|

නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ

බංගලාදේශ අරගලය දිහා බලාගෙන භිටලා ලාල් කාන්ත ෆෝම්වෙලා.ගෝල්ෆේස් අරගලය ඇතුලේ පාර්ලිමේන්තු අල්ලන්න අවස්ථාව තිබූණ බව දැන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සහෝදරයා කියනවා. ගෝඨාභය පැනලා ගියාට පස්සේ ඊළඟ පියවර විදිහට ගන්න තිබුණේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම බවයි ලාල් කියන්නේ.
පාර්ලිමේන්තුව අල්ලන වැඩේට ලාල්ලා, හඳුන්නෙත්තිලා,බිමල්ලා බැස්සත් තැන තැන විසිරිලා හිටිය ගෝල්ෆේස් අරගලයේ නායකයෝ ඒක කරන්න ඉඩ දුන්නේ නෑලු.ඊට පස්සේ ආයෙත් පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා බිඳ වැටුණු කුළුණ සියල්ල ආපහු ගොඩනැගුවාලු.ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමෙන් සත පහක වැඩක් උනේ නෑ කියලයි ලාල් කාන්ත කියන්නේ.ලාල් මේ කතාව කියන්නේ එසේ මෙසේ තැනක නෙවෙයි.
මාලිමාවේ දේශීය ආදයම් වෘත්තිකයන්ගේ 16 වන සමුළුව අමතමින්.ඇත්තටම ලාල් කොච්චර විවෘත චරිතයක් උනත් දේශපාලනයේදී නං අලි මෝඩයෙක්.ලාල්ට මුල,මැද,අඟ තියාගන්න ඕනි අවස්ථා සම්බන්ධය ගැන තේරෙන්නේ නෑ.ලාල්ලා පාර්ලිමේන්තුව අල්ලන්න ගියේ පාර්ලිමේන්තුව අල්ලලා මේක ඉවරයක් කරමු කියලා පාක්ෂිකයෝ ෆෝම් කරමින්.හැබැයි හමුදාවෙන් දෙක දෙනකොට දුවලා ඇවිත් හැංගිලා හිටලා ටික දවසකින් අපි නං එහෙම කිව්වේ නෑ කියලා.
සුනිල් හඳුන්නෙත්ති ඇහුවේ අනුර සහෝදරයත් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියා,ඉතින් අපි ගිහින් පාර්ලිමේන්තුව අල්ලයිද කියලයි.ලාල්ට මැදදී කියපු ඒ කතාව අමතක වෙලා ආයෙත් මුල කතාවට ගිහින්.ඒකයි රටේ රාළ කියන්නේ ලාල් දේශපාලන වශයෙන් අලි මෝඩයෙක් කියලා.දැන් ලාල් කියන විදිහට පාර්ලිමේන්තුව flat කරන්න දීලා නැත්තේ ගෝල්ෆේස් අරගලකාරයෝ.ඒ කියන්නේ ගෝල්ෆේස් අරගලකාරයා තමයි ව්යවස්ථාදායකය ආරක්ෂා කරලා තියෙන්නේ.
ධනේශ්වර සංකල්පවලට අනුව ප්රජාතන්ත්රවාදයේ උත්රීතරම ආයතනය තමයි පාර්ලිමේන්තුව. ගෝල්ෆේස් අරගලකාරයන් විසින් පාර්ලිමේන්තුව ආරක්ෂා කළා කියන්නේ එයාලා තමයි නියම ප්රජාතන්ත්රවාදීන්.ලාල්ලා තමයි කඩාකප්පල්කාරීන්.ඇත්තටම ලාල් කියපු ඒ කතාවට අනුව ලාල් අත්අඩංගුවට ගන්න උනත් පුළුවන්.හැබැයි රටේ රාළ කීයටවත් කියන්නේ නෑ ලාල්ව අත්අඩංගුවට ගන්න කියලා.මොකද මෙතනදී ලාල් දේශපාලන වශයෙන් නිරුවත් උනත් ලොකු පණිවිඩයක් රටට දීලා තියනවා.
රටේ රාළට ඇත්තටම මතක් වෙන්නේ ඉතිහාසයේ හිටපු නිරුවත් වානරයා.ඉතිහාසගත ඒ වානරයාට තමන්ගේ නිරුවත ගැන කිසිම ලැජ්ජාවක් තිබුණේ නෑ.ඒ වගේම තමයි මාලිමාවේ අයට තමන්ගේ දේශපාලන නිරුවත පේන්නේ නෑ. විලි ලැජ්ජාව නෑ.
ලාල්ගේ කතාවෙන් ගෝල්ෆේස් අරගලයේ හිටපු නිර්පාක්ෂික අරගලකරුවා නිදොස් කොට නිදහස් කරලා තියනවා.දැන් ලාල්ලා මැයි 09 වෙනිදා ඉඳන් කරපු ප්රචණ්ඩ ක්රියාවල සහ සාපරාධී අපරාධවල වගකීම බර අරන් තියනවා.ඒවාට වගකියන්න ඕනි ගෝල්ෆේස් අරගල කරුවා නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියලා නෙවෙයිද ඔය ලාල් කියන්නේ.රටේ රාළ ඒ චෝදනාව පෞද්ගලිකව ජවිපෙට එල්ල කරන්නේ නෑ.හැබැයි ලාල් ඒක බාරගැනීම විසින් තමන් දේශපාලන වශයෙන් මෝඩයෙක් කියලා ඔප්පු කරලා තියනවා.
රටේ රාළ කරන්නේ ඒක පෙන්වාදීම විතරයි. හැබැයි මාලිමා සුදු රෙද්දෙන් වහලා තියන ජවිපෙ වෛරයේ ස්වභාවය ඒකෙන් පේනවා.ලේ සුවදට මාපිල්ලු එලියට එනවා කියලා අපි අහලා තියනවා.රටේ රාළ වගකීමෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ඔයාලට රටේ ජනතාවගේ ලේ බලන්න ඕනි නං ලාල්ලට බලය දෙන්න.ලාල්ලා ආපු ගමන් බංගලිදේශයේ වගේ මේ සියලුදේ කොල්ල කනවා. භෞතිකව නං මොනවා කොල්ල කෑවත් කමක් නෑ.
ඊට අමතරව එයාලා ජීවිත ගොඩක් උදුර ගන්නවා.ඒ විතරක් නෙවෙයි මේ රටේ ආනාගතයත් මංකොල්ල කනවා.ලාල්ලා තවමත් නියෝජනය කරන්නේ 88/89 ලේ වැකි ඉතිහාසය. ඒ වගේ ලේ පිපාසිතයෝ තමයි ජවිපෙ අද නායකයෝ කියන්නේ.ටිල්වින් කියන්නේ එහෙම කෙනෙක්.රටේ රාළට ළඟ ඒක ඔප්පු කරන්න ඕනි තරම් සාක්ෂි තියනවා. ඒ එකක්වත් 88/89 අදාල දේවල් නෙවෙයි.94 න් පස්සේ කරපු ජවිපෙ ක්රියාකාරකම්.ජවිපෙ ප්රජාතන්ත්රවාදයට ආවට පස්සේ කරපු වැඩ.
රටේ රාළ ඒ අද්දැකීම්වලට මුහුණ දුන්නා.මෙයාලා බැටළු හම පුරෝගෙන හිටියට ඒක ඇතුලේ ඉන්න වෘකයෙක්.රටේ රාළ ඒ වෘකයා අඳුරනවා.ඌ ලේ පිපාසිතයයි.එකමදේ රටේ රාළ ඒ වෘකයාට බය නැති එකයි.කවදාවත් වෘකයාට යටත් වෙන්නෙත් නෑ. ලාල්ලා කරන්න හැදුවේ බංගලිදේශ පන්නයේ වැඩක් නං ඒකේ ප්රතිපලය මොකද්ද කියලාඅද හෙට බංගලිදේශයෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම ජනතා නැගිටීමකට අපි කවදාවත් අගෞරව කරන්නේ නෑ.
මොකද ජනතා නැගිටීමක් අහේතුකව සිද්ධ වෙන්නේ නෑ.ඒකට අනිවාර්යයෙන්ම පීඩනය බලපානවා.ඒක ආර්ථික පිඩනය වගේ වෙනත් දේශපාලන පීඩනයක් වෙන්න පුළුවන්.ඒ පිඩනය පුපුරා යෑමෙන් තමයි ජනතාව අරගලයට එන්නේ.ජනතා අරගලයට සීමා මායිම් නෑ.මොකද ඒ අරගලය ඇතුලේ විවිධ තරාතිරම්වල මිනිස්සු ඉන්නවා.එයාලා විවිධ ප්රතිචාර දක්වනවා.ඒවා අපිට පාලනය කරන්න බෑ.හැබැයි අරගලයකට නායකත්වය දෙන දේශපාලන ව්යාපාරයක් ජනතාවට වගකියන්න ඕනි.
දැන් ඔයාලට තේරෙනවා ඇති ජවිපෙ මොනවාගේ කාලකණ්ණි වැඩක්ද අරගලය ඇතුලේ කරලා තියෙන්නේ.අරගලය කියන්නේ ජවිපෙ එකක් නෙවෙයි.ඒකේ වැරදි අඩුපාඩු ගොඩක් තිබුණා. හැබැයි ලාල් කියන විදිහට ලාල්ලට පාර්ලිමේන්තුව ගිනි තියන්න දීලා නැත්තේ ගෝල්ෆේස් අරගලකාරයා. ලාල්ලට බංගලිදේශ පන්නයේ අරගලයක් ඕනි.අනුර දිනුවොත් එක රැයෙන් ඒක සිද්ධ වෙනවා.
ජවිපෙ ඉන්න තක්කඩි සෙට් එක රැයෙන් මේ රට ලේ විලක් කරනවා. මොකද එයාලට ඕනි බෙලහීන රටක්.ස්වාධීනව හිතන්න බැරි ජාතියක්.වැඩවසම් චින්තනයක්. මෙයාලා මේ තැනට එක රැයෙන් රට ගේනවා.එයාලා ඒක කරන්නේ අනුර ජනාධිපතිවෙලා මාස හයකින් අනුරලාගේ නොහැකියාව විසින් නැගිටින ජනතාව මර්ධනයෙන් බය කරන්න.
හැබැයි අනුරලාට කවදාවත් ඒක කරන්න බෑ.මොකද ජනතාව කවදාවත් ඒ වැරැද්ද කරන්නේ නෑ.මේ රටේ ජනතාව කවදාවත් මාලිමාවට බලය දෙන්නේ නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *