ශ්‍රීල­නි­පය ප්‍රමුඛ පක්ෂ-සංවි­ධාන 21ක් ඇතුළත් පොදු­ජන එක්සත් පෙර­මුණේ සහා­ය ජන­පතිට – නායක අනුර ප්‍රිය­ද­ර්ශන යාපා කියයි

රාජ්‍යයේ අයි­තිය සුර­ක්ෂිත කර­මින්, සියලු දෙනා ඒක­රාශි කර ගනි­මින් බිඳ වැටුණු රට සුර­ක්ෂිත කිරීම සඳහා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ සහ සංවි­ධාන 21ක සහ­යෝ­ග­යෙන් ඇති කළ පොදු­ජන එක්සත් පෙර­මුණ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහ­යෝ­ගය ලබා­දී­මට තීර­ණය කළ බව පොදු­ජන එක්සත් පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය.

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර යුගයේ අව­ශ්‍ය­තා­වක් ඉටු කිරී­මට නව සන්ධා­නය ගොඩ­න­ඟන බවද අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා පැව­සීය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා මෙරට ආර්ථික හා දේශ­පා­ලන දේහ­යට පීඩා­වක් බවට පත්ව ඇති පවුල් දේශ­පා­ල­නය මෙර­ටින් තුරන් කළ යුතු බව පැව­සීය. පියා­ගෙන් පුතාට, පුතා­ගෙන් මුනු­බු­රාට දේශ­පා­ල­නය යන පවුල් ක්‍රම­වේ­දය අව­සන් කළ­යුතු බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඇතුළු දේශ­පා­ලන පක්ෂ සහ සංවි­ධාන 21ක් පොදු­ජන එක්සත් පෙර­මුණ ලෙස සන්ධාන ගත­වීම ඊයේ (14) බත්ත­ර­මුල්ල වෝටර්ස් එජ් හෝට­ල­යේදී සිදු වූ අතර පොදු­ජන එක්සත් පෙර­මුණ 21කගෙන් යුත් නාය­කත්ව මණ්ඩ­ල­යක් යටතේ ක්‍රියා­ත්මක වේ.

පොදු­ජන එක්සත් පෙර­මුණේ නිල­ධාරි මණ්ඩ­ලයේ ප්‍රධාන අනු­ශා­සක ලෙස නව සන්ධා­නය නියෝ­ජ­නය කර­මින් ජෝන් සෙනෙ­වි­රත්න, නායක ලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ලසන්ත අල­ගි­ය­වන්න, භාණ්ඩා­ගා­රික ලෙස නව සන්ධා­නයේ චාමර සම්පත් දස­නා­යක, ජාතික සංවි­ධා­ය­ක­ව­රුන් ලෙස ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ දුමින්ද දිසා­නා­යක, නව සන්ධා­නයේ නලින් ප්‍රනාන්දු මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් පත් කර ඇත.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නිමල් සිරි­පාල ද සිල්වා, මහින්ද අම­ර­වීර, දුමින්ද දිසා­නා­යක, ලසන්ත අල­ගි­ය­වන්න, ජගත් පුෂ්ප­කු­මාර, සූරේන් රාඝ­වන්, නීතිඥ ෆයි­සර් මුස්තාපා, නව සන්ධා­නය නියෝ­ජ­නය කර­මින් අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, සුසිල් ප්‍රෙම්ජ­යන්ත, ජෝන් සෙනෙ­වි­රත්න, නිමල් ලාන්සා, ප්‍රියං­කර ජය­රත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දස­නා­යක, උද­ය­කාන්ත ගුණ­ති­ලක, සුදත් මංජුල, ජගත් ප්‍රියං­කර, ඊළාම් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජනතා පක්ෂයේ නාය‍ක ඩග්ලස් දේවා­නන්දා, ඉලං­ගෙයි මහ­ජන කොංග්‍ර­ස­යෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුසා­රෆ් සමගි ජන බල­වේ­ග­යෙන් ස්වාධීන වූ ඉෂාක් රහු­මාන්, මුත්පෝක්කු තමි­ලර් කල­කම් පක්ෂ­යෙන් ස්වාධීන වූ එස්. වියා­ලේ­න්ද්‍රන්, ජාතික නිද­හස් පෙර­මු­ණෙන් ස්වාධීන වූ මොහො­මඩ් මුස­ම්මිල්, නිද­හස් ජනතා සභා­වෙන් ස්වාධීන වූ උද­යන කිරිඳි­ගොඩ, ශ්‍රී ලංකා මහ­ජන පක්ෂයේ නායක අසංක නව­රත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහා­චාර්ය තිස්ස විතා­රණ, යුතු­කම ජාතික සංවි­ධා­න­යෙන්  ස්වාධීන වූ අනූප පැස්කු­වල්, එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සන්ධා­නයේ නසිර් අහ­මඩ්, ස්වාධීන කණ්ඩා­ය­මක් ලෙස දකුණු පළාත් ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන, ස්වාධීන කණ්ඩා­ය­මක් ලෙස හිටපු ශ්‍රී ලංකා ඉන්දි­යානු තානා­පති මිලින්ද මොර­ගොඩ, නව ජනතා පෙර­මුණේ නායක සුගී­ෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී. කලං­සූ­රිය මහතා ඇතුළු පිරි­සක් පොදු­ජන එක්සත් පෙර­මුණ සමඟ සන්ධාන ගත වූහ.

පොදු­ජන එක්සත් පෙර­මුණ ප්‍රමුඛ සන්ධා­නයේ නිල වෙබ් අඩ­විය එළි­දැ­ක්වීම ද මෙහිදී සිදු­විය. සැමට වෙනස් දැක්මක් සැම­ටම සුබ­වාදී අනා­ග­ත­යක් යන තේමාව යටතේ  People’s Alliance වෙබ් අඩ­විය එළි දක්වනු ලැබීය.

පොදු­ජන එක්සත් පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ප්‍රධා­න‍ ­ලේ­කම් දුමින්ද දිසා­නා­යක මහතා-

“ඉති­හා­සයේ දැවැ­න්තම සන්ධා­නය ගොඩ­නඟා ඇත්තේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යයි. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ලෙස අපි පළාත් පාලන මැති­ව­රණ, පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ව­ලට ඉදි­රි­පත් වී තරග කර තිබෙ­නවා. අද වන­විට පොදු­ජන එක්සත් පෙර­මුණ ලෙස අපි සන්ධාන ගත වෙනවා. ඒ වටා පක්ෂ විශාල සංඛ්‍යා­වක් ඒක­රාශි වී සිටි­නවා. අපගේ සන්ධා­නය වටා තවත් පක්ෂ ගණ­නා­වක්, සංවි­ධාන ගණ­නා­වක් ඒක­රාශී වීමට අපේ­ක්ෂා­වෙන් සිටි­නවා. මේ සන්ධා­න­ගත වීම ආර­ම්භ­යක් පම­ණයි. එදා එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට නාය­ක­ත්වය ලබා­දුන්  හිටපු ඇමැති අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, ඇමැති සුසිල් ප්‍රේම්ජ­යන්ත මහ­ත්වරු අදත් නාය­ක­ත්වය ලබා­දෙ­නවා.

අද අපි අලුත් දේශ­පා­ලන ගම­න­කට මුල පුර­නවා. අද විශාල පිරි­සක් මේ ස්ථාන­යට පැමිණ සිටින්නේ මෙරට සන්ධාන ඉති­හා­සයේ අලුත් පිටු­වක් සංකේ­ත­වත් කරන්න. සන්ධාන ඉති­හා­සයේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රබල ස්ථාන­යක් හැම­දා­මත් හිමි කර ගත්තා. සුසිල් ප්‍රේම්ජ­යන්ත, අනුර ප්‍රිය­ද­ර්ශන යාපා යන දෙප­ළම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කර­මින් මෙරට සන්ධාන දේශ­පා­ල­නයේ ශක්ති­මත් අඩි­තා­ලම් දැමූ දෙප­ළක්. මේ නිර්මා­ණය වන්නේ මෙරට දැවැ­න්තම සන්ධා­න­යයි. පොදු­ජන එක්සත් පෙර­මුණ ගොඩ­න­ඟන මේ සන්ධා­නය ඉදි­රි­යේදී මුළු රටේම අනා­ග­තය තීර­ණය කරන ප්‍රබල සාධ­ක­යක්. අද රට ඔසවා තබ­න්නට හැකි­වන්නේ අප නිර්මා­ණය කළ මේ සන්ධා­න­යෙන්. ඉති­හා­සය පුරාම වැටිච්ච රටක් ගොඩ­ගැ­නීමේ හයිය දී ඇත්තේ පොදු­ජන එක්සත් පෙර­මු­ණයි. අපි ඕනෑම මැති­ව­ර­ණ­ය­කට ඕනෑම අව­ස්ථා­වක සූදා­නම්. පාර්ලි­මේ­න්තු­වේත් විශා­ල­තම මන්ත්‍රී කණ්ඩා­යම අප සතුව සිටි­නවා. ඉන් පිට­තත් දැවැන්ත වෘත්තිය සමිති ව්‍යාපා­ර­යක්, අනු­බද්ධ සංවි­ධාන ජාල­යක්, ජාතික සංවි­ධාන විශාල සංඛ්‍යවක් අපි සමඟ සිටි­නවා. ඒ අනුව අද අපි අලුත් දේශ­පා­ලන ගම­නක් යන්නට සූදා­නම්.”

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, වරාය හා නාවික කට­යුතු ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා-

අතී­තයේ සිට අප පුරුදූ වී සිටියේ නාය­ක­යන් පසු­පස ගමන් කර­මින් දේශ­පා­ලන පක්ෂ ශක්ති­මත් කිරී­ම­ටයි. නමුත් බොහෝ අව­ස්ථා­ව­ලදී දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන් නිසා දේශ­පා­ලන පක්ෂ විනාශ වුණා. හොඳම උදා­හ­ර­ණය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ හිටපු නාය­කයා නිසා පක්ෂය විනාශ වුණා. විනාශ වූ පක්ෂය අපි නැවත වතා­වක් ගොඩ­න­ඟ­මින් සිටි­නවා. හිටපු සභා­ප­ති­ව­රයා ඉව­ත්වූ­වාට පසු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ශක්ති­මත් ලෙස ගොඩ­නැ­ඟී­මට අපි තීර­ණය කළා. ඒ වෙනු­වෙන් නව නිල­ධාරී මණ්ඩ­ල­යක් මේ වන­විට පිහි­ටුවා තිබෙ­නවා. පොදු­ජන එක්සත් පෙර­මුණ තුළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට සිය­යට පනස් එකක වැඩි ඉඩක් තිබුණා. නමුත් අපි එයද ප්‍රති­ක්ෂේප කර තවත් පක්ෂ­ව­ලට වැඩි ඉඩක් ලබා­දී­මට තීර­ණය කළා. ඇතැම් දේශ­පා­ලන පක්ෂ­වල නාය­ක­යන් විසින් පව­ත්වා­ගෙන යන කිචන් කැබි­නට් අපි ළඟ නැහැ. පොදු­ජන එක්සත් පෙර­මුණ ක්‍රියා­ත්මක වන්නේ නාය­කත්ව මණ්ඩ­ල­ය­කින්.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වසර එක­හ­මා­රක කාල­යක් පුරා­වට විවිධ දේශ­පා­ලන කණ්ඩා­යම් සමඟ සාකච්ඡා කළා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පද­නම් කර­ග­නි­මින්, ජාති­වාදි නොවන ආකා­ර­යට සියලු දේශ­පා­ලන කණ්ඩා­යම්, දේශ­පා­ලන පක්ෂ සමඟ සාකච්ඡා කර­මින් පුළුල් වූ සන්ධා­න­යක් ගොඩ­නැ­ඟී­මට අපි සාකච්ඡා කළා.

පොදු­ජන එක්සත් පෙර­මුණ ප්‍රමුඛ පැරණි සන්ධා­නය මේ රටේ දේශ­පා­ල­නය තීර­ණා­ත්මක තැන­කට අරන් ආ කඳ­වු­රක්. පැරණි සන්ධා­නය නූතන යුග­යට සරි­ලන පරිදි සකස් කර ගනි­මින් ජනතා අභි­ලාෂ මුදුන් පමු­ණුවා ලීමට තීර­ණය කළා. ව්‍යව­ස්ථාව වෙනස් කර­මින් නීති­මය තත්ත්වය සංශෝ­ධ­නය කර­මින් අපි අලුත් සන්ධා­න­යක් ගොඩ­නැ­ඟුවා. ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන පක්ෂ නිර­න්ත­ර­යෙන් පක්ෂයේ නාය­ක­යාගේ ග්‍රහ­ණ­යට හසු වූ නිසා ජන­තාව වෙනු­වෙන් හා පක්ෂය වෙනු­වෙන් සිදු­විය යුතු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කැප­කි­රීම් මඟ හැරෙ­මින් තිබෙ­නවා. දේශ­පා­ලන පක්ෂ­වල නාය­ක­යන් පොදු ජන­තා­වගේ සාධා­රණ අව­ශ්‍ය­තා­වන් ග්‍රහ­ණ­යට ගත් නිසා පක්ෂ දේශ­පා­ල­නය විනාශ වුණා. උදා­හ­ර­ණ­යක් ලෙස ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පෙන්විය හැකියි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නාය­කයා විසින් විනාශ කරද්දී දේශ­පා­ල­න­යට ප්‍රවේශ වීම සඳහා අනෙ­කුත් සාමා­ජි­ක­යන්ට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සන්ධා­න­යක් ගොඩ­නැ­ඟී­මට සිදු වුණා. පක්ෂ­යක් කෑලි‍ව­ලට කැඩෙද්දි දේශ­පා­ල­නය කළ නොහැ­කියි. පසු­ගිය කාලයේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පාර්ලි­මේ­න්තුවේ විවිධ කණ්ඩා­යම්, දේශ­පා­ලන පක්ෂ සමඟ සාකච්ජා කළා. ජාති ආගම් බේද නොතකා සිය­ලුම ජන කොට්ඨා­ස­ව­ලට ඒකා­බද්ධ විය හැකි සන්ධා­න­යක් ගොඩ­නැ­ඟුවා. පාක්ෂි­ක­යන් අප­හ­සු­තා­වට පත් නොකර පුළුල් දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් සමඟ පුළුල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කති­කා­වක් ගොඩ­නැ­ඟීම මේ සන්ධා­නයේ ප්‍රධාන අර­මු­ණයි. අපි සමඟ සියලු දෙනාට එක්විය හැකියි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට සිය­යට 25ක් අනෙක් සිය­ල්ල­න්ටම සිය­යට 75ක් වන පරිදි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශ­යක් අපි මේ සන්ධා­නයේ සකස් කළා.

අපි දීර්ඝ වශ­යෙන් සාකච්ජා කළා. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ව්‍යුහ­යක් අප සතු වූ බැවින් මෙරට දේශ­පා­ලන පක්ෂ­වල නාය­ක­යන් සියලු දෙනාම අපි සමඟ එකතු වෙනවා. ආර්ථික, දේශ­පා­ලන, විදේශ ප්‍රති­පත්ති ආදි සිය­ලුම කේෂ්ත්‍ර පිළි­බඳ තීන්දු ජන­තාව හමු­වට පැමි­ණෙන්නේ නාය­ක­ත්වයේ මණ්ඩ­ලයේ සාක­ච්ජා­ව­කින් පසු­වයි. ඕනෑම තරා­ති­ර­මක අයෙ­කුට අපේ දේශ­පා­ලන කඳ­වුරේ ඉහ­ළ­ටම යා හැකි ආකා­රයේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් සුර­ක්ෂිත කර තිබෙ­නවා. පුරුදු දේශ­පා­ල­නය අව­සන් කර­මින් ආර්ථි­කය ශක්ති­මත් තැන­කට ඔසවා තබ­මින් අපි මේ මොහොතේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ලබා දිය යුතුයි තීර­ණය කළා.

ඒ වගේම මේ රටින් පවුල් දේශ­පා­ල­නය අව­සන් කළ යුතුයි. පවුල් දේශ­පා­ල­න­යෙන් ආර්ථික හා දේශ­පා­ලන දේහ­යට වූ විනා­ශය අති විශා­ලයි. ඒ නිසා අපට පවුල් රැකීමේ අව­ශ්‍ය­තා­වක් නැහැ. පවුල් රකින්න, පවුල් හදන්න කලින් අපි හැමෝ­ටම රටක් තිබිය යුතුයි. තාත්තා­ගෙන් පුතාට, පුතා­ගෙන් මුනු­බු­රාට දේශ­පා­ල­නය පැව­රෙන ක්‍රමය අව­සන් කළ යුතුයි. පොදු­ජන එක්සත් පෙර­මුණ යනු ජනතා අව­ශ්‍යතා පද­නම් කර ගනි­මින් බිහිවූ සන්ධා­න­යක්. තෙල් බෙහෙත් වෙළෙන්දො වගේ ඇවිත් බොරු කතා බොරු පොරොන්දු දෙන්න අව­ශ්‍ය­තා­වක් අපට නැහැ.”

පොදු­ජන එක්සත් පෙර­මුණේ නායක අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා –

“අපි පසු­ගිය කාලයේ විශාල කාල­යක් වෙන් කළා. අලුත් දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළක් වෙනු­වෙන්. අපේ සන්ධා­නයේ විශේ­ෂ­ත්වය තමා නාය­කත්ව මණ්ඩ­ල­ය­කින් සියලු දෙනා සම­ඟම සාකච්ජා කිරීම. අපි ළඟ විශේ­ෂ­ත්ව­යක් තිබෙ­නවා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වඩාත් පුළුල් ලෙස ක්‍රියා­වට නැංවීම. මෙරට දේශ­පා­ලන ඉති­හා­සයේ ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ­යට උරු­ම­යක් තිබෙ­නවා පොදු­ජන අයි­තීන් සුර­ක්ෂිත කිරීම වෙනු­වෙන්. අපි සියලු දෙනාම මේ මොහොතේ ඒ වෙනු­වෙන් කැප­වෙන බව ප්‍රකාශ කරන්න කැමැ­තියි. මම මොන සන්ධා­නයේ නාය­ක­ත්වය දැරු­වත් නිමල් ලාන්සා මහතා නොව­න්නට මේ ආකා­රයේ පුළුල් දේශ­පා­ලන සන්ධා­න­යක් ගොඩ­නැ­ඟීම අප­හ­සුයි. එතු­මාගේ අසී­මිත කැප­කි­රී­මට අපි සියලු දෙනාගේ ස්තූතිය පුද කර සිටි­නවා. පසු­ගිය කාලයේ ආර්ථික කඩා­වැ­ටී­මත් සමඟ අපි­ටම අවේ­ණික වූ රටා­වක් නිර්මා­ණය කර ගැනී­මට අපට සිදු­වුණා.

මෛත්‍රි­පාල සිරි­සේන මහතා පක්ෂයේ මෙන්ම අපේ රටේ ද අනා­ග­තය බිඳ දැමූ නිසා අපේ ගමන් මඟ වෙනස් කළා. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­ය­ගෙන් ගොඩ­නැ­ඟුණු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන ක්‍රියා­ව­ලිය නැවත වරක් සක්‍රිය කිරී­මට අපේ කණ්ඩා­ය­මට හැකි­යාව තිබෙ­නවා. රාජ්‍යයේ අයි­තිය සුර­ක්ෂිත කර­මින් සියලු දෙනා එකතු කර ගනි­මින් අපි අනා­ග­තයේ බිඳ­වැ­ටුණු රට ගොඩ­නැ­ඟී­මට සූදා­නම්. ඒ සඳහා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපේ සන්ධා­නයේ සහ­යෝ­ගය ලබා­දී­මට සූදා­නම් බව මේ මොහොතේ ඉතා­මත් සතු­ටින් දැනු­ම්දී­මට කැමැ­ත්තෙමි.”

මෙහිදී පොදු­ජන එක්සත් පෙර­මුණේ මහ ලේකම් රාජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න මහතා විසින් නව නිල­ධාරි මණ්ඩ­ලය හා නාය­කත්ව මණ්ඩ­ලය සභා­වට හඳුන්වා දීම ද සිදු කරන ලදී.

ඡායා­රූප -දුෂ්මන්ත මායාදුන්නෙ

ස්වර්ණා විජේ­කෝන්

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *