|

ගෑස් සිලින්ඩරයක් කතා කරයි – රටේ රාළ

.
ජනාධිපතිවරණ සටනේ රනිල්ට ලැබිලා තියන ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය.මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ලකුණු අතරින් රනිල් තෝරගෙන තියෙන්නේ ගෑස් සිලින්ඩරය.ගෑස් සිලින්ඩරය වගේ ලකුණ ලැබීමේ ප්රබල වාසියක් මෙතනදී රනිල් තියනවා.සජිත් තරඟ කරන්නේ දුරකතනයෙන්. දුරකතනය කිව්වට එක land phone එකක්.රනිල් ඒකට කිව්වේ කරකවන එකක් කියලා.දැන් තියෙන්නේ කරකවන ඒවා නෙවෙයි ඔබන ඒවා කියලත් රනිල් කිව්වා.
රනිල් කියන්නේ smart phone ගැන වෙන්න ඕනි.රනිල් මොනවා කිව්වත් සජිත් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළේ දුරකතනය ලකුණින්.ඒක නිසා ඡන්දදායකයාට ඒක හුරු ලකුණක්. අනුර එන්නේ මාලිමාවෙන්.මාලිමාව එච්චර අපිට හුරු ලකුණක් නොවුනත් අනුරලා ලොකු වෙහෙසක් දරලා ඒක ජනප්රිය කරගෙන තියනවා.නාමල් එන්නේ පොහොට්ටුවෙන්.පොහොට්ටුව කියන්නේ අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ වේගයෙන්ම ජනප්රිය උන ලකුණ.
විජේදාස එන්නේ කාර් එකෙන් සහ ෆොන්සේකා ලන්තෑරුමෙන්.කාර් එක සහ ලන්තෑරුම ඡන්ද ලකුණ දෙකක් විදිහට ජනප්රිය ලකුණු දෙකක් නෙවෙයි.දිලිත්ගේ තරුව කාලයක් තිස්සේ තිබුණ ඡන්ද ලකුණක් උනත් ජනප්රිය එකක් නෙවෙයි.රනිල්ගේ ගෑස් සිලින්ඩරයත් ඡන්ද ලකුණක් විදිහට ජනප්රිය නෑ.රනිල්ට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට මේ ජනාධිපතිවරණයේදී ජනප්රිය ලකුණ එක්ක ලොකු තරඟයක් දෙන්න වෙනවා.
ඒ සටනක් ඇතුලේ රනිල්ට ගෑස් සිලින්ඩරය වගේ ලකුණක් ලැබීම සෑහෙන ජයග්රහණයක්.එක පැත්තකින් ඡන්ද ලකුණක් විදිහට නොවුනත් ගෑස් සිලින්ඩරය ඇභැට හුරු ලකුණක්.ලංකාවේ 90% ක් ගෙවල්වල කුස්සියේ තියන ජනප්රිය පාරිභෝගික භාණ්‌ඩයක් තමයි ගෑස් සිලින්ඩරය.හැම නගරයකම වගේ ගෑස් සිලින්ඩර් ප්රදර්ශනය වෙනවා.ගැස් කඩවල බෝඩ් දාලා තියනවා වගේම කඩේ ඉස්සරහා ගෑස් සිලින්ඩර් යකඩ කූරු ගහපු තැනක පේන්නත් තියලා තියනවා. ගෑස් සිලින්ඩර පුරවාගත්ත ලොරි නිතර නිතර මඟ තොටේ අපිට දකින්න ලැබෙනවා.
සමහර අයට ඡන්ද පොලට ගියාම ලකුණ අමතක වෙනවා.හැබැයි ගෑස් සිලින්ඩරය කියන එක අමතක වෙන ලකුණක් නෙවෙයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ මතකයෙන් ගෑස් සිලින්ඩරය මකන්න බෑ.ඒ තරම් ගෑස් සිලින්ඩරය සාමාන්ය ජන ජීවිතයට කිට්ටු එකක්.රනිල්ට හම්බ උන ඡන්ද ලකුණ ප්රකාශ කරනවාත් එක්ක ඒක 50% කින් ජනප්රිය වෙලා ඉවරයි.ලකුණ ජනප්රිය කරන්න විශේෂ මහන්සියක් වෙන්න රනිල්ට ඕනි නෑ.
ඊළඟ එක තමයි ගෑස් සිලින්ඩරය රනිල්ගේ මූණත් එක්ක දැම්මම එතන ලොකු දේශපාලන කතාවක් තියනවා.රටේ රාළ ඊයේ කිව්වා වගේ රනිල්ගේ මූණ ගෑස් සිලින්ඩරයත් එක්ක දැක්ක ගමන් ජනමනස ඉබේම 2022 පෝලිම් යුගයට දිව යනවා.එදා ගෑස් පෝලිම කියන්නේ තෙල් පෝලිමට නොදෙවෙනි එකක්.ගෑස් පෝලිමෙත් මිනිස්සු මැරිලා වැටුනා.ගෑස් පෝලිමේ මිනිස්සු මරා ගත්තා.ගෑස් සිලින්ඩරය කරේ තියාගෙන කිලෝමීටර් ගණන් පයින් යන මිනිස්සු අපිට කොච්චර නං හම්බවුනාද?
නාගරික සමාජය ඇතුලේ පවුල් ඒකක දස දහස් ගාණක් බඩගින්නේ තියන්න එදා ගෑස් හිඟය බලපෑවා. ගමේ මිනිස්සුන්ට නං දර ලිපක් හරි තිබුණා.නගරයේ මිනිස්සුන්ට භූමිතෙල් ලිපක් තියෙන්න ඇති.ඒත් එක තිබිලා මොකටද භූමිතෙල් නැතිව.එදා රාජපක්ෂලා ඇති කරපු ඒ සාගත පෝලිම් ඉතිහාසයේ සහ සජිත්ලා,අනුරලා වගකීම් බාරනොගෙන පැනලා ගිය ඒ ඉතිහාසයේ එක අමිහිරි සංකේතයක් උනේ ගෑස් සිලින්ඩරය.
රනිල් රට බාර අරන් මාස දෙකක් තුනක් යනකොට සියලු පෝලිම් නැතිවුනා.මිනිස්සු නැති ගෑස් සිලින්ඩර් විතරක් තිබුණ පෝලිමුත් අතුරුදහන් වුනා.රාජපක්ෂලා මේ රටට ගෙනාපු ඒ අඳුරු යුගය, රටේ විපක්ෂ නායකයා වගකීම බාර නොගෙන පැනලා ගිය ඒ අඳුරු යුගය,අනුරලා වගේ මයික් ටයිසන්ලා ” මීක් ” සද්ධයක් නැතිව ගුහා ගතවෙලා හිටිය ඒ අඳූරු යුගය ගැන ඔයාලගේ ගෙදර තියන ගෑස් සිලින්ඩරයට කතා කරන්න පුලුවන් නම් කියයි.
ගෑස් සිලින්ඩරයට කතා කරන්න බැරි උනාට ගැස් සිලින්ඩරයේ කතාව කියන්න කෙනෙක් මේ ජනාධිපතිවරණයේදී ජනතාව ඉස්සරහට එනවා.ඒ කතාව කියන්න හොඳම සුදුස්සාට තමන්ගේ ඡන්ද ලකුණ විදිහට ගෑස් සිලින්ඩරය හම්බවෙලා තියනවා. හෙට දවසේ ගෑස් සිලින්ඩරයත් අරගෙන වයසක මනුස්සයෙක් ඔයාලගේ දොරට තට්ටු කරයි. ඔයාලට තියෙන්නේ ඒ මනුස්සයව සාධරයෙන් පිලි අරගෙන එයාට කළගුණ සැලකීමේ ඡන්දය දෙන්න.
මොකද ගෑස් සිලින්ඩරය දැක්කට පස්සේ ඔයාලට ඒ මනුස්සය එරෙහිව මොකුත් කියන්න බෑ. කුස්සියට යනකොට,පාරේ යනකොට ගෑස් සිලින්ඩරය දකින පාරක් ගානේ ඔයාලට ගෑස් සිලින්ඩරයේ කතාව මතක්වෙයි. ගෑස් සිලින්ඩරය ඔයාලගෙන් එක ප්රශ්නයක් අහයි.අපි ආයෙත් පරණ තැනට යනවද,නැත්තං අපි දැන් ඇවිත් තියන තැනින් ඉස්සරහට යනවද කියලා.අපි හෘද සාක්ෂිය තියන මිනිස්සු විදියට අපිට ඒ ප්රශ්නයෙන් පැනලා යන්න බෑ. මොකද අපි කවුරුවත් මැරිලා ඉපදුන මිනිස්සු නෙවෙයි.
අපි මේ ජනාධිපතිවරණයේදී පාවිචිචි කරන ඡන්දය අනාගතයට වගකියන ඡන්දයක්.අනාගතයේ පැවැත්ම හෝ විනාශය තීරණය කරන ඡන්දයක්. අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන ඡන්දයක්. ලේද නැත්තං නිදහසද කියන එක තීරණය කරන ඡන්දයක්.මේ පාර ඡන්දයේ තවත් එක විශේෂයක් තියනවා.2022 දී අපේ රට විනාශ කරපු රාජපක්ෂ කදවුරේ ලේ ඥාතියෙක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා.ඒ විපතින් රට ගලවගන්න කියලා ආපු ඉල්ලීම්වලට බයේ පැනලා ගිය විපක්ෂ නායකයත් මේ තරගයට ඇවිත් ඉන්නවා.
ඒ විනාශය තවතවත් වර්ධනය කරන්න විවිධ වැඩවර්ජන, උද්ඝෝෂණ කරපු,පාර්ලිමේන්තුව ගිනිතියන්න හදපු කඳවුරේ අපේක්ෂකයත් මේ තරඟයේ ඉන්නවා.එදා ඒ උවදුරින් රට මුදාගත්ත කෙනත් ඉන්නවා.ඒ අය අතරින් රටේ නායකයා විදිහට කවුද තෝරගන්නේ කියන එක ඔයාලා අතේ තියන තීරණයක්.ඔයාලා මොන තීරණය ගත්තත් අපි ඒකට ගරු කරනවා.හැබැයි වැරදි තීරණයක් අරන් මේ රට ආයෙත් 2022 තත්වයට පත්කලොත් ඔයාලා ඒ අපරාධය වගකියන්න ඕනි.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *