|

අහෝ නාමල් – රටේ රාළ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්රකාශ කිරීම කල් ගිහින්.දැන් තත්වය එහෙම උනාට කොහොමද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය කැදවන්න ඉස්සෙල්ලා තිබුණ සද්දේ.උදයංගලා ෆෝම් වෙලා හිටපු විදිහෙන් ඒක තේරෙනවා.රටේ රාළ කිව්ව විදිහටම දැන් පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ.ධම්මික පෙරේරා ඉන්නේ අඩි දෙක තුනක් පස්ස ගිහින්.ධම්මිකට දේශපාලන පරිච්චයක් නැතිවුනාට පොඩි හරි මොලයක් ඇති.
ධම්මිකගේ කැල්කියුලේෂන් නරක් වෙන්න බෑ. ධම්මික මේක හරියට කැල්කියුලේට් කලොත් රාජපක්ෂලා අටවලා තියන උගුල මොකද්ද කියලා තේරෙයි.ධම්මික තනිකරම බිලි boy කෙනෙක් කියලත් තේරෙයි.නාමල් දුන්න පොර ටෝක්වල හැටියට ධම්මික පස්ස ගැහුවොත් නාමල් හරි අභියෝගය බාරගන්න ඕනි.නාමල් තමයි කිව්වේ ජනාධිපතිවරණ ඡන්ද පත්රිකාවේ පොහොට්ටුව ලකුණ තියනවා කියලා.දැන් ඉතින් නාමල් ඒක කරලා පෙන්නන්න ඕනි.
නාමලුත් පස්ස ගහනවා නම් කම්මා ගෝ චිකා ගෝ කියලා උදයංග හරි ඉදිරිපත් කරන්න ඕනි. ලංකා ඉතිහාසයේ ඉක්මනින්ම බලයට ආපු පක්ෂය තමයි පොහොට්ටුව.පොහොට්ටුව ඉදිරිපත් වෙච්චි පළවෙනි පලාත් පාලන මැතිවරණයෙන්ම ලංකාවේ තියන පලාත් පාලන ආයතන තුනෙන් දෙකකට වැඩි ප්රමාණයක බලය ගත්තා.පලාත් පාලන මැතිවරණ සිතියම දිහා බැලුවොත් මුළු ලංකා සිතියමම කුණු ලේ පාටවෙලා තිබුණා.
ඊළඟට ආපු ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයක ජනවරමක් අරගෙන ගෝඨාභය ජනාධිපති වුනා. මහ මැතිවරයණයේදී 68 ලක්ෂයක ජනවරමක් අරගෙන තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හදා ගත්තා.මහින්ද අගමැති වුනා.මැතිවරණ තුනකින් ලංකාවේ රාජ්ය බලයට ආපු එකම පක්ෂය පොදුජන පෙරමුණ.ඇත්තටම ඒ ගැන ආඩම්බරයක් මුලදී පොහොට්ටු පාක්ෂිකයට තිබුණා.
ඒ උද්දාමයත් එක්ක තමයි අලුත් පරම්පරාවේ තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් ඇවිත් තමන්ගේ බලාපොරොත්තුව තාප්පවල සිතුවම් කළේ.පුරන් කුඹුරු අස්වද්දන්න ඉදිරියට ආවේ. හැබැයි අද පොහොට්ටුව හරියට පුරන් කුඹුරක් වගේ වෙලා.පුරන් කුඹුරුවල ගොඩක් වෙලාවට ඉතිරි වෙන්නේ මුලින් ගහපු පඹයෝ විතරයි.එදා පොහොට්ටුකාරයට තිබුණ ආඩම්බරය අද නෑ.
ඒ ආඩම්බරය රාජපක්ෂලාගේ උද්දච්චකම විසින් උදුරාගෙන ඉවරයි.ඒ වගේම රාජපක්ෂලාගේ උද්දච්චකමත් පොහොට්ටුව විසින්ම අවසන් ගමන් යැවීම ආරම්භ කරලා ඉවරයි.දැන් රාජපක්ෂලා පහුබහින්න විදි හොයනවා.ඒකේ එක පියවරයක් විදිහට තමයි ගිය බදාදා ප්රකාශ කරනවා කියපු අපේක්ෂකයා ප්රකාශ කිරීම දින නියමයක් නැතිව කල් යන්නේ.රටේ රාළට තේරෙන දේශපාලනයට අනුව නම් දැන් රාජපක්ෂලා අපේක්ෂකයෙක් නොදා ඉන්න තැන දක්වා පල්ලම් බැහැලා.
හැබැයි කට ඉස්සර කරගැනීම විසින් රාජපක්ෂලා අමාරුවේ වැටිලා.රටේ රාළ අදත් කියනවා මේක මහින්දගේ තීරණයක් නෙවෙයි.මේක අනිවාර්යයෙන්ම නාමල්ගේ මෝඩ තීරණයකට පොහොට්ටුව යට කිරීමක්.මොකද නාමල් හිතුවා රනිල් එයාලා ලගට බඩගාගෙන එයි කියලා. එහෙම ගෙන්නගෙන රනිල්ව යටත් කරන්න තමයි එයාලා හැදුවේ.ගෝඨාභය ජනාධිපතිවරණයට ඉල්ලද්දී ශ්රිලනිපයේ සහයෝගය ගන්න ගෝඨාභයයි,මහින්දයි, බැසිලුයි මෛත්රී ළඟට බඩගාපු හැටි අපිට මතකයි.
මෙයාලා හිතුවා ඒ වගේ පහත් තැනකට රනිලුත් වැටෙයි කියලා.රනිල් මෙතනදී යොදපු උපක්රමයට රාජපක්ෂලා අහුවුනා.පොහොට්ටුවේ මන්ත්රීවරු සීයක් අතේ තියාගෙන ඉන්න රනිල් අලි ඔළුවෙන් හිටියේ නෑ.දිගටම බැසිල් එක්ක කතා කළා.නාමල් එක්ක කතා කළා.මහින්දයි,බැසිලුයි එකට තියලා කතා කළා.අන්තිමට පොහොට්ටුවේ සහය ඉල්ලලා ලියුමකුත් යැව්වා.උදයංග කිව්වේ සාගලයි,වජිරයි ඇවිත් ඇඩුවේ නැතිව විතරයි කියලා.
රනිල්ගේ මේ ස්වභාවය රාජපක්ෂලා තේරුම් ගත්තේ වැරදි විදිහට.එයාලා හිතුවා එයාලා මෛත්රී ළඟට ගියා වගේ රනිලුත් එයාලා ලගට වැඳගෙන එයි කියලා.ඒ ආවම රනිල් බින්දුවට වට්ටලා සජිත් දිනවීම වෙනුවෙන් අපේක්ෂකයෙක් දාන්න තමයි නාමල් හිටියේ.එතකොට ඔයාලට මෙහෙම ප්රශ්නයක් එයි.පොහොට්ටුවේ මන්ත්රීධූර සීයකට වැඩිය තියන රනිල් ඇයි රාජපක්ෂලා එක්ක සාකච්ඡා කළේ.ඇයි ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළේ කියලා.ඇත්තටම එකෙන් රනිල් එයා ජෙනිවින් කියලා පෙන්නුවා.
රාජපක්ෂලා රනිල්ට ජනාධිපතිකම දුන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා.රනිල්ට ඉස්සෙල්ලා රාජපක්ෂලාගේ චොයිෂ් එක උනේ සජිත්.සජිත් බයේ පැනලා ගිය නිසයි රනිල්ට අවස්ථාව ආවේ.ඒ වගේම රනිල් ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ පොහොට්ටුවේ අති බහුතරය.ඒක නිසා රනිල්ගේ පැත්තෙන් මනුස්සකමක් තියෙන්න ඕනි ඉස්සෙල්ලාම පොහොට්ටුවත් එක්ක ප්රශ්නය කතා කරන්න.රනිල් එක කළා.හැබැයි රාජපක්ෂලා රනිල්ගෙන් බලාපොරොත්තු උනේ එයාලා ගහන පදයට නටන්න.
රනිල් ඒක කළේ නෑ.රාජපක්ෂලාගේ පදයට රනිල් නැටුවේ නෑ.රනිල් නැටුවේ රනිල්ගේම පදයකට.ඒ පදයට නැටන්නේ නැතිව රාජපක්ෂලාගේ හරි වෙන කාගේ හරි පදයට රනිලුත් නැටුවා නම් අදත් අපි බංකොලොත් රටක්.පෝලිම්වල මිනිස්සු මැරිලා වැටෙන රටක්.රනිල්ගේ කළගුණ සැලකීම වැරදි විදිහට තේරුම් ගත්ත රාජපක්ෂලා අමාරුවේ වැටුනා.රාජපක්ෂලා සිටීම තමන්ට අවාසියක් බව දැන දැනත් රනිල් රාජපක්ෂලා එක්ක කතා කළා.අන්තිමට රාජපක්ෂලාගේ මෝඩ උද්දච්ච තීරණය හින්දා ගොඩ එන්න බැරි අගාධයකට රාජපක්ෂලා වැටුනා.ඒකට ඉතින් රනිල් මොනවා කරන්නද?
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person, newsroom and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *