|

රනිල් දැන් ජනතාව විශ්වාස කළ යුතුයි – රටේ රාළ

” මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා ” ලිපියෙන් රටේ රාළ ජනාධිපතිවරණ කැම්පේන් එක කොටස් තුනකට බෙදුවා.ඒ නොමිනේෂන් අවසන් වෙන අගෝස්තු 15 වෙනිදා දක්වා කාලය, අගේස්තු 15 වෙනිදා ඉඳන් අගෝස්තු 31 වෙනිදා දක්වා කාලය සහ සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් සැප්තැම්බර් 21 ක දක්වා කාලය කියලා.දැන් අපි ඉන්නේ පළවෙනි අදියරේ.පළවෙනි අධියර කියන්නේ නීත්යනුකූලව අපේක්ෂකත්වය තහවුරු කරගැනීම සහ දේශපාලන වශයෙන් මනසික මෙහෙයුම් සිදුවෙන කාලයක්.
ප්රධාන කඳවුරු හතරේම අපේක්ෂකයෝ උත්සහ කරන්නේ තමන්ගේ ගොඩ වැඩියි කියලා පෙන්නන්න.ඒක නිසා හැම කෙනාම වගේම පුද්ගල චරිත පස්සෙන් දුවනවා.මැති ඇමතිලාට, පාර්ලිමේන්තු,පලාත් සභා සහ පලාත් පාලන මන්ත්රීලාට මේ දවස්වල හොඳ ඉල්ලුමක් තියනවා. ඒ ඒ තරාතිරම්වලට ගැලපෙන විදිහේ පැකේජ හැදෙනවා.ඒ වගේම නළු නිළියන්ට,ගායක ගායිකාවන්ට,ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ ඉහළ විශ්රාමික නිළධාරීන්ට,රාජ්ය සේවයේ ඉහළ නිලධාරීන්ට,විශ්ව විද්යාල ආචාර්ය මහාචාර්යවරුන්ට,නම් දාරාපු ක්රීඩක ක්රීඩිකාවන්ට මේ දවස්වල සෑහෙන ඉල්ලුමක් තියනවා.
පුද්ගලයින් දිනාගැනීමේ මෙහෙයුම ජනාධිපතිවරණය අවසන් දවස වෙනකම්ම තියෙයි.මේ දවස්වල ඒකට වැඩි වටිනාකමක් සහ අවධානයක් තියනවා.මේ දවස්වල කට්ටි පෝලිමේ එක එක පැත්තට අලවි වෙනවා.හැබැයි මෙයාලා හිතන තරම් ඡන්ද ඔය පුද්ගලයන්ට හදන්න බෑ.ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ අපේ රටේ පොරවල් නෑ.නම්වලට මේක වෙනස් කරන්න පුළුවන් නං අනිවාර්යයෙන්ම නාමල් දිනනවා.මොකද මහින්ද තමයි අපේ රටේ දේශපාලනයේ මෙතෙක් හිටලා තියන ලොකුම පොර.
හැබැයි ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ මහින්දගේ පොරභාවයත් අහෝසි වුනා.දැන් මහින්දගේ තියෙන්නේ පොර ටෝක් විතරයි.රට බංකොලොත් උනාට පස්සේ ලංකාවේ පොරවල් විදිහට ඉතිරිවෙලා ඉන්නේ රනිලුයි,චමරි අතපත්තුයි තව කීපදෙනෙකුයි විතරයි.දැන් පුද්ගලයෝ ඉලක්ක කරගෙන කරන මෙහෙයුම වෙනුවට ජනතාව ඉලක්කයට කරගෙන කරන මෙහෙයුමක් අවශ්යයි.විශේෂයෙන්ම රනිල්ට දිනන්න ඕනි නං දැන් කරන්නට තියෙන්නේ බිම් මට්ටම ඉලක්ක කරගත්ත කැම්පේන් එකක්.
ඊයේ රෑ රටේ රාළ බලකාය කරපු දත්ත විශ්ලේෂණයෙන් ඒක හොඳටම පැහැදිලියි.රනිල් දිහා සමාජයේ විශේෂ අවධානයක් යොමුවෙලා තියන බව පේනවා.රනිල් ගැන වැඩිපුර අවධානය යොමුවෙලා තියන ප්රජාවන් මොනවද කියලා බැලුවොත් ධනපති ස්ථරයේ වැඩි අවධානයක් රනිල් ගැන තියනවා.මැද පන්තියේ ඉහළ සහ මැද ස්ථරත් රනිල්ට බරයි.හැබැයි මැද පන්තියේ පහල කොටස සහ පීඩිත පන්තියේ කොටස් රනිල් ගෙන් ගොඩක් ඈතයි.
රනිල්ගේ කැම්පේන් එක කරන අය හිතනවා ඇති උඩ කැම්පේන් එක ඉස්සෙනකොට ඒ බලපෑම පහලට යනවා කියලා.ඇත්තටම එහෙම එකක් තියනවා.රටේ රාළ ඒක ප්රතික්ෂේප කරන්නේ නෑ. හැබැයි මෙතන රනිල්ගේ කැම්පේන් එක විතරක් නෙමෙයි තවත් ශක්තිමත් කැම්පේන් තුන හතරක්ම තියනවා.සජිත්ගේ සහ අනුරගේ කැමිපේන් අති දැවැන්ත ඒවා.නාමල්ලගේ සහ දිලිත්ගේ කැම්පේන් දෙකත් හොඳ තැනක තියනවා.
මාලිමාව,සජබෙ ඇතුළු කණ්ඩායම් එක්ක තමයි මැද පන්තිය පහල ස්ථරය සහ පීඩිත කොටස්වල බහුතරය ඉන්නේ.ජාතිකවාදී ඡන්ද පදනම ඇමතීමට දිලිත්ලා සහ නාමල්ලා අතර තරගයක් හැදෙයි.මේ පහල පන්තික සහ පීඩිත කොටස් අතර යන්නේ ධනපති මතයවත් ඉහල මැද පන්තියේ මතයවත් නෙවෙයි.එයාලා අතර මතය ගෙනියන්නේ මැද පන්තිය පහල කොටස්‌ සහ ඔය ජාතිකවාදී කියන ජාතිවාදී ස්ථරය.නිකං හිතන්නකෝ ගුරුවරයෙක් කියලා.එයාලට මතය ගෙනියන්න පුළුවන් ස්ථර ගණනාවක් තියනවා. ලොකු ප්රජාවක් අමතන්න එයාලට පුළුවන්.රනිල් තවමත් මේ ස්ථර අතරට ගිහින් නෑ.ඊළඟට ගමේ ඉන්න එජාප පාක්ෂිකයටත් තවම නිශ්චිත වැඩපිලිවෙලක් ඇවිත් නෑ.
මේ කැම්පේන් එකට මැදිහත් වෙන එජාප සංවිධායකයොත් ලොකු වැරැද්දකුත් කරනවා. එයාලු හදන්නේ කොළ පාට කොඩිය දාගෙන මේක එජාප කැම්පේන් එකක් කරන්න.ඇත්තටම ඒක මහ මෝඩකමක්.කොළ පාට කොඩිය දාගෙන යන්න ඕනි නං රනිල්ට එජාපයෙන් ඉදිරිපත් වෙන්න තිබුණා.රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට එන්නේ සියල්ල එකතු කරගන්න.රනිල් පොදු මිනිහෙක්ට කරනවා වගේම කැමිපේන් එකත් පොදු එකක් වෙන්න ඕනි.සියල්ලගේම අපේක්ෂකයා රනිල් කියන හැඟීම සමාජයට ගෙනියන්න ඕනි.
ඒක කරන්න පුළුවන්.ඒකෙදී කියන්න ලස්සන කතාවකුත් තියනවා.රට බංකොලොත් උන වෙලාවේ,කවුරුත් බාරගන්නේ නැතිව පැනලා ගිය වෙලාවේ රනිල් මේ රට බාරගත්තේ එජාප නායකයා විදිහට උනාට,රනිල් රට බාරගත්තේ එජාප පාක්ෂිකයා වෙනුවෙන් විතරක් නෙවෙයි. රනිල් රට බාරගත්තේ සමස්ථ සිංහල,දෙමළ, මුස්ලිම්,බර්ගර් සහ මැලේ ජනතාව වෙනුවෙන්. 2022 පෝලිම් යුගයේදී යූඑන්පීකාරයා විතරක් පෝලිමේ හිටියේ නෑ.යූඑන්පීකාරයෝ විතරක් පෝලිම්වල මැරිලා වැටුනේ නෑ.
මොන දේශපාලනය නියෝජනය කලත් ඒ අපේ රටේ මිනිස්සු.අද රනිල්ට වටකරලා ගහන අයට, රනිල්ට නාකියා කියන,බැංකු හොරා කියන, බටලන්දේ රනිල් කියන සියලු දෙනාටම එහෙම හරි බනින්න ඔක්සිඡන් දුන්නේ රනිල්.ඒ කතාවයි ජනතාවට කියන්න ඕනි.එහෙම නැතිව යුඑන්පී කතාව හරි,රනිල්ගේ යුඑන්පී ඉතිහාසය ගැන හරි,රනිල්ගේ යූඑන්පී භාවිතාවක් ගැන හරි කියලා වැඩක් නෑ.රට අර්බුදයට ගිය වෙලාවේ රනිල්ගේ භාවිතය ගැන කිව්වා නම් ඇති.
ඒක නිසා මේ කැම්පේන් එකේ මධ්යස්ථභාවය රකින එක එජාපයේ වගකීමක්.තවමත් අපිට පේන්න විදිහට කැම්පේන් එකේ වැඩි පංගුව අදින්නේ ලන්සලා සහ ප්රසන්නලායි.රටේ රාළ කියන්නේ රනිල් දැන් ජනතාව විශ්වාස කරලා ground එකට බහින්න ඕනි.ගමේ ඡන්ද පදනමට ඇඩ්රස් කරන්න ඕනි.රනිල් රට බංකොලොත් භාවයෙන් මුදාගෙන රට යථාවත් කළා කියන එක ගමේ මිනිහටත් අදාලයි.ඒ ඉඩ ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියනවා.
ප්රශ්නය තියෙන්නේ මේක හරියට ඇඩ්රස් වෙන්නේ නැති එකයි.දැන් රනිල් තුන් වෙනි තැන හිටියත් තවමත් දිනන්න වැඩි අවස්ථාවක් තියෙන්නේ රනිල්ට.ඒකට රනිල් ජනතාව විශ්වාස කරන්න ඕනි.රනිල් වටේ ඉන්න කම්පේන් ඔස්තාර්ලත් ජනතාව විශ්වාස කරන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *