සයිටම්ට අදාළ කතා තුනක් – අනුර සූරියබණ්ඩා

පෞද්ගලික රෝහලක දින කිහිපයක් ගතකරන්නට පසුගිය ගතියේ  මට සිදුවිය. එහි දී තම ලේ පරීක්‍ෂාකරන්නට, බෙහෙත් එන්නත් කිරීමට, ඖෂධ දීමට පැමිණි හෙදියන්ගෙන් මා විමසූ පැනයක් වූයේ ඔවුන් ඒ සඳහා ලබා දී ඇති පුහුණව කෙසේද යන්නයි. ඉන් එක් හෙදියක් පැවසුවේ පෞද්ගලික හෙද විදුහලක ( ? * මාස හයකින් පසුව රැුකියවට පැමිණි බවයි. තවත් හෙදියක් කීවේ මා නැවතී සිටිය රොහලේම පැවැත්වෙන හෙද පුහුණු පාඨමාලාවකට වසරක් පමණ ඇතුළත්ව සිට බවයි.
හෙද වෘත්තිය යනු වෛද්‍ය වෘත්තිය තරමට හෝ ඊටත් වඩා බරපතළ ලෙස රෝගියාගේ ජීවිත කෙරෙහි බලපාන වෘත්තියකි. එහෙයින් එය මනා මහුණුවකින් පසුව නියැලිය යුතු වෘත්තියක් බවට විවාදයක් නැත.  රජයේ රෝහලක හෙද වෘත්තියට ඇතුළත් කර ගැනීමට වසර තුනක් පමණ පුහුණුවක් ලබා දෙනුලබන්නේ එහෙයිනි. වෛද්‍යවරුන් අතින් සිදුවිය යුතු බෙහෙත් එන්නත් කිරීම් වැනි කටයුතු  පවා අද සිදුවන්නේ හෙද වෘත්තිකයන් අතින් වන බැවින් පුහුණුවේ ප‍්‍රමාණය වඩාත් වැදගත් වේ.
පෞද්ගලික රෝහල්වල මුදලට ප‍්‍රතිකාර කරන්නන් සයිටම්ට විරුද්ධව අවි අමෝරාගෙන සිටින වෛද්‍යවරුන්මය. ඔවුන් තර්කය වන්නේ සයිටම් ආයතනයෙන් වෛද්‍යවරුන්ට මනා පුහුණුසක් නොලැබෙන බැවින් ඊට විරුද්ධ යන බවයි. එසේනම් මනා පුහුණුවකින් තොර හෙදියන් සම`ග පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් තිබේද? පෞද්ලික රෝහල්වල (නුසුදුසු* හෙද සේවයට ඔවුන් විරුද්ධ නොවන්නේ මන්ද? රජයේ රෝහල්වල හෙද හෙදියන්ට මෙන්ම පෞද්ලික අංශයටද මනා පුහුණුවක් ලබා දියයුතු බවට ඔවුන් හඬ නොනගන්නේ මන්ද? වෛද්‍ය සංගමය ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය.
එපමණක් නොව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හරහා හෙද වෘත්තියට උපාධියක් ලබා දීමට ගත් උත්සාහයටද වෛද්‍යවරු විර්ද්ධ වූ බව ද සිහිපත් කළ යුතුය.
මනා පුහුණුවකින් යුත් හෙද සේවාවක් පෞද්ලික රෝහල්වල දී ද ගැනීමට රෝගීයාට අයිතියක් තිබේ. එම අයිතිය රෝගියාට ලබා දීමට පළමුව රජයේ වගකීමකි. එහි අයිතීන් ආරක්‍ෂා කිරීමට දැන් පවතින තත්ත්වය අනුව වෛද්‍යවරයාටද යුතුකමක් තිබේ. නමුත් රජයෙන් හෝ වෛද්‍යවරුන්ගෙන් එවැන්නක් මෙතෙක් සිදුව නැත. එය එසේ සිදුව ඇත්තේ පෞද්ගලික් රෝහල් ව්‍යාපාරයක් ලෙස මතුව අඩසියවසකටත් ආසන්න කාලයක් ගතව තිබියදී බවද අප මතක තබා ගත යුතුය.
පෞද්ලික රෝහල්වලට සුදුසු කම් ලත් හෙද කාර්ය මණ්ඩලයක් ලබා දීම අසීරු කටයුතක් නොවේ. එක්කෝ එය රජහේ හෙද විදුහල හරහා කළ හැකිය. නැතහොත් විධිමත් හෙද පුහුණු පාඨමලා (සයිටම්* වැනි පෞද්ලික අංශය හරහා ආරම්භ කළ යුතුය. රජයේ වෛද්‍ය විද්‍යල හෝ හෙද විදුහල්වලට ඇතුළත් වීමට නොහැකිවන සිසුන් ඉසෙඞ් ලකුණු අනුව එවාට ඇතුළත් කරගත හැකිය.
දෙවන කතාව:-
උසස් පෙළ ප‍්‍රථිපල කෙසේදැයි පෞද්ලික රොහලේ හෙදියකගෙන් විමසූවිට ඇය පිළිතුරු දුන්නේ ් ඒකයි. ඊ දෙකයි වැනි පිළිතුරකි. වැදගතත් කරුණ එය නොවේ. ඇගේ ඊළ`ග පැහැදිළි කිරීමයි. ‘‘මගේ නැන්ද මොණරාගල, එයාගෙ දුව මාත් එක්කම ඒලෙවෙල් ලීව. එයාට මට තරම් ප‍්‍රථාඵල තිබුණෙ නැහැ. ඒත් මෙඩිසින් සිලෙක්ට් වුණා. දැන් එයා කැම්පස්’’ සයිටම් සිසුන්ගේ සුදුසුකම් පිළිබඳ වාද විවාද කරන්නන් තේ අවධාන්ය එකි තත්ත්වය පිළිබඳ යොමුවිය යුතුය. එනම් ඇතැම් දිස්ත‍්‍රික්කයක වැඩි සුදුසුකම් ඇති සිසුන් ගෙදර සිටිය දී තවත් දිස්ත‍්‍රික්කයකින් ඊට අඩු ලකුණු ගත් අය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන බවයි.
එක් සයිටම් සිසුවෙක් පසුගියදා මල්වතු මහ නා හිමියන් බැහැදැකීමට පැමිණ කීවේ. මා සම`ග එකට ටියුෂන් පන්තිවලට සහභාතිවූ එසේම තමාට තරම් සුදුසුකම් නොමැතිව නොමැතිව වෛද්‍ය විද්‍යලයට ඇතුළත්ව සිටින සිසුවෙකුද සයිටම් විරෝධි සටනේ සිටින බවයි. එපමණක් නොව එක්තරා විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක කතිකාචාර්යවරයෙකු පෞද්ගලික කතාබහකදී මා සම`ග කීවේ මහනුවර දිස්ත‍්‍රිකයෙන් උසස් පෙළට පෙනී සිටි තම දියණිය ඉහළ ලකුණු මටිටමක් ලබාසිටියදීත් වෛද්‍ය විද්‍යාලයට නොතේරුණු නමත් වෙනත් දිස්ත‍්‍රික්කවලින් වෙද්‍ය පීඨයට ඇතුළත් වූ ඇයට වඩා අඩු ලකුණු සිහිත සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට තමාට සිදුව ඇත බවයි.
තෙවන කතාව:-
මගේ මිතුරකු මීට වසර කිහිපයකට පෙර ශිෂ්‍යත්නයක් ලැබ චීනයට ගියේ එහි විශ්වවිද්‍යාල අධ්‍යපනය සඳහාය. හඳුනාගැනීම් සාකච්චාවකදී  ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය සැමට නොමිලේ ලැබෙන බව කී විට චීන සිසුන් විමතියෙන් උඩ බිම බැලූ බව මිතුරා කීවේය. සමාජවාදී රාජ්‍යයක් වුව නොමිලේ අධ්‍යාපනයක් චීනයෙ නැත. නොමිලේ අධ්‍යාපනට ලැබෙනු ඇත්තේ දිළිඳුම මවුපියන්ගේ දරුවන් වෙනුවෙන් පමණි. චීන විශ්වවිද්‍යාල දේශන කුටියක් මෙරට හෝටල් කාමරයකටත් වඩා සුව පහසු බව මිතුරා වැඩිදුරටත් කීවේය. අධ්‍යාපනය සඳහා චින සමූහ ආණ්ඩව විසින් යම් මුදලක් අයකරනු ලැබේ. අධ්‍යාපනයේ දියුණුව සඳහා එම මුදල් වලින් කොටසක් වැය කරනු ලැබේ.
අධ්‍යාපනය ලබා රැුකියාවක් කරන විට රජයෙන් තමන්ට වැටුපක් ගෙවන බවත්, රැුකියාවක් සඳහා වැටුප් ලබාගන්නා තත්ත්වයක් තුළ රජයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම සාධාරණ නොවන බවත් චීන සිසුන් පැවසූ බව මිතුරා කීවේය.
එය සාධාරණ තර්කයකි. රජයෙන් නොමිලේ අධ්‍යාපනය ලබන්නේ නම් නොමිලේ රජයට සේවය කළ යුතුය. නමුත් ප‍්‍රායෝගිකව එය එසේ කළ නොහැකිය. එබැවින් අධ්‍යාපනය සඳහා යම් මුදලක් ගෙවීම අසාධාරණ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වඩා වැඩි ණය මුදල් ප‍්‍රමාණයක් චීනය විසින් ලෝකයට ලබාදී ඇති බව පැවසේ. එතරම් විශාල මූල්‍ය ශක්තියක් ඇතිව පවා එරට නොමිලේ අධ්‍යාපනයක් නැත. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, චීනයටත් කරවටක් ජලයෙහි ගිල හිඳිමින්ම අපි නොමිලයේ අධ්‍යාපනය ගන්නට සටන් කරමින් සිටිමු. එපමණක් නොවේ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් නොවන්නැයි ආණ්ඩුවටද බල කරමු.
ආණ්ඩුවේ ප‍්‍රශ්නය:-
ජාත්‍යන්තර පාසැල් සහ පෞද්ගලික පාසල් නියාමනය සඳහා කමිටුවක් පත් කර ඇති බව අකිල විරාජ් අවාත්‍යවරයා පවසා තිබුණේ අමාත්‍ය ධුරය බාරගත් මුල් දිනවලමය. එනම් මීට වසර දෙකකට පමණ පෙරදීය. නමුත් මේ වනතෙක් එය ඉටුවී නැත.
මෙරට පෞද්ලික අධ්‍යාපනය ඇත්තේ අයාලේ යන තත්ත්වයක බව පිළිගතයුතුය. අවම වශයෙන් ඒවාට අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචියක් වත් නැත. ඇත්තේ ව්‍යපාරික හෙවත් ඊධෂ ලියා පදිංචියකි.
ගුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳ ප‍්‍රශ්න, ගුරුවරුන් දිගු කල් නොරැුඳී වෙනත්  රැුකියාවලට මාරු වීම, (වැටුප් ප‍්‍රමාණවත් නොවීම, රැුකියාවේ සුරක්‍ෂිතභාවය වැනි කරුණු හේතුවෙන්* වැනි ගැටළු පමණක් නොව ඇතැම් විට හිටිහැටියේ පාසල් වසාදැමීම ආදී ගැටලූ රැුසක් මෙරට පෞද්ගලික පාසැල් අරබයා තිබේ. ඒවා නිරාකරණය කර පෞද්ගලික අධ්‍යාපනය විධිමත් කිරීමට උත්සුක වීම රජයේ වගකීමකි.
පෞද්ලික පාසල් පද්ධතියේ යම් දුර්වලතාවක් හේතුවෙන් නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති තත්ත්වයක් තුළ මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නට කිසිවෙකුට සිදුවන්නේ නම් එය ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි.
සියල්ලෙන් පෙනී යන්නේ මෙරට අධ්‍යාපනය යම් අර්බූදයකට මුහුණ දී ඇති බවයි. එය වහා නිවැරදි කර නොගන්නේ නම් අධ්‍යාපනයේ ඇති නැති පරතරය පැසවා මහා පිපිරුමකට ලක්වනු නොඅනුමානය. එය කෙළවරවනු ඇත්තේ තරුණ කැරැුල්ලක් වැනි ඛේදවාචකයන් වන්නට බොහෝදුරට ඉඩ තිබේ.
රටෙහි ආර්ථික ශක්තිය අනුවත් සිතා බලන කල ඊට ඇති එකම විසඳුම ඊනියා නිදහස් අධ්‍යාපන සංකල්පය වෙනුවට ඇති හැකි අයගෙන් සාධාරණ මුදලක් අයකරන අධ්‍යාපන රටාවකට මාරුවීමයි. දුෂ්කර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල ඉවත් කළ හැක්කේ එමගින් පමණි. එහෙත් මෙරට සමාජවාදීන් සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂය සමග (කවර පක්‍ෂයක් විරුද්ධ පක්‍ෂයේ සිටියද එවැනි උතසාහයකට විරුද්ධවීම සිරිත වැන බැවිනි* එවැන්නකට යා හැකිද යන ගැටලූව තිබේ.
අනුර සූරියබණ්ඩා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *