|

රනිල් තවදුරටත් රාජපක්ෂලා හමුවිය යුතුද? – රටේ රාළ

පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා පොහොට්ටුව නැත්තටම නැතිවෙන සයිස් එකට වැටුනා.දැනට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රීවරු සීයකට වැඩි පිරිසක් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත්.පලාත් සභා සහ පලාත් පාලන මන්ත්රීවරුන් බුරුතු පිටින් ගැවෙමින් තියනවා.මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි රනිල් ආයෙත් මහින්ද හම්බලා තියෙන්නේ. එතනත් මාතෘකාව උනේ ජනාධිපතිවරණය කියලයි ආරංචි.
රනිල් උත්සාහ කරනවා ඇත්තේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන එක නතර කරගන්න වෙන්න ඕනි.ඒක උපක්රමයක් විදිහට සාර්ථක ඇති.හැබැයි තවදුරටත් රනිල් මහින්ද හමුවීම කියන්නේ නැති ප්රශ්න ඇතිවෙන වැඩක්.රනිල් පොහොට්ටුවේ සහයෝගය ඉල්ලලා සාකච්ඡා කළා.ලිපි යැව්වා.ඒවා සියල්ල තියෙද්දී තමයි වෙනම අපේක්ෂකයෙක් දාන්න රාජපක්ෂලා තීරණය කළේ.හරි නම් එතනින් එහාට ජනාධිපතිවරණය සම්බන්ධව සාකච්ඡාවක් රනිල්ට රාජපක්ෂලා එක්ක තියෙන්න බෑ.
තවදුරටත් රනිල් රාජපක්ෂලා පස්සෙන් යෑමෙන් වෙන්නේ රනිල් දැනට දිනාගෙන තියන බලවේග අධෛර්යමත් වීමයි.ඒක රාජපක්ෂලා ප්රතික්ෂේප කරලා ආපු අය පාවාදීමක් විදිහටත් දකින්න පුළුවන්.පොහොට්ටුව උඩින් ගැලවෙනවත් එක්කම පොහොට්ටු යාන්ත්රණයත් අකර්මණ්ය වෙලා.දැන් පොහොට්ටුව කියලා එකත් පොලොවේ නෑ.පොහොට්ටුවට විතරක් නෙවෙයි ඔය හැම පක්ෂයකටම යාන්ත්රණයක් තිබුණා. හැබැයි ඒවා සියල්ල දැන් අකර්මණ්ය වෙලා ගොඩක් කල්.
දැනට ගම දක්වා යන යාන්ත්රණ විදිහට තියෙන්නේ සජබ සහ මාලිමා යාන්ත්රණ දෙක විතරයි.එජාපය ඇතුලේ ඉන්න ප්රබලයෝ කීපදෙනෙකුටම රාජපක්ෂලා නැතිව බෑ.ඒ අසනීපයේ රනිල්ටත් තියනවා වෙන්න පුළුවන්. රාජපක්ෂ විරෝධීව රනිල් වටේ ඉන්න කණ්‌ඩායම්වල හිත පෑරෙන එක මේ වෙලාවේ රනිල්ගේ කැම්පේන් එකට හොඳ නෑ.එයාලා ඒක පාවාදීමක් විදිහට දකින්න පුළුවන්.
රනිල් හිතනවා ඇත්තේ පොහොට්ටුවෙන් අපේකෂකයෙක් නොදා සම්පුර්ණ පොහොට්ටුවේ ගෙඩියම ගන්න.රනිල් පොහොට්ටුවේ උපරිමය ගන්න උත්සාහ කරන්න ඕනි තමයි.ඒක නැවත නැවත රාජපක්ෂලා හමුවීමෙන් සිද්ධ වෙයි කියලා හිතන්න බෑ.ඒකෙන් වෙන්නේ ඇවිත් ඉන්න කෙනාත් ආපහු යන එකයි.රනිල් කරන්න ඕනි මහ පොලොව හරියට තේරුම් අරගෙන ඒකට ගැලපෙන විදිහට රෝල් එක play කරන එකයි. පොහොට්ටුවේ උපරිමය ගන්න පුළුවන් වෙන්නේ රාජපක්ෂලා දුර්වලකිරීමෙන් විතරයි.රාජපක්ෂලා දුර්වල වෙන්න වෙන්න පොහොට්ටුව රනිල්ගේ වෙනවා.
පොහොට්ටුවට තිබුණ 69 ලක්ෂය දැන් නෑ.ඒකෙන් භාගයක්වත් දැන් නෑ.ඉතිරි ටික තියෙන්නේ මාලිමාව,සජබය සහ undisided Vote එක ඇතුලේ.රනිල්ගෙන් සජබය දුර්වල කරන ප්ලෑන් එකක් ඇති.එහෙම එකක් තියනවා නම් ඒක මේ සතියේවත් ආරම්භ වෙන්න ඕනි. පොහොට්ටුවෙන් ගැලවුන ඡන්ද මාලිමා සහ සජබ කඳවුර වටේ කැරකි කැරකී තිබුණත් තවම ඒවා ස්ථාවර වෙලා නෑ.ඒ ජන්දදායකයා ඇඩ්රස් කරන වැඩපිලිවෙලක් තවමත් රනිල්ලට නෑ.
නිකං එජාප ආසන සංවිධායකයෙක්ගෙන් අහන්නකෝ මොකද්ද වැඩපිලිවෙල කියලා.උඩ බිම බලනවා හැර උත්තරයක් නෑ.
ඇත්තටම පොලොවේ ඉන්න යූඑන්පීකාරයට මොකුත් පණිවිඩයක් ඇවිත් නෑ.එයාලට පණිවිඩයක් එන්න යාන්ත්රණයක් නෑ.අවුරුදු දෙකක් තිස්සේ එජාප නායකයෝ ඒ යාන්ත්රණය හැදුවේ නෑ.එයාලා කළේ පක්ෂය ඇතුලේ කුලල් කාගන්න එකයි,රාජපක්ෂලාගේ මොකද්ද එක වැටෙනකම් බලාඉන්න එක විතරයි.කවුරුත් හිතාගෙන හිටියේ රාජපක්ෂලාගේ මොකද්ද එකෙන් ගොඩයන්න පුළුවන් කියලයි.
රාජපක්ෂලා දැන් ඉන්නේ සජිත් දිනවන program එකක.ඒ program එකට කවුන්ට් කරන්න වැඩපිලිවෙලක් හදනවා මිසක තවත් මහින්ද පස්සෙන් දුවලා වැඩක් නෑ.ඒකෙන් වෙන්නේ පොහොට්ටුවෙන් ගැලවිලා සජබෙට සහ මාලිමාවට ගිය ඡන්ද ඒ ඒ තැන්වල ස්ථාවර වීමයි. මොකද ඒ ඡන්ද පොහොට්ටුව දාලා යන්න ප්රධාන හේතුව රාජපක්ෂ විරෝධයයි.එහෙම තියෙද්දී රනිල් තවත් රාජපක්ෂලා පස්සෙන් යනවා නම් රනිල්ට දිගටම ඉන්න වෙන්නේ තුන්වෙනි තැනම තමයි.
රනිල් දැන ගන්න ඕනි රනිල් සම්බන්ධව මේ රටේ ජනතාවගේම අවධානයට යොමු වෙන්නේ පහුගිය අවුරුදු දෙකක කාලය ඇතුලේදී කියන එක.එතකන් රටේ ජනතාව රනිල් හදුනගෙන හිටියේ රට බෙදන,විකුණන රනිල් කියලා.ඒ කාඩි එක රනිල්ට ගැහුවේ මහින්දලාට ප්රමුඛ මේ රටේ වමේ ව්යාපාරය.ජවිපෙ රනිල්ට කිව්වේ බටලන්දේ රනිල් කියලා.දොන් ජුවන් ධර්මපාල කියලා කියපු අයත් ඉන්නවා.මේ සියල්ල තියෙද්දී රනිල් රට බේරාගත්ත නායකයා බවට පත්වුනේ 2022 න් පස්සෙයි.
රටේ රාළලා රනිල්ගේ දේශපාලන ධාරාව එදත් නියෝජනය කළේ නෑ අදත් නියෝජනය කරන්නේ නෑ වගේම හෙටත් නෑ.අපි රනිල්ගෙන් පඬුරු පාක්කුඩම්,තනතුරු ඉල්ලලත් නෑ.ඉල්ලන්නෙත් නෑ.හැබැයි මේ රටට වෙන්න ගිය විනාශය වළක්වන්න රනිල් කරපු කාර්යභාරයක් තියනවා. රනිල් ඒක කළේ විපක්ෂ නායක සජිත් පැනලා ගිහින් තියෙද්දී,අනුර කුමාර දිසානායක පැනලා ගිහින් තියෙද්දී.රනිල් රට යථාවත් කළා.එදාට සාපේක්ෂව අද තියන තත්වය ඉතා යහපත් එකක්.
රටේ රාළ බළකාය දිගටම හිටියේ මේ පාර දිගේ තව අවුරුදු පහක් ඉස්සරහට යන්න ඕනි කියලයි. මේ වෙලාවේ රියදුරා මාරු කරන්න එපා කියන තැන රටේ රාළ දිගටම හිටියා.එහෙම නැතිව රනිල්ම තමයි එකම උත්තරය කියන තැනක රටේ රාළ නං නෑ.රටේ රාළ කියන්නේ රනිල් නෙවෙයි නං උත්තරය මොකද්ද කියලත් කියන්න ඕනි.මේ අවුරුදු පහට සජිත් සහ අනුර උත්තරයක් නෙවෙයි.සජිත් සහ අනුර ආවොත් ඉතා කෙටි කාලයකින් මේ රටට 2022 තත්වයට පත්වෙනවා.
ඒ ප්රශ්නය මේ රටේ ජනතාවගේ හදවතේ තියනවා.රියදුරා මාරු කළොත් ඒ විනාශය වෙයිද කියන බය ජනතාවගේ හදවත ඇතුලේ තියනවා. රනිල් ගැන අවධි වෙමින් තියන ජනතාවගේ හෘද සාක්ෂියට කතා නොකර තවදුරටත් මහින්දලාට නං රනිල් කතා කරන්නේ රනිල්ට විවෘත වෙලා තියන අවකාශය වැහිලා යන එක නවත්තන්න බෑ.මොකද මේ රටේ ජනතාව රනිල් රට බංකොලොත්භාවයෙන් මුදාගෙන රට යථාවත් කලා කියලා දන්නවා වගේම රාජපක්ෂලා රට බංකොලොත් කළා කියලා වගේම මහජන දේපල හොරා කෑවා කියලත් දන්නවා.
රනිල්ගේ ජනප්රියත්වය පහුගිය කාලේ වේගයෙන් උඩට ආවා.තවමත් රනිල්ගේ වර්ධන වේගය හොඳයි.හැබැයි රනිල්ගේ කැම්පේන් එක හදන්නේ තවදුරටත් රාජපක්ෂලා දිහා බලාගෙන නම් රනිල්ට ඔතනම නතර වෙන්න වෙනවා.එහෙම උනොත් රනිල් තුන හෝ හතරට වැටෙනවා. රනිල්ට දිනන්න ඕනි නං රනිල් හදන්න ඕනි ජනතාව දිනාගන්න පුළුවන් කැම්පේන් එකක් සහ මතවාදයක්.රනිල් තවදුරටත් රාජපක්ෂලා දිනාගන්න යනවා නම් රනිල්ට අන්ත පරාජයක් උරුම වීම නවත්තන්නත් බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and the Oval Office

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *