ජනපති රනිල්ට සහය දෙන්න පක්ෂ තිහක් ඉදිරි සතියේ එයි

ජනාධිපතිවරණයේ දී ස්වාධින අපේක්ෂකයකු ලෙස තරග වදින රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම සඳහා පක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් ඉදිරි සතිය තුළ ඉදිරිපත් වනු ඇති බව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳව සැක ඇත්නම් සතියක් පමණ බලා සිටින ලෙස කී ඒ මහතා තව දුරටත් කීවේ රටේ ගොඩගත් ආර්ථිකය වර්ධනය කිරීමේ කටයුතු මේ වන විට යලි අරඹා ඇති බව යි.

ණය ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් තොරව රජයේ ආදායමෙන් සංවර්ධන කටයුතු කිරීම දැන් සිදුවන බව සහ එය නව ආර්ථික දැක්මක් බව ද ඒ මහතා කී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා ගාලු දිස්ත්‍රික්කයේ මැතිවරණ කමිටු පිහිටුවීමේ අවස්ථාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රමේෂ් පතිරණ ඇමතිවරයා මේ අදහස් පල කළේ ය.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *