බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක් වෙති

බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක් වෙයි

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

ඔවුන් මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ බව දැනුම්දුනි.

මේ අතර ඊයේ (14) මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බවය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී එම තීරණය ගත් බවද ඔහු එහිදී පවසා තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *