|

පාඨළීගේ කුසලතාවය ලැජ්ජා නැතිකමද? – රටේ රාළ

පාඨළී චම්පික රණවක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ දේශපාලන චරිතයක්.සාමානයෙන් පඨළීට වැඩක් බාරදුන්නොත් වැඩේ ගොඩදානවා කියලා කතාවක් තියනවා.පාඨළීට බාරදුන්න අමාත්යංශවල කටයුතු සාපේක්ෂව හොඳ මට්ටමක තිබුණා.පාඨළී කියන්නේ ලිබරල් ලක්ෂණ වැඩිපුර කළවම් දෙමුහුම් දේශපාලන චරිතයක්.පාඨළීට පවතින තත්වයන් සම්බන්ධව දේශපාලන විග්රහයක් තිබුණා.අනෙක් අයගේ විග්රහයන් එක්ක සන්සන්දනය කරද්දී යම් තරමක හෝ යථාර්ථවාදීකමක් පාඨළීගේ විග්රහයන් ඇතුලේ තිබුණා.
පාඨළී නූතනත්වය ගැන කතා කළා.ඉන්න හිතෙන රටක් ගැන කතා කළා.කුසලතාවයට තැන දෙන රටක් ගැන කතා කළා.කුසලතාවය ගැන කතා කරකර හිටිය පාඨළී එකපාරට සජිත්ගේ ඔඩොක්කුවට වැටුනා.පාඨළීට එහෙම උනේ සජිත්ගේ කුසලතාවයක නිසාද නැත්තං ලකීගේ කුසලතාවය නිසාද කියලා තවම කියන්න බෑ. පාඨළී කියන්නේ ජනමනසට කිට්ටු චරිතයක් නෙවෙයි.පාඨළී කියන්නේ සවන් දෙන්නෙකුත් නෙවෙයි.තමන්ගේ මතය හොඳින් හෝ නරකින් අනෙකා මත පටවන්න හදන අධිපතිවාදී චරිතයක්.වෙන විදිහකින් කිව්වොත් තවත් සජිත් කෙනෙක්.
පාඨළී ළඟට වතුර වීදුරුවක් ඉල්ලගෙන එන කෙනෙකුට පාඨළී කවදාවත් වතුර වීදුරුවක් දෙන්නේ නෑ.ඒ වෙනුවට පාඨළි දෙන්නේ තමන්ගේ පෙට්ටගමේ තියන දෙයක්.පාඨළීගේ පෙට්ටගමේ සුමට දේවල් ගොඩක් අඩුයි.ගොඩක් තියෙන්නේ හතරැස් ඒවා.
පාඨළී කියන්නේ කාලයක් තිස්සේ ජනාධිපති සිහිනය ඔළුවේ තියාගෙන හිටපු කෙනෙක්.වෙන්ඩ ජනාධිපති කෙනෙක්.මේ ඉන්න ජනාධිපති අපේක්ෂකයන්ට සාපේක්ෂව හිතද්දී පාඨළීට එහෙම හීනයක් තිබීම වරදක් නෑ.හැබැයි මහජන බලය පැත්තෙන් හිතද්දී පාඨළී ඒ තනතුරට ගොඩක් ඈතයි.මේ දෙක බැලන්ස් කරගන්නේ නැතිව පාඨළී කළේ තමන්ගේ සිහිනය වෙනුවෙන් කෙටි පාරවල් හොයපු එකයි.පාඨළීගේ දේශපාලන ජීවිතය පුරාම තියෙන්නේ අවස්ථාව කලමණාකරණය කරමින් මතුවෙන ක්රම.
ඒක අවස්ථාවාදය කියලා කියන්නත් සමහරු කියනවා.පාඨළී දිගටම හිතුවේ ප්රබල කදවුරක ජනාධිපති අපේක්ෂකයා වෙන්න මේ අවස්ථා කළමණාකරණය හරහා පුළුවන් කියලා.එක වෙලාවක රනිල් නෙවෙයි එන්නේ පාඨළී කියලා නිව්ස් ප්ලාන්ට් වුනා.චන්ද්රිකා කැමති පාඨළීට කියලා කතා ගියා.ශ්රිලනිප ජනාධිපති අපේක්ෂකයා වෙන්න මෛත්රී එක්ක පාඨළී කතා කළා. හැබැයි මේ කිසිම දෙයක් උනේ නෑ. ඒකට හේතුව පාඨළීට මහජන බලයක් නැතිවීම සහ පුද්ගලයෙක් විදිහට කොලිටියක් නැතිවීමයි.
ජනාධිපති අපේක්ෂකත්වය දෙනවා නම් පාඨළීට මුස්ලිම් කොංග්රස් එක උනත් අවුලක් නැති සයිස් එකට අන්තිම කාලේ වැටිලා හිටියා.
පාඨළී කියන්නේ චන්ද්රිකා මහින්ද, රනිල් – මෛත්රී ආණ්ඩුවල හිටපු ඇමතිවරයෙක්.පාඨළීට නායකයෙක් විදිහට මතුවෙන්න ගොඩක්ම අවස්ථා දුන්නේ චන්ද්රිකා සහ රනිල්.රාජපක්ෂලා සහ සජිත් කළේ දිගටම පාඨළිට කපන එක,වට්ටන එක.රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ඉදිද්දී පාඨළිට කෙනෙහිලිකම් ගොඩක් සිද්ධවුනා.විශේෂයෙන්ම විදුලිබල ඇමති විදිහට ඉන්දැද්දී රාජපක්ෂලා එක්ක ලොකු ගැටුමක චම්පික හිටියා.ඊළඟට පාඨළීට ලොකුම කැපිල්ල දැම්මේ සජිත්. එක්සත් ජාතික පක්ෂය කඩාගෙන සජිත් එලියට ආපු වෙලාවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරපු සියලුම පක්ෂ සජිත් එක්ක එකතු වුනා.
පාඨළීගේ ජාතික හෙල උරුමයත් සජිත් එක්ක එකතු වුනා.ඒ හරහා පාඨළීත් කොළඹ දිස්ත්රික් මන්ත්රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. සජබය ඇතුලේ තනතුරක් පාඨළීගේ බලාපොරොත්තුවක් විදිහට තිබුණා.සජිතුත් චම්පිකට පොසිටිව් ටෝන් දීලා තිබුණා. නායකයෙක් වීමේ සිහින සහ ජනාධිපති හීනයත් තියාගෙන සජබේ සභාපති විමේ අදහසින් එක වෙලාවක පාඨළී තමන්ගේ පක්ෂය අතහැරියා. එදත් රටේ රාළ කිව්වා චම්පික ඉක්මන් උනා වැඩියි කියලා.
හැබැයි පාඨළී පක්ෂය විසුරවලා සජබය වෙත යනකොට සජිත් සියලු තනතුරු පුරවලා ඉවරයි.චම්පික බලාපොරොත්තු උන සභාපති ධූරය ෆොන්සේකට දීලා.පාඨළී පට්ට අනාතයි.අනාත උන පාඨළී ඊළඟට 43 සේනාංකය හැදුවා.මේ කාලය ඇතුලේදී සජිත් සහ සජබය චම්පිකට පල නොකියා පලා බේදුවා.සජිත් චම්පික ගැටුම උග්ර වෙද්දී කුසලතාවයට තැනක් නෑ කියාගෙන පාඨළී සජබෙන් එලියට බැස්සා.බැහැලා ජනරජ පෙරමුණ හැදුවා.ජනරජ පෙරමුණේ නායකයා විදිහට තමයි පාඨළී 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙන්න උත්සහ කළේ.ඒක වැරදි අවස්ථාව දරපු වැරදි උත්සාහයක්.
අඩුම ගානේ මේ ජනාධිපතිවරණයේදී පාඨළී ගැන ලොකු සංවාදයක්වත් හැදුනේ නෑ. කොහොම උනත් අවසානයේ පාඨළී බරපතල ප්රශ්නයකට මුහුණ දුන්නා. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් තැන තැන රස්තියාදු උන පාඨළීට අන්තිමට පාර්ලිමේන්තු එන්න තැනක් නැතිවීමේ අර්බුදයක් ආවා.ඒ අර්බුදයට උත්තරය විදිහට පාඨළී ආයෙත් සජබය තොරගත්තා. අන්තිමට කුසලතාවයෙන් පිරිපුන් පාඨළී සජිත්ගේ දේපාලන ලොන්ඩරියේ කිලිටි හෝදන්න ගියා. ඒක පාඨළී විසින් ජනරජ පෙරමුණේ මධ්ය කාරක සභාවට දැනුම් දීලා තිබුණා.
ප්රධාන හේතුව විදිහට කියලා තිබුණේ ජවිපෙ බලයට එන එක නතර කරන්න ඕනි.ජවිපෙ බලයට ආවොත් දින කීපයකින් මර්ධනක් එනවා ඒක නවත්වන්න නං සජිත් දිනවන්න ඕනි කියලයි.පාඨළී ඔය මට්ටමේ ලද බොළඳ තර්කයක් ඉදිරිපත් කිරීම ඇත්තටම ලැජ්ජා සහගතයි.නිකං හිතන්නකෝ ජවිපෙ මර්ධනය නතර කරන්න නං ඉන්න හොඳම කෙනා රනිල්.අනික ජවිපෙට බයේද චම්පිකලා දේශපාලන කරන්නේ.මේ වෙලාවේ අංක එකට තියෙන්න ඕනි රට.රට ගොඩදාන්න පුළුවන් කාටද කියලයි තීරණය කරන්න ඕනි.පාඨළීලා කියන්නේ තමන්ගේ හීන රටට යටින් තියාගත්ත අය නෙවෙයි.
ජනාධිපති හීනය අතෑරලා පාර්ලිමේන්තු හීනය සැබෑ කරගන්න ගිය පාඨළීට අන්තිමට තමන්ගේ ප්රතිපත්ති පවා පාවාදෙන්න සිද්ධ වෙලා.පාඨළී සජබෙට ගන්නේ අඬු කඩලා කියලා මරික්කාර් කියපු කතාව අද ඇත්ත වෙලා.මේ පාර පාඨළී පාඨළීවත් පාවාදීලා.කුසලතාවයන් සියල්ල පාවාදීලා.පාඨළීලා පස්සේ දොරෙන් රිංගගෙන සජබෙට ආවේ මෙච්චර කල් සජිත් කියපු මෝඩ කතා අනුමත කරමින්ද කියලා පාඨළී දැන් රටට කියන්න ඕනි.අපේ රටේ පාසැල් දහදාහා ලෝකේ ඉන්න කෝටිපතියෝ දහදාහකගේ නඩත්තුවට බාර දෙනවා කියන එක පාඨළී අනුමත කරනවාද?
උසනම් සිකුරිටි,මිටිනම් කම්කරු කතාවත් ඒ දෙන්නට හොඳට ගැලපෙනවා.පාඨළී සජිත්ගේ කඳවුරට රිංගීමෙන් එකක් පැහැදිලියි.පාඨළීට දැන් කිසිම කේවල කිරීමේ බලයක් නෑ.අඩුම ගානේ එයාලට සජබෙත් එක්ක අත්සන් කරන ගිවිසුම ගැන අදහසක්වත් මධ්යම කාරක සභාවට හදන්න බැරි වෙලා තියනවා.
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සජබෙ ඇතුලේ ලගිනවා හැර පාඨළීට කරන්න ලොකු දෙයක් නෑ.ජනාධිපතිවරණ කාලය පුරාම පාඨළීගේ කුසලතාවය සජිත්ට කඩේ යෑම වෙනුවෙන් යොදවන්න වෙනවා.ජනරජ පෙරමුණේ මධ්ය කාරක සභාවේ අය අහපු ප්රශ්නවලට පාඨළීට උත්තර තිබිලා නෑ.පාඨළීලා යන්නේ සජිත් දිනවන්න නම්.සජිත් දිනලා මේ රට 2022 තත්වයට පත්වුනොත් පාඨළීත් ඒකට වගකියන්න වෙනවා.
අබ්දුල් කලාම්ලගෙන් පන්නරය ලැබුවා කියන මහා දර්ශනවාදියා වැඩවසම් සජිත් ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් වෙනුවෙන් දණ ගහගෙන ඉන්න හැටි දැක්කම පව් කියලත් හිතෙනවා.ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් වෙනුවෙනුත් නෙවෙයි කොළඹ දිස්ත්රික්කයේ අපේක්ෂකධූරයක් වෙනුවෙන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *