|

රනිල් වරද්දා ගනීද? – රටේ රාළ

ජනාධිපතිවරණ රේස් එකට අපේක්ෂකයෝ දාහතර දෙනෙක් දැනටමත් ඇප තැන්පත් කරලා. මෙතන ඇත්තටම තරඟ කරන අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝට් එකට දුවන අය.ඒක තමයි අපේ රටේ මැතිවරණ ක්රියාවලියේ හැටි.රේස් එකේ වැඩිපුර දුවන්නේ සපෝටර්ස්ලා.මේ වෙනකොට රේස් එකේ තත්වය ගැන කතා කළොත් තවමත් ඉදිරියෙන් ඉන්නේ සජිත්,අනුර සහ රනිල්.ඒ තුන්දෙනා අතර තියුණු තරඟයක් තියනවා.
අනිත් අපේක්ෂකයින්ට එයාල අතරට එන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.තවමත් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය නොකරපු ඡන්ද ප්රතිශතය 30% – 35% සීමාවේ තියනවා. රනිල්,සජිත්, අනුර අතරින් රේස් එකේ ඉදිරියෙන් ඉන්නේ සජිත්.ඊළඟට අනුර,පහුගිය සතියේ අනුරත් ආය පොඩ්ඩක් ඉස්සුනා.ඒකට එයාලා අඛණ්‌ඩව කරන events ටික බලපාලා ඇති.රනිල් තවමත් ඉන්නේ තුන්වෙනි තැන.
රටේ රාළ කියන්නේ මේ ස්ථාන තුන එක දිගට මේ විදිහට පවතින්නේ නෑ කියලයි.ඒකට හේතු දෙකක් තියනවා.එකක් තමයි දැනට කඳවුරු ගතවෙලා ඉන්න ඡන්දදායකයා උනත් තවමත් ස්ථාවරවෙලා නොතිබීම.ඒවා නැවත නැවත බෙදෙමින් තිබීම.ඊළඟට undecided Vote එක මැතිවරණ දිනය ආසන්න වෙනකම් ගොඩක් දුරට ඔහොම තියෙයි.එක පාරට ඒ මතය එලියට ඒම විසින් අපේකෂක ස්ථාන වෙනස් වෙනවා.තවමත් ඒ ප්රතිශතය ඉහල අගයක තියනවා.මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා උඩින් හිටියේ අනුර.ඒ අනුර සජිත්ට උපරිමයෙන් ගහපු කාලේ.
ඒ වෙලාවේ සජිත්ට ගහන එක අනුරගේ වගේම රනිල්ගෙත් උවමනාව වුනා.අනුර – සජිත් දේශපාලන බලු පොරය ඇතුලේ සජිත්ට වඩා උඩින් ඉන්න අනුරට පුළුවන් වුනා.අනුරලාගේ පැත්තෙන් පහුගිය කාලේ ඒ ප්රහාරය උපරිම සීමාවේ ඉඳන් පහලට ගෙනාවා.දැන් ප්රධාන අපේක්ෂකයෝ තුන්දෙනාටම ප්රධාන ප්රතිවාදියෝ දෙන්නා බැගින් ඉන්නවා.රනිල්ට අනුර සහ සජිත්. අනුරට රනිල් සහ සජිත්.සජිත්ට අනුර සහ රනිල්.
ඒක නිසා දැන් සටන ඉබේම තුන්කොන්වෙලා.මේ සටන තුන්කොන් වීම හැමවෙලේම අනුරට වාසිදායයි.සටන තුන්කොන් වීම හැම වෙලේම රනිල්ට සහ සජිත්ට අවාසිදායකයි.ඒක නිසා නොමිනේෂන් කාලය ඇතුලේ ලොකුම සටන ඇවිලෙන්නේ සජිත් සහ රනිල් අතර.දැන් රාජපක්ෂලා එක්ක කාටවත් ලොකු සටනක් නෑ. රාජපක්ෂලා දැන් බිමටම හාන්සිවෙලා ඉවරයි.
දැන් රනිල්ටත් රාජපක්ෂලා එක්ක ඩීල් එකක් තියෙන්න විදහකුත් නෑ.රාජපක්ෂලා දැන් ඩීල් එකක ඉන්නවා නං ඉන්නේ සජිත් එක්ක.නාමල් සහ සජිත් හම්බ උනා කියලා පහුගිය දවස්වල කතාවක් ගියා.ඒක ඇත්තද බොරුද කියලා රටේ රාළ දන්නේ නෑ.හැබැයි ඩීල් දාන්න Physically හම්බ වෙන්නම ඕනි නෑ.ඩීල් තියරිය අපට වැඩිය හොඳට රාජපක්ෂලා දන්නවා.දැන් සජිත්ගෙන් සහ රනිල්ගෙන් ප්රබලයා වෙන්නේ කවුද කියන එකට තමයි සටන තියෙන්නේ.
රාජපක්ෂලාට නං වැදගත් දෙයක් පොහොට්ටුව ඇතුලේ ඉතිරි වෙයි කියලා හිතන්න බෑ. පොහොට්ටුව හෝදගෙනම රනිල් ලගට යනවා. රනිල්ට ජනාධිපතිවරණය දිනන්න ඕනි නං දැන් රනිල් ෆෝකස් කරන්න ඕනි සජබය.ඒකට රනිල්ලා උඩින් ලොකු බරක් දාලා තියන බව පේනවා.පොහොට්ටුවට සාපේක්ෂව හිතුවොත් සජබයේ උඩ කවය තවමත් ශක්තිමත්.රනිල්ලා දෙන පීඩනය ඉස්සරහා සජිත් තවමත් අල්ලගෙන ඉන්නවා.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ ඒක බිඳින්න බෑ කියලා.
හැබැයි සජබයේ පහල කියන්නේ බොහොම දියාරු එකක්.සජබයේ පහල බලවේගය සජිත් ජලනි හවුල එක්ක ලොකු ප්රති විරෝධයක ඉන්නේ.එයාලාට යම් හෝ සමීපකමක් තියෙන්නේ සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්‌ඩාර එක්ක විතරයි.සජබෙත් එක්ක හිටපු ගොඩක් දෙනෙක් දැන් සජබෙන් ගැලවිලා නැත්තං නිහඩවෙලා.ඒ වගේම සජබ බලවේගත් ස්ථාවර තැනක නෑ.
මේකට හොඳ උදාහරණයක් පොහොට්ටුවෙන් ගන්න පුළුවන්.පොහොට්ටුවේ බලවේගයේ ගොඩක් ගැලවිලා ගියේ මාලිමාවට.එයාලා මාලිමාව ඇතුලේ ටික කාලයක් රස්තියාදු ගහලා ඇවිත් සජබෙට ගියා.එයාලා සජබෙට ගිය හින්දයි අනුරට වඩා උඩට සජිත් ආවේ.රටේ රාළ කියන්නේ මේ කිසිම ඡන්දදායකයෙක් තවමත් ස්ථාවර නෑ.
එයාලා එතනින් වෙන තැනකටම ගන්න අමාරු නෑ.හැබැයි ඒකට grass roots එක ඉලක්ක කරගත්ත කැම්පේන් එකක් ඕනි.ඇත්තටම ඒක මානසික මෙහෙයුමක්.උඩ තියන මල්වෙඩි සන්දර්ශනවලින් වැඩක් නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ.තවමත් රනිල්ට Open වෙන space එකට පණිවිඩයක් හරියට ගිහින් නෑ.ඒක යවාගන්න ඕනි arms රනිල්ගේ ධාරාව ඇතුලේ නෑ.ඇත්තටම ඒ පණිවිඩය පොලොවට ගෙනියන්න පුළුවන් සමාජ බලවේගවලට.
ගොඩක් සමාජ බලවේග රාජපක්ෂලා ඉවත්වීමත් එක්ක රනිල් දිහා බැලුවත් ඒක එකතු කරගන්න තවමත් එයාලට බැරිවෙලා තියනවා.ගොඩක් දේශපාලන පක්ෂ සමාජ බලවේගත් එක්ක තරහයි.ඒකට හේතුව පක්ෂ අභිබවා සමාජ ක්රියාකාරීත්වයක මේ බලවේග යෙදිලා ඉන්න එකයි.අද දේශපාලන පක්ෂ මතවාදයෙන් තොරව හැසිරෙන විශාල සමාජ බලවේගයක් ඉන්නවා.
එයාලා ස්වාධීන මත දරන්නන්.තවමත් ඡන්දය පාවිචිචි කරන්නේ කාටද කියලා තීරණය නොකරපු බලවේගය,ජාතිකවාදී බලවේග සහ වාමවාදී බලවේග අතර ලොකු පදනමක් ඒ සමාජ ක්රියාකාරීන් විසින් හදාගෙන තියනවා.මේ සමාජ බලවේග සහ සමාජ ස්ථරයන් දිනාගන්න කෙනා අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරණය දිනනවා. මොකද එයාලා කරන වැඩේ දේශපාලන පක්ෂවලට කරන්න බෑ.එයාලට ඇඩ්රස් කරන්න දේශපාලන පක්ෂවලට බෑ.
ඒක නිසා රනිල් හිතනවා නම් එජාපය සහ පොහොට්ටු කණ්ඩායම් දාලා එයාලව ඇඩ්රස් කරන්න ඒක වැරදි දේශපාලන තීරණයක්. එජාපයට සහ පොහොට්ටුව ඇඩ්රස් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා.රටේ රාළ ඒක නෑ කියන්නේ නෑ.සිවිල් සමාජ ක්රියාකාරීත්වය පළල් වෙන්නේ දේශපාලන පක්ෂවල වරද හින්දයි. දේශපාලන පක්ෂවල මතවාදයෙන් බැහැර පිරිසක් කටයුතු කරනවා කියන්නේ එයාලා තම මතය ඇතුලේ තියාගන්න දේශපාලන පක්ෂ අසමත් කියන එකයි.
ඒ අයව ආමන්ත්රණය කරන්න ඒ පක්ෂවල අයටම බාර දෙනවා කියන එක තරම් විහිළුවක් තවත් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්,
ජයවේවා
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *