. ඒ අය විදේශ ආධ්‍යාපනය ලබද්දි මාක්ස්වාදය හදාරලා, යම් අත්දැකීමක් ලබලා තිබුණා. ඒ අය ලංකාවට ඇවිල්ලා හොඳ අධ්‍යයනයක් කරලා මේක නිවැරදි විදිහට සමාජ ගත කළේ නැහැ. මූලික වශයෙන් ලංකාවේ මාක්ස් වාදය අධ්‍යයනයක් නොවීමට මූලික හේතුව වශයෙන් මම දකින්නේ, ඒ මාක්ස් වාදීන් ස්ටැලින්වාදය, ට්‍රොස්කි වාදය යන කියන වාද දෙකේ පැටළුනා. ඒ දෙක දෘෂ්ටිවාදීන් දෙකක්. මේ අය මාක්ස්වාදය අතඇරලා දිගටම ආවේ ඒ මත අනුවයි. ඒ ඇතුළෙ මාක්ස්වාදය අධ්‍යයනය කරන්න ඉඩක් තිබුණෙ නැහැ. ඉඩක් හදාගත්තෙත් නෑ.
සමාජවාදී ආර්ථික ක‍්‍රමය මේ වෙනකොට ලෝකයේ සෑම රටකින්ම තුරන් වෙලා ගිහිල්ලද? එය අද ලෝකයට නොගැලපෙන ආර්ථික ක‍්‍රමයක් බවට පත් වෙලාද?
නෑ අද ලෝකයට සමාජවාදී ආර්ථික ක‍්‍රමය අවශ්‍ය වෙලා තියනවා. විශේෂයෙන් යුරෝපීය රටවලට. ආසියනු රටවල් ද නැවතත් උනන්දුවක් දක්වනවා සමාජවාදි ආර්ථික ක‍්‍රමය ගැන. බි‍්‍රතාන්‍ය, ඇමරිකාව, කැනඩාව, නිව්සීලන්තය, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැුසක්, වෙනත් අර්ථක‍්‍රමයන් කිසිවකින් ලෝකය ඇදවැටෙන ප‍්‍රපාතයෙන් ගොඩ එන්න බැරිබව දැන් කල්පනා කරමින් තියනවා.
ලෝකය නව ලිබරල් ආර්ථිකයක් කරා නෙමෙයිද ඇදී යන්නේ?
නව ලිබරල්වාදය කියන්නේ වඩාත් සූක්‍ෂම සූරා කෑමයි. ඉතාම සියුම් ලෙස සූරාකෑමයි. සුරාකනු ලබන්නා ඉතා කැමැත්තෙන් සූරා කෑමට ඉඩ දීමයි. එවැනි සංස්කෘතියක්, ඥාණයක් එයාට ඇතිකිරිම තුළින් සූරා කෑමයි. ඒ කට අනුරූපව මාධ්‍ය, සාහිත්‍ය පවා මෙහෙයවීමයි. ඊට විරුද්ධ වීමට නම් මාක්ස්වාදය ගැන හොඳ අධ්‍යයනයක් කළ යුතුයි.
මාක්ස්වාදී පක්‍ෂ ඔක්කොම මහින්ද රාජපක්‍ෂටයි, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයටයි යට වීමෙන්, එයින් ගැලවී සමාජවාදී ආර්ථිකයක් තුළින් රට ගොඩගැනීමක් ගැන හිතන්න ඔවුන්ට පුළුවන්කමක් නෑ. ඔවුන් හිතන්න ඇත්තේ එතෙන්ඩ රිංගලා, එතන සිට ගෙන තමන්ගෙ මතවාදය ගෙන යන්න නුළුවන් කියලා වෙන්න ඇති. නමුත් සිදුවුනේ, සිදුවෙමින් තියෙන්නේ මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රචාරය මාක්ස්වාදීන් විසින් ගෙනයාමයි. ඒක ඉතාම ශෝචනීය දෙයක් මාක්ස්වාදය කෙරේ අධ්‍යයනයක් නැහැ. ඒ ගැන කැපවීමක් දකින්නත් නැහැ.
ලෝක මාක්ස්වාදි ප‍්‍රවනතාවය ඉදිරියට මෙරටටත් කාන්දු වීමට ඉඩකඩ තියනවද?
ඔව් එය මෙහාටත් ගලන්න ඉඩතියනවා. දැන් ඉන්න තරුණ පරපුර  ප‍්‍රශ්න විසඳන්න ක‍්‍රමයක් නැතිවුනාම, ඉදිරියේ දී තේරුම් ගනියි,  මේ ප‍්‍රශ්නවලට පැලැස්තර හරියන්නෙ නෑ. ස්ථාවර විසඳුමකට එන්න  ඕනෑ කියලා. එතකොට ඔවුන්ටත් එතෙන්ඩ එන්න සිද්ධ වෙනවා. ඒක මෙතෙක් නොවෙනත් හේතුව ට්‍රොස්කිවාදය, ස්ටැලින්වාදය යන බේද මාක්ස්වාදය හැටියට දිගටම ඉදිරියට ගෙනයෑමයි.
අද තියෙන්නෙ ව්‍යාජ මාක්ස්වාදයක්. අද මාක්ස්වාදය කියලා පෙන්නන්නෙ රැුවුලයි, රතුකමිසෙයි. මැයි දිනයේ කෑගහන එකයි තමයි මාක්ස්වාදය කියලා කියන්නේ. මේක ශාස්ත‍්‍රිය දෙයක්. පිට පොතෙන් නොව හරයෙන් මතුවිය යුතු දෙයක්. මේක ආගමක් වගේ. මනුෂ්‍යයා වෙනුවෙන්, මනුෂ්‍යයා ජීවත් කරවීම සඳහා ඇති වී තිබෙන දෙයක්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *