මහින්දගේ සහතිකයෙන් තීන්දුව පැහැදිලියිලු !

තමා සමග සිටින කිසිවකු එජාප ආණ්ඩුවක ඇමතිකම් භාර නොගන්නා බවට සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල මැතිවරණ වේදිකාවල සහතික දීමට ඉදිරිපත් වීමෙන් ම මැතිවරණ ප්‍රතිපලය කුමක්දැයි පැහැදිලි වන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

තමන් ස්ථිරවම ජයගන්නා බව කියන සන්ධාන නායකයින්ම එම වේදිකාවේ එම කතාවේදීම ඊළඟට කියන්නේ ජවිපෙ හා ටී එන් ඒ කිහිප දෙනකු රැගෙන ආණ්ඩුව පිහිටුවීමට එජාපය සැලසුම් කොට ඇති බවයි . තමන්ගේ පිරිස එජාප ආණ්ඩුවකට සම්බන්ධ නොවන බවද කියයි . කට බොරු කිවුවත් දිව බොරු නොකියනවා සේ සන්ධාන නායකයින්ගේ කටින් මෙලෙස පිටවන්නේ මැතිවරණය තමන් පරදින බව ඔවුන්ටද පැහැදිලි වී තිබීමය යන්න නිරීක්ෂකයන්ගේ මතයයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *