IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය. 

විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැ­යිය යුත්තේ රුපි­යල් නොව ඩොලර් බවත් ඒ අනුව අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා ඩොලර් ඉපැ­යී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකසා ඇති බවත් මන්ත්‍රී­ව­රයා පැව­සු­වේය.

2024 වර්ෂයේ මුල් කාර්තු­වේදී අත් කර­ගත් ආර්ථික වර්ධන වේගය තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් රට සංව­ර්ධ­නය කරා ගෙන­යෑ­මට අවශ්‍ය සහාය ලබා දිය යුතුය යන කල් තැබීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා මෙසේ ද පැව­සු­වේය.

රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ආණ්ඩු­වෙන් පෙට්‍රල් රුපි­යල් 150 සිට 400 දක්වා වැඩි කළා. ඒක ආණ්ඩු­වට ලාභයි. පෙට්‍රෝ­ලි­යම් එකට ලාභයි. අපේ අනෙක් විකල්ප කණ්ඩා­යම් කියන්නේ බල­යට පත් වුණාම ඔවුන් පෙට්‍රල් රුපි­යල් 200ට දෙනවා කියලා. අප ඒක කියන්නේ නැහැ. අප කියන්නේ ඩිජි­ටල් තාක්ෂ­ණය හරහා රුපි­යල් 400 ගෙව්වාට 200 ගෙවිය යුතු පුද්ග­ල­යාට ඉති­රිය ගෙවෙන විදි­යට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­නවා. මේක දැන් කවුරු හරි කොපි කරන්න පුළු­වන්. කොපි කරන්න කලින් හැන්සා­ඩ්ගත කරන්න කියලා මම ඉල්ල­නවා. රුපි­යල් 400 ගෙව­නවා ඉන්කම් කැට­ග­රි­යට අනුව බැංකු එක­වුන්ට් එකට ඉතිරි රුපි­යල් 200 බැර කර­නවා. බෙන්ස් එකේ එන කෙනාට මොක­ටද රුපි­යල් 200කට පෙට්‍රල් දෙන්නේ. ඔහු රුපි­යල් 20,000ක කනවා හව­සට. හැබැයි අමා­රු­වෙන් ගෙවන පුද්ග­ල­යාට තමයි මේ ක්‍රියා­ව­ලිය ක්‍රියා­වට නංවන්නේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ අත්සන් කළ ගිවි­සු­ම්වල ව්‍යුහා­ත්මක වෙන­සක් කළ යුතුයි. එය කළ හැකියි. අපේ රජ­ය­කින් අප එය කර­නවා. සිය­යට 30ක ලාභ­යක් ගැනී­මට බදු ගැසීම අප කරන්නේ නැහැ. අපේ ව්‍යව­සා­ය­ක­යන් දිරි­ගැ­න්වී­මට පිය­වර ගන්නවා. ජන­තා­වගේ බදු බර අඩු කර­මින් සහන ලබා­දෙ­නවා.

ගෝඨා­භය මහතා රට හැර යන විට අප පැනලා ගියේ නැහැ. අපට කතා කරලා සාකච්ඡා කළා. එව­කට පැවැති ආර්ථික තත්ත්වය සැබෑ­ව­ටම අප දැනන් හිටියේ නැති නිසා අප අමා­රුයි කීවා තමයි. මොකද එකල පැවැති ආණ්ඩුව නිවැ­රදි ලෙස රටේ ආර්ථික තත්ත්වය අපට ප්‍රකාශ කළේ නැහැ. ආර්ථික පරි­ව­ර්තන පනතේ මූලික හර­යට එක­ඟයි. අයි.එම්.එෆ්. සමඟ එක්ව කරන ඇතැම් දේව­ලට තමයි අප එකඟ නොවන්නේ. ආර්ථි­කය ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතු­මයි. එසේ නැතිව ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ­ඒ­මට නොහැ­කියි. තාක්ෂ­ණය ගෙනැ­විත් ව්‍යව­සා­ය­ක­යන් එකතු කර­මින් ආර්ථි­කය ගොඩ­නංවා ලබා ගන්නා ආර්ථි­කය ජන­තාව අතර බෙදා හැරීම. අපේ අර­මුණ ඒක. ජාති­ක­ත්වය ගැන අපට ලොකු හැඟී­මක් තිබෙ­නවා. ලාංකි­ක­යන් ලෙස අප අනෙක් පක්ෂ සමඟ එක්ව සිටි­නවා. විපක්ෂ නාය­ක­ව­රයා වටා පක්ෂ පාට භේද­ය­කින් තොරව එක්ව සිටි­නවා. රටේ ජන­තාව බැඳ ඇති දම්වැල් ලිහා දැමී­මට අප කට­යුතු කර­නවා.

ආහා­ර­ව­ලට සිය­යට 18ක වැට් එකක් ගැසී­මට ආණ්ඩුව සැල­සුම් නොක­රන්නේ නම් ඒ බව නැඟි­ටලා කියන්න. අයි.එම්.එෆ්. ගිවි­සුමේ ඉස්පි­ල්ලක් පාපි­ල්ලක් වෙනස් කරන්න එපා කියලා සජ­බයේ අපට කිය­නවා. අපට ඔවුන් වෙනස් කරන්න එපා කීවාට අප වෙනස් කර­නවා. අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා ඩොලර් ඉපැ­යී­මට අප සැල­සුම් කර­නවා. මෙරට බදු ප්‍රති­පත්ති වෙනස් කර­නවා. බදු වෙනස් කළ හැකියි. වග­කී­ම­කින් මම කියන්නේ.

සිය­යට 10ක ආර්ථික වර්ධ­න­යක් ලබා ගත­හොත් 2046 වන විට සංව­ර්ධිත රටක් බවට පත් කළ හැකියි. මේ යන විදි­යට ගියොත් සංව­ර්ධ­නය වෙන්න 2075 විතර වෙනවා. ඩිජි­ටල් තාක්ෂ­ණය හරහා රට සංව­ර්ධ­නය කර­නවා. වෙළෙ­ඳ­පොළ හැම­දා­මත් සාර්ථක නැහැ. සහල් මාෆියා යනා­දිය ක්‍රියා­ත්මක වෙනවා. ශක්ති සහල් ව්‍යාපා­රය නැවත අප පටන් ගන්නවා. ගොවි මහ­ත්ව­රුන්ට අවශ්‍ය ශක්තිය අප දෙනවා. ප්‍රභා­ෂ්වර වැඩ­පි­ළි­වෙළ නැවත අප පටන් ගන්නවා. මම කෝට් එකක් ඇඳ­ගෙන හිටි­යාට ඇඳු­මෙන් මාව මනින්න එපා. අප ගොවි­යාට හයි­යක් වෙන­වා­මයි. කෘෂි කර්මා­න්තයේ නියැ­ළෙන ලක්ෂ ගණ­නක් ගොවීන් සිටි­නවා. ඔවුන්ට අවශ්‍ය පහ­සු­කම් අප ලබා­දෙ­නවා. ගොවි කට­යුතු ඉහළ නංවා නිෂ්පා­දන කට­යුතු වැඩි කර­නවා. ඒ ඒ ප්‍රදේ­ශ­ව­ලට අදාළ කෘෂි ගබඩා ස්ථාපිත කර­මින් තාක්ෂ­ණය ද එකතු කර ගනි­මින් ගොවි ජන­තා­වට අත්වැ­ලක් වෙනවා.

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *