|

සජිත්ට හූ කියන්න එපා – රටේ රාළ

සජිත්ගේ සමගි ජන බලවේගය මුලික කරගෙන හැදෙන සමගි ජන සන්ධානය ඊයේ (08) උත්සව සිරියෙන් කලඑළි බැස්සා.සජබ පැත්තෙන් කිව්වේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හැදුන ලොකුම සන්ධානය හැදුවා කියලයි.සමගි ජන සන්ධාන වේදිකාව දැක්කට පස්සේ රටේ රාළට නං හිතුනේ සජිත් කන්දක් විලි දාලා මී පැටියෙක් ප්රසූත කළා කියලයි.
සජිත් එක්ක මුලදී හිටපු කණ්ඩායමේ ගොඩක් අය එතන හිටියේ නෑ.පාඨලී,වෙල්ගම, ෆොන්සේකා,රාජිත,රිෂාඩ්,වඩුවෙල් හිටියේ නෑ.අලුතින් එකතු උනේ දයාසිරි,තිලංග,අර්ජුන වගේ කීපදෙනෙක් විතරයි.දයාසිරිට එතන ශ්රීලනිපය නියෝජනය කරන්න පුළුවන් උනාට ශ්රීලනිපයේ අයිතිය ගන්න බෑ.තිලංගටත් එතන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්න පුළුවන් උනාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයිතිය ගන්න බෑ.
තවමත් ශ්රීලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයිති සම්බන්ධ ප්රශ්නය තියෙන්නේ උසාවියේ.ශ්රිලනිපයේ මෛත්රී – විජේදාස පිල ජනාධිපතිවරණයට විජේදාස වෙන පක්ෂයකින් ඉදිරිපත් කරනවා.ශ්රිලනිප දුමින්ද – නිමල් සිරිපාල පාර්ශවය රනිල්ට සහය දෙනවා.ඊළඟට නිදහස ජනතා සභාව තිබුණා.ඒකෙත් පාර්ශව දෙකක් ඉන්නවා.එකක් ජීඑල්ගේ නිදහස ජනතා සභාව,අනික ඩලස්ගේ නිදහස ජනතා සභාව.
සජිත් නිදහස ජනතා සභාව දෙකට බෙදලා යටත් කරගෙන කෑලි දෙකක් විදිහට සමගි ජන සන්ධානයට එකතු කරගෙන.ඊට අමතරව උතුර,නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන දිගටම සජිත් එක්ක හිටපු හකීම්,මනෝ ගනේෂන්, දිගම්බරම්ලා,රාධා ඇතුළු කණ්ඩායම හිටියා.සජිත් එක්ක ගිවිසුම් ගත වෙනවා කියපු රොෂාන් රණසිංහත් ආවේ නෑ. එතන හිටිය ගොඩක් අය ඩමි.ඩමි ගොඩක එකතුවකට තමයි සමගි ජන සන්ධානය කියන්නේ.එහෙම නැතිව පක්ෂ සහ බලවේගවල එකතුවකට නෙවෙයි.
අපේ සජබ යාළුවෝ ඒකට තමයි කියන්නේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ බිහිවුණ ලොකුම සන්ධානය කියලා.හිනා ගියාට කමක් නෑ.ඒත් එයාලට හූ කියන්න එපා.සජිත් සමුළුව අමතලා වෙනස්ම කටහඩකින් කතා කළා. ජලනි හිටිය නිසා සජිත් හරිම sweet වෙලා.සමගි ජන සන්ධානයේ සමුළුව හත්වෙනිදා නාමල් පොහොට්ටුවේ අපේක්ෂකයා කරන්න තිබ්බ සමුළුවට ගොඩක් දුරට සමානයි.සමුළුව තියන වෙලාවේ වැඩේ ලොකුවට නැගලා ගියා.හැබැයි තියලා ඉවරවුනාට පස්සේ කිසිම ගෝ එකක් නෑ.නාමල් උපරිම පුම්බලා එලියට දැම්මට සමාජය නාමල්ව බාරගත්තේ නෑ.
හත්වෙනිදා නාමල් අපේක්ෂකයා විදිහට නම් කරනවා.අටවෙනිදා පවිත්රා රාජපක්ෂලා දාලා රනිල් ළඟට යනවා.සජිත්ගේ සමුළුවත් ලොකුවට පුම්බන්න හැදුවත් ඒක ඒ ජනතාව බාරගත්තේ නෑ. සජිත්ට නෙවෙයි මේ දවස්වල මොන පක්ෂය මොන දේශපාලන ඉවෙන්ට් එක කළත් ඒවා ජනතාව බාර ගන්නේ බොහොම අඩුවෙන්.ඒකට හේතු කීපයක් තියනවා.එකක් තමයි මේ තියන සංකීර්ණ දේශපාලන වටපිටාව ඇතුලේ වේගයෙන් සිදුවීම් යල් පනිමින් තියනවා.
පරණ සිදුවීම්වලට තියන ජනතා ආකර්ෂණය රඳවා ගන්න බැරි තරමට අලුත් සිද්ධීන් නිර්මාණය වෙනවා.අනික තමයි දේශපාලන පක්ෂ දෙන පණිවිඩවලට දැන් ජනතාව සංවේදී නෑ.ඒවට සංවේදී වෙවී ඉන්න ජනතාවට වෙලාවකුත් නෑ.අද සමාජයේ විශාල පිරිසක් දේශපාලන පක්ෂ මතවාදවලින් ඈත්වෙලා.සිවිල් සමාජ බලවේග දේශපාලන පක්ෂවලට වැඩිය ශක්තිමත්.දේශපාලන පක්ෂවල මතවාදයෙන් ගිලිහුණු ඡන්දදායකයන් 40% ක් විතර ඉන්නවා.තවමත් අපේ රටේ undisided Vote එක 35%ක වගේ සීමාවක තියෙන්නේ.
තවමත් ඒ හිස්තැන පුරවන්න කිසිම දේශපාලන පක්ෂයකට සහ කිසිම දේශපාලන නායකයෙකුට බැරිවෙලා තියනවා.කොහොම උනත් සමගි ජන සන්ධානය ලොන්ච් කලා කියලා සජබයට තියන අවධානම අඩුවෙලා නෑ.ඒ වගේම මේ සන්ධානගතවීම ජනතාවගේ විශේෂ අවධානයට ලක් වෙලත් නෑ. ඇත්තටම සමගි ජන සන්ධානයයෙන් සජිත්ට හොඳ බෆර් එකක් හැදෙන්නේ නෑ,සජිත්ට කවර් එකක් දෙන්න එතන යෝධයෝ නෑ. ඔක්කොම අඟුටුමිට්ටෝ.
ඒක නිසා තවමත් සජබය ආක්රමණය කරන්න ගලිවර්ට පුළුවන්.
රනිල්ගේ සජබ ආක්රමණයට තිබුණ හොඳම දවස් දැන් පහුවෙලා.ඒත් නොමිනේෂන් අවසන් වෙනකං රනිල්ට තවම කල් තියනවා. සමහරවිට රනිල් හිතාමතාම ආක්රමණයට කල් ගත්තා වෙන්නත් පුළුවන්.මොකද සජබ වගේ එක අඹ ගෙඩියකට ගහනවට වඩා සමගි ජන සන්ධානය වගේ අඹ වල්ලකට ගහන එක හොඳයි කියලා රනිල් හිතුවාද දන්නේ නෑ. එක තනි අඹයකට පොලු ගහනවට වඩා අඹ වල්ලකට ගහන එක හොඳයි.එතකොට ගෙඩි එකක් හරි වැටෙනවා.
හරියට වැදුනොත් වල්ලම බිම.
දැන් සජිත්ට දාන්න පුලුවන් ෂෝ ගොඩක් දුරට දාලා ඉවරයි.තව ඕනි නං සජිත්ගේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන ෂෝ එක තියෙයි.සමහරවිට මේවා සියල්ල බලාගෙන රනිල් අලුත් ගේම් ප්ලෑන් එකක් හදනවා වෙන්නත් පුළුවන්.රනිල්ගේ පැත්තෙනුත් සන්ධානයක් ගැන කතාවක් යනවා.දැනටත් දිනේෂ්ගේ මූලිකත්වයෙන් සන්ධානයක් හදන බව කියනවා.රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් නිසා සන්ධානයක් ඕනිද කියන ප්රශ්නය එනවා.
කෝකටත් රනිලුත් බෆර් එකක් ගැන හිතනවා ඇති.පොහොට්ටුව අතෑරලා එන අයට එන්න තැනක් තියෙන්න ඕනි.එයාලට එජාපයට යන්න බෑ.ඒක නිසා තාවකාලික හරි නවාතැන් පොලක් හදන්න එක හොඳයි.
මොකද ඔය හැම කෙනාම තමන්ගේ ඊළඟ පාර්ලිමේන්තු මන්ත්රීධුරය ගැන හිතනවා.ඒක සුරක්ෂිත නැත්තං ඔය ආපු අය අතර මැදින් වෙනත් තීරණවලට යන්නත් පුළුවන්.මේක යට රාජපක්ෂලගේ සහ සජිත්ගේ ඒකාබද්ධ මෙහෙයුමක් අනිවාර්යයෙන්ම තියනවා.දැන් සජබය වෙනුවෙන් රාජපක්ෂලාත්,රාජපක්ෂලා වෙනුවෙන් නලින් බණ්ඩාරලා. මරික්කාර්ලා කතා කරන්න පටන් අරන්.රාජපක්ෂලාගේ සහ සජිත්ලාගේ මේ අප්රකාෂිත එකඟතාවය ලත් තැනම ලොප් කළේ නැත්තං අපේ රට ආයෙත් බරපතල අගාධයකට වැටෙනවා.
රාජපක්ෂ පවුලේ සහ ප්රේමදාස පවුලේ බල උවමනාවන් සම්පූර්ණ කරගන්න මේ රටේ අනාගතය උකස් කරන්න ඔය දෙගොල්ලොම දෙපාරක් හිතන්නේ නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 8 people and people performing martial arts

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *