|

මනුෂ,හරීන් හෙලි කළ අසමගි ජන බලවේගය – රටේ රාළ

පහුගිය 09 වෙනිදා ශ්රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවකින් මනුෂගේ සහ හරීන්ගේ සජබ සාමාජිකත්වය අහෝසි කිරීම නීත්යානුකූල බව තහවුරු වුනා.ඒ එක්කම මනුෂගේ සහ හරින්නේ මන්ත්රීධූරත් ඇමතිධූරත් අහෝසි වුනා.මනුෂ සහ හරින් ඒ ගැන කිව්වේ ටිකක් වෙනස් කතාවක්. එයාලා දෙන්නම කියලා තිබුණේ ඒ තීන්දුව ගැන දැනගෙන හිටියා වගේම බලාපොරොත්තුවෙන් හිටියා කියලයි.ආයෙත් ඒ තීන්දුව අභියෝගයට ලක් නොකරමින් දෙන්නම අධිකරණ තීන්දුවට හිස නමා යන්න ගියා.
මන්ත්රීධූර සහ ඇමතිධූර අහෝසිවීම ගැන ලොකු කම්පනයක් මනුෂ සහ හරීන් ඇතුලේ තියන බව පෙනුනේ නෑ.මනුෂ සහ හරීන්ගේ දේශපාලනයට එක්ක අපි එකඟ නෑ.ඒත් මනුෂ සහ හරීන් සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ අපේ රට ඉතාමත් තීරණාත්මක තැනක තියන වෙලාවක.රට හැම අතින්ම බිඳ වැටිලා. ජාත්යන්තර වශයෙන් හුදකලා වෙලා. සර්වපාක්ෂික ආණ්ඩුවක් මේ රටේ ජනතාව ඉල්ලපු වෙලාවක් ඒක.අපේ රටේ සියලු දේශපාලන පක්ෂ ඇවිත් රට වෙනුවෙන් උරදිය යුතු වෙලාවක් ඒක.
හැබැයි සජබෙන් ඒ තීරණාත්මක මොහොතේ ආවේ හරීන් සහ මනුෂ විතරයි.එදා එයාලා ගත්ත තීරණය විසින් අද දෙන්නටම පාර්ලිමේන්තු මන්ත්රීධූර සහ ඇමතිධූර අහෝසි වෙලා.අපේ රටේ නීති ඉදිරියේ පක්ෂ මාරු කිරීමේ වරදක් කරන්න ඕනි කියන සාකච්ඡාව කාලෙක ඉඳන් තියනවා. හරීන්ගේ සහ මනුෂගේ මන්ත්රීධුරය අහෝසි වෙන්නේ සජබ ව්යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට.මනුෂගේ සහ හරීන්ගේ මන්ත්රීධූර සහ ඇමැතිධුර අහිමිවීම රනිල්ගේ කැම්පේන් එකට ලොකු ප්රශ්නයක් වෙයි කියලා හිතන්න බෑ.
මේ තීන්දුව ජනාධිපතිවරණ කැම්පේන් එකට මොන විදිහකට බලපායිද කියන දේශපාලන සාකච්ඡා කරන්න අපට පුළුවන්.මීට ඉස්සෙල්ලා මුස්ලිම් කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රී නසීර්ටත් ඔය විදිහේ තීන්දුවකින් මන්ත්රීධූර සහ ඇමතිධූරය අහිමි වුනා.වඩිවෙල් සුරේෂ් කියන්නෙත් මෑතකාලීනව සජබෙන් ඉවත්වෙලා ආණ්ඩුවට එකතු උන කෙනෙක්.මේ තීන්දුවෙන් දැනට ආණ්ඩුවට එකතු වෙලා ඉන්න සහ එකතු වෙන්න බලාගෙන ඉන්න අයට බලපෑමක් වෙන එක නවත්වන්න බෑ.
රනිල් අධිකරණය බළපෑම් කරන්නේ නෑ කියන එකත් මේක ඇතුලේ තියන කතාවක්.
අද පාර්ලිමේන්තුව කියන්නේ සම්පූර්ණයෙන්ම අච්චාරුවක්.ගොඩක් දෙනෙකුට එහෙයි මෙහෙමයි මාරුවෙලා.හැබැයි කවුරුවත් ඒවට තවම නඩු දාන්න ඉදිරිපත් වෙලා නෑ.අපි ඕනිම ප්රශ්නයක් දිහා බලන්න ඕනි සාධාරණ යුක්තියේ මූලධර්මය මත ඉඳගෙන.එහෙම කල්පනා කරනවා නං ඔය පැනලා ඇවිත් ඉන්න කිසිම කෙනෙක් තියාගෙන ඉන්න ඔය කාටවත් බෑ. එහෙම පනින අයට එරෙහිව දුන්න නීතියේ පූර්වාදර්ශ ගනනාවක් තියනවා.පක්ෂ ව්යවස්ථාව කඩමින් මාරු කරන අයත් එක්ක දේශපාලන කරන එක වෑරදී කියලා දීපු නඩු තීන්දු ගණනාවක් තියනවා.
ඒ බව දැන දැනම,සජබෙන් ගිය අයට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්න සජිත් ශ්රිලනිප පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජයලාල් ද සිල්වා අරන් ගාල්ලේ සංවිධායක කමකුත් දීලා තියනවා. පොහොට්ටුවේ චන්දිම වීරක්කොඩි අරන් සංවිධායකකමක් දීලා තියනවා.රටේ නීතිය ගැන දන්න මහාචාර්ය ජීඑල් අරගෙන සජිත්ගේ උපදේශකයෙක් කරගෙන ඉන්නවා.සජිත් ඩලස්ගේ සහ ජීඑල්ගේ නිදහස ජනතා සභා දෙකේම හිටපු මන්ත්රීවරු අරන් තියනවා.
එහෙනං සජිත් කරලා තියෙන්නෙත් නීති විරෝධී සහ සදාචාරය විරෝධී වැඩක්.එතකොට කාටහරි කියන්න පුලුවන් රනිල් ළඟට ආපු පොහොට්ටුව කට්ටියට ගැනීමත් නීති විරෝධී නේද කියලා.ඒක එහෙම නොවෙන්නේ එයාලා තවමත් රනිල් එක්ක ආණ්ඩුවක ඉන්න හින්දයි.සහ පොහොට්ටුව කියන එකට ඇත්ත විධායක සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් නැති හින්දයි.අනික පොහොට්ටුව තවමත් ආණ්ඩුවෙන් ඉවත්වෙලා නෑ.කොහොම උනත් මනුෂට සහ හරීන්ට දීලා තියන තීන්දුව නිසා රාජපක්ෂලා පොහොට්ටුව හැර ගිය අයට විරුද්ධවත් ඉක්මන් විනය ක්රියාමාර්ගවලට යන්න පුලුවන්.
සමහරවිට ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා එයාලගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි. එහෙම කරලා එයාලව හිරකරලා තියන්න හදයි.හරීන්ට සහ මනුෂට දුන්න අධිකරණ නියෝගය දැන් පාරවලල්ලක් වෙලා තියෙන්නේ සජබයට.මනුෂයි,හරීනුයි හිටියා නං හොඳයි කියලා හිතෙන තැනටට සජිත් දැන් වැටිලා ඇති.සජබයට දැන් මේ පුරප්පාඩු පුරවන එක අර්බුදයක් වෙලා.මනුෂගේ ගාල්ල දිස්ත්රික් මන්ත්රීධූර අහෝසි වීමෙන් ඊළඟට ලයිස්තුවේ ඉන්න කෙනා මැතිවරණ නීතියට අනුව ගැසට් කරයි.
හැබැයි ජාතික ලයිස්තුව පත් කිරීමේ බලය මේ වෙලාවේ තියෙන්නේ පක්ෂ ලේකම්ට.පක්ෂ ලේකම් පක්ෂ තීරණය අනුව ජාතික ලයිස්තුවේ පුරප්පාඩුව පුරවලා මැතිවරණ කොමිෂමට යවන්න ඕනි.හරීන්ගෙන් හිස්වුන සජබ ජාතික ලයිස්තු මන්ත්රීධූරය විසින් සමගි ජන බලවේගය කියන්නේ කිසිම සමගියක් නැති බලවේගයක් කියලා ඔප්පු කරලා තියනවා.ජාතික ලයිස්තුවේ මන්ත්රීධූර තමන්ට ගන්න සුජීව සේනසිංහ,අජිත් පී පෙරේරා වගේ දේශප්රේමීන් පස්ස විකාගෙන දුවනවා.
ඒ දෙන්නට දෙන්නා අතර මාරාන්තික සටනක් තියනවා වගේම දෙන්නම එකතුවෙලා හිරුණිකාට කපනවා.හිරුණිකාට දෙන්න එපා කියලා හිරුත් කියනවා.මරික්කාරුත් කියනවා. අජිත් පීට දුන්නොත් සුජීවවයි,හිරුණිකයි නැති වෙනවා.සූජීවට දුන්නොත් අජිත් පීයි,හිරුණිකායි නැති වෙනවා.හිරුණිකාට දුන්නොත් සුජීව,අජිත් පී සහ හිරු නැති වෙනවා.මරික්කාර්ත් අවුල් වෙනවා.හැබැයි සජිත් වේදිකා උඩ ඉදන් මයික් පලන්නේ මේ රට ගොඩනගන්න පුළුවන් හොඳම කණ්ඩායම ඉන්නේ මාත් එක්ක කියලා.
මන්ත්රීධූර සහ ඇමතිධූර නැතිවුන හරීන් සහ මනුෂ හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් බැහැලා ගියා.හැබැයි මන්ත්රීධූර දෙකක් හිමිවුන සජබය ඇතුලේ මරාගෙන මැරෙන යුද්ධයක් නිර්මාණය වෙලා.රට හදන්න ආපු අය ජාතික ලයිස්තුවේ මන්ත්රීධූරකට මරා ගන්නවා.සජිත් කරලා තියෙන්නේ ජනාධිපතිවරණය ඉවර වෙනකම් ජාතික ලයිස්තුව නම් කිරීම කල් දාන එකයි.ජාතික ලයිස්තු ගොන් ගහේ බැදලා කට්ටිය දුවවන එකයි.දැන් මේ තියෙන්නේ සමගිය නෙවෙයි කියලා ඔයාලටත් පැහැදිලි ඇති.බල තන්හාව,කෑදරකම,කුහකකම එක්ක යන පාදඩ දේශපාලනයක් තමයි සජබෙත් තියෙන්නේ.
යකාගේ හැටියට තමයි විමානය කියලා අපි අහලා තියනවා.සජිත් කරපින්නගෙන යන සියලු වැඩවසම් ගෝතකර්ම ඒ විදිහටම ගෝලයොත් කර ගහගෙන යනවා.සජිත් කියන්නේ වැඩවසම්කමේ උපරිමයටම ගිය චරිතයක්. රාජපක්ෂලාටත් වඩා සජිත්ගේ වැඩවසම්කම උපරිමයි.කිසිම කෙනෙකුට පොඩි හරි වටිනාකමක් දෙන්න අකමැති සියලුදේ තමන්ගේ මල්ලට දාගන්න හදන චරිතයක්.ඒ වගේ මනෝභාවයක ඉන්න කෙනෙක් කොහොමද රටක් හදන්නේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *