|

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ

.
මේ දවස්වලේ පොහොට්ටුවේ දිස්ත්රික් බලමණ්‌ඩල කැඳවමින් රනිල්ට සහයෝගය පල කරමින් යනවා.හැම බලමණ්‌ඩලයකම 90% කට වඩා වැඩි පිරිසක් රනිල්ට සෙට් වෙනවා.හිස්වෙන දිස්ත්රික් නායකයා ධූර ගන්න බලාගෙන ඉන්න කීපදෙනා හැර ලොකු පිරිසක් නං රාජපක්ෂලාට ඉතිරි වෙයි කියලා හිතන්න බෑ.ධම්මික ආවත් නාමල් ආවත් මේ පිපිරීම නවත්තන්න බෑ. රාජපක්ෂලා දැන් කියන්නේ මන්ත්රීලා ගියාට ජනතාව යන්නේ නෑ කියලා.රටේ රාළ කියන්නේ ජනතාව ගිහින් දැන් ගොඩක් කල් කියලයි.
ඒ ගිය ජනතාව ආය එකතු කරගන්න මේ මන්ත්රීලට පුළුවන් වෙයිද කියන සැකය නං රටේ රාළටත් තියනවා.පොහොට්ටුව ගත්ත 69 ලක්ෂයේ ඡන්ද පදනම එකතු කරන්න මේ ආපු මැති ඇමැතිවරුන්ට බෑ.රටේ රාළ ඒකෙන් කියන්නේ එයාලට මොකුත්ම බෑ කියලා නෙවෙයි. එයාලට බැරිනං ඒක කරන්න රාජපක්ෂලාට කොහොමවත් බෑ.රාජපක්ෂලාගේ අග්ර පුරෝහිත රෝහිතත් ගිහින්.ඉතින් කුට්ටිලා වගේ කේවට්ටයෝ මොනවා කරන්නද?
ඇත්තටම රාජපක්ෂලාට දිට්ඨධම්මවේදනීය කර්මය පලදීලා.
පොහොට්ටුවේ සහය ඕනි නං සජබෙන් 20 ක් අරන් පෙන්නන්න කියලා රාජපක්ෂලා රනිල්ට දින දීලා තිබුණා.දින දීලා රාජපක්ෂලා අනිත් පැත්තට කළේ සජබෙන් එන්න හිටපු කණ්ඩායම බ්ලොක් කරන එකයි.සජබෙට නෙළුම් මාවතෙන් ගිය පණිවිඩයේ තිබුණේ ඔයාලා ඉක්මන් වෙන්න එපා අපිත් තවම රනිල්ට සහය දෙන්න තීරණය කරලා නෑ කියලයි.එහෙම කියමින් සජබෙන් රනිල්ට එකතු වෙන්න හිටපු අය වලක්වමින් රාජපක්ෂලා රනිල්ව හිර කළා.රාජපක්ෂලා හැදුවේ රනිල් බිත්තියටම හේත්තු කරන්න.
කෙනෙක් බිත්තියේ හේත්තු කළාට පස්සේ ආය තවත් පස්සට යන්න බෑ.එහෙම බිත්තියට හේත්තු උන කෙනෙකුටම ගන්න තීරණ ගොඩක් නෑ.වැඩි දෙනෙක් බිත්තියට හේත්තු උනාට පස්සේ යටත් වෙනවා.හැබැයි බිත්තියට හේතු කලාට පස්සෙත් යටත් නොවෙන අයත් ඉන්නවා.හතුරාට අතින් පයින් ගහන්න බැරිනම් කෙල හරි ගහලා අභියෝග කරන අය ඉන්නවා.මෙතනදී කරන්න තවත් එක දෙයක් තියනවා.ඒක අති දුෂ්කර වැඩක්.
අපිට හතුරෙක් තුවක්කුවක් මානගෙන ඉන්න වෙලාවක් ගැන හිතන්නකෝ.ඊළඟට ක්ෂණයෙන් වෙඩි උන්ඩය නිකුත් වෙනවා.ඒක ඇතුලේ අපිට අවස්ථාවක් තියනවාද?ඇත්තටම තියනවා.ඒ තමයි හතුරා ඇස් පිල්ලම් ගහන නිමේෂය.ඒක තමයි අවස්ථාව.ඒ වගේම බිත්තියට හේත්තු කලාට පස්සෙත් අවස්ථාව තියනවා.ඒක කරන්න පුළුවන් හොඳ සටන්කරුවෙකුට විතරයි.ඒ තමන්ව බිත්තියට හේතු කරගෙන ඉන්න හතුරාට නොසිතු ප්රහාරයක් එල්ල කරන එක.
එහෙමත් නැත්තං සතුරාගේ අවධානය වෙනත් පැත්තක් හරවා සැනින් අනිත් පැත්ත හැරිලා හතුරා බිත්තිය හේත්තු කරන එක.ඒත් ඒක අතිශයින් භයානක වෑඩක්.මොකද මෙතෙක් හතුරා පිටිපස්සේ හිටපු සියලු දෙනා දැන් අපේ පිටි පස්සේ ඉන්න හින්දයි.රනිල් වැල් පාලමේ යන්න තීරණය කළා වගේම නොසිතූ වෙලාවක රාජපක්ෂලා බිත්තියට හේතු කළා.රනිල් රාජපක්ෂලාගේ අවධානය වෙන පැත්තට හරවලා සැනින් රාජපක්ෂලා බිත්තියට හේත්තු කළා. හැබැයි මෙතනදී විශේෂය උනේ රාජපක්ෂලා පිටිපස්සේ හිටපු අය රනිල්ගේ පිටිපස්සට ආවත් එයාලා රනිල්ට පහර දුන්නේ නෑ.
එක්කෝ රනිල් එයාලා එක්ක කලින් එකඟතාවයක ඉන්න ඕනි.නැත්තං ඒ සියලු දෙනාම රාජපක්ෂලාට ගහන්න අවස්ථාවක් එනකං හිටියා වෙන්න ඕනි.මෙච්චර කල් සජබෙන් 20 ක් ගලවලා පෙන්නන්න කියන පීඩනය තිබුණේ රනිල්ට.සජබ විස්සක් ගලවලා පෙන්නුවොත් තමයි පොහොට්ටුවේ සහය හම්බවෙන්නේ කියලයි රාජපක්ෂලා කිව්වේ. හැබැයි රනිල් කලේ අමුතුම වැඩක්,සජබෙ 20 ක් ගලවලා පෙන්නනවා වෙනුවට රනිල් පොහොට්ටුවෙන් සීයක් ගලවලා පෙන්නුවා.දැන් රාජපක්ෂලාට විස්සක්වත්ත් නෑ.
ඇත්තටම මේකත් සජබෙ දුර්වල කරන උපක්රමයක් විඳිහට ගන්න පුළුවන්.
සජබෙ ගොඩක් අයට තිබුණේ අපි ආවත් පොහොට්ටුව සහය දෙයිද කියන ප්රශ්නයයි.20 ක් ඇවිත් තියන තත්වයක් යටතේ පොහොට්ටුව සහය නොදුන්නොත් විස්සම අනාථයි.දැන් රනිල් එයාලට සහතිකයක් දීලා තියනවා.දැන් පොහොට්ටුව රනිල්ට under control කියලා.ඒක සජබෙන් එන්න ඉන්න අයට විශ්වාස වන්ත සහතිකයක්.රනිල්ට රාජපක්ෂලා හැර සම්පුරණ පොහොට්ටුවම වගේ ඉන්නවා.නිමල් ලන්සා – ශ්රිලනිප සන්ධානය තියනවා.එජාපයත් තියනවා.
මේ වෙලාවේ සජබෙ එක කණුවක් හෙල්ලුවොත් රාජපක්ෂලාට අත්වුන ඉරණමම සජිත්ටත් අත්වෙන එක නවත්තන්න බෑ.මේ වෙලාවේ සජබ key points දෙක තුනක් ගලවන්න ඕන.එතකොට ඔයාලා අහයි key points කියන්නේ කාටද කියලා. නම් වශයෙන් කිව්වොත් ඒ මිනිස්සුන්ටත් ඒකත් මහ වදයක් වෙයි.key points ගැනීමෙන් සජබය මානසිකව බිඳ වැටෙනවා.පළවෙනි පියවරේදී පාඨළී වගේ අය එන්න තියන ඉඩ වැඩියි.
පාඨලී රාජපක්ෂලා ඉන්න තැනකට එන්න බෑ වගේම රෙද්දක් ඇඳගෙන සජබෙට යන්නත් බෑ.
පහුගිය දවස්වල හිටපු වෙන්ඩ ජනාධිපතිලා ගොඩ දෙනෙකුට දැන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න කඳවුරක් නැතිවෙලා.එයාලා ඒ වෙනුවෙන් පිදුරු ගහෙත් එල්ලෙන තැනට පත්වෙලා.රනිල් මේ අවස්ථාව පාවිච්චි කරලා ඉතා ඉක්මනින් සජබය ටට්ටන්න ඕනි.09 වෙනිදා කියන්නේ තීරණාත්මක දවසක්. සජබය ගලවන්නේ නැතිව පොහොට්ටු ආතල් එකෙන් විතරක් යන්න හැදුවොත් රනිල්ටත් වැඩේ වරදිනවා.පොහොට්ටුවෙන් උපරිම උනුත් රනිල්ට ඡන්ද ලක්ෂ තිහක් ගන්න පුළුවන් වෙයි..
උතුරු නැගෙනහිරන් ටිකයි.සජබෙන් ටිකයි ගත්තත් දිනන්න බෑ.රනිල් සමාජ බලවේග ඇඩ්රස් කරන්නම ඕනි.ඒකත් ලේසි වැඩක් නෙවෙයි.හැබැයි රාජපක්ෂලා දුර්වල උන තත්වයක් යටතේ සහ සජබෙ කඩා වැටුන තත්වයක් යටතේ රනිල්ට ඒ චාන්ස් එක ගන්න ට්රයි කරන්න පුළුවන්.මේ ජනාධිපතිවරණ දිනන්න අවම වශයෙන් ඡන්ද ලක්ෂ 73 ක්වත් ඕනි. මෙතනදී අමතර චාන්ස් එකක් මාලිමාවට එන්න පුළුවන්.මේ තත්වය හරහා සමාජ බලවේග ආමන්ත්රණය කරන්න එයාලටත් ඉඩක් හැදෙනවා.
බැසිල්ලා – සහ පොහොට්ටුව අතර දේශපාලන බලු පොරය තව ටික දවසකින් ඇවිලෙන එක නතර කරන්න බෑ.මෙතනදී රාජපක්ෂලා මරාගෙන මැරෙන ප්රහාරයකට ලෑස්තියි.දැනටමත් බැසිල් කට්ටියගේ ෆයිල් චෙක් කරමින්ලු ඉන්නේ. බැසිල් දැන් ඉන්නේ හතුරාගේ ඇස් දෙකම නැතිවෙනවා නං එයාගේ එක ඇහැක් නැතිවුනත් කමක් නෑ කියන තැනක.ඔය දේශපාලන බලු පොරයෙන් දෙපැත්තටම දැවැන්ත ඩැමේජ් වෙනවා.ඒ වාසිය අනුරලා ගන්න පුළුවන්.
සටන තවම විවෘත නිසා අනුරලා නොමිනේෂන් වලින් පස්සේ තමන්ගේ සංවිධාන ජාලය පාවිචිචි කරමින් ඒ ඩැමේජ් එක තවත් වැඩි කරයි. විශේෂයෙන්ම කුඩා ජනහමු,ගෘහස්ථ සාකච්ඡා සහ ගෙන්ගෙට යෑම එයාලා සාර්ථකව කරයි. සජබෙ කඩා වැටුනේ නැත්තං එයාලත් මාලිමාවට ලොකු සටනක් දෙයි.ඒකයි රටේ රාළ කියන්නේ ඒ දෙකටම කවුන්ට් කරන්න පුළුවන් grass root කැම්පේන් එකක් සහ මතවාදී මෙහෙයුමක් රනිල්ට ඕනි කියලා.
රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ සජබෙ අභිබවා යන්න රනිල්ට අවස්ථාව තියනවා කියලයි.හැබැයි ඒ අවස්ථාව ගන්න පුළුවන්ද කියන සැකය තියනවා.සමහරු දැනටමත් රනිල් දිනවන මුවාවෙන් කැම්පේන් එක තමන්ගේ පෞද්ගලික අරමුණුවලට යොදාගෙන.දැන් ඡන්ද කාලෙට එන කැම්පේන් project වැහි වැහැලා. කීයක් හරි හොයාගන්න දඟලන අය වැහි වැහැලා.රටේ රාළ තවමත් කියන්නේ දිනන්න චාන්ස් එකක් තිබුණත් රනිල් තවමත් ඉන්නේ අමාරු විකට් එකක.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *