| |

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල

 

යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි මැතිවරණයේ දී තෝරා ගැනීමට ජනතාව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් , වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය බංකොලොත් වුවා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති මගින් බංකොලොත් කළ බව කී ඒ මහතා එය දැන් යම් පමණකට ගොඩ ගෙන ඇති නමුත්, ඒ සඳහා ගත් ඇතැම් පියවර ගැන ප්‍රශ්න ඇති බව ද පැවසීය. ඒ මහතා කීවේ එම වැරදි ඉදිරි කාලයේ නිවැරදි කළ යුතු බවයි.
බදු ගෙවන පිරිසට ම බදු බර පටවනවා වෙනුවට බදු දැල පුළුල් කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අහිමි කරගත් විදේශ ප්‍රේෂණ ලැබීම වර්ධනය වී ඇති බවත්, සංචාරක ව්‍යාපාරයෙන් තවත් ආදායම් ඉපයිය හැකි බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් කී ය.
මාධ්‍යවේදී සී ජේ අමරතුංග විසින් ලියන ලද ” විකල්පයක් නැත ” පොත පදනම්කර ගනිමින් ” ජනාධිපතිවරණය සහ ආර්ථික අර්බුදය හමුවේ සමාජ වගකීම ” මැයින් පසුගිය දා කුරුනෑගල දී පැවති සම්මන්ත්‍රණයක් අමතා මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා මෙම අදහස් පළ කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ , එක්සත් ජාතික පක්ෂයේ ගල්ගමුව ආසන සංවිධායක භාරත තෙන්නකෝන් , මාධ්‍යවේදී සී ජේ අමරතුංග , WE HAVE A DREAM කැඳවුම්කරුවකු වූ සමාජ ක්‍රියාකාරක පිලිප් දිසානායක මහත්වරු ද අදහස් දැක්වුහ.
සමාජ ක්‍රියාකාරක ඥානවීර දිසානායක මහතා සභාවේ මුලසුන හෙබ වූ අතර සංවාදය මෙහෙයවන ලද්දේ වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන මහතා විසිනි.

(මාධ්‍යවේදී සී ජේ අමරතුංග විසින් ලියන ලද ” විකල්පයක් නැත ” පොත සරසවි පොත්හල් වෙතින් ලබාගත හැකිය )

මාහාචාර්ය අමින්ද මෙත්සිල මහතාගේ සම්පුර්ණ කතාවේ වීඩියෝව පහතින්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *